2019 දී ශක්තිමත්වූ ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික එකමුතුව

2019 දී ශක්තිමත්වූ ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික එකමුතුව

Sorry, this entry is only available in English and සිංහල. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) අතර පවතින ආයතනික සහයෝගිතාවය 2019 වසරේදී වඩාත් සවිමත් කරවීමට හැකිව තිබේ. ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තියවේදීන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා විශේෂඥතාවය දියුණු කිරීම සඳහා සංගමය විසින් ඉටුකරන විශේෂ කාර්යභාරයට වසර ගණනාවක් පුරා ටෝකියෝ සිමෙන්ති සමාගම අත්වැල සපයයි. මෙම අනුග්‍රාහක එකමුතුවෙන් පසුගිය වසරේ සංවිධානය කරනලද, ඉංජිනේරු තාක්ෂණික දැනුම සහ නව අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් රැසක් තුලින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ආයතන දෙකේම ඇති කැපවීම වඩාත් ඉස්මතුවිනි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද මාසික “Question Time” සම්මන්ත්‍රණ මාලාවට මින් ප්‍රධාන ස්ථානයක් හිමිවිය. 2019 පැවති මෙම සම්මන්ත්‍රණ හතරකට සිය දායකත්වය සපයමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකා රැසක් පිළිබඳ විද්වත් කතිකාවක් ඇතිකිරීමට ටෝකියෝ සිමෙන්ති සමුහයට හැකිවිය. ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය අතර පවතින දිගුකාලීන ආයතනික සබැඳියාවේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින්, එම සංගමයේ 2019 වාර්ෂික සම්මේලනය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය සමාගම විසින් සපයනු ලැබීය. මෙම වාර්ෂික සම්මන්ත්‍රණයේ මූඛ්‍යදේශනය පැවැත්වීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඇරියුමෙන් මෙරටට පැමිණි ජපානයේ හෝකයිදෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මයිකල් හෙන්රි මහතාගේ දේශනයට සහභාගිවූ සියල්ලන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිවිය. ව්‍යුහාත්මක ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෘත්තීයවේදීන් හා සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සිසුන්ට, දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් බෙදාගැනීමට මෙම වාර්ෂික ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය වැදගත් පිටිවහලක් සපයයි. රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා උපදේශන සේවා සපයමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අනූපමේය සේවාවක් ලබා දෙන ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය, ගොඩනැගිලි කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛතම මෙහෙයක් ඉටු කරයි. අප රට මේ වන විට යොමුව සිටින වේගවත් සංවර්ධනයේ අති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඉංජිනේරුවන්ට, සිය අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසන මෙවන් ආයතනික සහයෝගීතාවයන් හරහා අපගේ ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට නව පන්නරයක් ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අභිප්‍රායයි. මින් ඉදිරියටත් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන් සමග බෙදාගනිමින්, අප රටේ සංවර්ධනයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ ටෝකියෝ සිමෙන්ති සමුහයේ පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.