ශ්‍රී ලංකාවේ සිමෙන්ති හා කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමාගම, මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය දැනුමෙන් හා කුසලතාවයෙන් සංවර්ධනය කිරීමේ වගකීම ඉටු කරන්නට නොපිරිහෙලා මැදිහත් වන සමාගමකි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශව ගණනාවක් සමඟින් අත්වැල් බැඳගන්නට අප කටයුතු කර ඇති අතර, එකී සියලු පාර්ශවයන් හා එක්ව ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිර්මාණය කළා වූ වැඩසටහන් ගණනාවක් ඔස්සේ සවිමත් ගමනකට පියවර ඔසවන්නට ද අපට හැකි වී ඇත.

අපගේ මෙම උත්සාහයන් තුළින් ක්‍ෂේත්‍රයේ ප්‍රගමනට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්පත් කරදීම අපගේ අභිලාෂයයි. විශ්වසනීය උපදේශකයෙකු ලෙස දැනුම හා අත්දැකීම් බෙදාහදාගනිමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය පාර්ශවකරුවන් සමඟ දීර්ඝ කාලීන, ශක්තිමත් සබඳතා ගොඩනඟාගන්නට අපි සමත්වීමු. නවීන තාක්ෂණය සහ යහ පුරුදු මුසු වූ, පරිණත මෙන්ම තාක්‍ෂණික නිපුණත්වයෙන් සන්නද්ධ, වෘත්තීයමය ගුණාංගයන්ගෙන් සපිරි ඉදිකිරීම් කර්මාන්තයක් වෙත මෙරට ඔසවා තැබීම අපගේ වෑයමයි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අනාගත පරපුරේ වෘත්තීයවේදීන් දැනුමින් පොහොසත් කරන්නට පුළුල් වැඩකොටසක් දියත්කොට ඇති අපි, ඒ වෙනුවෙන් කැපවී සිටින උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය සංවිධාන සවිබල ගන්වන්නට කටයුතු කරන්නෙමු.  එපමණක් නොව, ක්‍ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ නිර්මාණාත්මක චින්තනය ප්‍රවර්ධනයට තෝතැන්නක් සපයන නව වැඩසටහන් රැසක් ද ආරම්භ කරන්නට සමත් වීමු.  දේශීය මෙන්ම විදේශීය, ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හා අධ්‍යාපනඥයන්ගේ දැනුම ඔවුන්ට ලබා දෙමින්, මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය දැනුමින් සවිමත් තැනක් කරන්නට අප ගත් උත්සාහයන්, අද සහ හෙට රටේ උන්නතිය වෙනුවෙන් මල්ඵල දරනු දැකීම අපේ අපේක්‍ෂාවයි.