සියුම් සමහාරක (Fine Aggregate) යනු මොනවාද?

කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී භාවිතා කරන, කණිනිකාමය ස්වභාවයෙන් පවතින වැලි, නිෂ්පාදිත වැලි සහ ගල් කුඩු ආදිය සියුම් සමහාරක (fine aggregate) ලෙස හැඳින්වේ. නිවැරදි ප්‍රමිතියට අනුගතව නිවැරදි අනුපාතයෙන් සම්මිශ්‍රණය කර ගැනීමෙන් ඉදිකිරීම්වල කල්පැවැත්මට සහ සවිශක්තිය සඳහා සියුම් සමහාරක අත්‍යවශ්‍ය සාධකයකි.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ටෝකියෝ සුපර් ඇග්‍රිගේට් (පුද්) සමාගම, TOKYO SUPERMIX Ready Mix Concrete (RMC) සැපයුම් ජාලයේ සමස්ත සියුම් සමහාරක අවශ්‍යතාව සපුරා ගැනීම උදෙසා ආරම්භ කරනු ලැබූවකි. දොම්පේ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිෂ්පාදනාගාරය TOKYO SUPERSAND වෙළඳ නාමය යටතේ නිෂ්පාදිත වැලි (Manufactured Sand) නිපදවනු ලබයි. ඊට අමතරව, ඉහළ ශ්‍රේණියේ කොන්ක්‍රීට් නිපදවීමට අවශ්‍ය උසස් තත්වයේ කළුගල් භාවිතයෙන් සාදන ලද අඟල් ¾ කළුගල් චිප්ස් සහ මැටල් ද මෙහිදී නිපදවනු ලබයි.

content image
content image

නිෂ්පාදිත වැලි (Manufactured Sand) යනු මොනවාද?

වැලි යනු ගොඩනැඟිලි ක්‍රියාවලියේ සෑම අදියරකදීම, එනම් අත්තිවාරමේ සිට නිමාව දක්වාම අත්‍යවශ්‍ය මූලික අමුද්‍රව්‍යයකි. ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ කොන්ක්‍රීට් සඳහා පමණක් සාමාන්‍යයෙන් වාර්ෂිකව වැලි කියුබික් මීටර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වේ. රට පුරා විවිධ ප්‍රදේශවලින් විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ගඟේ වැලි ලබා ගන්නා නමුත්, දිනෙන් දින ඉහළ යන ඉල්ලුම නිසා නීතිවිරෝධී මෙන්ම අවිධිමත් වැලි කැණීම පාලනයකින් තොරව සිදුවෙනු දැකිය හැක. මෙහි තවත් ප්‍රථිපලයක් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීමේදී අනපේක්ෂිත මිල උච්චාවචනයන් සිදුවීමයි. මීට ප්‍රායෝගික විකල්පයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තකරුවන් විසින්, නිෂ්පාදනය කරන ලද වැලි හෙවත් Manufactured Sand (M-Sand) යොදා ගැනීම පිටුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ ගංගා වැලි කැණීම නිසා සිදුවන දැවැන්ත පාරිසරික බලපෑමයි.

Manufactured Sand (M-Sand) නිපදවන්නේ කෙසේද?

කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත ලක්ෂණ මැනවින් පවත්වා ගැනීම සඳහා M-Sand නිෂ්පාදනය කරනු ලබන්නේ විශේෂිත ග්‍රැනයිට් වර්ග සියුම්ව ඇඹරීමෙනි. එසේ අඹරන ලද කළුගල්, පියවර තුනක අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් හරහා තව දුරටත් සියුම්ව ඇඹරීම හා සේදීම සිදු කෙරේ. මෙය මුළුමනින්ම යාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ සිදු කෙරෙන හෙයින්, අවශ්‍යතාවට ගැළපෙන කොන්ක්‍රීට් මිශ්‍රණ සඳහා එම නිර්ණායක සපුරාලන ප්‍රමිතිගත ලක්ෂණ සහිත නිෂ්පාදිත වැලි නිපදවීම සිදු කළ හැකිය.

content image

නිෂ්පාදිත වැලි භාවිතය වඩා සුදුසු වන්නේ ඇයි?

ගඟේ වැලි හෝ මුහුදු වැලි මෙන් නොව, නිෂ්පාදිත වැලිවල මැටි, බෙලි කටු සහ හුණු ගල් අංශු වැනි කොන්ක්‍රීට්වල ශක්තිය හා ගුණාත්මකභාවය කෙරෙහි බලපෑමක් ඇති කරන වෙනත් කාබනික හා රසායනික සංයෝග හෝ අපද්‍රව්‍ය අඩංගු නොවේ. උසස් තත්ත්වයේ ග්‍රැනයිට් ඇඹරීමෙන් නිපදවන M-Sand, විඛාදනයට හා රසායනික ප්‍රතික්‍රියාවන්ට සාර්ථකව ඔරොත්තු දෙමින් කොන්ක්‍රීට්වල කල්පැවැත්ම සහ ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

M-Sand නිපදවීමේ තාක්ෂණික ක්‍රියාවලියේදී වැලි අංශුවලට වටකුරු දාර සහිත රළු ඝණක හැඩයක් ලබා දෙන අතර, එමඟින් සිමෙන්ති සහ රළු සමහාරක (coarse aggregate) අතර ශක්තිමත් බන්ධන ඇති කිරීමට ඉඩ සලසයි. නිෂ්පාදිත වැලි වර්ගීකරණයට ද මෙම තාක්‍ෂණයම යොදාගන්නා බැවින් එමඟින් මිශ්‍රණය තුළ විවිධ ප්‍රමාණයේ වැලි අංශුවල ව්‍යාප්තිය ඒකාකාරීව පවත්වා ගත හැකිය. ගඟේ වැලි භාවිතයෙන් සාදන ලද කොන්ක්‍රීට්වලට සාපේක්ෂව, සිහින් සහ ගොරෝසු වැලි අංශු නිවැරදි අනුපාතයකින් මිශ්‍රකර සාදන M-Sand නිසා කොන්ක්‍රීට් සඳහා වැය වන සිමෙන්ති ප්‍රමාණය ද අවම වේ. මෙම ආර්ථික වාසිය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නිෂ්පාදිත වැලි සඳහා ඉහළ ඉල්ලුමක් ද ඇති වී තිබේ.

භෞතික ලක්ෂණ සංසන්දනය

ලක්ෂණය ගඟේ වැලි අඹරන ලද වැලි නිෂ්පාදිත වැලි
ශ්‍රේණිය හොඳින් ශ්‍රේණිගත කළ පරතර ශ්‍රේණිගත කළ හොඳින් ශ්‍රේණිගත කළ
75nmට අඩු ක්‍ෂුද්‍ර අංශු (<75nm micro fines) අඩුයි ඉහළයි මධ්‍යස්ථයි
ඇසුරුම් හැකියාව හොඳයි ඉතා හොඳයි ඉතා හොඳයි
අංශුවල හැඩය ගෝලාකාර කෝණාකාර ඝණකාකාර
මතුපිට ස්වභාවය සුමට රළු රළු
මැටි සහ රොන්මඩ සහිත බව ඉහළයි මධ්‍යස්ථයි අඩුයි
සංයුතිය තිරුවාණා ග්‍රැනයිට් ග්‍රැනයිට්

නිෂ්පාදිත වැලි භාවිතය ප්‍රචලිත වීමට හේතු මොනවාද?

ඉහත සඳහන් කළ පරිදි, ගඟේ වැලි සහ අඹරන ලද වැලි සමඟ සසඳන විට, නිෂ්පාදිත වැලිවල වඩා හොඳ ඇසුරුම් හැකියාව නිසා වැය වන සිමෙන්ති ප්‍රමාණය අඩු වුවත්, කොන්ක්‍රීට්වලට ශක්තිය එලෙසින්ම ලබා දෙයි. මෙහි ඇති ක්‍ෂුද්‍ර අංශු (micro fines) කොන්ක්‍රීට්වල ද්‍රාව්‍ය ස්වභාවය අවම කරවන අතර, එය කල්පැවැත්ම සඳහා ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි. අපද්‍රව්‍ය මට්ටම අවම වීමද කොන්ක්‍රීට්වල කල්පැවැත්ම වැඩි කිරීමට දායක වේ. ඉහත ලක්ෂණයන්ට අමතරව නිෂ්පාදිත වැලිවල මතුපිට රළු ස්වභාවය සහ චතුරශ්‍රකාර හැඩය ද කොන්ක්‍රීට්වල සවිශක්තිය ඉහළ නැංවීමට හේතුවකි.


M-Sand භාවිතයේ අවාසි කිහිපයක් ද ඇත. එනම්, ජලය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වීම, රළු ඝණක හැඩය නිසා සියුම් වැඩවලට භාවිතා කිරීමේ අපහසුව සහ සවිවීමට ගතවන කාලය වැඩි නිසා සුපර්ප්ලාස්ටිසයිසර් වැඩි වශයෙන් අවශ්‍ය වීම යනාදියයි. එසේ වුවද, වැඩ කිරීමේ පහසුව සහ සම්පීඩ්‍යතා ශක්තිය වැඩි කරවීමට රුකුල් දෙන සුදුසු රසායනික මිශ්‍රණයක් භාවිතා කිරීමෙන් ඉහත අඩුපාඩු පහසුවෙන් මඟහරවා ගත හැකිය.

මූලික සාධකය නිෂ්පාදිත වැලිවල සංලක්ෂණ
වැයවන සිමෙන්ති ප්‍රමාණය අවම වීම
  • වැඩි ඇසුරුම් හැකියාව
ද්‍රාව්‍යමය ස්වභාවය අවම වීම
  • 75nmට අඩු ක්‍ෂුද්‍ර අංශු (<75nm micro fines) අනුපාතය ඉහළ වීම
  • වැඩි ඇසුරුම් හැකියාව
වැඩි කල්පැවැත්ම
  • මැටි සහ රොන්මඩ වැනි අපද්‍රව්‍ය නොමැති වීම
  • වැඩි ඇසුරුම් හැකියාව
ඉහළම ශක්තිය
  • වැලිකැට වල මතුපිට වර්ගපල ප්‍රමාණය වැඩි වීම
  • ඝණකාකාර හැඩය
  • රළු මතුපිට ස්වභාවය
  • මැටි සහ රොන්මඩ අවම වීම
  • වැඩි ඇසුරුම් හැකියාව
  • ප්‍රතික්‍රියා කළ හැකි අංශු සංයුතිය

ඉහළම ගුණාත්මක ප්‍රමිතීන් යටතේ TOKYO SUPERSAND නිෂ්පාදනය කරනු ලබන්නේ පාරිභෝගිකයින්ට අප විසින් සපයනු ලබන TOKYO SUPERMIX Ready Mix Concrete වල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහාය. TOKYO SUPERSAND පමණක්ම භාවිත කරන නිසා අපගේ කිසිදු TOKYO SUPERMIX නිෂ්පාදනයක් සඳහා කොන්ක්‍රීට්වල ශක්තිය දුබල කරන මුහුදු වැලි භාවිතා නොකරන බවට ද අපට සහතික විය හැකිය.


TOKYO SUPERMIX Ready Mix Concrete නිෂ්පාදනයේදී ටෝකියෝ සිමෙන්ති සමුහය පමණක් සතු; අප සමාගම් ජාලය තුලම නිෂ්පාදිත වැලි සහ සිමෙන්ති නිපදවීමේ පටන්, කොන්ක්‍රීට් මිශ්‍රණයක සංයුතිය සැමවිටම ඒකාකාරීව පවත්වාගෙන යාමට හැකියාව ලබාදෙන, සුවිශේෂී මෙහෙයුම් යාමන හැකියාව නිසා උසස් මට්ටමේ කොන්ක්‍රීට් ප්‍රමිතිකරණයක් සහතික කිරීමට අපට හැකි වී ඇත.

එමඟින් කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රභේදවල ගුණාත්මක බව වැඩි කිරීමට සහ පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුකූලව කොන්ක්‍රීට් විසඳුම් ලබා දීමට ද අපට හැකි වී ඇත.