මහා පරිමාණ තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලියක ස්ථාවර පැවැත්ම සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් අතිශය වැදගත් සාධකයකි. නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීමට අඛණ්ඩ බලශක්ති සැපයුමක අව්‍යශ්‍යතාව හඳුනාගත් අප, ඒ සඳහා පුනර්ජනනීය විදුලි උත්පාදනයට යොමු වුයේ අපගේ පරිසර හිතකාමී ව්‍යාපාරික දැක්ම මත වඩාත් ස්ථිරව පිහිටමිනි.

2008 වසරේ, ධාරිතාව 10MW වූ, ශ්‍රී ලංකාවේ පළමු ජෛව ඉන්ධන විදුලි බලාගාරය ත්‍රිකුණාමළයේ ඉදිකරමින්, පුනර්ජනනීය විදුලි උත්පාදනයේ පුරෝගාමී මෙහෙවර සනිටුහන් කරන්නට ටෝකියෝ සිමෙන්ති සමාගම සමත්වූහ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස අවමකරවීමේ සම්මුතිය (UNFCCC) යටතේ වාර්ෂිකව කාබන් ප්‍රතිලාභ (Carbon Credits) 43,000ක් ප්‍රදානය කෙරෙන ව්‍යාපෘතියක් ලෙස ද ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම ජෛව ඉන්ධන විදුලි බලාගාරය පිළිගැනීමට ලක්විය.

එමෙන්ම, 2014 වසරේදී ධාරිතාව  6MWක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩෙන්ඩ්‍රෝ ජෛව ඉන්ධන විදුලි බලාගාරය මහියංගණයේ ඉදිකරනු ලැබුවේ ද අපගේ මෙම දැක්ම සාක්ෂාත් කරනු පිණිසය. මෙම බලාගාරයේ සැපයුම ජාතික විදුලි බල පද්ධතියට ඍජුව දායක වන අතරම, මෙය ප්‍රදේශයේ වැසියන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කරනවා පමණක් නොව, ගැමි නිවාස 30,000කට විදුලිය ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත ද ඒකාලෝක කරයි.

content image
content image

ධාරිතාව 8MWක් වූ තවත් බලාගාරයක් ත්‍රිකුණාමළයේ ටෝකියෝ නැගෙනහිර සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ 2017 ඉදිකෙරුණු අතර, ඒ සමඟම 24MWhක සමස්ත විදුලි ධාරිතාවක් ජනනය කරමින්, දේශයේ පුනර්ජනනීය විදුලි උත්පාදනය උදෙසා විශාලතම දායකත්වයක් ලබා දෙන එකම පෞද්ගලික සමාගම බවට පත්වන්නට ද ටෝකියෝ සිමෙන්ති සමූහයට හැකි විය.


පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන දැව සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, ප්‍රදේශයේ ගොවි පවුල් සම්බන්ධ කරගනිමින් සුවිශේෂී සැලසුමක් දියත් කරන ලදී. බලාගාර ඉදිකළ ත්‍රිකුණාමළය සහ මහියංගණය ප්‍රදේශ ආශ්‍රිතව ගිනිසීරියා පැළ මිලියන 6ක් සිටුවීමේ ව්‍යාපෘති අරඹනු ලැබුවේ ඒ අනුවයි. මෙමඟින් පොසිල ඉන්ධන ආනයනයට රටෙන් පිටට ගලායාමට නියමිත විශාල විදේශ විනිමයක් ජාතික ආර්ථිකයට වාර්ෂිකව ඉතිරි කරදෙන්නටත් අපි සමත්ව සිටිමු.

මේ අනුව, ආසන්න වශයෙන් ග්‍රාමීය ගොවි පවුල් 2,500කට වැඩි පිරිසකගේ ජීවන මට්ටම යහපත් කරන්නට මෙම ව්‍යාපෘති නිසා හැකිවී ඇති අතර, ඍජු රැකියා 500කට ආසන්න ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා 1000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට ද හැකි විය.

24MWhක හරිත බලශක්ති ධාරිතාවයක් උත්පාදනය කරමින් අප විසින් ජාතික විදුලි සැපයුමට දායක කරනු ලබන වාර්ෂික විදුලිබල පරිමාව 60,000 MW/hකි.


මීට අමතරව, අපගේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර පාදකව සිදුකිරීමට හැකිවීම අප ලද පෞද්ගලික ජයග්‍රහණයක් පමණක්ම නොව, එය අපේ රටට සහ අපගේ පරිසරයට ආදරය කරන සැමගේත් ජයග්‍රහණයක් බව අපි ඉතා සතුටින් මෙනෙහි කරන්නෙමු. මෙම සියලු දූරදර්ශී උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, අපගේ කාබන් පාසටහන වාර්ෂිකව CO2 100,000MT වැනි ඉතා අවම අගයකට අඩු කරගැනීමට අපට හැකිව ඇත.

content image
power-icon image

අපගේ සමස්ත දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ඇසුරින් පමණක් සිදු කරන්නෙමු.

power-icon image

ජාතික විදුලි බල පද්ධතියට අප විසින් වාර්ෂිකව දායක කරනු ලබන පුනර්ජනනීය හරිත බලශක්ති පරිමාව 60,000 MW/hකි.

power-icon image

මේ තුළින් අපගේ වාර්ෂික කාබන් විමෝචන පාසටහන CO2 100,000MTක් දක්වා අඩු කරගැනීමට අප සමත්වී සිටින්නෙමු.

power graph image