ටෝකියෝ සුපර්ෆික්ස් යනු නොහැකිළෙන (Non-shrinking) කන්ස්ට්‍රක්ෂන් රෙපෙයාර් ග්‍රවුට් විශේෂයක් වන අතර සුවිශේෂී සංයෝගයක් අනුව සැකසූ මෙය සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා යෝග්‍ය වූවකි. ටෝකියෝ සුපර්ෆික්ස් නිපදවා ඇත්තේ සිමෙන්ති, වර්ගීකරණය කළ වැලි (Graded sand) සහ විශේෂ රසායනික සංයෝග සමඟ මිශ්‍ර කිරීමෙනි. මෙම නිෂ්පාදනය සතු නොහැකිළෙන (Non-shrinking) සහ වේගවත් ශක්ති වර්ධන (High early strength) යන ලක්ෂණ නිසා ඇන්කර් බෝල්ට් සවි කිරීම, කොන්ක්‍රීට් රෙපෙයාර් කටයුතු සහ අනෙකුත් ඉදිකිරීම් රෙපෙයාර් කටයුතු සඳහා නිර්දේශ කරනු ලබයි.

ටෝකියෝ සුපර්ෆික්ස් සතු විශේෂිත නොහැකිළෙනසුලු හැකියාව නිසා සිරස් යකඩ කණු සවි කිරීමේදී පාදමය (Base plate) සහ උපස්ථරය (Substrate) අතර පිරවීම් කටයුතුවලට ද විශාල යන්ත්‍රවල පාද (Machine bases) සවි කිරීමේදී පිරවුම් ද්‍රවයක් ලෙස ද භාවිත කිරීමට යෝග්‍ය වේ.

ටෝකියෝ සුපර්ෆික්ස් භාවිතය සඳහා සූදානම් කළ නිෂ්පාදනයක් වන අතර වියළි පවුඩර් මිශ්‍රණයක් ලෙස සකසා ඇත. ඔබ විසින් කළ යුත්තේ ජලය එකතු කිරීම පමණකි. සුවිශේෂී සංයෝගයක් අනුව සකසා ඇති නිසා අඩු ජලය/පවුඩර් අනුපාතයක් (Low water/powder ratio) යටතේ භාවිත කළ හැකි නිසා ඉහළ ශක්තියක් ද ලබා ගත හැකිය. වර්ගීකරණය කරන ලද වැලි (Graded sand) භාවිතා කරන නිසා සෑම විටම එකම පදමකින් (Consistency) යුතු ග්‍රවුට් මිශ්‍රණයක් ලබා ගත හැකිය.

අනුමත භාවිතාවන්

ආලේපන ක්‍රමවේදය

මිශ්‍ර කිරීම

01

බදාම සඳහා ලීටර් 3.25 – 3.35 පිරිසිදු ජලය ලීටර් 3.25 – 3.35ක් භාජනයට දමාගන්න.
කොලපු සඳහා ලීටර් 4.0 – 4.15 පිරිසිදු ජලය ලීටර් 4.0 – 4.15ක් භාජනයට දමාගන්න.

02

ටෝකියෝ සුපර්ෆික්ස් කන්ස්ට්‍රක්ෂන් රෙපෙයාර් ග්‍රවුට් කිලෝ 25 බෑගය සෙමින් භාජනයට ක්‍රමානුකූලව දමා ගනිමින් මිශ්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් මිශ්‍ර කරන්න (rpm<500).

03

පහසුවෙන් වැඩ කළ හැකි සුමට මිශ්‍රණයක් සෑදෙන තෙක් මිනිත්තු 3-5ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න

04

මිශ්‍ර කරගත් සුපර්ෆික්ස් පැයක් ඇතුළත භාවිතයට ගන්න

ආලේප කිරීම

01

ග්‍රවුට් යොදන මතුපිට හොඳින් පිරිසිදු කරගන්න. ගැළවී ගිය ද්‍රව්‍ය, තෙල්, ග්‍රීස්, වැක්ස්, පොලිෂ් ආදිය නොමැති පිරිසිදු මතුපිටක් විය යුතුය

02

බදාම යොදන මතුපිට පිරිසිදු ජලයෙන් සෝදාහැර තෙත් කරගන්න. නමුත් ග්‍රවුට් යෙදීමට පෙර ජලය ඉවත් කළ යුතුවේ

කොලපු

03

මේසන් හැන්දෙන් අදාළ ප්‍රදේශයේ ග්‍රවුට් ආලේප කරන්න

කොලපු

04

අදාළ ප්‍රදේශයට සුපර්ෆික්ස් මිශ්‍රණය වත්කරන්න

05

සැහැල්ලු දණ්ඩක ආධාරයෙන් වායු බුබුළු ඉවත් කරන්න

06

පෙර සැකසූ කොන්ක්‍රීට්/ආතතික කොන්ක්‍රීට්වල සිදුරු පිරවීමේදී පොම්පයක් භාවිත කරන්න (ප්‍රෙෂර් ග්‍රවුටින්)

07

ජලය වාෂ්ප වීම නිසා සිදුවන ඉරිතැලීම් වැළැක්වීම සඳහා ග්‍රවුට් යෙදූ බිම ඍජු හිරු එළියෙන් සහ සුළඟින් ආරක්ෂා කර තබන්න.

08

හැකිළුම්වලින් තොර වඩාත් ඉහළ සවිශක්තියක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් දින 3ක් ජලය ඉසින්න

වෙනත් සටහන්

01

සිමෙන්ති හෝ වෙනත් ආකලන (additives) එක් කිරීමෙන් වළකින්න

02

උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇත්නම් ග්‍රවුට් මිශ්‍ර කිරීම සඳහා සිසිල් ජලය භාවිත කරන්න

03

අඟල් 4ට වඩා වැඩි ඝනකමකින් යුතු ස්ථරයක් යොදන්නේ නම් 5-10mm ප්‍රමාණයේ පිරිසිදු මෙටල් එක් කරන්න. ටෝකියෝ සුපර්ෆික්ස් බරට සාපේක්ෂව 35%ක් දක්වා මෙටල් යෙදිය හැකිය. වැඩි විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම හා සම්බන්ධ වන්න

තාක්ෂණික දත්ත

සම්පීඩ්‍යතා ශක්තිය

නම්‍ය ශක්තිය