TOKYO SUPERMIX ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන හා පුළුල්තම පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර ජාලය වන අතර, දැවැන්තම ප්‍රවාහන බලකායට ද හිමිකම් කියයි.  TOKYO SUPERMIX සතු කොන්ක්‍රීට් මිශ්‍රණ ට්‍රක් රථ සහ ජංගම පොම්ප රථ මගින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් වෙත කොන්ක්‍රීට් ප්‍රවාහනය කිරීමේ හැකියාව අප සතුව ඇත.

ජංගම පොම්ප රථ, ස්ටේෂනරි පොම්ප සහ තොග සිමෙන්ති ප්‍රවාහනය කළ හැකි ට්‍රක් රථ 100කට අධික ප්‍රමාණයකින් සමන්විත TOKYO SUPERMIX ප්‍රවාහන බලකාය සතුව ඇති විශාල ධාරිතාවයේ තාපසංවෘත මිශ්‍රණ යන්ත්‍ර නිසා කොන්ක්‍රීට්වල උෂ්ණත්වය පාලනය කරමින් ඕනෑම ඉදිකිරීම් වැඩබිමක් වෙත, ඇනවුම අවශ්‍ය මොහොතේම ලබාදීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මා‍න්තයේ නව පෙරළියක් ඇති කරමින්, සැපයුම අවශ්‍ය මොහොතේම, එම කාල පරාසය පුරාම එකසේ අඛණ්ඩව සිදු කළ හැකි එකම කොන්ක්‍රීට් නිපැයුම්කරුවා බවට අප පත්ව සිටින්නේ අපගේ සවිමත් කාර්යක්ෂම සැපයුම් ජාලය නිසා බැව් සාඩම්බරයෙන් සඳහන් කරන්නෙමු.  අපගේ සේවාවේ ඇති කාර්යක්ෂම බව නිසා එහි අසමසම ප්‍රතිලාභ ඉදිකිරීම්කරුවන්ට සහ පාරිභෝගිකයන්ට ද එක සේ හිමි කර දීමට අප සමත්ව සිටින්නෙමු.

TOKYO SUPERMIX පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර සංකීර්ණයක සැකැස්ම

පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර සංකීර්ණයක (RMC Batching Plant) සැකැස්ම හඳුනා ගැනීමට හොඳම උදාහරණය පෑලියගොඩ පිහිටි අපගේ TOKYO SUPERMIX කොන්ක්‍රීට් නිෂ්පාදන සංකීර්ණය යි. කොළඹ නගරය අවට කුඩා හා මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ක්‍රීට් අවශ්‍යතා සැපිරීම සඳහාම පිහිටුවන ලද මෙම නිෂ්පාදනාගාරයට පැයට කියුබික් මීටර් (m3/hr) 90ක ධාරිතාවයෙන් යුතුව කොන්ක්‍රීට් නිපැයීමේ හැකියාව ඇති අතර, අවශ්‍යතාව අනුව සකසා ගත හැකි සුවිශේෂී මිශ්‍රණ සංයෝග රැසක් සහිත අපගේ වැඩිම නිෂ්පාදන පරාසය ද සැපයීමේ හැකියාව ඇත.

  • 30m3/hr ක සහ 60m3/hr ක ධාරිතාවයන්ගෙන් යුතු නිෂ්පාදනාගාර දෙකක්
  • සිරස් උස 18m, 34m, 36m හෝ 38m දක්වා ලඟාවිය හැකි ජංගම පොම්ප රථ 4ක්
  • සිරස් උස 90m ක් දක්වා පොම්ප කළ හැකි ස්ථාවර පොම්පය
  • GPS පහසුකම සහිත කොන්ක්‍රීට් මික්සර් ට්‍රක් 30ක්
  • සිමෙන්ති තොග ප්‍රවාහන රථ
  • වැලි හලන යන්ත්‍රය
  • අයිස් සහ අයිස් ඇඹරීමේ යන්ත්‍ර සවිකළ ශීතාගාර රථ සහ මහා පරිමාණ ජල ශීතකරණ සවිකළ බහාලුම් රථය
  • අඛණ්ඩ විදුලි බල සැපයුම සඳහා විදුලි ජනක යන්ත්‍ර
  • වැලි සහ කළුගල් පැටවීමට ලෝඩර් යන්ත්‍ර තුනක්
  • 3000 kN සම්පීඩ්‍යතා ශක්ති මිනුම් යන්ත්‍රය ඇතුළු අංගසම්පූර්ණ කොන්ක්‍රීට් පරීක්ෂණාගාරය
  • බර පැටවූ විශාල රථවල බර මිණිය හැකි කිරුම් පාලම (Weigh bridge)
content image
locate logo
locate logo