බාහිර ආලේපන සඳහා විශේෂයෙන් සකස් කළ නිෂ්පාදනයකි. මෙහි ඇති ජල ප්‍රතිරෝධී ගුණය නිසා පිටත බිත්ති මත ඇතිවන ජල කාන්දු, සුළං වැස්සෙන් ඇතිවන සීරාව ආදිය වළකයි.
වඩාත් ලාභදායී විසඳුමක් වන මෙය ආලේපනය ද පහසුය. සාම්ප්‍රදායික පින්තාරු ක්‍රමයේදී මෙන් නොව වර්ණක (පිග්මන්ට්) සමඟ වුවද මෙය මිශ්‍ර කළ හැකි නිසා UV කිරණවලින් ආරක්ෂාවක් ලබා දෙමින් වර්ණය දිගුකල් පවත්වා ගත හැකිය.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය ලීටර් 3.5 ක් බඳුනට වත්කරන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්කාස්ට් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතුකරමින් මිශ්‍ර කරන්න (rpm <500)

ඝන මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 ක් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම්, නිසි පදමට උකු වනතුරු ජලය ලීටර භාගය දක්වා සුළු ප්‍රමාණය බැගින් එක්කරමින් මිශ්‍ර කරන්න.
ආලේප කිරීම

මේසන් හැන්දක් හෝ ජපන් හැන්දක් භාවිතයෙන් පිරිසිදු, වියළි මතුපිට මත බදාම යොදන්න.

බදාම තුනී කිරීම සඳහා ජපන් හැන්ද/මේසන් හැන්ද උඩු අතට තෙරපන්න.

මට්ටම් ලීය ආධාරයෙන් කපරාරු මතුපිට නිසි ලෙස මට්ටම් කරගන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා මිලි මීටර 5ත් 20 ත් අතර ඝනකමට බදාම යොදන්න.

කපරාරු කර දිනකට පසු දින 3 ක් පමණ කපරාරුව හොඳින් ජලයෙන් තෙත් කරන්න.
වෙනත් සටහන්

මිශ්‍ර කිරීමෙන් පැයක් ඇතුළත සුපර්කාස්ට් වෙදර්ශීල්ඩ් භාවිතා කරන්න.

කපරාරු කිරීමට පෙර බිත්ති මතුපිට තෙත් කිරීම අවශ්‍ය නැත.

වර්ණ ගැන්වූ කපරාරු සඳහා පෙර මිශ්‍ර කරන ලද නිෂ්පාදන ලබාගැනීමට කරුණාකර විකුණුම් අංශය අමතන්න.

විශේෂයෙන් පිටත බිත්ති කපරාරුව සඳහා නිර්දේශිතයි.