ටෝකියො සුපර්බොන්ඩ් ටයිල් ඇඩ්හෙසිව් (PREMIUM) යනු විශාල ප්‍රමාණයේ ටයිල් ඇලවීම සඳහා සුවිශේෂී සංයෝගයක් අනුව නිපදවනු ලැබූවකි. අලුත් ගෙබිමක හෝ පැරණි ටයිල් හෝ සිමෙන්ති ගෙබිම සහ බිත්තිවල (අඩි 6 x අඩි 3 හෝ අඩි 10 x අඩි 4) ටයිල් ඇලවීමට යොදාගත හැකිය.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය ලීටර් 6.5-7 ක් බඳුනට වත්කරන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්බොන්ඩ් ප්‍රිමියම් ටයිල් ඇඩීසිව් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතු කරමින් මිශ්‍ර කරන්න. (rpm 500)

මෘදු කැට නොමැති, පදමින් යුතු මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 - 5 ක් පමණ මිශ්‍ර කරන්න.

භාවිතයට කලින් නැවත කලවම් කරන්න. නැවත ජලය නොදමන්න.

නැවත තවත් විනාඩි 2 ක් මිශ්‍ර කර ගන්න.
ආලේප කිරීම

කටු හැන්දක් භාවිතයෙන් ඝනකම මිලි මීටර 4ක් බිත්ති සඳහාද ඝනකම මිලි මීටර 6ක් පොළව සඳහාද වන ලෙස ටෝකියෝ සුපර්බොන්ඩ් ප්‍රිමියම් ටයිල් ඇඩීසිව් පිිරිසිදු වියළි මතුපිට මත එකම දිශාවට ආලේප කරගන්න.

බිත්ති මත ටයිල් ඇල්වීමේදී ටයිල් පිටුපස ඇඩීසිව් ආලේප කරන්න. විනාඩි 30 ක් ඇතුළත ටයිල් ඇල්ලිය හැකි ප්‍රමාණයට වඩා ඇඩිසිව් දැමීමෙන් වළකින්න.

රබර් මිටියක් ආධාරයෙන් තෙත සුපර්බොන්ඩ් ටයිල් මැලියම් මත ටයිල් තෙරපා නිසි පරිදි සවිකරගන්න.

ටයිල් 2 ක් අතර පරතරය සෑමවිටම මිලි මීටර 3 ක්ත බා ගන්න.

ටයිල් අතුරා පැය 10 කට පසු ග්රවුට් කරන්න.
වෙනත් සටහන්

පැය 2 ක් ඇතුළත භාවිතා කළ හැකි ප්‍රමාණයට වඩා මිශ්‍ර කිරීමෙන් වළකින්න.

ටයිල් පෙඟවීම හෝ තෙත් කිරීම අවශ්‍ය නැත.

ටයිල් අතුරා පැය 24 ක් ගතවන තුරු ඒ මත ඇවිදීමෙන් වළකින්න.

වීශාල ප්‍රමාණයේ ටයිල් ඇලවීමට නිර්දේශිතයි. (අඩි 3x අඩි 6/ අඩි 4x අඩි 10 ප්‍රමාණයේ ටයිල්)

උෂ්ණත්වය 280 වඩා වැඩි මතුපිට මත ආලේප කිරීමෙන් වළකින්න.