TOKYO SUPERSCREED SCREED MORTAR යනු ෆිලර් සහ ෆයිබර් අඩංගු සිමෙන්ති සංයෝගයකි. ජලය පමණක් එකතු කිරීමෙන් භාවිතයට ගත හැකි මෙය ඇතුළත භාවිතාවන් සඳහා යොදගත හැකිය. තිරස් කොන්ක්‍රීට් ස්ලැබ්, බැල්කනි, පදික මංතීරු, වාහන නැවැත්වීමේ අංගන සහ ස්ලොප් ආදිය සඳහා සුදුසු විසඳුමකි.

කිලෝ 25 ඇසුරුමකින් මිලිමීටර් 12.5ක ඝණත්වයක් සහිතව වර්ග අඩි 15ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ඇති අතර යෙදිය යුතු අනුමත ඝණත්වය මිලිමීටර් 5-20 වේ. සුපර්ස්ක්‍රීඩ් යොදන ලද මතුපිට ඉක්මනින් වියළීම නිසා ඉරිතැලීම් ආදිය ඇති විය හැකිය. අතිරික්ත ජලය තිබීම ද ශක්තිය හීන වීමට හේතුවකි.

අනුමත භාවිතාවන්

ආලේපන ක්‍රමවේදය

මිශ්‍ර කිරීම

01

පිරිසිදු ජලය ලීටර 3.25 - 3.5 ක් බඳුනකට වත්කරන්න.

02

එම බඳුනට, TOKYO SUPERSCREED SCREED MORTAR 25kg බෑගය ක්‍රමානුකුලව එකතු කරමින් හෑන්ඩ් මික්සරයක් ආධාරයෙන් මිශ්‍ර කරන්න (rpm<500).

03

මෘදු කැට නොමැති, පදමින් යුතු මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 ක් පමණ මිශ්‍ර කරන්න.

04

මිශ්‍රණය විනාඩි 2 ක් පමණ පෙඟෙන්නට තබන්න.

05

දැන් තවත් විනාඩි 2 ක් මිශ්‍ර කරගන්න.

06

පැය 1ක් ඇතුළත මිශ්‍රණය භාවිතා කරන්න.

ආලේප කිරීම

01

යොදන මතුපිට රළුවට සහ පිරිසිදුවට තබාගන්න. යෙදීමට පෙර වැකුම් ක්ලීනරයක් මඟින් දූවිලි ඉවත් කරගන්න.

02

සුදුසු ප්‍රයිමර්/බයින්ඩින් ආලේපනයක් බදාම යෙදීමට පෙර ආලේප කරන්න.

03

බඳුනෙහි ඇති TOKYO SUPERSCREED SCREED MORTAR මිශ්‍රණය මතුපිටට වත් කරන්න.

04

මේසන් හැන්ද හෝ මනිසය භාවිතා කර TOKYO SUPERSCREED SCREED MORTAR බදාමය යොදන්න.

05

මතුපිට සමතලා කිරිමට මට්ටම් ලීය සහ මනිසය භාවිතා කරන්න.

06

බදාම තට්ටුවේ නිර්දේශිත ඝනකම 40mm දක්වා වේ. (for bonded screed)

07

බදාමය මුලින්ම සවිවීමෙන් පසු දින 2-3 පමණ ඒ මතුපිටට ජලය ඉසින්න.අනුමත අවම ඝණකම මිලිමීටර් 5කි. ඝණත්වය ඒකාකාරීව පවත්වා ගැනීමට ස්කෙග් ලීවරයක් භාවිතා කරන්න.

වෙනත් සටහන්

01

බදාම තට්ටුව සහ බිත්තිය අතර 5-10පප අතර පරතරයක් තබන්න. ඒ සඳහා රිජිෆෝම් ෂීට් එකක් භාවිතා කරන්න.

02

වානේ දැලක් භාවිතා කරන්නේ නම් (වැඩි ඝණකමක් සඳහා) වානේ දැල බදාම තට්ටුවේ මැදට වන සේ තබන්න.

03

බදාම තට්ටුව හිරු එළියට හෝ සුළඟට නිරාවරණය වන්නේ නම් පොලිතීන් ෂීට් එකකින් වසා තබන්න. මෙමඟින් මතුපිට වියළීමේ දී සිදුවන සියුම් ඉරිතැලීම් ආදිය වලක්වා ගත හැකිය.

තාක්ෂණික දත්ත

උපදෙස් සඳහා නරඹන්න