වර්තමානයේ ගුරු දෙගුරුන් මුහුණදෙන විශාලතම ප්‍රශ්නයක් වන්නේ, දරුවනට ලෝකය පිළිබද දැනගැනීමට ඇති තොරතුරු මාධ්‍ය සියල්ලම පාහේ ඔවුන්ගේ අනාගතය ව්‍යාකූලකරවන ඉතාම හානිදායක තොරතුරුවලින් පිරී පැවතීමයි. අධ්‍යාපනය සහ විනෝදාස්වාදය වඩාත් අර්ථවත් කළහැකි අන්තර්ගතයන් රාශියක් අතරේ ඇති නුසුදුසු කොටස් බැහැර කරමින්, අවශ්‍ය දේ පමණක් ඉන් උකහා ගැනීමට දරුවන්ට නිසි මග පෙන්වීමක් අත්‍යවශ්‍ය වේ. අන්තර්ජාලය ඇතුළු අනෙකුත් මාධ්‍ය, දරුවන්ගේ සාමාන්‍ය දැනීම වඩවා ගැනීමට ප්‍රයෝජනවත් සාධනීය අධ්‍යාපනික මෙවලම් ලෙස යොදා ගැනීමට දරුවන් පෙළඹවීමේ අදහසින් Tokyo Cement Super Quiz දැනුම මිනුම තරඟාවලිය සංවිධානය කෙරිණි.


ශ්‍රී ලංකාවේ සියලුම පාසල් ආවරණය කරමින් පැවැති පළමු සහ එකම දැනුම මිනුම තරඟාවලිය වූ The Tokyo Cement Super Quiz ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන, නව ලෝකයේ නව දැනුම සමඟ ඉදිරියට යන තරුණ දූදරුවන්ට නිවැරදි තොරතුරු මුලාශ්‍ර භාවිතය හුරු කරවීමට සහ එහි වැදගත්කම අවධාරණය කිරීමට යොදාගත් මෙවලමකි. දැනුම, ලොව බලගතුම ආයුධය බවට පත්ව ඇති යුගයක, තමා අවට ලෝකය සහ එහි සිදුවන කාලීන සිදුවීම් පිළිබඳ උනන්දුවෙන් සහ අවධානයෙන් සිටීමට දරුවන් පෙළඹවීම මුඛ්‍ය පරමාර්ථය කොටගෙන දියත් කරන ලද මෙම තරඟාවලිය පිටුපස සිටි ගාමක බලවේග වූයේ ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ස්වර්ණවාහිනියයි.


අධ්‍යාපන අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ ජාතික මට්ටමේ පාසැල් තරඟාවලියක් ලෙසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා, දිවයිනේ දසදෙසම වෙසෙන දහස් ගණනක් පාසැල් දුවාදරුවන්ට අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් ලෙසින්, තරඟකාරීව උරෙනුඋර ගැටෙමින් දැනුම බෙදාහදා ගන්නට අවකාශ සැලසිණ. මෙහි දීර්ඝ කාලීන අරමුණු ලෙස යහපත් වටිනාකම් දරුවන් තුළ ඇති කිරීම, දැනුමින් පොහොසත් පුරවැසියන් බිහි කිරීම සහ අනාගත නායකයන් බිහි කිරීම ආදිය දැක්විය හැකිය. එමෙන්ම මෙම වැඩසටහන, සාමාන්‍ය දැනුම වැඩසටහනක පැවතිය යුතු ගුණාත්මක බව සහ ප‍්‍රමිතිය ඉහළින්ම ආරක්‍ෂා කරගත් වැඩසටහනක් ද විය.

content image
content image

නව ලොවට නව දැනුම සමඟින් පිවිසෙන අනාගත දරු පරපුර සාමාන්‍ය දැනුමින් පොහොසත් කරන්නට බොහෝ සෙයින් දායක වූ කාලීන වැඩසටහනක් ලෙස 2015 වසරේදී සුමති ටෙලි සම්මාන උලෙළ සහ රයිගම් ටෙලීස් යන උලෙළ දෙකෙහිම ‘හොඳම ළමා අධ්‍යාපනික වැඩසටහන’ සම්මානයෙන් ද Tokyo Cement Super Quiz පිදුම් ලබන්නට සමත් විය.


අවසන් මහා තරඟයේ ජයග්‍රාහක පාසැලට රු. මිලියනයක මුදල් ත්‍යාගය හිමි කරදෙමින්, දිවයිනේ පාසැල් පද්ධතිය තුල සිටින අනාගත බුද්ධි පරපුරේ සුපිරිතම දක්ෂයන්ට තෝතැන්නක් සපයන තරඟාවලියක් බවට පත් Tokyo Cement Super Quiz, අනාගත පරපුරේ දූදරුවන් අතර සාමාන්‍ය දැනුම පිපාසයක් ඇති කරවමින්, ඒ හරහා අවට ලෝකය දෙස උනන්දුවෙන් නෙත් යොමු කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා ලද තවත් එක් උත්සාහයක ප්‍රතිපලයකි.