ටෝකියො සුපර්බොන්ඩ් ටයිල් ඇඩ්හෙසිව් (HIGH PERFORMANCE) යනු සුවිශේෂී සංයෝගයක් අනුව නිපදවනු ලැබූ ඉහළ බන්ධන ශක්තියක් සහිත ඇඩ්හෙසිව් වර්ගයකි. ඕනෑම වර්ගයක ටයිල් ඇලවීම සඳහා ඉහළින්ම නිර්දේශ කළ හැකි මෙය අඩි 6 x අඩි 3 ප්‍රමාණයේ විශාල ටයිල් සඳහා සුදුසුය. පෝසිලේන් හෝ වීදුරු ටයිල් ගෙබිමක හෝ බිත්ති මත ඇලවීමට භාවිතා කළ හැකිය.
පවතින ටයිල් ගෙබිමක් මත හෝ සිමෙන්ති පොළවක් මත වුවද පහසුවෙන් ටයිල් ඇලවිය හැකි මෙම ඇඩ්හෙසිව් විශේෂය මුළුතැන්ගෙය සහ නාන කාමර වැනි උණු ජලය නිතර රැඳෙන තැන්වලට වඩාත් සුදුසු වූවකි.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය ලීටර් 6 ක් බඳුනකට වත්කරන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්බොන්ඩ් හයි පර්ෆොමන්ස් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතුකරමින් මිශ්‍ර කරන්න. (rpm <500).

මෘදු කැට නොමැති, පදමින් යුතු මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 ක් පමණ මිශ්‍ර කරන්න.

මිශ්‍රණය විනාඩි 2 ක් පමණ පෙඟෙන්නට තබන්න.

දැන් තවත් විනාඩි 2 ක් මිශ්‍ර කරගන්න. (අවශ්‍ය නම්, මතුපිට ආලේප කිරීමට සුදුසු ආකාරයට මිශ්‍රණය සකස් වන තුරු ජලය ලීටර 1/2 දක්වා සුළු ප්‍රමාණය බැගින් එක්කරමින් මිශ්‍ර කරන්න).
ආලේප කිරීම

කටු හැන්දක් භාවිතයෙන් පිරිසිදු, වියළි මතුපිට මත මිලිමීටර 3ත් 5ත් අතර ඝනකම සිටින පරිදි ටෝකියෝ සුපර්බොන්ඩ් හයි පර්ෆොමන්ස් ටයිල් මැලියම එකම දිශාවට අතුරන්න.

විනාඩි 20 ක් ඇතුළත ටයිල් ඇල්ලිය හැකි ප්‍රමාණයට වඩා ටයිල් මැලියම් දැමීමෙන් වළකින්න.

මිලිමීටර 3 ක ටයිල් අතර පරතරයක් තබා, තෙත ටයිල් මැලියම මත තෙරපන්න. කුස්තූර පිරිසිදු කරන්න.

රබර් මිටියක් ආධාරයෙන් ටයිල් නිසිලෙස සවි කරගන්න.

ටයිල් අතුරා පැය 9 කට පසු ග්‍රවුට් කරන්න.
වෙනත් සටහන්

මිශ්‍ර කිරීමෙන් පැය 2 ක් ඇතුළත ටෝකියෝ සුපර්බොන්ඩ් හයි පර්ෆොමන්ස් භාවිතා කරන්න.

ටයිල් පෙඟවීමට අවශ්‍ය නැත. ටයිල් ඇලවීමට පෙර ඇලවුම් මුහුණත තෙත ස්පොන්ජ් එකකින් හොඳින් පිරිසිදු කරන්න

ටයිල් අතුරා පැය 24 ක් ගතවන තුරු ඒ මත ඇවිදීමෙන් වළකින්න.

අඩි 6«3 හෝ අඩු ප්‍රමාණයේ ටයිල් ඇලවීමට නිර්දේශිතයි.