නූතනයේ බිම් ඇතුරුම් ගල් නොහොත් ටයිල් විවිධ අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදන කරනු ලබන අතර, එනිසාම, ඒවා ඇලවීම සඳහාත් අලවන පෘෂ්ඨයේ ස්වභාවයට ගැලපෙන පරිදි ඊටම විශේෂ වූ මැලියම් වර්ග ද අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස පිඟන් මැටි (සෙරමික්) ටයිල් ජලය වැඩියෙන් උරා ගන්නා අතර ඒවා ඇලවීමට ඝණකමෙන් වැඩි සිමෙන්ති ස්ථරයක් අවශ්‍යවේ. නමුත් පෝසිලේන් ටයිල් ජලය අවශෝෂණය කරන්නේ 1%ත් වඩා අඩු ප්‍රමාණයක් බැවින් සිමෙන්ති හෝ සාම්ප්‍රදායික බදාමයන් යොදා එම ටයිල් ඇලවීම සාර්ථක ක්‍රමයක් නොවේ.

අනෙක් අතට, අපේ රටේ වැසි සහ වියළි දේශගුණික තත්ත්වයන් අතර විශාල ලෙස දෝලනය වන උෂ්ණත්ව වෙනස්කම් නිසා, ටයිල් අමුද්‍රව්‍යය හා මැලියම් වර්ගය හැකිළීම සහ ප්‍රසාරණය සිදුවන අනුපාතයන් වෙනස් වුවහොත් ටයිල් කැට‍ය එය අලවා ඇති පෘෂ්ඨයෙන් ගැලවී වෙන්වීම සිදුවේ.  සිමෙන්ති කොලපු පමණක් යොදා ඇලවූ ටයිල් පොළොව කාලයක් යද්දී බොල් වන්නේ මේ නිසාවෙනි. එබැවින් ටයිල් ඇලවීම සඳහා සාම්ප්‍රදායික බදාම හෝ සිමෙන්ති යොදාගැනීම අසාර්ථක ක්‍රමයකි.

බදාම හෝ සිමෙන්ති කොලපු භාවිතයෙන් ටයිල් ඇලවීමේදී ටයිල් ලිස්සා යාම සාමාන්‍යයෙන් සිදුවන්නකි.  මේ නිසා පැරණි ක්‍රමයට බිත්තිවල ටයිල් ඇල්ලීමේදී ස්පේසර් භාවිතා කරමින් පහළ සිට ඉහළට ටයිල් ඇල්ලීම කළ යුතුය.  මීට පිළියමක් ලෙස බොහෝ කාර්මික රටවල ටයිල් ඇලවීම සඳහා තුනී ස්ථර ක්‍රමය (Thin-bed Method) භාවිත කරනු ලබයි.  මෙම ක්‍රමයේදී, සාම්ප්‍රදායික බදාම හෝ සිමෙන්ති වෙනුවට, විශේෂ රසායනද්‍රව්‍ය මිශ්‍රිත මැලියමක් හෙවත් ටයිල් ඇඩ්හෙසිව් ස්ථරයක් ජපන් හැන්දක් ආධාරයෙන් තුනී ලේයරයක් ලෙස අතුරනු ලබයි.  ඉතා පහසුවෙන් ජලය පමණක් මිශ්‍රකිරීමට අවශ්‍ය පරිදි, වියළි බදාම තාක්ෂණය භාවිතයෙන් නිපදවෙන මෙම ටයිල් ඇඩ්හෙසිව් වල විශේෂත්වය වන්නේ, මිශ්‍රණ සංයුතිය ඒකාකාරීව පවත්වා ගැනීමට හැකිවන නිසා විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකි වීමයි.

සිමෙන්ති බදාම සහ ටයිල් ඇඩ්හෙසිව් සංසන්දනය

සිමෙන්ති බදාම (Thick-bed) ටයිල් ඇඩ්හෙසිව් (Thin-bed)
අමුද්‍රව්‍ය පරිභෝජනය අධිකයි අවම අමුද්‍රව්‍ය පරිභෝජනය
වැයවන කාලය වැඩිය වේගවත් හා කාර්යක්ෂම බවින් වැඩිය
මිශ්‍රණයේ ඒකාකාරී සං‍යුතිය පවත්වාගැනීම අපහසුයි මිශ්‍රණයේ සං‍යුතිය සැමවිටම ඒකාකාරීව ලබාගත හැක
භාවිතා කිරීමේ හැකියාව ඉතා සීමිතය පුළුල් පරාසයක භාවිතා කළ හැකිය
සිරස් ආධාරක අවශ්‍ය වේ සිරස් ආධාරක අවශ්‍ය නොවේ
උෂ්ණත්ව විචලනය නිසා ටයිල් ගැලවීමේ ප්‍රවණතාවය ඉහළයි නවීකරණය කළ පොලිමර් ඇඩ්හෙසිව් නිසා උණුසුම හා සිසිලස මනාව යාමනය කරයි

TOKYO SUPERBOND මෙම සියලු ප්‍රමිතීන් සපුරාලන, ඔබගේ සෑම ටයිලින් අවශ්‍යතාවයක්ම ඉතා උසස් නිමාවකින් පරිපූර්ණ කරදෙන සාර්ථකම විසඳුමයි.


ටෝකියෝ සුපර්බොන්ඩ් යනු පොලිමර් යොදා නිපදවන ටයිල් ඇඩ්හෙසිව් විශේෂයක් වන නිසා උෂ්ණත්ව විචල්‍යයන්ට අනුව හැඩ ගැසීමේ හැකියාව ඇති, ඉහළ ප්‍රත්‍යාස්ථතාවයකින් යුතු මිශ්‍රණයකි. එබැවින් ටයිල් බොල් වී ගැලවී යාම වළක්වන ඉහළ ශක්තිය සහ දිගුකල් පැවැත්ම ද සහතික කළ හැකිය.


ටෝකියෝ සුපර්බොන්ඩ් යනු ගෙබිම සිට බිත්ති දක්වා, ගෘහස්ත හෝ පිටත, ඕනෑම ටයිල් වර්ගයක් ඕනෑම මතුපිටක ඇලවීම සඳහා සුදුසුම විසඳුමයි. ටයිල් පිට ටයිල් ඇලවීමට ද මෙය භාවිතා කළ හැකි නිසා පැරණි ටයිල් ගෙබිම කඩා ඉවත් කිරීම සහ නැවත සමතල කිරීම වැනි අනවශ්‍ය හිසරද රැසක්ම මේ නිසා වළක්වා ගත හැකිය.


මෙය භාවිත කිරීමේදී ඔබ විසින් කළ යුතුව ඇත්තේ ‘ජලය එක් කිරීම’ පමණක් බැවින්, ඔබට පුහුණු ශ්‍රමයක් නොමැතිව වුවද අඩු කාලයකින් උසස් නිමාවකින් කාර්යය නිම කළ හැකිය. මේ නිසා මෙය වෙළඳපොළේ ඇති වඩාත්ම ලාභදායී හා කාර්යක්ෂම තේරීම ලෙසින් ද අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.


මේ පිළිබඳ වැඩිදුර විස්තර කියවා බලා ටෝකියෝ සුපර්බොන්ඩ් භාවිතා කිරීම කෙතරම් සරල හා පහසුදැයි ඔබම තීරණය කරන්න.


     
 

Standard Set

 

High Performance

 

Premium

ටයිල්වල උපරිම වර්ගඵලය අඩි 2 x 2   අඩි 6 x 3   අඩි 10 x 4 / අඩි 6 x 3
මතුපිට ස්වභාවය අලුත් ගෙබිම   අලුත් සහ පැරණි ගෙබිම   අලුත් සහ පැරණි ගෙබිම
ටයිල් පිට ටයිල් ඇලවීම නොහැකි   හැකි   නොහැකි
සවිවීමේ කාලය පැය 7   පැය 9   10hrs
ගෙබිම භාවිතයට ගත හැකි කාලය පැය 24   පැය 24   පැය 24
උණු වතුර භාවිතය නොහැකි   හැකි   හැකි
පිටත භාවිතය ඇතුළත භාවිතයට පමණි   ඇතුළත/පිටත   ඇතුළත/පිටත
බිත්ති සහ ගෙබිම හැකි   හැකි   හැකි
නාන තටාක නොහැකි   හැකි   හැකි
           
ටයිල්/පෝසිලේන්
 
 
 
ටෙරා කොටා
 
 
සෙරමික්
 
 
ග්‍රැනයිට්    
 
වීදුරු ටයිල්    
 
වීදුරු    
 
මාබල්    
 
           

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියළු නිෂ්පාදන හා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට