banner badge image

බිත්තියක් කපරාරු කිරීමේදී ඔබට අත්දැකීමට සිදුවූ කරදර මතකද?  කපරාරුවටම ගැලපෙන සියුම් වැලි සොයා වෙහෙසීමටත් ඊට අවශ්‍ය සිමෙන්ති, නිවැරදි ගුණාත්මක රසායනික ද්‍රව්‍ය සහ ස්කිම් කෝට් ආදී අමුද්‍රව්‍ය වෙන වෙනම මිලදී ගැනීමට ද සිදුවුණු බව ඔබට මතක ඇති. එහෙත්, මෙම ද්‍රව්‍යවලින් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය සහ ගබඩා කිරීමේදී විවිධ හේතු නිසා අපතේ ගිය බව ද ඔබට මතක ඇති.  ඔබ ඉතා අමාරුවෙන් සොයාගෙන වැඩි මිලට ගෙනා සියුම් යැයි කිවූ කපරාරු වැලි පරිමාවෙන් සැලකියයුතු කොටසක් ද රයිසියෙන් හලා ඉවත්කිරීමට සිදුවීමම විශාල මුදල් නාස්තියක් බව කිවයුතු නොවේ.

එළිමහනේ ගොඩගසා තබන වැලි සහ සිමෙන්ති මත දූවිලි හා සුන්බුන් එකතුවීම නිසා අපවිත්‍ර වන අතර, වැලි මත එකතු වන තෙතමනය නිසා ප්ලාස්ටර් මිශ්‍රණයේ ගුණාත්මකභාවය පිරිහීමට හේතු වෙයි.  විවිධ සැපයුම්කරුවන්ගෙන් මිලදීගත් ද්‍රව්‍යවල අඩු ගුණාත්මකභාවය නිසා කාලයක් ගතවෙත්දී ඔබේ බිත්ති මත බිඳී යාම් හා ඉරිතැලීම් ඇති විය හැක.

සාම්ප්‍රදායික ක්‍රමයේදී ‘අතේ පදමට හෝ පුරුදු ක්‍රමයට’ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන විට අනුපාත වැරදීමට ඇති ඉඩකඩ ඉතා විශාලයි.  තවද, මෙසේ මිශ්‍ර කිරීමේදී ප්ලාස්ටර් කාණ්ඩයෙන් කාණ්ඩයට එක් එක් අනුපාත වලට මිශ්‍ර කිරීම ද සිදුවිය හැකියි.  සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර නොවුන හොත් ප්ලාස්ටර් මිශ්‍රණයේ ගුණාත්මක බවට සහ නිමාවට එය ඍජුවම බලපායි.

මේ සියලු කරදරවලින් තොරව, ඔබගේ කාලයත් මුදලත් ඉතිරි කරගනිමින් උසස් නිමාවේ බිත්ති කපරාරුවක් සිදුකර ගැනීම දැන් ඉතාම පහසුයි.

TOKYO SUPERCAST Plaster Master යනු ඔබේ බිත්තිවලට පරිපූර්ණ නිමාවක් ලබා දීම සඳහා ගුණාත්මක බව සහතික කළ ප්ලාස්ටර් මිශ්‍රණයකි.

බෑග් වශයෙන් එන නිසා ඔබ මිලදී ගත යුතු වන්නේ ඔබගේ කපරාරුවට අවශ්‍ය ප්‍රමාණය පමණයි.  එනිසාම ප්‍රවාහනය ද ඉතා පහසුයි. ලෙහෙසියෙන් ගබඩා කර තබා කපරාරුවට අවශ්‍ය වූ විට විවෘත කර භාවිතා කළ හැකියි. ටෝකියෝ සුපර්කාස්ට් භාවිතයෙන් වැලි, සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී සිදුවන නාස්තිය 40% දක්වා අවම කරගත හැකිය.

සාම්ප්‍රදායික ක්‍රමයේදී, යම්කිසි බිත්තියක් කපරාරු කිරීමට ඔබට අවම වශයෙන් එක් පෙදරේරුවෙකු සහ සහායකයින් දෙදෙනෙකු වත් අවශ්‍ය වේ. ටෝකියෝ සුපර්කාස්ට් සමඟ එක් පෙදරේරුවෙකුට එම වර්ග ප්‍රමාණය මෙන් දෙගුණයක බිත්තියක් කපරාරු කිරීමට වැයවන්නේ ඉන් අඩකටත් අඩු කාලයක් පමණයි.

ඇතුළත සහ පිටත බිත්ති සඳහාම වෙන්වූ විශේෂ ප්ලාස්ටර් වර්ග අප සතුව ඇත. TOKYO SUPERCAST Plaster Master Weathershield මඟින් ඔබේ බිත්ති අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා කරදෙන අතරම, බිත්ති මත තෙත්මනය නිසා ඇතිවන කැළැල් සහ පුස් බැඳීමෙන් වන හානි වළක්වා ගත හැකිය.

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන TOKYO SUPERCAST Plaster Master ප්‍රභේදය තෝරාගැනීමෙන් ඔබේ වටිනා කාලයත් මුදලුත් ඉතිරි කරදෙන ආකාරය පහත සබැඳීන් ඔස්සේ නරඹන්න.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියළු නිෂ්පාදන හා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට