අපගේ
සේවාවන්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉහළම තලයකට ඔසවා තබමින් දේශය ගොඩනැගීමේ මෙහෙවරට උරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඒකායන අරමුණයි.  සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය සහ ක්‍රමවේද හදුන්වාදෙමින්, එහි කාර්යක්ෂමතාවය හා ඵලදායී බව ඔප්නංවන පරිදි අපගේ නිපැයුම් පෙළ යාන්ත්‍රණය කිරීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත්ම සේවා අංශයන්හි වෘත්තීයමය ගුණාත්මකභාවය දියුණු කිරීම උදෙසාත්, අප ගත් උත්සාහයන් බොහෝමයක් අද ක්ෂේත්‍රය බලගන්වන ප්‍රශස්ත සලකුණු බවට පත්ව ඇත.  එය අනාගතයේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වඩා ඉහළ තැනකට ඔසවා තබන්නට හේතුවනු ඇතැයි අපි අවංකවම විශ්වාස කරන්නෙමු.

මෙම මෙහෙවරෙහි එක් පියවරක් ලෙස, අති නවීන තාක්‍ෂණයෙන් පොහොසත් පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම පෙන්වා දිය හැකිය.  සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සහතික කිරීමට මෙම තාක්‍ෂණික රසායනාගාරය ඉවහල් වන අතරම එය ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා තබනු ලැබූ සුවිසල් පියවරක් ද වේ.  ISO 17025 ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලද, ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ඉදිකිරීම් තාක්ෂණික විද්‍යාගාරය වන මෙමගින්, දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය ලොව අන් ඕනෑම රටක් සමඟ සැසඳිය හැකි මට්ටමකට ඔසවා තැබේ.

අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා සංවර්ධනය උදෙසා දඹුල්ල ප්‍රදේශයේ පිහිටුවන ලද ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය ද අපගේ මෙම මෙහෙරවරෙහි තවත් එක් පියවරකි.  මෙම විද්‍යායතනය මඟින්, පෙදරේරුවරුන්ට වෘත්තීය පුහුණුව සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබාගැනීමේ පහසුකම් නොමිලේ ලබාදෙන අතර, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට වෘත්තීමය වටිනාකමක් එකතු කරන්නට මේ නිසා හැකි වී ඇත.  මීට සමගාමීව, ටෝකියෝ සිමෙන්ති සමාගමේ පුහුණු ඉංජිනේරු උපදේශකයන්ගේ මඟපෙන්වීම යටතේ දිවයිනේ නන් දෙස වෙසෙන පෙදරේරුවරුන්ගේ හැකියාවන් සංවර්ධනය සඳහා නොමිලේ පැවැත්වෙන පුහුණු සැසි මාලාවක් ද සංවිධානය කෙරෙන අතර, මේ හරහා පෙදරේරු කාර්මිකයන්ට ප්‍රයෝජනවත් වෘත්තීය මාර්ගෝපදේශනයන් ලබා දීම සිදුකෙරේ.  සමස්තයක් ලෙස අප මින් උත්සාහ ගනු ලබන්නේ ලොව පිළිගත් NVQ වෘත්තීය පුහුණුව ලැබූ පෙදරේරු කාර්මිකයන්ගේ දායකත්වය වැඩි වශයෙන් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත ලබා දීමයි.