ටෝකියෝ සුපර්බොන්ඩ් ටයිල් ඇඩ්හෙසිව් (STANDARD SET) යනු සෙරමික්, පෝසිලේන්, ටෙරාකොටා, ග්‍රැනයිට් ආදී ටයිල් වර්ග ඇලවීම සඳහා භාවිතා කළ හැකි සිමෙන්ති පාදක කරගත් තුනී ටයිල් ඇඩ්හෙසිව් සංයෝගයකි.
ටෝකියෝ සුපර්බොන්ඩ් ටයිල් ඇඩ්හෙසිව් (STANDARD SET) පහසුවෙන් වැඩ කළ හැකි මෙන්ම ජල ප්‍රතිරෝධී ගුණයෙන් ද යුතු මිශ්‍රණයක් වන නිසා ගෙබිම හෝ බිත්ති මත වඩාත් පහසුවෙන් ටයිල් ඇලවීම කළ හැකිය.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය ලීටර් 6 ක් බඳුනට වත්කරන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්බොන්ඩ් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතුකරමින් මිශ්‍ර කරන්න (rpm 500)

මෘදු කැට නොමැති, පදමින් යුතු මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 ක් පමණ මිශ්‍ර කරන්න.

මිශ්‍රණය විනාඩි 2 ක් පමණ පෙඟෙන්නට තබන්න.

දැන් තවත් විනාඩි 2 ක් මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම්, මතුපිට අලේප කිරීමට සුදුසු ආකාරයට මිශ්‍රණය සකස් වන තුරු ජලය ලීටර 1/2 දක්වා සුළු ප්‍රමාණය බැගින් එක් කරමින් මිශ්‍ර කරන්න.
ආලේප කිරීම

කටු හැන්දක් භාවිතයෙන් පිරිසිදු, වියළි මතුපිට මත මිලිමීටර 3ත් 5ත් අතර ඝනකම සිටින පරිදි සුපර්බොන්ඩ් ටයිල් මැලියම එකම දිශාවට අතුරන්න.

විනාඩි 20ක් ඇතුළත ටයිල් ඇල්ලිය හැකි ප්‍රමාණයට වඩා ඇඩීසිව් දැමීමෙන් වළකින්න.

මිලිමීටර 3ක ටයිල් අතර පරතරයක් තබා, තෙත සුපර්බොන්ඩ් ටයිල් මැලියම මත ටයිල් තෙරපන්න.

රබර් මිටියක් ආධාරයෙන් ටයිල් නිසිලෙස සුපර්බොන්ඩ් ටයිල් මැලියමට සවි කරගන්න.

ටයිල් අතුරා පැය 7කට පසු ග්‍රවුට් කරන්න.
වෙනත් සටහන්

මිශ්‍ර කිරීමෙන් පැය 2ක් ඇතුළත සුපර්බොන්ඩ් භාවිතා කරන්න.

ටයිල් පෙඟවීම අවශ්‍ය නැත. ටයිල් ඇලවීමට පෙර ඇලවුම් මුහුණත තෙත ස්පොන්ජ් එකකින් හොඳින් පිරිසිදු කරන්න

ටයිල් අතුරා පැය 24ක් ගතවන තුරු ඒ මත ඇවිදීමෙන් වළකින්න.

අඩි 2x2 හෝ අඩු ප්‍රමාණයේ ටයිල් ඇලවීමට නිර්දේශිතයි.