TOKYO SUPERFLOW FLOORING COMPOUND යනු ස්වයං සමතලකරණ හැකියාවක් ඇති සිමෙන්ති ෆ්ලෝරින් විසඳුමකි. අතින් ආලේප කළ හැකි අතර පොම්පයක් ආධාරයෙන් ඉක්මනින් යෙදීමේ හැකියාව ද ඇත. ගබඩා, කම්හල්, නිෂ්පාදනාගාර, රෝහල්, වාණිජ ගොඩනැඟිලි, නේවාසික ඉදිකිරීම් හා නිවාස ආදිය සඳහා යොදා ගත හැකිය. ආලේපනයට පෙර ප්‍රයිමරි කෝට් දෙකක් අලේප කළ යුතුය. අනුමත ඝණකම මිලිමීටර් 5-10 වේ.
මිශ්‍රණයට යෙදිය යුතු ජල ප්‍රමාණය, යොදන මතුපිට උෂ්ණත්වය සහ යෙදීමෙන් පසු අවට ආවරණය කිරීම මෙන්ම දෘඩකාරක යෙදීම ආදී කරුණු පිළිබඳ පළමුව සැලකිලිමත් විය යුතුය.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය (කාමර උෂ්ණත්වයේ) ලීටර් 5.5 - 6.0ක් බඳුනකට වත් කරන්න.

ටෝකියෝ සුපර්ෆ්ලෝ කිලෝ 25 බෑගය ක්‍රමානුකූලව එකතු කරමින් මිශ්‍ර කරන්න(rpm <500).

පවුඩර් සම්පූර්ණයෙන්ම මිශ්‍රවන තුරු මික්සරයක ආධාරයෙන් මිනිත්තු 5ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න.

මිශ්‍රණය හොඳින් පෙඟෙන තෙක් මිනිත්තු 2ක් තබන්න.

නැවතත් මිනිත්තු 2ක් මිශ්‍ර කරන්න.

මිශ්‍රණය මිනිත්තු 10ක් ඇතුළත භාවිතයට ගන්න.
ආලේප කිරීම

මිශ්‍රණය ආලේප කරන මතුපිට වියළි, ස්ථාවර හා පිරිසිදු (ඔයිල්, ග්‍රීස්, වැක්ස් හා පොලිෂ් ආදිය නොමැති) විය යුතුය.

මතුපිට සිදුරු, පැළුම් ආදිය ඇත්නම් ආරක්ෂිත ආලේපනයක් (ප්‍රයිමර්) යොදා ඒවා පුරවා වියළෙන්නට හරින්න.

සූදානම් කරගත් මතුපිට මත වයිපරයක් හෝ ජපන් හැන්දක ආධාරයෙන් එකම ඝණකමකින් යුතුව මිශ්‍රණය ආලේප කරන්න.

අනුමත අවම ඝණකම මිලිමීටර් 5කි. ඝණත්වය ඒකාකාරීව පවත්වා ගැනීමට ස්කෙග් ලීවරයක් භාවිතා කරන්න.

ස්පයික් රෝලරයක් මඟින් ආලේපනයේ වාතය ඉවත් කරගන්න.

වාතයෙන් වියළා ගැනීම කළ යුතුය. මතුපිටට ජලය යෙදීමෙන් වළකින්න.
වෙනත් සටහන්

මෑතකදී තැබූ කොන්ක්‍රීට් හෝ බදාම තට්ටුව මත ටෝකියෝ සුපර්ෆ්ලෝ ආලේප කිරීමට පෙර අවම වශයෙන් සති 3ක් වත් සිටිය යුතුය.

අවට උෂ්ණත්වය 28°Cක් වැඩි නම් මතුපිටට ජලය ඉසීමෙන් උෂ්ණත්වය අවම කර වියළෙන්නට හරින්න.

ආලේප කිරීමෙන් පසු පැය 24ක් ගතවන තුරු ඒ මත ඇවිදීමෙන් වළකින්න.

දින 14කින් පසු සුමටනය හා ඔප දැමීම සඳහා සුදුසුය.

ටෝකියෝ සුපර්ෆ්ලෝ අකාබනික පිග්මන්ට් සමඟ භාවිතා කල හැකිය. සියලුම ආකලන ද්‍රව්‍ය additives වර්ග සමඟ යෙදිය නොහැකිය. නියමිත ප්‍රමාණය 0.5%කි. වැඩි විස්තර සඳහා තාක්‍ෂණික අංශය අමතන්න.