
ටෝකියෝ සුපර්සීල් 2K වෝටර්පෲෆර් යනු ජල කාන්දු වැළැක්වීම සඳහා සිමෙන්ති පාදක අමුද්‍රව්‍යය සමඟ ඇක්‍රිලික් රසායන ද්‍රව්‍යයක් සුසංයෝගයෙන් නිපදවනු ලැබූ, සංරචක දෙකකින් සැදි ජල ප්‍රතිරෝධක විසඳුමකි. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, වර්ගීකරණය කළ සියුම් සමාහාරක (සුමට වැලි) සහ කාබනික ආකලන (ඇඩිටිව්) වර්ගයක් ද මීට ඇතුළත් වේ.
ටෝකියෝ සුපර්සීල් 2K වෝටර්පෲෆර් භාවිතයෙන් විශේෂයෙන්ම ජලය සමඟ ගැටෙන සිමෙන්ති බදාම හෝ කොන්ක්‍රීට් ව්‍යුහයන් හරහා ජලය කාන්දුවීම සම්පූර්ණයෙන්ම වළක්වන අතර ක්ලෝරයිඩ් මගින් සිදුවන ඛාදනය ද වළක්වයි.
අනුමත භාවිතාවන්







ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

මිශ්‍ර කිරීමට පෙර B සංරචකය (දියර) හොඳින් සොලවන්න

B සංරචකය (කිලෝ 1 දියර) සම්පූර්ණයෙන්ම මිශ්‍රණ බඳුනට එක් කරන්න

A සංරචකය (කිලෝ 2 පවුඩර්) මිශ්‍රණ බඳුනට සෙමෙන් එකතු කරමින් මිශ්‍ර කරන්න

ඒකාකාරී මිශ්‍රණයක් ලැබෙන තෙක් මිශ්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් මද වේගයකින් (300-400 rpm) මිනිත්තු 3-5ක් පමණ මිශ්‍ර කරන්න.
ආලේප කිරීම

යොදන මතුපිට වියළි, ස්ථාවර හා ගැළවී ගිය ද්‍රව්‍ය, තෙල්, ග්‍රීස්, වැක්ස්, පොලිෂ් ආදිය නොමැති පිරිසිදු මතුපිටක් විය යුතුය. කම්බි බුරුසුවක් ආධාරයෙන් මතුපිට පිරිසිදු කර වැකුම් ක්ලීනරයක් යොදා දූවිලි ඉවත් කරගන්න

වෝටර් පෲෆින් යොදන මතුපිට පිරිසිදු ජලය යොදා හොඳින් පිරිසිදු කරගත යුතු අතර ආලේප කිරීමට පෙර හොඳින් වියළා ගත යුතුය

මේසන් හැන්දක් හෝ බුරුසුවක් ආධාරයෙන් ටෝකියෝ සුපර් 2K වෝටර්පෲෆින් ආලේප කරගන්න

ආවරණය කළ යුතු ප්‍රදේශය මත සිරස් අතට පළමු කෝට් එක (ඝණකම ආසන්න වශයෙන් මිලිමීටර් 0.8-1) ආලේප කරගන්න.

පළමු කෝට් එක වියළීම සඳහා පැය 4-6ක් පමණ තබන්න

දෙවැනි කෝට් එක (ඝණකම ආසන්න වශයෙන් මිලිමීටර් 0.8-1) තිරස් අතට ආලේප කරගන්න

ආලේපිත මතුපිට තෙතමනය රැකෙන සේ ඍජු හිරු එළියෙන් හා සුළඟින් ආරක්ෂා කර තබන්න

වාතය මඟින් වියළා ගැනීම ප්‍රමාණවත් වේ

ටෝකියෝ සුපර්සීල් 2K ආලේප කිරීමෙන් දින 7කට පසු මතුපිට ටයිල් ඇලවිය හැකිය
වෙනත් සටහන්

සිමෙන්ති හෝ වෙනත් සිමෙන්ති අමුද්‍රව්‍ය එක් කිරීමෙන් වළකින්න

මිශ්‍රණය උකු කිරීම සඳහා අමතර ජලය එකතු නොකරන්න

වෙනත් කිසිදු අමතර උත්ප්‍රේරක වර්ගය හෝ ඇඩිටිව් වර්ගයක් යෙදීමෙන් වළකින්න.

වෝටර් පෲෆින් යෙදූ මතුපිටට බදාම වැනි ආරක්ෂිත ලේයරයක් යොදන්න