ඔබේ ඉදිකිරීම් කටයුතු වඩාත් කාර්යක්ෂමව මෙන්ම සකසුරුවමින් නිම කරවා ගැනීමට, වියළි බදාම තාක්ෂණය භාවිතයෙන් නිපදවෙන නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය පෙළක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් හඳුන්වා දී ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවෙන මෙම නිෂ්පාදන පෙළ, ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරන අතරම දේශීය කාලගුණික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් නිපදවා ඇති නිසා දිගු කල්පැවැත්මක් හා අනර්ඝ නිමාවක් තහවුරු කරයි.

වියළි බදාම ආශ්‍රිත නිෂ්පාදන යනු මොනවාද?

ඉදිකිරීම් කටයුතුවලදී ජලය සමඟ සිමෙන්ති සහ වැලි විවිධ අනුපාතවලින් මිශ්‍ර කොට නිපදවා ගනු ලබන මිශ්‍රණ, බදාම ලෙස හැඳින්වේ. මෙසේ සාදාගන්නා බදාම සාමාන්‍ය පෙදරේරු වැඩ, ගෙබිම් මට්ටම් කිරීම, කපරාරුව සහ නිමාව සඳහා සුලභ වශයෙන් භාවිතා කරනු ලැබේ.

වැඩබිමේදී සකසා ගන්නා සාමාන්‍ය තෙත් බදාම මෙන් නොව, සිමෙන්ති පාදක අමුද්‍රව්‍යවලට අවශ්‍යතාවයට සරිලන (ඇඩිටිව් හා පොලිමර් වැනි) රසායනික ද්‍රව්‍ය එකතුකර, වියළි ස්වරූපයෙන් එන, පෙර සැකසූ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වියළි බදාම ලෙස හැඳින්වේ. අවශ්‍යතාවයට ගැළපෙන නිෂ්පාදනය තෝරාගෙන, නියමිත මාත්‍රාවට ජලය පමණක් මිශ්‍ර කිරීමෙන් පහසුවෙන් භාවිත කළ හැකිවීම මෙම නිපැයුම්වල ප්‍රධානතම විශේෂත්වයයි.

මෙම වියළි බදාම මිශ්‍රණ විවිධ වූ ඉදිකිරීම් අවශ්‍යතා සඳහාම විශේෂ වූ තාක්ෂණික ගුණාංගයන්ගෙන් සමන්විත වේ. ඉදිකිරීම් වැඩවලදී බහුලව මුහුණපාන ගැටලු අවම කරගැනීමේ අරමුණින් සරල හා පහසු මෙන්ම, අඩු වියදම් නිෂ්පාදන පෙළක් ලෙසින් මෙය හඳුන්වා දී ඇත.

කපරාරු කිරීම, සාමාන්‍ය පෙදරේරු වැඩ, ටයිල් ඇල්ලීම, ගෙබිම මට්ටම් කිරීම සහ ජල නිවාරක වැනි පුළුල් පරාසයක පැතිරුණු මෙම වියළි බදාම මිශ්‍රණ, කර්මාන්තශාලාවක් තුළ, ඒ ඒ කාර්යය සඳහා නියමිත ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරනු ලබයි. ජලය පමණක් එක් කළ යුතු සරල මිශ්‍රණ ආකාරයෙන් බෑග්වල අසුරා වෙළඳපොළට එන මෙම වියළි බදාම නිපැයුම්, ඉදිකිරීම් කටයුතුවල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට දායක වේ. එබැවින් සාම්ප්‍රදායික බදාම භාවිතයට සාපේක්ෂව වැඩි වටිනාකමක් ලබා දෙන බැවින් ඒවා ‘අගය එකතු කළ නිෂ්පාදන’ ලෙස ද හැඳින්වේ.

ඉහළ නිමාවකින් යුතුව ඔබේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා අනර්ඝ තත්වයේ අගය එකතු කළ නිෂ්පාදන පෙළක් ටෝකියෝ සුපර් විසින් නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදන භාවිතයෙන්, සාම්ප්‍රදායික ක්‍රමයේදී මෙන් අමුද්‍රව්‍ය වෙන වෙනම සපයා ගැනීම සහ මිශ්‍ර කිරීම සඳහා වැයවන ඔබේ වටිනා කාලයත් ශ්‍රමයත් අවම කරගනිමින් වඩාත් කාර්යක්ෂමව සහ උසස් නිමාවෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදු කරගැනීමේ හැකියාව උදා කර දෙයි.

Tile Adhesives, Water Proofers, Flooring and Levelling Compounds, Wall Plasters සහ Light-weight Concrete Solutions ලෙස පුළුල් පරාසයකින් මෙම TOKYO SUPER පෙර සැකසූ වියළි බදාම නිෂ්පාදන පෙළ ලබා ගත හැකිය. ටෝකියෝ සුපර් වෙතින් හඳුන්වා දී ඇති මෙම අගය එකතු කළ නිෂ්පාදන පෙළ වෙළඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සමත්ව ඇත.

මෙම නිෂ්පාදන භාවිතයෙන් ඔබට සාම්ප්‍රදායික ක්‍රමවලදී සිදුවන අමුද්‍රව්‍ය නාස්තිය 30%ට වඩා අඩු කරගැනීමටත්, ශ්‍රමය හා අමුද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය 20%කට වඩා ඉතිරි කරගැනීමටත් හැකියාව ඇත. ඒ සඳහා මෙම නිෂ්පාදන යොදාගන්නා නිවැරදි ක්‍රමවේදයන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත සබැඳීන් වෙත පිවිසෙන්න.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියලුම නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට