පුළුල් පරාසයක විහිදෙන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින්, ටෝකියෝ සුපර්මික්ස් හඳුන්වා දී ඇති පෙර සැකසූ කොන්ක්‍රීට් මිශ්‍රණ පෙළ අහස සූරන ගොඩනැඟිලිවල පටන්, ජලාශ්‍රිත ඉදිකිරීම්, අධිවේගී මාර්ග සහ පාලම් සඳහා ද ගෘහ නිර්මාණ හා වාණිජ ගොඩනැඟිලි සඳහා මෙන්ම, කොන්ක්‍රීට් ආශ්‍රිත ගෘහඅලංකරණ උපාංග සඳහාත්, ඒ ඒ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි යොදාගත හැකි අසමසම නිෂ්පාදන පෙළක් බවට තහවුරු වී ඇත.

ටෝකියෝ සුපර්මික්ස් යනු ඉදිකිරීම් සමාගම්වල සහ ගොඩනැඟිලි උපදේශකවරුන්ගේ ද විශ්වාසය දිනූ සාඩම්බර නිපැයුමකි. දේශීය ව්‍යාපෘතිවලට පමණක් නොව, බහුජාතික ඉදිකිරීම් සමාගම්වල අධීක්ෂණයෙන් ඉදිවන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ද ටෝකියෝ සුපර්මික්ස් භාවිත කෙරේ.  ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූලව, වර්තමානයේ ඉදිවන විශිෂ්ටතම ඉදිකිරීම් ව්‍යාපෘති රැසක ඉහළ තත්ත්ව පරීක්ෂාවන් සමත්වූ ශ්‍රී ලංකාවේ එකම කොන්ක්‍රීට් සැපයුම්කරුවා වීමට හැකිවීම, ටෝකියෝ සුපර්මික්ස් ප්‍රමිතිකරණය පිළිබඳ හොඳම සහතිකයයි.

සාමාන්‍ය පොම්පකළ හැකි කොන්ක්‍රීට්

කාර්යක්ෂම බවින් ඉහළ, බොහෝ ඉදිකිරීම්වල කොන්ක්‍රීට් අවශ්‍යතා සඳහා මෙන්ම, ව්‍යුහාත්මක ඉදිකිරීම්වල සිට ගෙබිම් සහ නානකාමර දක්වා වූ පුළුල් පරාසයක බහුවිධ අවශ්‍යතා සඳහා පහසුවෙන් සහ ඉතා සුලභව යොදාගන්නා නිෂ්පාදනයකි. නිවාස, වාණිජ ගොඩනැඟිලි, කාණු පද්ධති, කර්මාන්තශාලා භූමි සහ මහල් ගොඩනැඟිලිවල පහත තට්ටු සඳහා නිර්දේශ කළ හැකි මෙම කොන්ක්‍රීට් විශේෂය 20-150mm අවපාතයකින් යුතු, C15 සිට C45 දක්වා වූ ශක්ති පන්තිවලින් ලබාගැනීමේ හැකියාව පවතී. මහල් ගොඩනැඟිලිවල 5වන මහල පමණ දක්වා උසකට පොම්ප කිරීමේ හැකියාව ඇත.

ව්‍යාපෘතිය මහල් නිවාස සහ වාණිජ ගොඩනැඟිලි
අභියෝගය

අප සේවාදායකයාගේ අවශ්‍යතාව වූයේ නිවසේ ව්‍යුහාත්මක ඉදිකිරීම්, ගෙබිම සහ නානකාමර ඇතුළු නිවසේ විවිධ කොන්ක්‍රීට් අවශ්‍යතා සඳහා එකසේ යොදාගත හැකි, කාර්යක්ෂම බවින් ඉහළ, හැසිරවීමේ පහසු කොන්ක්‍රීට් විසඳුමකි. අපේක්ෂිත පිරිවැය ඇතුළත පරම්පරා ගණනක් පවතින නිවසක් ඉදිකිරීම ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව විය.

විශේෂත්වයන්

ස්ලැබ් සහ කුළුණු වැනි ව්‍යුහාත්මක ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසුම විසඳුමක් වූ මෙය 20-150mm අතර අවපාතයකින් (ස්ලම්ප්) යුතු, C15 සිට C45 දක්වා වූ ශක්ති පන්තිවලින් ලබාගැනීමේ හැකියාව පවතී.
වැඩකිරීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින අතර කුඩා ප්‍රමාණයේ වාණිජ ගොඩනැඟිලි, නිවාස, කාණු පද්ධති, කර්මාන්තශාලා බිම් සහ මහල් ගොඩනැඟිලිවල පහළ තට්ටු සඳහා වඩාත් යෝග්‍යය.

වැඩි ගලනයක් සහිත කොන්ක්‍රීට් (High Flow Concrete)

ද්‍රාව්‍යමය ගුණය වැඩි කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන මෙහි විසංගමනය (ගල් සහ සිමෙන්ති වෙන්වෙන්ව කැටිගැසීම) අවම වන අතර, 150mට වැඩි උසකට පොම්ප කිරී‍මේ හැකියාව පවතී. ගලනය වන ස්වභාවය වැඩි බැවින් වැරගැන්නුම් වානේ ආකෘති අතරින් පහසුවෙන් ගමන් කරයි.

ව්‍යාපෘතිය ඇල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණය
අභියෝගය

මහල් 50ට වැඩි මෙවැනි උස් ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා ඉහළ උසකට පොම්ප කිරීමට හැකි ද්‍රාව්‍යමය ගුණය වැඩි කොන්ක්‍රීට් මිශ්‍රණයක් අවශ්‍යවේ. සිමෙන්තිමය අමුද්‍රව්‍ය සහ රසායනික ඇඩ්මික්ෂර් නිවැරදි අනුපාතයට මිශ්‍රකළ, දිගු ස්ටේෂනරි පොම්ප භාවිතයෙන් ඉතා ඉහළ උසකට පහසුවෙන් පොම්ප කළහැකි කොන්ක්‍රීට් වර්ගයක් මේ සඳහා භාවිතා කළ යුතුය.

විශේෂත්වයන්

විසංගමනය (ගල් සහ සිමෙන්ති වෙන්වෙන්ව කැටිගැසීම) අවම, ඉහළ ද්‍රාව්‍යමය ගුණයෙන් යුතු විශේෂ TOKYO SUPERMIX මිශ්‍රණය නිසා 150mට වැඩි ඉහළ උසකට පහසුවෙන් කොන්ක්‍රීට් පොම්ප කළ හැකි විය. ද්‍රාව්‍යමය කොන්ක්‍රිට් ඝනීභවනය වීමේ ක්‍රියාවලිය හෙවත් Rheology සංලක්ෂණයන්ට අනුව අවපාතය (ස්ලම්ප්) 225mm සහ අවපාත ගලනය (ස්ලම්ප් ෆ්ලො) 450-600mm ලෙස පවත්වා ගැනිනි.
ශ්‍රී ලාංකේය ගොඩනැගිලි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරන මෙම ව්‍යාපෘතියේ විශාලත්වය සහ කාලසටහන අනුව, කොන්ක්‍රීට් තොග ඇණවුම් කළ සැණින් සැපයීමට හැකිවීම, ව්‍යාපෘතිය බාර බහුජාතික විශේෂඥයින් විසින් සැපයුම්කරුවකු තෝරාගැනිම උදෙසා යොදාගත් ප්‍රමුඛතම නිර්ණායකයක් විය. ඕනෑම පරිමාවක පාරිභෝගික අවශ්‍යතාවන් එසැණින් සපුරාලීමට හැකියාව ලබාදෙන, නවීනතම පොම්ප රථ සහ මිශ්‍රණ ට්‍රක් රථ සිය ගණනකින් සමන්විත දැවැන්ත ප්‍රවාහන බලකාය අප සතු වීම මෙහිදී ප්‍රධානතම විශේෂත්වය ලෙස සැලකිණි.

පයිලින් කොන්ක්‍රීට්

ස්ලම්ප් අගය (අවපාතය) 180 - 220mm වන පරිදි සංයෝග කළ විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන මෙය, ඉදිකිරීම් භූමියේදීම සිදුකෙරෙන ස්ථානීය කොන්ක්‍රීට් කුළුණු / ස්ථම්භ (පයිල්) සඳහා වඩාත් සුදුසු වන අතර, ‘ට්‍රිමී පයිප්ප’ යොදාගනිමින් පොම්ප කිරීම සඳහා වැඩි ද්‍රවශීලකතාවයක් සහිතව සකසනු ලබයි.

ව්‍යාපෘතිය හැව්ලොක් සිටි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය
අභියෝගය

කොන්ක්‍රීට් කුළුණු / ස්ථම්භ පයිලින් වැඩවලදී කොන්ක්‍රීට් මිශ්‍රණයේ සුමට බව මෙන්ම ඉතා ඉහළ ද්‍රවශීලකතාවක් පැවතීම අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ, යකඩ කම්බි රාමු යෙදූ වලවල් තුළට මැනවින් කොන්ක්‍රීට් පිරවීම සිදු කළ යුතු නිසාවෙනි. පයිල් බැස්සවීම තරමක කාලයක් ගතවන කාර්යයක් නිසා, පයිලින් වැඩවලදී එකම ආකාරයෙන් මිශ්‍රණය පවත්වා ගැනීම විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණකි.

විශේෂත්වයන්

අවපාතය (ස්ලම්ප් අගය) 180-220mm වූ මෙම සුවිශේෂී මිශ්‍රණ සංයුතිය ස්ථානීය පයිලින් වැඩ සඳහා වඩාත් සුදුසු වන අතර ‘ට්‍රිමී පයිප්ප’ ක්‍රමවේදය භාවිත කරන නිසා වැඩි ද්‍රවශීලකතාවයක් සහිතව සකසනු ලබයි. කැටි ගැසීම්වලින් තොරව, පළමු තොගයේ ස්ලම්ප් මට්ටම අවසන් තොගය දක්වාම ඒකාකාරීව පවත්වා ගැනීම සඳහා හොඳම අමුද්‍රව්‍ය සහ ඇඩ්මික්ෂර් යොදා ගැනීම සිදු කරයි.
සාමාන්‍යයෙන් මෙරට ඉදිකිරීම් කටයුතුවලදී පයිල් එකක විශ්කම්භය 600mm සිට 2000mm දක්වා අතර අගයක් ගන්නා අතර, ගැඹුර 25mm - 45m පමණ වේ. මේ සඳහා යොදාගන්නා ශක්ති පන්ති පරාසය වන්නේ C30 - C50 වේ.

අති-අධිශක්ති කොන්ක්‍රීට්

උස් ගොඩනැඟිලි ඉදිකිරීමේදී කුළුණුවල පාදම මට්ටම විශාලත්වයෙන් හා ශක්තියෙන් වැඩිවන අයුරින් සකසනු ලබන්නේ සමස්ත ව්‍යුහයේ බර දරාගත හැකිවන පරිද්දෙනි. එහෙත්, ඉඩකඩ සහ පෙනුම පිළිබඳ සැලකීමේදී කුළුණුවල ප්‍රමාණය සාපේක්ෂව අඩු කිරීමට සිදුවන නිසා, ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති ශක්තියෙන් අනූන කොන්ක්‍රීට් වර්ගයක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම මතුවේ. මෙම අවශ්‍යතාව සපුරාලීමට හැකි එකම නිෂ්පාදනය වන්නේ C70 සහ C85 ශක්ති පන්තිවලින් යුතු අති-අධිශක්ති කොන්ක්‍රීට් මිශ්‍රණයයි.

ව්‍යාපෘතිය කීල්ස් සිටි - සිනමන් ලයිෆ් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය
අභියෝගය

ඉතා උස් මහල් ගොඩනැඟිලිවල බර දරාගත හැකිවන පරිදි එහි කුළුණුවල පාදම කොටස් විශාලව සකස් කළ යුතු වුවත්, සීමිත ඉඩකඩ පිළිබඳ ගැටලුව සහ වාහන නැවැත්වීමේ අංගන මෙන්ම වෙනත් වාණිජ කටයුතු සඳහා ද පහත මාලයන් භාවිත කරන නිසා, විශාලත්වයෙන් සහ පරිධියෙන් අඩු නමුත් සවිශක්තියෙන් ඉතා ඉහළ කොන්ක්‍රීට් කුළුණු භාවිතා කිරීමට සිදුවේ.
මෙම අවශ්‍යතාව සපුරාලිය හැකි එකම විසඳුම වන්නේ, C70 සහ C85 ශක්ති පන්තිවලින් යුතු අති-අධිශක්ති කොන්ක්‍රීට් පමණකි.

විශේෂත්වයන්

ශ්‍රී ලංකාවේ C70 සහ C85 ශක්ති පන්තිවලින් යුතු එකම අති-අධිශක්ති කොන්ක්‍රීට් මාදිලිය නිපදවනු ලබන්නේ TOKYO SUPERMIX විසින් පමණක් වන බැවින්, මෙම ව්‍යාපෘතිය සඳහා නිර්දේශිත එකම කොන්ක්‍රීට් සැපයුම්කරු බවට පත් වන්නට ටෝකියෝ සුපර්මික්ස් සමාගමට හැකිවිය.
ශක්තියෙන් ඉහළ NIPPON CEMENT PRO OPC සිමෙන්තියෙන් ලබාදෙන අධිශක්තිය මෙම කොන්ක්‍රීට් මාදිලියේ ප්‍රධානතම සුවිශේෂී සාධකය වන අතර, ජල භාවිතය අවම කරවන Poly Carboxylic Ether වර්ගයේ රසායනික ඇඩ්මික්ෂර් භාවිතයෙන් සුපිරි සවිමත් බව එලෙසින්ම පවත්වා ගැනීමට හැකිවීම ද මෙහි විශේෂත්වයන් වේ. ටෝකියෝ සුපර්මික්ස් විද්‍යාගාරයන්හි සහ තවත් සීමිත ස්ථාන කිහිපයක පමණක් ඇති අතිනවීන පරීක්ෂණ යන්ත්‍ර මඟින් මෙම සීමිත පාරිභෝගික අවශ්‍යතාවට හරියටම ගැළපෙන නිෂ්පාදනයන් පිළිබඳ පරීක්ෂණ සිදු කරගැනීමේ හැකියාව පැවතීම අපගේ විශේෂීකරණයේ සහතිකයයි.

ආරම්භක ශක්තිය වැඩි කොන්ක්‍රීට්

මෙම සුවිශේෂී මිශ්‍රණයේ ශක්තිමත්බව ආරම්භයේදී වේගවත් වන අතර පසු-ආතතීකරණ ක්‍රියාවලිය, සැටලිම කලින් ඉවත් කිරීම, සැටලිම වරින් වර මාරු කිරීම වැනි කටයුතු ද වඩාත් පහසු කරයි.

ව්‍යාපෘතිය Orion City PT Slabs
අභියෝගය

ස්ලැබ්වල පසු-ආතතීකරණ ක්‍රියාවලිය, පෙර-වාත්තු කළ බාල්ක (precast girders), ලිස්සන සැටලිම් හා ස්ථානීය පාලම් තට්ටු වැනි කටයුතු සඳහා ආරම්භක ශක්තිය වැඩි කොන්ක්‍රීට් අවශ්‍ය වේ.

විශේෂත්වයන්

මෙම සුවිශේෂී කොන්ක්‍රීට් මිශ්‍රණයේ ශක්තිමත්බව ආරම්භයේදී වැඩි අතර පසු-ආතතීකරණ ක්‍රියාවලිය, සැටලිම කලින් ඉවත් කිරීම, සැටලිම වරින් වර මාරු කිරීම වැනි කටයුතු වඩාත් පහසු කරයි. සිමෙන්තිවල ගුණාත්මක බව සහ ජලය සහ සිමෙන්ති අතර අනුපාතය ද මෙම සුවිශේෂී මිශ්‍රණයේ ශක්තිය සඳහා බලපාන වැදගත්ම සාධකයකි. දින දෙකකට පසු සැටලිම ඉවත් කිරීම සහ ලිස්සන සැටලිම පැයට 15-30cm ප්‍රමාණයකින් ගමන්කරවීම සඳහා මෙවැනි කොන්ක්‍රීට් නිෂ්පාදනයක් අවශ්‍ය වේ. එමෙන්ම, සමස්ත ව්‍යුහයේ කොන්ක්‍රීට් බාල්ක ප්‍රමාණය අවම කරගැනීමටත්, බාල්කවල ඝනකම අඩු කිරීමටත්, විශාල ඉදිකිරීමක නම් කොන්ක්‍රීට් දැමීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යාමටත් මෙය ඉවහල් වේ.

කල්පවතින කොන්ක්‍රීට්

වගුරු සහිත හෝ සමුද්‍රාශ්‍රිත රළු පරිසර තත්ත්වයන් යටතේ සිදුකරන ඉදිකිරීම් සඳහා, සල්ෆේට් සහ ක්ලෝරයිඩ් විඛාදනයට ප්‍රතිරෝධය දක්වන, අඩු ජල අවශෝෂණයක් ඇති කල්පවතින කොන්ක්‍රීට් වර්ගයක් අවශ්‍ය වේ.

ව්‍යාපෘතිය ITC හෝටලය
අභියෝගය

කොළඹ සමුද්‍රාසන්න ගොඩබිම් තීරයේ සහ පොදුවේ කොළඹ නාගරික අවකාශය තුළ ඉදිවන ඉදිකිරීම් සඳහා කල්පවතින කොන්ක්‍රීට් විශේෂයෙන් භාවිත කරනු ලබයි. වගුරු සහිත හෝ සමුද්‍රාශ්‍රිත රළු පරිසර තත්ත්වයන් යටතේ සිදුකරන ඉදිකිරීම් සඳහා, සල්ෆේට් සහ ක්ලෝරයිඩ් විඛාදනයට ප්‍රතිරෝධය දක්වන, අඩු ජල අවශෝෂණයක් ඇති කල්පවතින කොන්ක්‍රීට් වර්ගයක් අවශ්‍ය වේ.

විශේෂත්වයන්

විශේෂ කල්පවතින කොන්ක්‍රීට් මිශ්‍රණයන්ට එහි රසායනික සහ ජල ප්‍රතිරෝධී ගුණයන් ලබාදෙන්නේ ගල් අඟුරු දහනයෙන් ඉවතලන Fly Ash මිශ්‍රිත TOKYO SUPER PLUS සමඟ සිලිකා වාෂ්ප සහ යබොර (GGBS) වැනි අනෙකුත් සං‍යෝග විශේෂ සංයුතියකට අනුව මිශ්‍ර කිරීමෙනි. මේ නිසා ක්ලෝරයිඩ් සහ සල්ෆර් අඩංගු රසායන ද්‍රව්‍ය කාවැදීමෙන් සිදුවිය හැකි හානි වළක්වන ඝනව ඇසිරුණු කොන්ක්‍රීට් මිශ්‍රණයක් ලබාදේ.
ටෝකියෝ සුපර්මික්ස් සතු විද්‍යාගාරය හැරුණු විට, එක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පමණක් මීට අදාළ රසායනාගාර පරික්ෂාවන් සිදු කිරීමේ හැකියාව පවතියි.

සැහැල්ලු කොන්ක්‍රීට්

සංකීර්ණ ඉදිකිරීම් ව්‍යාපෘතිවලදී මුළු ව්‍යුහයේ බර විශාල වශයෙන් වැඩි නොවන ලෙස, කොන්ක්‍රීට් ව්‍යුහයන් අතර හිස් අවකාශ පිරවීමට, භාවිතා කරන්නන්ගේ පහසුව උදෙසා බිම් මට්ටම වැඩි කරවීමට මෙන්ම, අලුත් ගෘහඅලංකරණ කොටස් එකතු කිරීම සඳහා යෝග්‍ය නිෂ්පාදනයක් ලෙස සැහැල්ලු කොන්ක්‍රීට් විශේෂයෙන් යොදා ගනු ලබයි. ඊටම අනන්‍ය මිශ්‍රණ ක්‍රමවේදයක් අනුව සකසන මෙම කොන්ක්‍රීට් මාදිලියේ විශේෂත්වය වන්නේ ඝණත්වය ඉතා අවම අගයක් (600 - 1200 Kg/m3) ගැනීමයි. මෙයද TOKYO SUPERMIX වෙතින් පමණක්ම ලබා ගත හැකි සුවිශේෂී කොන්ක්‍රීට් මාදිලියකි.

ව්‍යාපෘතිය Shangri La හෝටල් සහ නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය
අභියෝගය

මෙම ව්‍යාපෘතිය පුරා දක්නට ලැබෙන සුවිශේෂි වාස්තුවිද්‍යාත්මක ලක්ෂණයක් වන්නේ විශේෂයෙන් එක් කරන ලද නිර්මාණාත්මක ගෘහඅලංකරණ කොටස් ඉදිකිරීමේ සෑම මට්ටමකම පැවතීමයි. ගොඩනැගිල්ලේ පාදම මත විශාල පීඩනයක් එකතු නොවනසේ මෙම අනන්‍ය නිර්මාණාත්මක කොටස් එකතු කරගැනීමට, ශක්තිමත් නමුත් සැහැල්ලු කොන්ක්‍රීට් වර්ගයක අවශ්‍යතාව මතු වූ අතර එම ව්‍යුහවල සවිමත් බව එක ලෙස පවත්වා ගැනීම ද අවශ්‍යව පැවතිනි. තවද, හෝටල් සහ මහල් නිවාස සංකීර්ණවල ඉහළ මහල්වල පිහිටි මුළුතැන්ගෙවල් සහ නාන තටාක සඳහා මෙන්ම ව්‍යුහවල අඩුපාඩු සැකසීම සඳහා ද බරින් අඩු, සවිමත් කොන්ක්‍රීට් වර්ගයක අවශ්‍යතාවය පැවතිණි.

විශේෂත්වයන්

සංකීර්ණ ඉදිකිරීම්වල මුළු ව්‍යුහයේ බර වැඩි නොවන ලෙස, කොන්ක්‍රීට් කොටස් අතර හිස් අවකාශ පිරවීමට සහ ගොඩනැගිල්ලේ විවිධ භාවිතාවන් උදෙසා බිම් මට්ටම වැඩි කරවීමට යොදාගත හැකි ඝණත්වය අවම වන සේ (600 - 1200 Kg/m3) සකස් කළ මෙම සං‍යෝගය ටෝකියෝ සුපර්මික්ස් වෙතින් පමණක්ම ලබා ගත හැකි කොන්ක්‍රීට් මාදිලියකි. TOKYO SUPERMIX පමණක් සතු විශේෂිත රසායනික පෙණ මිශ්‍රණ තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම සැහැල්ලු කොන්ක්‍රීට් සම්මිශ්‍රණය අපගේ විශේෂ විසඳුම් අතරින් එකකි.

උෂ්ණත්ව පාලක කොන්ක්‍රීට්

ඝණකම් අත්තිවාරම් සහ විශාල කුළුණු/ස්ථම්භ/බාල්ක වැනි ව්‍යුහාත්මක ඉදිකිරීම්වලදී අභ්‍යන්තර ගර්භයේ උෂ්ණත්වය 72-75°C ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ඉදිකිරීම් උපදේශකයන්ගේ අනුදැනුම මත සිදුවිය යුතු වැදගත් අවශ්‍යතාවකි.
අඩු තාපවිමෝචක කොන්ක්‍රීට් සම්මිශ්‍රණයක් සඳහා සියලු අමුද්‍රව්‍යයන්ගේ ද තාප ධාරිතාවය පාලනය කිරීම අත්‍යවශ්‍ය වන බැවින්, ඒ සඳහා මහා පරිමාණ සිසිලන යන්ත්‍ර, අයිස් ඇඹරුම් යන්ත්‍ර, අධිශීත බහාලුම් අවශ්‍ය අතරම, ඊට අවශ්‍ය රසායනික ඇඩ්මික්ෂර් සහ සිමෙන්ති අමුද්‍රව්‍ය නිවැරදි සංයෝජනයට සහ එය අධීක්ෂණයට තාක්ෂණික දැනුමින් යුතු ඉන්ජිනේරු විශේෂඥයන් සිටීමද අත්‍යවශ්‍ය වේ. නවීනතම තාක්ෂණය සහ ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් භාවිතයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණයක ජනනය වන උෂ්ණත්වය 26°C වැනි ඉතා පහළ අගයකින් යුතුව පවත්වා ගැනීමට ටෝකියෝ සුපර්මික්ස් සමත්ව ඇත.

ව්‍යාපෘතිය Spathodea Residencies
අභියෝගය

ඝණකමින් වැඩි අත්තිවාරම් සහ විශාල කොන්ක්‍රීට් කුළුණු/බාල්ක ඉදිකිරීමේදී, ව්‍යුහය අභ්‍යන්තරයේ උෂ්ණත්වය 72-75°C ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම කොන්ක්‍රීට් ඉරිතැලීම හා පුපුරායාම වළක්වා ගැනීමට අතිශයින් වැදගත් වේ.

විශේෂත්වයන්

අඩු තාපවිමෝචක කොන්ක්‍රීට් සකස් කිරීමේදී, නියම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය, ජලය සහ සිමෙන්ති යන සියල්ලේම උෂ්ණත්වය අවම මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, මේ සඳහා විද්‍යාත්මක දැනුමින් යුතු ඉන්ජිනේරු විශේෂඥයන්ගේ සහාය මෙන්ම නවීන තාක්ෂණික උපකරණ රැසක් ද අවශ්‍ය වේ. මීට අමතරව, ඉහළ ධාරිතාවක් ඇති සිසිලන යන්ත්‍ර, අයිස් ඇඹරුම් යන්ත්‍ර, මහා පරිමාණ ශීතකරණ බහාලුම් වැනි සුවිශේෂී යන්ත්‍රසූත්‍ර ද මෙම කාර්යය සඳහා යොදාගනු ලබයි. ඉහත සියලු අංගයන්ගේ දායකත්වය ඇතිව ඉදිකිරීම් කටයුතුවලදී උෂ්ණත්වය 26°C වැනි ඉතා සාමාන්‍ය මට්ටමකින් පවත්වා ගැනීමට TOKYO SUPERMIX සමත්ව ඇත.

ශීත ප්‍රතිරෝධී කොන්ක්‍රීට්

උෂ්ණත්වය නිතර උච්ඡාවචනය වීම නිසා (උදා: ශීතාගාර ගබඩා වැනි) කොන්ක්‍රීට් ඉදිකිරීමක ඇති විය හැකි ඉරිතැලීම හා පුපුරායාම්වලට ප්‍රතිරෝධයක් දක්වන සුවිශේෂී කොන්ක්‍රීට් මිශ්‍රණයකි. ගල් අඟුරු දහනයෙන් ඉවතලන සියුම් අළු Fly Ash සමඟ විශේෂ අමුද්‍රව්‍ය කිහිපයක සංයෝගයෙන් නිපදවනු ලබන මෙම කොන්ක්‍රීට් මාදිලිය, නිරතුරුව උෂ්ණත්වය වැඩිවීම සහ සිසිල් වීම චක්‍රීයව සිදුවන ඉදිකිරීම් සඳහා යෝග්‍ය වන අතර, මෙමගින් කොන්ක්‍රීට් ව්‍යුහය වරින්වර ප්‍රසාරණය හා හැකිළීම නිසා සිදුවන හානිය වළක්වයි.

ව්‍යාපෘතිය CIC ශීත ගබඩා සංකීර්ණය - පන්නල
අභියෝගය

මෙහිදී මූලික අවශ්‍යතාවය වූයේ ශීතාගාර ගබඩා සංකීර්ණයක නිරතුරුව සිදුවන උෂ්ණත්වය අධික ලෙස උච්ඡාවචනය වීම නිසා කොන්ක්‍රීට් ගොඩනැඟිල්ලට සිදුවන හානිය වළක්වා ගැනීමයි.

විශේෂත්වයන්

Fly Ash සමඟ විශේෂ අමුද්‍රව්‍ය කිහිපයක සංයෝගයෙන් නිපදවනු ලබන මෙම කොන්ක්‍රීට් මාදිලිය, උෂ්ණත්වය වෙනස්වීම නිසා සිදුවන ක්ෂණික ප්‍රසාරණය හා හැකිලීමෙන් කොන්ක්‍රීට් ව්‍යුහය ඉරිතැලීම හා පුපුරායාමෙන් වන හානිය වළක්වා ගැනීමට උපකාරී වේ.

හැකිළීම්වලින් තොර කොන්ක්‍රීට්

වායු බුබුළු රැඳීම වළක්වා බන්ධන හැකියාව වැඩිදියුණු කරන විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයකි. වෑද්දුම් සීමා නොමැති ඒකාකාරී පැතලි කොන්ක්‍රීට් පොළොව හැකිළීම නිසා සිදුවන ඉරිතැලීම වැළැක්වීමට මෙය උපකාරී වේ. මෙහිදී, ඉරිතැලීම් අවදානම අවම කිරීමට වානේ කම්බි රාමු වෙනුවට කොන්ක්‍රීට් වාත්තු කිරීමට වානේ තන්තු යොදා ගැනීම සිදුවේ.

ව්‍යාපෘතිය DSI ගබඩා සංකීර්ණය - වැලිගම
අභියෝගය

ඉරිතැලීම අවම කරගැනීම සඳහා, දාර රහිත සුපිරි සමතල බිමක් සේවාදායකයාගේ අවශ්‍යතාවය විය.

විශේෂත්වයන්

ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද අමුද්‍රව්‍ය සහ නිවැරදි රසායනික ඇඩ්මික්ෂර් සංයෝග කිරීමෙන්, බන්ධන හැකියාව වැඩිදියුණු කරනලද වායු බුබුළු රහිත මනා ගෙබිමක් නිර්මාණය කරන ලදී. වානේ කම්බි රාමු වෙනුවට වානේ ෆයිබර් යොදා ගැනීම නිසා ඉරිතැලීම් අවදානම අවම විය.

ස්වයං සංයුක්ත කොන්ක්‍රීට්

ඉතා පහසුවෙන් ගලායන ද්‍රාවමය කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන මෙය, කැටි ගැසීමෙන් තොරව වානේ කම්බි සැකිල්ල පුරා ඒකාකාරව විහිදී ස්වයංක්‍රීයව පැතිරයාමේ හැකියාව ඇත. මේ නිසා පෝකර් කම්පක භාවිතය ද අවශ්‍ය නොවන අතර කොන්ක්‍රීට් තුළ සිදුරු ඇති වීමද අවම වේ. පහසුවෙන් සංයුක්ත වීමේ ගුණය නිසා කම්කරු ශ්‍රමය ඉතා අවම වශයෙන් අවශ්‍ය වන මෙම කොන්ක්‍රීට් විසඳුම නිසා, ගෙබිම් සහ ස්ලැබ්වල කොන්ක්‍රීට් සංයුක්ත කිරීමට ගතවන කාලය සහ පිරිවැය අවම කරගත හැකි වීම විශේෂත්වයකි.

ව්‍යාපෘතිය Avic Astoria සුඛෝපභෝගී නිවාස සංකීර්ණය
අභියෝගය

ඇතැම් විශාල ව්‍යුහයන් සඳහා කොන්ක්‍රීට් යෙදීමේදී, වානේ ආධාරක සැකිල්ල තුළට කොන්ක්‍රීට් සංයුක්ත කිරීම සඳහා විශාල කම්කරු ශ්‍රමයක් සහ කාලයක් අවශ්‍ය වීම, සමස්ත ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාවයට බලපාන කාරණයකි.

විශේෂත්වයන්

ස්වයං සංයුක්ත කොන්ක්‍රීට් නිෂ්පාදනය කරනු ලබන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු රළු සමාහාරක සහ නිවැරදි ප්‍රමාණයට රසායනික ඇඩ්මික්ෂර් සංයෝග කිරීමෙනි. මෙමඟින් ස්වයංක්‍රීයව කොන්ක්‍රීට් සංයුක්ත කිරීම සිදුවන නිසා ඒ සඳහා වැය වන මිනිස් ශ්‍රමය මෙන්ම කාලය ද ඉතිරි කරගත හැකිය.
ඉතා පහසුවෙන් ගලායන ද්‍රාවමය කොන්ක්‍රීට් මාදිලියක් වන නිසා සැටලිම ඇතුළත වානේ කම්බි සැකිල්ලට පුරා ඒකාකාරීව ස්වයංක්‍රීයව පැතිරයාමේ හැකියාව ද ඇත. මේ නිසා පෝකර් කම්පක භාවිතය අවශ්‍ය නොවන අතර කොන්ක්‍රීට් තුළ සිදුරු ඇති වීමක් ද සිදු නොවේ. තෙත් ස්වරූපයෙන් පවතින අතරතුර වැඩකිරීමට ඇති පහසුව මනින පරීක්ෂණ ක්‍රම වන V-පුනීල/අවපාත ගලනය (ස්ලම්ප් ෆ්ලෝ) සහ J-Ring/L-Box තුළට පහසුවෙන් පිරවීමේ හා ගලායාමේ හැකියාව ද මෙම ස්වයං සංයුක්ත කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඉතා ඉහළ අගයක් ගනී. ඉහත පරීක්ෂණ මඟින් මෙම විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයේ විසංගමනය (ගල් සහ සිමෙන්ති වෙන්වෙන්ව කැටිගැසීම) අවම බව ද සනාථ කොට ඇත.

විඛාදන ප්‍රතිරෝධී සංඝටක සහිත අනාවෘත කොන්ක්‍රීට්

කොන්ක්‍රීට් ව්‍යුහයන්ගේ දිගුකල් පැවැත්ම තහවුරු කිරීම සඳහා විඛාදනයන්ට ප්‍රතිරෝධීව ක්‍රියා කරන රසායනික සංඝටක එක් කිරීමෙන් සාදන කොන්ක්‍රීට් නිපැයුමකි.

ව්‍යාපෘතිය එක්සත් ජනපද නව තානාපති කාර්යාල සංකීර්ණය - කොළඹ
අභියෝගය

ගොඩනැඟිලි කිහිපයකින් සුසැදි කාර්යාල සංකීර්ණයක් ලෙසින් සැලසුම් කළ එක්සත් ජනපද නව තානාපති කාර්යාලයේ ඉදිකිරීමේ ක්‍රියාවලිය සහ යොදාගන්නා අමුද්‍රව්‍ය පවා එරට ඉංජිනේරු ප්‍රමිතීන්, පරිසර හිතකාමී නියාමන මෙන්ම ඉදිකිරීම් ක්‍රමවේදවලට අනුගතව සිදුකළ යුතු විය. එමෙන්ම, මෙම ඉදිකිරීම එරට හරිත ගොඩනැඟිලි කවුන්සිලය යටතේ ලියාපදිංචිය ලැබූවක් වූ අතර, එම කවුන්සිලය මඟින් පිරිනමන Leadership in Energy and Environmental Design (LEED®) හරිත ගොඩනැඟිලි ඇගයුම් ක්‍රමවේදය යටතේ අධීක්ෂණයට ලක්කරන ලදුව LEED® රිදී තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට නිර්දේශ ලබාඇත. කොළඹ නගරය කේන්ද්‍රව වෙරළාසන්නයේ ඉදිකරන බැවින් විඛාදනයන්ට හොඳින් ඔරොත්තු දීම සහ කල්පැවැත්ම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු විය.

විශේෂත්වයන්

මෙම සුවිශේෂී කොන්ක්‍රීට් සංයෝගය මුල්වරට නිපදවනු ලැබුවේ එක්සත් ජනපද තාන්පති කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් අවශ්‍යතාව වෙනුවෙනි. විශේෂඥ නිර්දේශයන්ට අනුකූලව සකස් කරන ලද මෙය විඛාදනයන්ට ප්‍රතිරෝධීව ක්‍රියා කරන රසායනික සංඝටක එක් කිරීම නිසා කල්පැවැත්ම අතින් ඉතා ඉහළ මට්ටමේ කොන්ක්‍රීට් මාදිලියකි.

ජල නිවාරක කොන්ක්‍රීට්

ජල ප්‍රතිරෝධී රසායන ද්‍රව්‍ය සහ සිමෙන්ති අමුද්‍රව්‍ය සංයෝග කොට නිපදවනු ලබන කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන මෙහි, ජල:සිමෙන්ති අනුපාතය ඉතා පහළ අගයක් ගන්නා නිසා, ජලය උරාගැනීම ඉතා අවම වන අතර ඝණත්වයෙන් ඉහළ වේ. මෙය භූගත ව්‍යුහ සහ ජල ටැංකි සඳහා විශේෂයෙන් සුදුසු කොන්ක්‍රීට් මාදිලියකි.

ව්‍යාපෘතිය Eli House Water Tank – Modara
අභියෝගය

ජලය කාවැදීම අවම මට්ටමක පැවතිම ඕනෑම කොන්ක්‍රීට් ව්‍යුහයක කල්පැවත්ම සඳහා වන මූලික අවශ්‍යතාවකි. ජල ටැංකි, නාන තටාක සහ භූගත ඉදිකිරීම්වලදී මෙය විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණකි.

විශේෂත්වයන්

ජල ප්‍රතිරෝධී අමුද්‍රව්‍ය සහ සිමෙන්ති අමුද්‍රව්‍ය සංයෝග කොට නිපදවනු ලබන කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන මෙහි ජල:සිමෙන්ති අනුපාතය ඉතා අඩු නිසා ඝණත්වයෙන් වැඩි වන අතර ජලය උරාගැනීම ද ඉතා අවම වේ. මෙය භූගත ව්‍යුහ සහ ජල ටැංකි සඳහා විශේෂයෙන් සුදුසු කොන්ක්‍රීට් මාදිලියකි.

ජලාශ්‍රිත කොන්ක්‍රීට්

ජල‍ය නිසා සිදුවන ඛාදනය අවම වන සේ සුවිශේෂී රසායනික සං‍යුතියක් අනුව නිපදවනු ලබන මෙම කොන්ක්‍රීට් මාදිලිය, වානේ ආකෘතියක් තුළට පිරවීම සඳහා උකු තරලයක ආකාරයෙන් සකස් කරනු ලබයි.

ව්‍යාපෘතිය දික්ඕවිට ධීවර වරාය
අභියෝගය

ජලය යට කරනු ලබන ඉදිකිරීම්වලදී මුහුණපාන ප්‍රධානතම අභියෝගය වන්නේ කොන්ක්‍රීට් දැමීමේදී එහි සිමෙන්ති සහ වැලි ජලයෙන් සේදීයාම වළක්වා ගැනීමයි. මේ සඳහා, ජලයේ විවිධ ලවණතා මට්ටම්වලට ඔරොත්තු දෙන ඉහළ බන්ධන ශක්තියක් ඇති රසායනික සංයුතියකින් යුතු කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කළ යුතු වේ.

විශේෂත්වයන්

ජල ඛාදනය අවම වන සේ සුවිශේෂී රසායනික සංයෝගයක් අනුව නිපදවනු ලැබූ මෙම කොන්ක්‍රීට් මාදිලිය, වානේ ආවරණයක් තුළට පිරවීම සඳහා උකු තරලයක ආකාරයෙන් සකස් කරනු ලබයි.

වර්ණ ගැන්වූ කොන්ක්‍රීට්

අවපැහැ වීමෙන් තොර, වර්ණ ගැන්වූ කොන්ක්‍රීට් මාදිලියක් වන මෙය, නිසි පදමට සිමෙන්ති අමුද්‍රව්‍ය, රසායනික ඇඩ්මික්ෂර් සහ වර්ණක (colour pigments) එක් කොට නිපදවනු ලබයි. පසුව, දියමන්ති කැපුම් තල මඟින් ඔප දැමීමෙන් උසස් නිමාවකින් යුතු මතුපිටක් ලබා ගත හැකිය. මේ සඳහා අමතර නඩත්තු කිරීමක් අවශ්‍ය නොවන අතර වැක්ස් කිරීම හෝ ජල ප්‍රතිරෝධක ආලේප කිරීම ද අවශ්‍ය නොවේ.

ව්‍යාපෘතිය නිට්ටඹුව HNB බැංකු ගොඩනැගිල්ල
අභියෝගය

ඉහළම නිමාවකින් හා දැකුම්කළු පෙනුමකින් යුතු ගොඩනැඟිලි නිර්මාණකරණයේ නවතම මෝස්තරය වනුයේ වර්ණ ගැන්වූ කොන්ක්‍රීට් යොදාගනිමින් ගෘහ අලංකරණය කිරීම ව්‍යාපෘතියේ අවශ්‍යතාව විය. වර්ණ ගැන්වූ කොන්ක්‍රීට් යොදා ගනිමින් නිම කළ බිත්ති මෙන්ම ස්ලැබ්, නඩත්තුවලින් තොරව පවත්වා ගෙන යා හැකි වීම ද මෙය කාර්‍යක්ශම මෙන්ම ලාභදායී තෝරාගැනීමක් බවට පත් කර ඇත.

විශේෂත්වයන්

කොන්ක්‍රීට් මිශ්‍රණයට වර්ණක සමඟ නිසි පදමට සිමෙන්ති අමුද්‍රව්‍ය සහ රසායනික ඇඩ්මික්ෂර් සංයෝග කිරීමෙන් මෙම සුවිශේෂී කොන්ක්‍රීට් මාදිලිය නිපදවනු ලබයි. අවපැහැ ගැන්වීම්වලින් තොර මෙය, ටෝකියෝ සුපර්මික්ස් විසින් උසස්ම තත්ත්වයේ පිරිසිදු සුමුදු සමාහාරක (නිෂ්පාදිත සියුම් වැලි) පමණක් යොදා නිපදවන කොන්ක්‍රීට් විශේෂයක් වන බැවින්, නිසි උපකරණ යොදාගෙන ඔප දැමීමෙන් උසස් නිමාවකින් යුතු මතුපිටක් ලබා ගත හැකි අතරම, අමතර නඩත්තු කිරීමක් ද අවශ්‍ය නොවේ. තවද, වැක්ස් කිරීම හෝ විශේෂ ජල ප්‍රතිරෝධක ආලේප භාවිතය ද අවශ්‍ය නොවන අතර ජලය යොදා මොප් කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

සුමට නිමාවෙන් යුතු කොන්ක්‍රීට්

නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය සංයුතියක් යොදාගනිමින් ඉහළ ද්‍රවශීලතාවක් සහිතව නිපදවනු ලබන මෙම කොන්ක්‍රීට් මාදිලිය කල්පැවැත්ම අතින් ඉහළය. ඉතා සුමට නිමාවක් ලබා ගත හැකි අතරම, නඩත්තුවක් ද අවශ්‍ය නොවේ.

ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු - කුරුඳුගහ හැතැක්ම
අභියෝගය

නිරාවරණිත කොන්ක්‍රීට් ඉදිකිරීමක් වූ මෙම ව්‍යාපෘතිය සඳහා කල්පැවැත්මෙන් වැඩි නඩත්තුවක් ද අවශ්‍ය නොවන සුවිශේෂී කොන්ක්‍රීට් මාදිලියක් අවශ්‍ය වූ අතර, විශේෂ හැඩැති සැටලිම ඉවත් කළ පසු දාර නොපෙන ආකාරයේ සුමට නිමාවකින් යුතු වීම ද අපේක්ෂිත ලක්ෂණයක් විය.

විශේෂත්වයන්

කල්පැවැත්මෙන් ඉහළ සහ නඩත්තුවලින් තොර සුමට මතුපිටක් සඳහා මෙම සුවිශේෂී කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කොට ඇත. ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු මෙහි, නිවැරදි අනුපාතයකට අනුව සියුම් සමාහාරක කොටස් මිශ්‍ර කොට ඇති නිසා මනා නිමාවක් ද කල්පවතින පෙනුමක් ද ලබා ගත හැකිය. ද්‍රාව්‍යමය කොන්ක්‍රිට් ඝනීභවනය වීමේ ක්‍රියාවලිය හෙවත් Rheology සංලක්ෂණයන්ට අනුව අවපාතය (ස්ලම්ප් අගය) වැඩි කොන්ක්‍රීට් නිපැයුමක් වන නිසා කැටි ගැසීම සහ වැගිරීමක් ද සිදු නොවන ලෙස පවත්වා ගැනිණි.

විසිතුරු ගෘහනිර්මාණාත්මක කොන්ක්‍රීට්

අමතර නිමාවක් අවශ්‍ය නොවන, මතුපිට ආලේපයක් ලෙස භාවිතා කළහැකි විසිතුරු කොන්ක්‍රීට් මාදිලියක් වන මෙහි, සමස්ත පෙනුම සහ වර්ණය, සුමටව සහ ඒකාකාරීව පවත්වා ගැනීමට හැකි වීම ප්‍රධාන විශේෂත්වයන් වේ. ලේටෙක්ස් සැටලින් භාවිතයෙන් කොන්ක්‍රීට් මතුපිට ‘දැවමය වයිරම්’ නිමාවක් ද ලබා ගත හැකිය. ඉතා සියුම් නිෂ්පාදිත වැලි සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති මිශ්‍ර කොට නිපදවන මෙම කොන්ක්‍රීට් මාදිලිය සඳහා PCE රසායනික ඇඩ්මික්සර් භාවිතා කරනු ලබයි.

ව්‍යාපෘතිය එක්සත් ජනපද නව තානාපති කාර්යාල සංකීර්ණය - කොළඹ
අභියෝගය

අමතර නිමාවකින් තොරව සුමට කොන්ක්‍රීට් නිමාවක් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ විය. සමස්ත පෙනුම ඉතා සුමටව සහ ඒකාකාරී වර්ණයකින් පවත්වා ගැනීම සහ ලේටෙක්ස් සැටලින් භාවිතයෙන් කොන්ක්‍රීට් මතුපිට ‘දැවමය වයිරම්’ නිමාවක් ලබා ගැනීමද අවශ්‍යතාවන් ලෙස හඳුනාගෙන තිබිණ. තවද, සමස්ත ඉදිකිරීමේ ඒකාකාරී උසස් නිමාව පවත්වා ගැනීම සඳහා සැටලින්වලට යොදාගන්නා ලේටෙක්ස් අච්චු පිරිසිදුව, හැඩය නොවෙනස්ව භාවිතා කිරීමේ හැකියාව ද කොන්ත්‍රාත්කරුගේ විශේෂ අවශ්‍යතාවක් ලෙස සඳහන් කරන ලදී. වර්ණය සහ මතුපිට ස්වභාවය ඒකාකාරීව පවත්වා ගනිමින් උසස් ගෘහනිර්මාණාත්මක නිමාවක් ලබාදෙන කොන්ක්‍රීට් මාදිලියක් සැපයීම අප මෙම ව්‍යාපෘතියේදී මුහුණ දුන් ප්‍රධාන අභියෝගය විය.

විශේෂත්වයන්

ඉතා සියුම් නිෂ්පාදිත වැලි සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති මිශ්‍ර කොට නිපදවන මෙම කොන්ක්‍රීට් මාදිලිය සඳහා PCE රසායනික ඇඩ්මික්ෂර් භාවිතා කරනු ලබයි. සම්පූර්ණ ව්‍යාපෘතිය පුරා යොදාගන්නා අමුද්‍රව්‍යවල ස්ථායීත්වය ඒකාකාරීව පවත්වා ගැනීම සඳහා ප්‍රමිතිය සහතික කරන ලද Tokyo Supersand නිෂ්පාදිත වැලි පමණක් යොදා ගැනිණි. සියුම් හැඩතල මතුකරගැනීම උදෙසා නැවුම් කොන්ක්‍රීට් මිශ්‍රණයේ නිදේශිත සාන්ද්‍රණය අඛණ්ඩව පවත්වා ගැනීමට, කොන්ක්‍රීට් ආලේප කිරීමේ ක්‍රියාවලිය රාත්‍රී කාලයේ සිදුකරන ලදී.

ද්‍රවශීලක / පොම්ප කළ හැකි ස්ක්‍රීඩ් මෝටාර්

සියුම් වැලි අංශු වැඩි වශයෙන් පවතින නොසේදූ නිෂ්පාදිත වැලි සමඟ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති යොදාගනිමින් නිපදවන මෙම කොන්ක්‍රීට් මාදිලිය සඳහා PCE ඇඩ්මික්ෂර් යොදාගනු ලබයි. මෙම සංයෝගයේ පොම්ප කළ හැකි ආකාරයේ ද්‍රාව්‍යශීලී ගුණය ඉතා ඉහළ මට්ටමක පවතී. පහසුවෙන් ගලායන ස්වභාවය නිසා, මහල් නිවාසවල ගෙබිම් වැනි විශාල පෘෂ්ටයන්, දිගින් වැඩි මට්ටම් උපකරණ භාවිතයෙන් කෙටි කාලයක් ඇතුළත සමතලා කරගැනීමේ හැකියාව ඇත.

ව්‍යාපෘතිය සිනමන් ලයිෆ් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය - කොළඹ / ටෝකියෝ සිමෙන්ති තාක්‍ෂණ විශිෂ්ටතා කේන්ද්‍ර ගොඩනැඟිල්ල - ත්‍රිකුණාමළය
අභියෝගය

ගංඟා වැලිවල හිඟකම සහ අධික මිල නිසා ගෙබිම් සඳහා ‘සාම්ප්‍රදායික සිමෙන්ති/කොන්ක්‍රීට් ආලේපිත පොළොව’ වෙනුවට කාර්යක්ෂම විකල්පයක අවශ්‍යතාව, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහා පරිමාණ නිවාස සංකීර්ණ ආශ්‍රිතව මතු විය. දක්ෂ පුහුණු පෙදරේරුවන්ගේ හිඟය ද වර්තමානයේ දැඩිව මතු වී ඇති ගැටලුවක් නිසා, උසස් නිමාවක් අවම ශ්‍රම භාවිතයෙන් කරගැනීම ද අභියෝගයකි.

විශේෂත්වයන්

සියුම් වැලි අංශු වැඩි වශයෙන් පවතින නොසේදූ නිෂ්පාදිත වැලි සමඟ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති යොදාගනිමින් නිපදවන මෙම කොන්ක්‍රීට් මාදිලිය සඳහා PCE ඇඩ්මික්ෂර් යොදාගනු ලබයි. මෙම සංයෝගයේ පොම්ප කළ හැකි ආකාරයේ ද්‍රාව්‍යශීලී ගුණය ඉතා ඉහළ මට්ටමක පවතී. පහසුවෙන් ගලායන ස්වභාවය නිසා, මහල් නිවාසවල ගෙබිම් වැනි විශාල පෘෂ්ටයන්, දිගින් වැඩි මට්ටම් උපකරණ භාවිතයෙන් කෙටි කාලයක් ඇතුළත සමතලා කරගැනීමේ හැකියාව ඇත.

විස්තාරණශීලී හෙවත් හැකිලීම් පූරණය වන කොන්ක්‍රීට්

කොන්ක්‍රීට් ඝනීභවනය වීමේදී ඇතිවන හැකිලීමට එරෙහිව ඇතුළතින් විස්තාරණය වීමට ක්‍රියාකරන රසායනික අමුද්‍රව්‍ය යොදා නිපදවනු ලබන ඉහළ ක්‍රියාකාරී කොන්ක්‍රීට් මාදිලියකි. මෙමඟින් හැකිලීමේදී කොන්ක්‍රීට් මත ඇතිවන සියුම් ඉරිතැලීම්, පැලීම් ආදිය වළක්වා ගත හැකි අතරම ජල කාන්දුව ද අවම වීම නිසා සියවසකට වැඩි ආයු කාලයකට වගකීම සහතික කළ හැකි නිෂ්පාදනයකි.

ව්‍යාපෘතිය අධිවේගී මාර්ග කොටස් - නව කැලණි පාලමේ සිට ඉඟුරුකඩේ සහ ඔරුගොඩවත්ත හන්දිය දක්වා කොටස්
අභියෝගය

අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඉඟුරුකඩේ හන්දිය සහ ඔරුගොඩවත්ත හන්දිය දක්වා කොටස් ඉදි කෙරුණේ වානේ ව්‍යුහයන් මතය. දෙපස පිහිටි ආධාරක කුළුණු දෙකක් මත පිහිටි තට්ටුවක් ලෙස ඉදිවන මෙම අධිවේගී මාර්ගයේ, ඇස්පෝල්ට් කාපට් ස්ථරය නිම කිරීමට පෙර වානේ තහඩුවේ පතුළ කොටස කොන්ක්‍රීට්වලින් ආවරණය කිරීමට අවශ්‍ය වූයේ ජල කාන්දුවලින් ආරක්ෂා කරනු පිණිසය. මෙම අධිවේගී මාර්ගයේ ආයුකාලය වසර සියයක් ලෙස ගණනය කර තිබිණි. වානේ තහඩු පතුළ විඛාදනයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂිත තීන්ත ස්ථර කිහිපයක් ආලේප කර තිබුන ද, කොන්ක්‍රීට් තට්ටුවේ ඇතිවිය හැකි සියුම් සිදුරු හෝ ඉරිතැලීම් හරහා ‘ජලය’ හෝ ‘වාතය’ ඇතුළු වීම මුළුමනින්ම වළක්වාලීම ව්‍යාපෘතියේ මූලික අවශ්‍යතා අතර විය.

විශේෂත්වයන්

කොන්ක්‍රීට් ස්ථරයේ ඇතිවන හැකිලීම් පූරණය කර, ඇතුළතින් විස්තාරණය වීමට ක්‍රියාකරන රසායනික අමුද්‍රව්‍ය යොදා නිපදවනු ලබන ඉහළ ක්‍රියාකාරී කොන්ක්‍රීට් මාදිලියකි. මෙමඟින් කොන්ක්‍රීට් මත ඇතිවන සියුම් ඉරිතැලීම්, පැලීම් ආදිය වළක්වන අතරම, ජල රෝධක ගුණාංග නිසා කොන්ක්‍රීට් ව්‍යුහයේ ආයු කාලය සහතික කළ හැකි නිපැයුමකි.

ෂොට්ක්‍රීට් කොන්ක්‍රීට්

මෙය, පිරිවැය අවම වන පරිදි 0-5 mm පරිමාණයේ සියුම් සමාහාරක (නිෂ්පාදිත සියුම් වැලි) සහ 5-14 mm චිප්ස් යොදා ගනිමින් ඉතා තුනී කොන්ක්‍රීට් ස්තරයක් වන ලෙස නිෂ්පාදනය කරනු ලබන කොන්ක්‍රීට් ක්‍රමයකි. රසායනික තීව්‍රකයක් එකතු කරන ලද කොන්ක්‍රීට් මිශ්‍රණය, විශේෂ පොම්පයක් ආධාරයෙන් සවිමත් කිරීමට අවශ්‍ය මුහුණත මතුපිටට ඉසීම සිදුකරයි. ක්ෂණිකව සවිවීම සඳහා රසායනික තීව්‍රකය, කොන්ක්‍රීට් මිශ්‍රණය සමඟ මුසු වනසේ එකවිට ම ඉසිම මෙහි විශේෂත්වයයි.

ව්‍යාපෘතිය ඇල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණය / එක්සත් ජනපද නව තානාපති කාර්යාලය
අභියෝගය

කණින ලද ඉදිකිරීම් භූමියේ පාංශු ස්ථාවරත්වය පවත්වා ගැනීම, එක්සත් ජනපද තානාපති කාර්යාල ව්‍යාපෘතියේ අවශ්‍යතාව වූ අතර, ඇල්ටෙයාර් ව්‍යාපෘතියේදී පරිධිය ආසන්නයේ කුලුණුවල අඩුපාඩු සැකසීම සඳහා සුදුසු විසඳුමක් අවශ්‍ය විය. ඉහත අවස්ථා දෙකේම පොදු අවශ්‍යතාව වූයේ අඩු වියදම් තුනී කොන්ක්‍රීට් ස්ථරයකි.

විශේෂත්වයන්

අඩු වියදම් කොන්ක්‍රීට් ක්‍රමයක් වන මෙය, 0-5 mm පරිමාණයේ සියුම් සමාහාරක (නිෂ්පාදිත සියුම් වැලි) සහ 5-14 mm චිප්ස් යොදා ගනිමින් ඉතා තුනී කොන්ක්‍රීට් ස්තරයක් වන ලෙස නිෂ්පාදනය කරනු ලබයි. විශේෂ පොම්පයක් ආධාරයෙන් මතුපිටට රසායනික තීව්‍රකයක් සමඟ කොන්ක්‍රීට් ඉසීම මෙහිදී සිදුවේ. විශේෂ පොම්පයක් ආධාරයෙන්, සවිමත් කිරීමට අවශ්‍ය මුහුණත මතුපිටට ක්ෂණිකව සවිවීම සඳහා භාවිතා කරන රසායනික තීව්‍රකයක්, කොන්ක්‍රීට් මිශ්‍රණය සමඟ මුසු වනසේ එකවිට ම ඉසිනු ලබයි.