සුවිශේෂී සංයෝගයක් අනුව සකස් කළ ඇට්ලස් පෙදරේරු සිමෙන්ති ඉතා පහසුවෙන් වැඩ කළ හැකි සිමෙන්ති නිෂ්පාදනයකි. ඇට්ලස් පෙදරේරු සිමෙන්ති බදාම භාවිතයෙන් ඔබේ ඉදිකිරීම් කටයුතුවලට මනා නිමාවක් ලබාගත හැකි අතරම කාලයත්, වියදමත් අවම කරගැනීමට ද උපකාරී වේ. ඇට්ලස් පෙදරේරු සිමෙන්තිවල ඇති සුපිරි ගුණාත්මක බව නිසා ඉදිකිරීම් කටයුතුවලදී ඉහළම බන්ධන ශක්තියක් ද සහතික කළ හැකි අතරම ගඩොල් බැඳීම සහ කපරාරු වැඩ සඳහා වැඩි සවිශක්තියක් හා කල්පැවැත්මක් ද ලබාගත හැකිය.
ඇට්ලස් පෙදරේරු සිමෙන්ති ටෝකියෝ සිමෙන්ති සමූහයේ සාඩම්බර නිෂ්පාදනයක් වන අතර
SLS 515 : 2018 ප්රමිති සහතිකය ද මේ සඳහා හිමිවී ඇත. DPC සදහා, පොයින්ට් තැබීම, කපරාරු වැඩ සහ ගඩොල් බැඳීම, ගල් බැඳීම, සිමෙන්ති බ්ලොක් ගල් බැඳීම සහ විශේෂ සිමෙන්ති ගල් (උදා:- AAC, CLC) බැඳීම වැනි ඕනෑම ආකාරයේ ගල් බැඳීම සඳහා භාවිතා කළ හැකි සිමෙන්තියකි.


අනුමත භාවිතාවන්




