නවතම පුවත්

News Image
උතුරු පළාතේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් සවිබල ගැන්වීමට විශේෂ පුහුණු සැසිවාර

සියළු වාදබේද ඉවතලා එකම කණ්ඩායමක් එකම කොඩියක් යටතේ සියළු ශ්‍රී ලාංකිකයින් එකමුතු කිරීමට හැකි යමක් වේනම් ඒ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව බව නොරහසක්. ජය පරාජය නොතකා ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත වරක් විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකට අපි දැන් එළඹ සිටින්නෙමු. ක්‍රිකට් ලෝක සිතියමේ අපගේ ජයග්‍රාහී ස්ථානය නැවත ලබා ගැනීමට නම් සහජ හැකියාවෙන් පිරි නවකයන්ට

සියළු වාදබේද ඉවතලා එකම කණ්ඩායමක් එකම කොඩියක් යටතේ සියළු ශ්‍රී ලාංකිකයින් එකමුතු කිරීමට හැකි යමක් වේනම් ඒ අපගේ ක්‍රිකට් ක්‍රීඩාව බව නොරහසක්. ජය පරාජය නොතකා ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත වරක් විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකට අපි දැන් එළඹ සිටින්නෙමු. ක්‍රිකට් ලෝක සිතියමේ අපගේ ජයග්‍රාහී ස්ථානය නැවත ලබා ගැනීමට නම් සහජ හැකියාවෙන් පිරි නවකයන්ට සිය දක්‍ෂතා මුවහත් කර ගැනීමට අවස්ථාවන් නිරතුරුව ලබාදිය යුතු බව නොරහසක්. එම දක්ෂතාවයන් එලිපෙහෙළි කරගැනීමට නම් නගරබද පමණක් නොව පළාත්බද පාසැල්වල දරුවන්ටත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ මංපෙත් විවර කරදීම අනිවාර්‍යයෙන් සිදුවිය යුතුයි. මෙම අවශ්‍යතාවය දූරදර්ශීව හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගම 2014 වසරේ පටන් ග්‍රාමීය පාසැල් ක්‍රීඩකයන්ට දිවයිනේ සිටින දක්ෂතම පුහුණුකරුවන් යටතේ තම ක්‍රිකට් කෞශල්‍යය ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාකරදීමට පෙරමුණගෙන සිටියි. එම අරමුණ ඇතිව ගුණ ජය සතුට පදනම සමග එක්ව වයස 13ත් 19ත් අතර යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කිරීමට සමාගම සිය පූර්ණ දායකත්වය ලබා දේ. දකුණේ, සීනිගම සහ හික්කඩුව පිහිටි ගුණ ජය සතුට පදනමේ කේන්ද්‍රස්ථානය මූලික කරගනිමින් පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රීඩාගාර සහ යටිතල පහසුකම් ඉදිකරමින් ඇරඹි ටෝකියෝ සිමෙන්ති ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය තුලින් මේ වනවිට ලෝක සිතියමේ ශ්‍රී ලංකා නම රනින් ලියවිය හැකි පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කට අධික සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇත. ප්‍රවීන ක්‍රිකට් උපදේශක හේමන්ත දේවප්‍රිය මහතා ඇතුළු විශේෂඥ පුහුණුකරුවන් මඩුල්ලකගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් 2017 වසරේ උතුරු පළාතේ දරුවන් වෙනුවෙන් ද මෙම ක්‍රිකට් පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම පියවර ගත්හ. ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශවල යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සිය අනාගත ක්‍රිකට් සිහින සැබෑකරගැනීමේ අරමුණින් දරු දැරියන් 50කට ආසන්න පිරිසක් ටෝකියෝ සිමෙන්ති උතුරු පළාත් ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට මේ වනවිට සම්බන්ධව සිටියි. උතුරේ දරුවන්ගේ සහජ හැකියාවන් පිළිබඳව අදහස්‌ දැක්වූ අනුර ද සිල්වා මහතා, “ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව වඩාත්ම බැබලීමට හේතුවක් වුනේ අගනුවරට දුරබැහැර ප්‍රදේශ වලින් පැමිණි ක්‍රීඩකයින් විසින් ඔවුන්ගේ සුවිශේෂී ක්‍රීඩා ශෛලීන් ඊට මුසුකිරීමයි. එවැනිම හෝ ඊටත් වඩා දක්ෂ ක්‍රීඩකයින් අතිවිශාල ප්‍රමාණයක් අපේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් සැඟවී සිටිනවා. අප මේ සිදුකරන්නේ හෙට දිනයේ අපගේ ක්‍රිකට් උරුමය බැබලවිය හැකි මෙවැනි සැඟවුනු මැණික් සොයා ඔප්නැංවීමයි. උතුරු පළාත් ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට මේ වන විට එක්ව සිටින දරුවන් විසින් ප්‍රදර්ශනය කරන දක්ෂතා, නුදුරු අනාගතයේ තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වසන්තයක් පිළිබඳ අපගේ බලාපොරොත්තු අප හිතනවාටත් වඩා ඉහළින් දැල්වීමට සමත්ව තිබෙනවා.” යැයි පැවසීය. භාෂාව, සංස්කෘතිය ආදී සියළු බැමි අභිබවා සියළු ශ්‍රී ලාංකිකයන් දැඩි සහෝදර බැම්මකින් එකමුතු කිරීමට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති හැකියාව හොඳින් හඳුනාගෙන සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පිණිස දශක ගණනාවක් පුරා අනභිභවනීය සහයෝගයක් ලබාදෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ එම ජීව ගුණය ශක්තිමත් අඩිතාලමක් කරගනිමින් අප රට ගොඩනැංවීමේ හෘදයාංගම කාර්යයට සිය ශක්තිය සැපයීම දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි.

News Image
හෝර්ටන් තැන්නේ සැබෑ අසිරිය සොයන සංචාරකයන්ට ටෝකියෝ සිමෙන්ති සමූහය අනුග්‍රහයෙන් නව ප්‍රවේශයක්

වලාකුළෙන් වැසීගත් කඳුකර සදාහරිත වනාන්තර සහ ක්ෂිතිජය තෙක් පැතිරුනු තෙත් තෘණ බිම් වලින් සැදුම්ලත්, ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකට තෝතැන්නක් වන, මහ එළිය නොහොත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සැබවින්ම ස්වභාව සෞන්දර්‍යයෙන් අපට ලබාදුන් අමිල සම්පතකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම වනෝද්‍යානය තුල දැකිය හැකි අසමසම ජෛව විවිධත්වය, එය සොබාදහමේ අපූර්වතම

වලාකුළෙන් වැසීගත් කඳුකර සදාහරිත වනාන්තර සහ ක්ෂිතිජය තෙක් පැතිරුනු තෙත් තෘණ බිම් වලින් සැදුම්ලත්, ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකට තෝතැන්නක් වන, මහ එළිය නොහොත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සැබවින්ම ස්වභාව සෞන්දර්‍යයෙන් අපට ලබාදුන් අමිල සම්පතකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම වනෝද්‍යානය තුල දැකිය හැකි අසමසම ජෛව විවිධත්වය, එය සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් බව නැවත තහවුරු කරයි.

ගංගාධර, තෙත් පතන තෘණ භූමි හා වගුරු සහිත තැනිතලාවන් සහ සදාහරිත කඳුකර වනාන්තර හරහා සංචාරකයින්ට ඇවිද යාමට අවසර ලැබෙන ශ්‍රී ලංකාවේ එකම ස්වභාවික රක්ෂිතය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයි. සාමාන්‍යයෙන් සංචාරකයන් බොහෝදෙනෙක් අඹේවෙල හරහා පට්ටිපොල හෝ ඔහිය සිට වාහනවලින් හෝර්ටන්තැන්න දක්වා යාමට වැඩි කැමැත්තක් දක්වන අතර, හෝර්ටන්තැන්නට පිවිසීමට ඇති තුන්වන මාර්ගය වන කිලෝමීටර් 5ක් වන ඩයගම නැගෙනහිර පදික මංතීරුව බොහෝවිට භාවිතයට ගැනුනේ සීමිත පරිසරලෝලී පිරිසක් විසින් පමණි. හෝර්ටන්තැන්න හරහා වැටී ඇති ලෝ ප්‍රකට Pekoe Trail සංචාරක ගමන්මගෙහි ආකර්ශණීයම කොටස ලෙස අවිවායෙන් පිළිගන්නා මෙම ඩයගම කඳුකර මාර්ගය, සංක්‍රමණික මෙන්ම ආවේණික නේවාසික පක්ෂි විශේෂ රැසක් සමීපව දැකගැනීම අනිවාර්‍යයෙන් සහතික කරන, කුරුලු ලෝලීන් අතර ප්‍රියතම ගමනාන්තයක් ද වේ.

කඳු තරණයට ලැදියාව ඇති සංචාරකයින් අතර විශේෂයෙන් ප්‍රචලිත වීම නිසා ඉතා අඩුවෙන් අධීක්‍ෂණයට ලක්වෙන බැවින් හෝර්ටන් තැන්න කලාපයේ පාරිසරික සංතුලිතතාවය අවදානමට ලක්කළ හැකි පිවිසුම් මාර්ගයක් බවට මෙම ඩයගම නැඟෙනහිර පිවිසුම් මංතීරය පත්ව තිබිනි. දෙපාර්තමේන්තුව සතු සීමිත සම්පත් හේතුවෙන්, මෙම මාර්ගය භාවිතාකරන්නන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට විසඳුමක් යෙදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වසර ගණනාවක් පුරා අවහිරතා පැවතින. මෙවන් පසුබිමක් යටතේ, ඩයගම නැගෙනහිර ඇවිදීමේ මංපෙත ආරම්භක පිවිසුමේ වනජීවී අඩෙවි කාර්යාලයක් පිහිටුවීම සඳහා, පාරිසරික සංරක්ෂණය උදෙසා දැඩිකැපවීමක්, විශේෂයෙන්ම හෝර්ටන් තැන්න පරිසර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරඇති ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කරන ලදී.

එම ආරාධනාවට අනුව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් හෝර්ටන් තැන්න ඩයගම පිවිසුම් මංතීරුවේ ස්ථාපනය කල නව ප්‍රවේශපත්‍ර කවුළුව සහ අඩෙවි කාර්යාලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීමේ උත්සවය නොබෝදා පැවතිනි. ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහත්වරුන් විසින්, ඩයගම ඇවිදින මංතීරුවේ අභිනවයෙන් ඉදිකරන ලද වනජීවී අඩෙවි කාර්යාල සංකීර්ණය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා වෙත ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි.

(වමේ සිට) ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, කාන්චන ජයරත්න මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඩයගම ඇවිදින මංතීරුව අධීක්ෂණය කරමින්.

එම අවස්තාවට එක්වූ, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා සිය අදහස් දක්වමින්, “අද වනවිට බොහෝ විද්‍යාඥයින් තහවුරුකොට තිබෙනවා මේ රුක්ෂලතා හා සොබාදහම ඇසුරු කරමින් ශාන්ත සුවයෙන් ගැවසෙන විට, එම ශාඛවලින් නිකුත් කෙරෙන විවිධ තරංග සහ විකිරණ මිනිසාගේ ශාරීරික හා මානසික සුවයට ඉතාම යහපත් රසායනික බලපෑමක් ඇති කරන බව. අද අප ගතකරන කලබලකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතයට පුනර්ජීවයක් ලබාගැනීමට මෙසේ ඝන වනාන්තර සෙවනේ නිසංසලව ගතකිරීමේ පුරුද්ද, බටහිර රටවල විශේෂයෙන්ම ජපන් ජාතිකයින් අතර විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඝන කඳුකර ප්‍රදේශය හරහා වැටී ඇති සුන්දරතම මාර්ගය වන මෙම ඇවිදින මංතීරුවේ සැරිසැරීමෙන් ලැබෙන අසමසම නිස්කලංකබව මා පෞද්ගලිකව අත්විඳ තිබෙනවා. ඒනිසාම, හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ යහපැවැත්ම උදෙසා මෙම පිවිසුම් මාර්ගය නිවැරදිව භාවිතයට ගැනීමේ වදගත්කම අප හඳුනාගෙන තිබුනා.” යැයි පැවසීය. තවද, හෝර්ටන් තැන්න ඩයගම පිවිසුම් මංතීරුව කඳු නගින්නන් සහ පාපැදිකරුවන් සඳහා පමණක් වෙන්කිරීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ස්තූතිය පුදකරමින්, ටෝකියෝ සිමෙන්ති සමූහය මේ සඳහා සිය සම්පත් දායකත්වය ලබාදුන්නේ හෝර්ටන් තැන්න රක්ෂිතය වැනි අද්විතීය ස්වභාවික සම්පත් අපේ අනාගත පරපුර වෙනුවෙන් විද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා බව ඒ මහතා පැවසීය.

ටෝකියෝ සිමෙන්ති සමූහ‍ය විසින් හෝර්ටන් තැන්නේ සැබෑ අසිරිය විඳීමට පැමිණෙන සංචාරකයින් සඳහාම වෙන්වූ ඩයගම පදික මංතීරුව පරිසරලෝලීන් වෙත පිරිනමයි.

ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, නීතීඥවරියක් ද වන ගරු අමාත්‍යතුමියගේ දූරදර්ශී වැඩපිලිවෙල අගයමින්, “මෙම ඩයගම නරඹන්නන්ගේ ප්‍රවේශය, හෝර්ටන් තැන්නේ තවත් එක් විනෝද ගමනකට නොව, එම දර්ශනීය කඳුකර වනාන්තර පද්ධතිය තුලට බැසගනිමින් එහි සුන්දරත්වය අත්‍යන්තයෙන් විඳගැනීමට මෙහි පැමිණෙන අයට විශේෂයෙන්ම කැප වූවක්. මෙය ටෝකියෝ සිමෙන්ති සමූහයේ පාරිසරික තිරසාරභාවය සඳහා වන කැපවීම හොඳින්ම පෙන්වන උදාහරණයක්. මේ හරහා සියලුම ආකාරයේ මෝටර් වාහන ඇතුළුවීම සහ අනවසරයෙන් වනෝද්‍යානයට පිවිසීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය ඉතාම ප්‍රශංසනීයයි. ඒ දූරදර්ශී තීරණය අද පමණක් නොව අපගේ අනාගත පරම්පරාවන් උදෙසා මෙම අද්විතීය ශාක හා සත්ව සංහතියේ ආරක්ෂාව සහතික කරනු ඇති.” බව පැවසීය.

නව වන සංරක්ෂණ අඩෙවි කාර්යාලයට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුම් මාර්ග සහ ඇවිදීමේ මංපෙත් ආශ්‍රිත වැදගත් ස්ථානවල අධ්‍යාපනික සංඥා පුවරු ද ස්ථාපිත කරදීඇත. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන විශේෂ පාරිසරික ලක්ශණ සහ එහි වෙසෙන ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව නරඹන්නන්ට තොරතුරු සැපයීම ඒවායින් සිදුකෙරේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ අනුග්‍රහයෙන් Parrotfish Collective ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම තොරතුරු පුවරු, උද්‍යානයේ අසමසම ජෛව විවිධත්වය විදහා දැක්වීමට අමතරව එම පාරිසරික පද්ධතිය මතු පරම්පරා වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සංචාරකයින් දැනුවත් කරයි. මෙම දූරදර්ශී ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතිය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අද්විතීය සෞන්දර්‍යය අත්විඳීමට පැමිණෙන සැබෑ පරිසරලෝලීන්ගේ අත්දැකීම පොහොසත් කරනු ඇති බව ටෝකියෝ සිමෙන්ති සමූහයේ අපේක්ෂාවයි. –

ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඩයගම අඩෙවි වනජීවී කාර්යාල සංකීර්ණය විවෘත කෙරිණි.

News Image
2023 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව විචිත්‍රවත්ව සැමරේ

ටෝකියෝ සිමෙන්ති සමූහයේ 2023 වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, අදියර දෙකකින් සමන්විත උත්කර්ෂවත් සම්මාන උළෙලක් ලෙස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංග්ස්බරි හෝටලයේ දී නොබෝදා පැවැත්විනි. දිවයින පුරා විහිදුනු අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨතමයන්ට ප්‍රණාමය පුද කෙරුනු මෙවර සමුළුවේ විශේෂත්වය වූයේ, මනස්කාන්ත පෝට් සිටි සංකීර්ණය ඇතුළු කොළඹ නගරයේ සුන්දරත්වය අත්විඳීමින්, හිරු බැසයන සන්ද්‍යාකාලයේ ගාළු මුවදො‍ර අවට මුහුදුතීරයේ

ටෝකියෝ සිමෙන්ති සමූහයේ 2023 වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, අදියර දෙකකින් සමන්විත උත්කර්ෂවත් සම්මාන උළෙලක් ලෙස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංග්ස්බරි හෝටලයේ දී නොබෝදා පැවැත්විනි. දිවයින පුරා විහිදුනු අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨතමයන්ට ප්‍රණාමය පුද කෙරුනු මෙවර සමුළුවේ විශේෂත්වය වූයේ, මනස්කාන්ත පෝට් සිටි සංකීර්ණය ඇතුළු කොළඹ නගරයේ සුන්දරත්වය අත්විඳීමින්, හිරු බැසයන සන්ද්‍යාකාලයේ ගාළු මුවදො‍ර අවට මුහුදුතීරයේ කැටමරන් රුවල් නැවක යාත්‍රාකිරීමට එම ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමිවීමයි. ජනප්‍රිය තරු සහභාගීත්වයෙන් පැවති විශේෂාංග පෙළකින් සපිරි වාර්ෂික සම්මාන රාත්‍රියේදී, 2022 වසර පුරා සමාගමට ලබාදුන් සහයෝගය අගයමින් හොඳම ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයින්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කෙරුනු අතර, ව්‍යාපාර ආයතන 162ක් එහිදී සම්මානයට පාත්‍ර වූහ.

සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් – යාපනය

දිවයින පුරා විසිරී සිටින සියගණනක් වන ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයන් සහ බෙදාහරින්නන් අතරින් 2023 වාර්ෂික අලෙවි නියෝජිත හමුවේ ප්‍රමුඛතම ජයග්‍රාහකයන් ලෙස සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් – යාපනය, අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් – මඩකලපුව, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය සහ එමරල්ඩ් හාඩ්වෙයාර් – උඩුප්පිඩ්ඩි යන ආයතන කිරුළු පැළඳූහ. උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ – එස්.ආර්. ඥානම්, සමූහ ප්‍රධාන විධායක නිලධාරී – එම්. දයානන්දන්, උපදේශක අධ්‍යක්‍ෂ – ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී – දශාන්ත උඩවත්ත, සහ අලෙවි අධ්‍යක්ෂ – බිලී වල්පොල යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් – මඩකලපුව

නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල

2022 වසර පුරා පැවති ඉතාමත් අවිනිශ්චිත වෙළඳපල තත්ත්වයන් මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් ව්‍යාපාරික සබඳතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා, ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් විසින් දැක්වූ කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිනි. මෙම කාලය තුළ මුහුණ පෑ, පෙර නොවූ විරූ වෙළඳ ජාලයේ බිඳවැටීම් නොතකමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමාගම කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් සියළුම ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන්ට කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා සිය ගෞරවනීය ස්තුතිය පිරිනැමීය. රට මුහුණපා සිටින දරුණු ආර්ථික තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සිය විකුණුම් ජාලයට අවශ්‍ය සියළු පහසුකම් සලසාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම නිරතුරුව කැපවී සිටින බව ඥානම් මහතා නැවත අවධාරණය කළේය.

ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය

එමරල්ඩ් හාඩ්වෙයාර් – උඩුප්පිඩ්ඩි

වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමූහය තම වෙළඳ නියෝජිත ප්‍රජාව දිරිගැන්වීම උදෙසා සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහනකි. දශක හතරකට වැඩි කාලයක් තම සමාගම කෙරෙහි අලෙවි නියෝජිතයන් විසින් තබා තිබෙන විශ්වාසය වඩාත් තහවුරු කර, ඔවුන්ගේ ඉදිරිගමන ශක්තිමත් කිරීමෙන් මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයම වඩාත් ඉහළ තලයකට නැංවීම ටෝකියෝ සිමෙන්ති සමාගමෙහි මූලික පරමාර්ථයයි. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වලින් පටන් ගන්නා සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.

දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.

ඡායාරූප: පළමු පෙළ ජයග්‍රාහකයින්, ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා අතින් සිය සම්මාන ලබාගනිමින්

News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන පුළුල් කරයි

ටෝකියෝ සිමෙන්ති සමූහය, තම “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහනේ ඉදිරි පියවරක් තබමින් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් 179ක් ඊට දායක කරගත් බව දන්වා සිටියි. ඒ අනුව, කොටියාගල, මො/සි/වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලය, සියඹලාණ්ඩුව, මො/සි/බඹරගස්රොද කනිෂ්ඨ විද්‍යාලය, කඳන්කැටිය, මො/සි/බරවාය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දඋඩපංගුව, මො/සි/දනකිරිය කනිෂ්ඨ විද්‍යාලය යන ප්‍රාථමික පාසැල් සතරේ සිසුන්හට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත

ටෝකියෝ සිමෙන්ති සමූහය, තම “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහනේ ඉදිරි පියවරක් තබමින් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් හතරක සිසුන් 179ක් ඊට දායක කරගත් බව දන්වා සිටියි. ඒ අනුව, කොටියාගල, මො/සි/වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලය, සියඹලාණ්ඩුව, මො/සි/බඹරගස්රොද කනිෂ්ඨ විද්‍යාලය, කඳන්කැටිය, මො/සි/බරවාය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දඋඩපංගුව, මො/සි/දනකිරිය කනිෂ්ඨ විද්‍යාලය යන ප්‍රාථමික පාසැල් සතරේ සිසුන්හට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන යටතේ සතියේ දින පහේම සමබල දිවා ආහාර වේලක් පිරිනැමෙනු ඇත.

ත්‍රිකුණාමලය තිරියාය මහා විද්‍යාලයේ සිසුන් 300 කට අධික පිරිසකට දහවල් ආහාරය ලබාදෙමින් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙම සමාජ මෙහෙවර පසුගිය වසර ගණනාවක් පුරා නිහඬව ක්‍රියාත්මක කෙරිනි. මෙවර මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් එක් කරගැනීමත් සමඟම, දුෂ්කර පසුබිම්වලින් පැමිණෙන පාසල් දරුදැරියන් 475කට අධික පිරිසකට ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසැල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම මානුෂීය මෙහෙවර පුළුල් කිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දැක්වූ ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවෝත්පාදන අධ්‍යක්ෂ, ප්‍රවීන් ඥානම් මහතා පවසා සිටියේ, “මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, මේ වනවිට ඉතා කෙටි කලක් තුල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති ළමා මන්දපෝෂණ තත්ත්වයට අපට හැකි පමණින් පිළියමක් යෙදීමයි. වේගයෙන් හිස ඔසවන ළමා මන්දපෝෂණය මැඩලීමට කිසිදු පියවරක් නොගතහොත්, අපගේ අනාගත පරම්පරාවේ බොහෝ දරුවන් මානසික හා කායික සංවර්ධනය ඌනතාවන් සහ ඒ ආශ්‍රිත රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ අතිවිශාලයි. තවද, මෙම පාසැල් දිවා ආහාර වැඩසටහනින් දරුවන්ගේ මූලික පෝෂණ අවශ්‍යතාවයන් පිරිමැසීම සිදුකෙරෙන විට, වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින දෙමව්පියන් තම දරුවන් පාසල් යැවීමට ඇති නැඹුරුව වැඩිවෙනු ඇති අතරම, එමඟින් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවේශය ද වැඩිවෙනු ඇති.”



ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” පාසල් පෝෂණ වැඩසටහන හරහා මොණරාගල පාසල් 4 ක සිසුන් 179 දෙනෙකුට සමබර දිවා ආහාර වේලක් ලබාදේ

මෙම වැඩසටහනින් ලබාදෙන දෛනික ආහාර වේල, වැඩෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින්, සියලුම ප්‍රධාන ආහාර ඛාණ්ඩ, ධාන්‍ය වර්ග, නැවුම් කිරි නිෂ්පාදනයක් සහ ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි පලතුරු වර්ගයකින් ද සමන්විත වන සේ සකසනු ලබයි. තවද, සිසුන්ට මෙම සෞඛ්‍ය සම්පන්න දිවා ආහාරය නියමාකාරයෙන් අඛණ්ඩව සැපයීම සහ දරුවන්ගේ වර්ධන අවශ්‍යතාවන් එමඟින් සම්පූර්ණ කරවීම තහවුරු කිරීම උදෙසා, එක් එක් පාසලේ විදුහල්පති සහ ගුරුවර-මව්පියන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක පරීක්ෂාව යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පරිපාලන සහාය ඇතිව ක්‍රියාත්මක වන පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් යොදවා ඇත.



දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ටෝකියෝ සිමෙන්ති “සුපෝෂිත දැයක්” පාසැල් දිවා ආහාර වැඩසටහනින් ලබාදෙයි

ටෝකියෝ සිමෙන්ති සමාගමේ සුපෝෂිත දැයක් වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් පාසල් බලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කාර්යභාරයක් මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඉටු කරන ලදී. ඒ ඒ පාසැලේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුවරුන්ගේ පරීක්ෂාව යටතේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින දෙමව්පිය කණ්ඩායම් අතින් දරුවන්ගේ දෛනික ආහාර පිළියෙළ කෙරෙන අතර, විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව තහවුරු කරනුවස්, ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිතිපතා පාසල්වලට පැමිණ වැඩසටහන අධීක්ෂණය කරනු ලබයි. ආහාර පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුකිරීමට හැකිවන පරිදි, සෑම පාසලකම මුළුතැන්ගෙය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික මුළුතැන්ගේ උපකරණ සහ පහසුකම් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සපයාදී ඇත.



ස්වේච්ඡා දෙමව්පිය කණ්ඩායම් විසින් ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ තම දරුවන්ගේ ආහාර වේල් පිළියෙළ කරනු ලබයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙම “සුපෝෂිත දැයක්” වැඩසටහන යනු, අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් වයසේ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය පිටුබලයක් ලෙස ඔවුන් පාසලට පැමිණීම දිරිගැන්වීම ඉලක්ක කරගත් දූරදර්ශී ව්‍යාපෘතියකි. එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම පිණිස පාසල තුලදී සෞඛ්‍ය සම්පන්න දිවා ආහාර වේලක් ලබාදීමේ වැදගත්කම නිවැරදිව හඳුනාගත් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිර්මාතෘ, දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් විසින් එතුමන් සභාපතීත්වය ඉසිලූ සමයේ පටන් මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෑත වකවානුවේ මෙම වැඩසටහන පුළුල් කිරීමට සමාගම තීරණය කළේ, යුනිසෙෆ් සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක් විසින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම, විශේෂයෙන් අඩු ආදායම්ලාභී කොටස්වල ළමුන් අතර, උග්‍රලෙස පැතීරී යන ළමා මන්දපෝෂණය සහ වර්ධන ඌනතා ඉහළ යාමේ ප්‍රවනතාවය පිළිබඳ අනතුරු හැඟවීම් කර ඇති වටපිටාවකය. දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන ආහාර උද්ධමනයට එරෙහිව නොනවතින ජීවන අරගලයක යෙදෙමින්, තම දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීමට දෛනික සටනක යෙදී සිටින මවුපියන්ගේ හිසමත පැටවී ඇති වගකීම යම් පමණකින් සැහැල්ලු කිරීමට ප්‍රායෝගික විසඳුමක් ‘සුපෝෂිත දැයක්’ පාසල් පෝෂණ වැඩසටහන මඟින් ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිලාශයයි.

අප රටේ ජන ජීවිත නඟාසිටුවීම උදෙසා දියත් කරන ලද සුවිශේෂී සමාජ සුභසාදන වැඩසටහන් අතර ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” ව්‍යාපෘතිය ප්‍රමුඛ තැනක් ගනී. සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස සමාජයට ඉටුවිය යුතු යුතුකම ඉටුකිරීමට හෘදයාංගමව ඉදිරිපත්ව සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කිහිපයකට සිය ශක්තිය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, ඒ හරහා අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ දැක්ම සාක්ෂාත් කරවීම සමාගමේ අරමුණයි.


පසුගිය පුවත් නිවේදන

2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec