නවතම පුවත්
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘ඉවුරු රකින පවුරු’ 2026 අදියරට නවසීලන්ත රග්බි කණ්ඩායමේ සවිය
ටෝකියෝ සිමෙන්ති සමූහය, මහවැලි අධිකාරිය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ඉවුරු රකින පවුරු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 2026 අදියර, සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර පොල්ගොල්ල වේල්ල අසලදී දියත් කරන ලදී. මහවැලි ගං ඉවුරු ප්‍රතිස්ථාපන සඳහා වන තිරසාර කැපවීම සනිටුහන් කරමින් එහි ඉවුර දිගේ කුඹුක් පැළ 100 ක් සිටුවීමට සංවිධානය කල …
ටෝකියෝ සිමෙන්ති සමූහය, මහවැලි අධිකාරිය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ඉවුරු රකින පවුරු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 2026 අදියර, සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර පොල්ගොල්ල වේල්ල අසලදී දියත් කරන ලදී. මහවැලි ගං ඉවුරු ප්‍රතිස්ථාපන සඳහා වන තිරසාර කැපවීම සනිටුහන් කරමින් එහි ඉවුර දිගේ කුඹුක් පැළ 100 ක් සිටුවීමට සංවිධානය කල මෙම චාම් උත්සවයට, නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින් සමඟ මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරීන් මෙන්ම, පොල්ගොල්ලේ මහනුවර ආදර්ශ පාසලේ සිසුන් සහ ප්‍රදේශයේ ගොවිපවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්වූහ.
සිය ජාතික වගකීමෙහි තවත් පියවරක් සටහන් කරමින් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දියත් කර ඇති වන වගා ක්‍රියාන්විතයේ දිගුවක් ලෙස, අධිසංවේදී මහවැලි ගංගා රක්ෂිතයන් තිරසාරව කළමනාකරණයට උරදීම ඉවුරු රකින පවුරු දූරදර්ශී වැඩසටහනෙහි අරමුණයි.
මහවැලි අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය සමඟ එකමුතුවෙන් 2017 වසරේ සිට ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මඟින් මහවැලි ගංගා ද්‍රෝණියේ මනස්කාන්ත ඉවුරු දෙපස ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රහය යටතේ කුඹුක් සහ මී පැළ සිටුවනු ලැබේ. මීට අවශ්‍ය පැළ ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් දෙක මඟින් සපයනු ලැබේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් ව්‍යාපෘතිය, පසුගිය වසර කිහිපය පුරා රටේ අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින් කුඹුක්, කරඳ, මී සහ ඉඟිනි වැනි ඖෂධීය වටිනාකමක් සහිත, රටේ ඕනෑම දේශගුණික කලාපයක සිටුවිය හැකි, ස්වදේශික වනාන්තර පැළෑටි ප්‍රචාරණය කරයි. විවිධ ප්‍රජා හා රාජ්‍ය ආයතන විසින් සංවිධානය කෙරෙන දිවයින පුරා පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහන් සඳහා මෙම පැල ලබාදෙයි.
මහවැලි ගං ඉවුරු දෙපස පැළ සිටුවීමේ වැඩසටහන් සඳහා මහවැලි අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය විසින් ඒ ඒ පළාත්වල රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විවිධ ප්‍රජා සංවිධාන, පාසල් දරුවන් සහ ප්‍රාදේශීය ගොවි ප්‍රජාවන්ගේ සහාය ලබා ගැනේ. මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවල අවියෝජනීය පවුරක් බවට පත්වන තෙක් මෙම රුක්ෂලතා තීරය අනාගත පරම්පරාවන් වෙනුවෙන් රැකබලා ගැනීම ව්‍යාපෘති හවුල්කරුවන් විසින් සිදු කරනු ලබයි.
වන රෝපණ පැල තවාන් හරහා දේශීය රුක්ෂලතා ප්‍රචාරණය කිරීම ඇතුළු තිරසාර පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර සංරක්ෂණය කෙරෙහි සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙම වැඩසටහන් මගින්, අප රට, අපේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම ටෝකියෝ සිමෙන්ති සමූහය තම ව්‍යාපාරික දැක්මේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව ප්‍රකට කරවයි.–
2026 වසරේ හොඳම අලෙවි නියෝජිතයින්ට ටෝකියෝ සිමෙන්ති සමූහයේ හරසර
සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීම උදෙසා සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. මෙහිදී, දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් අතරින්, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත ආයතනයට හිමි සම්මානය දිනාගත් අතර, ෂන්මුගම් ස්ටෝර්ස් …
සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීම උදෙසා සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. මෙහිදී, දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් අතරින්, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත ආයතනයට හිමි සම්මානය දිනාගත් අතර, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, යන ආයතන පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගන්නා ලදී. ඊට අමතරව, දැවැන්ත අභියෝග රැසක් හමුවේ 2026 වසර පුරා තම ව්‍යාපාරික ප්‍රගමනයට අඛණ්ඩ සහයෝගයක් ලබාදෙමින් ඉලක්ක සපුරාගත් අලෙවි නියෝජිතයින් 135ක් ද එහිදී ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳූහ.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ එස්.ආර්. ඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විචිත්‍රවත් සම්මාන උත්සවයට, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. දයානන්දන්, සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී දශන්ත උඩවත්ත යන මහත්වරු ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා දිවයිනේ නන්දෙසින් පැමිණි අලෙවි නිලධාරී මහත්මමහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
එදින ජයග්‍රහණය ලැබූ සියලු ව්‍යාපාරික සහකරුවන්ට තම සුභපැතුම් එක් කළ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, පසුගිය වසරේ අත්දැකීමට සිදුවූ ඉතාමත් අවිනිශ්චිත ව්‍යාපාරික වටපිටාව මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව සුරැකීමට ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සිය ගෞරවය පුදකරසිටි අතර, එළඹෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට සමාගමට ලබාදෙන දිරිය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීය.
තම සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙන දිවයින පුරා විසිරී සිටින සියළු ව්‍යාපාරික සහකරුවන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පළකළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්යක්ෂ එස්. ආර්. ඥානම් මහතා උත්සවය අමතමින්, “අපේ මේ ව්‍යාපාරික එකමුතුව සැබවින්ම දශක ගණනාවක් පුරා අතුපතර විහිදුවමින් වැඩෙන දැවැන්ත රුක්ෂයක් වගේ. එහි අරටුව වන්නේ අද මේ රැස්ව සිටින අලෙවි නියෝජිතයින්. එම ගස, අද වනවිට එහි සෙවන ලබන සහ ඒ මත යැපෙන විශාල පරිසර පද්ධතියක් සුපෝෂණය කරනු ලබනවා. අපේ රට, එහි ජනතාව සහ අපේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා සියළු උත්සාහයන්ට ශක්තිය සපයන්නේ ඔබ විසින් බව මම කියා සිටින්නේ ඉතා ආඩම්බරයෙන්.” බව පැවසීය.
2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත – යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්‍ෂතුමන් අතින් සිය සම්මානය ලබාගනිමින්
2026 වසරේ හොඳම අලෙවි නියෝජිත දෙවන ස්ථානය හිමිකරගත් ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය
2026 වසරේ හොඳම අලෙවි නියෝජිත තුන්වන ස්ථානය හිමිකරගත් නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල
සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, රට පුරා පැතිරුනු සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වැනි නවමු වියළි බදාම නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.
දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.–
ඡායාරූපය :
2026 වසරේ හොඳම අලෙවි නියෝජිත පළමු පෙළ ජයග්‍රාහකයින්, ටෝකියෝ සිමෙන්ති සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්‍ෂතුමා සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී – දශන්ත උඩවත්ත මහතා සමඟ
SUPERBRANDS කිරුළ හිමි එකම සිමෙන්ති සන්නාමය බවට TOKYO SUPER පත්වේ
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන …
ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන උළෙලේදී TOKYO SUPER වෙත මෙම ගෞරව නාමය පිරිනමන ලදී.
ඉහළම තත්ත්ව සහතික සහ කාර්‍යසාධන ප්‍රමිතීන් සපුරාලමින් වෙළඳපොළට එන TOKYO SUPER, ඉදිකිරීම් කර්මාන්තයේ අසමසම ගුණාත්මකභාවයක් හිමි නිපැයුමක් ලෙස ස්ථාපිත වී ඇත. දිවයිනේ වඩාත්ම ජනප්‍රිය සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) සහ වෙළඳපොලේ හරිත සහතිකය හිමි ප්‍රමුඛතම සිමෙන්ති වන TOKYO SUPER සංයෝග කරනලද ද්‍රාව සිමෙන්ති (BHC) ලෙස පාරිභෝගිකයින් වෙත එන TOKYO SUPER යනු 2025 SUPERBRANDS ජයග්‍රාහකයින් අතර සිටින එකම සිමෙන්ති සන්නාමයයි. තවද, TOKYO SUPER සතු විශ්වසනීය කීර්ති නාමය, කාර්යක්ෂමතාවයෙන් ඉහළ ජල ආරක්ෂක ආලේපන, බිත්ති ප්ලාස්ටර්, කපරාරු මෝටාර් සහ වෙළඳපොළ අංක එකේ ටයිල් මැලියම් ඇතුළු නව්‍ය, වියළි බදාම ආශ්‍රිත ගොඩනැගිලි අමුද්‍රව්‍ය සමූහයක් පුරා පැතිරී ඇත.
දශක ගණනාවක සිට රටේ වඩාත්ම ගෞරවනීය සන්නාම අතර ශ්‍රේණිගතවීම් ලබා ඇති TOKYO SUPER, වෙළඳපොළට ගෙනඑනු ලබන්නේ දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමයක් වන ටෝකියෝ සිමෙන්ති සමූහයයි. TOKYO SUPER සිමෙන්ති සන්නාමය ලොව පිළිගත් SUPERBRANDS සම්භාවනාවට පාත්‍රවීම, ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයට වසර 44ක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ලබාදුන් අසහාය නායකත්වය වෙනුවෙන් මෙතෙක් උපයාගෙන ඇති කීර්තිමත් සම්මාන ලැයිස්තුවට එක්වූ ආසන්නතම පිළිගැනුමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ලැයිස්තුගත සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය අනර්ඝ තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක වියළි බදාම ආශ්‍රිත නිපැයුම් පෙළක වෙළඳපොළ ප්‍රමුඛයා වේ. සංවර්ධන ගමන්මගේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සනිටුහන් කරන සුවිශේෂී ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය ජාතිය ගොඩනැගීමේ විශ්වාසදායක සහ ප්‍රමුඛතම් හවුල්කරු ලෙස එහි වෙළඳපොළ නායකත්වය තහවුරු කර ගෙන ඇත.
සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා යනු රටවල් 90 ක් පුරා ක්‍රියාත්මක එංගලන්තයේ SUPERBRANDS WORLDWIDE ආයතනයේ දේශීය නියෝජිතයා වන අතර, එය සන්නාම විශිෂ්ඨත්වය අගැයීමට ලක්කරනා ලොව විශාලතම ස්වාධීන තීරකයා වේ. සෑම වසරකම පවත්වනු ලබන පුළුල් පරාසයක පැතිරුනු ගවේෂණ ක්‍රියාවලියක් හරහා ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්නා සන්නාම සඳහා SUPERBRANDS තත්ත්වය පිරිනමනු ලබන අතර, එමඟින් සන්නාමයක කීර්ති නාමයට ලොවම පිළිගත් ගෞරව සහතිකයක් ලබාදේ.
ඡායාරූපය: (වමේ සිට)
ෆ්‍රෑන්ක් ගේබ්‍රියෙල් – සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ), LMD, ෂරිෆුල් ඉස්ලාම් – සභාපති, සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා, ඩී.එස්. (බිලී) වල්පොල – අලෙවි අධ්‍යක්ෂ, ටෝකියෝ සිමෙන්ති සමූහය, නිපුන පෙරේරා – අලෙවි කළමනාකාර – ආයතනික සහ අගය එකතු කළ නිෂ්පාදන, ටෝකියෝ සිමෙන්ති සමූහය, බ්‍රයන් එමැනුවෙල් – කළමනාකාර අධ්‍යක්ෂ, LMD
ටෝකියෝ සිමෙන්ති සමූහයේ අර්ථවත් සමාජ වගකීම් මෙහෙය 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ ඇගයුමට
සමාජයීය ප්‍රගමනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිගුකාලීන කැපවීම ඇගයීමට ලක් කරමින්, නොබෝදා පැවති SLIM සන්නාම විශිෂ්ඨතා 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. රටේ අනාගත සුභසිද්ධිය මෙන්ම සියළු සමාජ ස්ථරයන්ගේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අර්ථවත් මෙන්ම සාධනීය ප්‍රතිඵල දැනටමත් සාක්ෂාත්කරදී ඇති, …
සමාජයීය ප්‍රගමනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිගුකාලීන කැපවීම ඇගයීමට ලක් කරමින්, නොබෝදා පැවති SLIM සන්නාම විශිෂ්ඨතා 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.
රටේ අනාගත සුභසිද්ධිය මෙන්ම සියළු සමාජ ස්ථරයන්ගේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අර්ථවත් මෙන්ම සාධනීය ප්‍රතිඵල දැනටමත් සාක්ෂාත්කරදී ඇති, පරිසර සංරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් හරහා ජාතික පරිවර්තනයක් ඇතිකරවීමට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ගන්නා උත්සාහය මෙම සම්මානයෙන් ඇගයීමට පාත්‍රවිය.
මෙසේ ඇගයීමට ලක්වුනු ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රමුඛතම පාරිසරික සංරක්ෂණ වැඩසටහන් අතරට කඩොලාන වන ගහනය නැවත ප්‍රතිස්ථාපනය, වනාන්තර ශාඛ පැල තවාන්, කොරල් පර පුනරුත්ථාපනය, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘති, සහ තිරසාර හා හරිත අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනික ව්‍යාපෘතියක් වන පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන ඇතුළත් වේ. දශක ගණනාවක් පුරා විශේෂඥ ව්‍යාපෘති හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති සියල්ලම තුලින් කැපී පෙනෙන සන්ධිස්ථාන රැසක් අත්පත් කර ගැනීමට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව සිටී.
පාරිසරික සංරක්ෂණයට අමතරව, සෑම තරාතිරමකම පුද්ගලයින් සහ ප්‍රජාවන්ට තමන් සතු හැකියාවන් ඔප්නංවාගෙන ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවිතයේ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවන පරිදි, ස්වෝත්සාහයෙන් නැඟීසිටීමට අත්වැලක් සපයන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නායකත්වය සපයන ප්‍රජා සේවා ව්‍යාපෘතීන්ද මෙම සම්මානයෙන් පැසසුමට ලක්විය. ඒ අතරින් දඹුල්ල සහ ත්‍රිකුණාමලයේ පිහිටි ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම ප්‍රජා සවිබලගැන්වුම් මධ්‍යස්ථාන, දිවියට දිය දහරක් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය සහ තෝරාගත් දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදෙන සුපෝෂිත දැයක් යන ව්‍යාපෘතීන් හරහා ග්‍රාමීය ජනජීවිත නඟාසිටුවීම අරභයා සපයන විශිෂ්ඨ සේවය පැසසුමට ලක්කෙරිනි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික සන්නාම අතරින් තෝරාගත් පාරාමිතික ඛාණ්ඩයන් තුල විශිෂ්ඨ ඉලක්කයන් අත්පත් කරගත් සන්නාම ඇගයීම උදෙසා සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උලෙළ ශ්‍රී ලාංකීය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම උත්සවයයි. මෙවර සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් පිදුම්ලැබීම, සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගැනීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහයට ලැබුනු ඉහළම සහතිකයකි. ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක ගණනාවක් පුරා උසස්ම තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක නව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය ඒ හරහා අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සිය දැක්ම මුදුන්පැමිණිවීමට කැපවී සිටියි.
පාසැල් ක්‍රිකට් හපනුන් බිහිකරන ටෝකියෝ සිමෙන්ති සමූහය සහ ගුණ ජය සතුට පදනමේ දශකයක එකමුතුව
ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා, 2025 සඳහා ක්‍රිකට් පුහුණු ඇකඩමියේ අනුග්‍රාහකත්වය ගුණ ජය සතුට පදනමේ ආරම්භක සභාපති/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා වෙත පිරිනැමීය ටෝකියෝ සිමෙන්ති සමාගම ගුණ ජය සතුට පදනම සමග එක්ව ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා දියත් කළ ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය 2025 වසරේ ක්‍රියාත්මක කරවීම සඳහා සිය දායකත්වය …
ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා, 2025 සඳහා ක්‍රිකට් පුහුණු ඇකඩමියේ අනුග්‍රාහකත්වය ගුණ ජය සතුට පදනමේ ආරම්භක සභාපති/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා වෙත පිරිනැමීය
ටෝකියෝ සිමෙන්ති සමාගම ගුණ ජය සතුට පදනම සමග එක්ව ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා දියත් කළ ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය 2025 වසරේ ක්‍රියාත්මක කරවීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත. අඛණ්ඩ 10වන වසර සමරන මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරු දැරියන්ට සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවන් උදා කරදෙයි.
මේ යටතේ දකුණු පළාතේ සහ උතුරේ පාසල් දරුවන් වෙනුවෙන් ගුණ ජය සතුට පදනම විසින් විශේෂ ක්‍රිකට් පුහුණු වැඩමුළු සංවිධානය කරනු ලබන අතර, තෝරාගත් දක්ෂතා පිරි දරුවන්ට ප්‍රවීණ වෘත්තීය පුහුණුකරුවන් යටතේ සිය හැකියාවන් මුවහත් කරගැනීමට පහසුකම් සපයයි.
ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්ෂ, ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු අනුර ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවන් වන හේමන්ත දේවප්‍රිය සහ සුසන්ත කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නයේ සහතිකලත් පුහුණුකරුවන් මඩුල්ලක් විසින් මෙම පුහුණු කඳවුරු පවත්වනු ලබයි. එම පදනම විසින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි Surrey Oval ක්‍රීඩාංගනය ආශ්‍රිතව ක්‍රිකට් පුහුණු සැසිවාර පැවැත්වේ.
යාපනයේ පැවති ටෝකියෝ සිමෙන්ති ක්‍රිකට් පුහුණු සැසියක්
දශකයක කාලපරාසයක් තුල මෙම ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතිය මගින් ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ පාසල් ක්‍රිකට් ශූරයින් දහස් ගණනක් අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු බිහිකර තිබේ. මෙලෙස ටෝකියෝ සිමෙන්ති ක්‍රිකට් පුහුණු කඳවුරුවලින් ප්‍රතිලාභ ලැබූ නැගීඑන ක්‍රිකට් තරු අතරට උතුරු පළාතේ දරුවන් 4,200 කට ආසන්න සංඛ්‍යාවක් සහ දකුණු පළාතේ ගම්මාන 35 ක පාසල් අටකට අයත් දරුවන් 3,780ක් අයත් වේ.
මේ අතරට, 2024 T20 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය දිනා ගැනීම ඇතුළු රටට පෙර නොවූ විරූ කීර්තියක් ගෙනදුන් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කවීෂා දිල්හාරි, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි, උමාෂා තිමීෂානි, නිලක්ෂණා සඳමිනි, සත්‍යා සංදීපනි, සචිනි ගිම්හානි ඇතුළු තවත් බොහෝ සුපිරි ක්‍රීඩිකාවන් අයත් වේ. මීට අමතරව, ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු පාසල ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ තරු පන්තියේ ක්‍රීඩිකයන් වන විජයකාන්ත් වියස්කාන්ත්, නවෝද් පරණවිතාන, මල්ෂා තරුපති, හරේන් වීරසිංහ, සහ එස්. මතුෂාන් ඇතුළු කිහිපදෙනෙකුගේ තිඹිරිගෙය වීම, එයින් සිය ක්‍රීඩාකෞශල්‍ය ඔප්නංවාගැනීමට දරුවන්ට ලබාදෙන ශක්තිමත් පදනමට සාක්ෂියකි.
ගුණ ජය සතුට පදනමේ ටෝකියෝ සිමෙන්ති දකුණු පළාත් ක්‍රිකට් කඳවුරු සීනිගම Surrey Oval හිදී පැවැත්වේ
මෙම වසර තුල වැඩසටහනේ නව සංධිස්ථානයන් සටහන් කරමින් උතුරු ක්‍රිකට් කඳවුරෙන් බිහිවූ දීප්තිමත්ම ක්‍රීඩකයින් දෙපලක් වන යාපනයේ හාර්ට්ලි විද්‍යාලයේ වී. ආකාෂ් සහ ශාන්ත ජෝන් විද්‍යාලයේ කේ. මුතුලන්, 2025 සැප්තැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට තේරී පත් විය.
2025 සැප්තැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට එක්වූ යාපනයේ හාර්ට්ලි විද්‍යාලයේ වී. ආකාෂ් සහ ශාන්ත ජෝන් විද්‍යාලයේ කේ. මුතුලන්
තවද, දකුණු පුහුණු කඳවුරේ නිත්‍ය සාමාජිකයින්ගෙන් සැදුම්ලත්, 2024/25 MCC ලෝඩ්ස් ශිෂ්‍යත්වලාභියෙකු සහ පුහුණු කඳවුරේ නැගී එන තරුවක් වන අරෝෂ සිතුමින නායකත්වය දරන රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 17න් පහළ කණ්ඩායම මේ වසරේ පාසල් ක්‍රිකට් සමයේ කැපී පෙනෙන දස්කම් පෙන්වූ අතර, අරෝෂ කොළඹ පැවති 17න් පහළ සමස්ත ලංකා අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 150ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් 17න් පහළ A-කොට්ඨාශ ශූරතාව දිනා ගත්තේය. මෙම ජයග්‍රහණයත් ඇතුළුව ඔවුන්ගේ 13න් පහළ කණ්ඩායම සමශූරයන් බවට පත්වීමත්, 15න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් අනුශූරයන් බවට පත්වීමත් සමඟ රත්ගම දේවපතිරාජ විද්‍යාලය එක් පාසල් ක්‍රිකට් වාරයක් තුළ ජාතික අවසන් තරඟ හතරකට පිවිසීමේ ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වූහ. තවද, 19න් පහළ 3වන කාණ්ඩයේ දෙදින සහ එක්දින ශූරතා ද්විත්වය ඇතුළුව තරඟ 16ක් අඛණ්ඩව ජයග්‍රහණ කරමින් පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් පිහිටවූ ශ්‍රී සුමංගල විද්‍යාලයට 2වන කාණ්ඩයට උසස්වීමක් හිමිකරදුන් හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords ක්‍රිකට් පුහුණු පාසල ද ශූරයන්ට තෝතැන්නක් සැපයීමට සමත්විය.
උතුරු පළාත් ක්‍රිකට් පුහුණු කඳවුරු සඳහා එහි දරුවන් ඉතා උද්‍යෝගිමත් සහභාගිත්වයක් පෙන්වයි
දකුණු පළාත් ක්‍රිකට් කඳවුර ලබාගත් ප්‍රගතිය අනුව යමින්, මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවර ලෙස 2017 පටන් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, සහ වවුනියාව යන ප්‍රදේශවල පාසැල් දරුවන් සඳහා යාපනය නගරය කේන්ද්‍ර කරගත් මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු පැවැත්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම පෙරමුණ ගත්හ. සියලුම වයස් කාණ්ඩවලට බාලක බාලිකාවන්ගේ ඉතා උද්යෝගිමත් සහභාගිත්වයෙන් පැවැත්වෙන උතුරු ක්‍රිකට් පුහුණු සැසිවාරයේ අරමුණ වනුයේ දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ ක්‍රීඩකයින් 50 දෙනෙකු තරු පන්තියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බවට පත් කිරීමයි.
ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනයන නව පරම්පරාවේ දක්ෂ ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට සමාන අවස්ථා නිර්මාණය කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන් පෝෂණය උදෙසා කැපවූ ටෝකියෝ සිමෙන්ති සමූහය සහ ගුණ ජය සතුට පදනමේ මෙම වසර 10ක කෘතහස්ත හවුල්කාරිත්වය, ක්‍රීඩාවේ උන්නතියට ඉන් ලබාදෙන සේවය තහවුරු කරවයි. මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ අසමසම ජීව ගුණය ඔප්නංවමින් තම දක්ෂතාවයෙන් අනාගතය දීප්තිමත් කරගැනීමට ගම්බද දරුවන්ට ශක්තිමත් අඩිතාලමක් ඉදිකරදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ දිගුකාලීන අපේක්ෂාවයි.
ජපන් තානාපතිතුමන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සංචාරයක
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර …
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ.
ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ තාක්ෂණික හවුල්කරු වන, ජපානයේ Mitsubishi UBE Cement Corporation සමාගම නියෝජනය කරන නාමික සහ විධායක නොවන අධ්‍යක්ෂ මිචියෝ මත්සුඕකා මහතා විසින්, ත්‍රිකුණාමලයේ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානය වන ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයේදී ජපන් දූත පිරිස පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ප්‍රගමනයේ සහ කාර්මික සංවර්ධනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නොබෝදා විවෘත කරන ලද, මෙට්‍රික් ටොන් මිලියනයක නිෂ්පාදන ධාරිතාවයකින් යුත් ටෝකියෝ සිමෙන්ති නවතම සිමෙන්ති ඇඹරුම් කර්මාන්තශාලාව මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන තැනක් ගැනිනි.
මීට අමතරව, නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලා සංකීර්ණයට අයත් ටෝකියෝ සිමෙන්ති ජැටිය සහ දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමී සලකුණක් වන, ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව සම්පූර්ණ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියම බලගන්වන ටෝකියෝ සිමෙන්ති ජෛව ඉන්ධන විදුලි බලාගාරය ද ජපන් දූත සංචාරයට අයත් විය. තවද, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සුභසාදනය සඳහා වන කැපවීම පිළිබිඹු කරන්නාවූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන, ත්‍රිකුණාමලයේ ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම ප්‍රජා සවිබලගැන්වුම් මධ්‍යස්ථානය ද තානාපති කාර්‍යාල නිලධාරී මඬුල්ලේ නිරීක්ෂණ සංචාරයට ඇතුළත් විය.
දශක හතරකට වැඩි කාලයක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ශක්තිමත් සංකේතයක් ලෙස කටයුතු කරන අතර, පුළුල්ව පැතිරුනු වටිනාකම් ජාලයක් හරහා තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයක් සඳහා සුවිසල් දායකත්වයක් ලබාදෙයි.
කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළ අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා, ටෝකියෝ සිමෙන්ති සමාගමේ ශක්තිමත් ව්‍යාපාරික ජයග්‍රහණ පමණක් නොව සමාගමේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් පුනර්ජනනීය විදුලියෙන් ක්‍රියාත්මක කරවීමෙන් පාරිසරික වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට සමාගම දක්වන කැපවීම අගය කලේය. ව්‍යාපාරික ඉලක්කයන්ගෙන් ඔබ්බට සිය සමාජ වගකීම ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ අධ්‍යාපනය සහ හැකියාවන් වැඩිදියුණුකිරීම අරමුණුකරගත් සාර්ථක ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීම පිළිබඳව තමා විශේෂයෙන් පැහැදුණු බව ද අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා සඳහන් කළේය.
ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩල නිලධාරීන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවේ නියැලෙමින්
පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් හිමි ටෝකියෝ සිමෙන්ති සමූහය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වඩාත්ම විශ්වාසදායක සැපයුම්කරු ලෙස කීර්තියක් අත්කර ගෙන ඇත. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට සමාගම කැපවී සිටියි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාරභාවය පෙරටු කරගත් ව්‍යාපාරික දැක්මකින් යුතුව, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය තහවුරු කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව සිටියි.–
‘කර්මාන්ත – විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025’: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු නවෝත්පාදනයට ටෝකියෝ සිමෙන්ති සවිය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධානය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි. …
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධානය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර සහභාගීව සිටි අතර, සම්මන්ත්‍රණයේ සම්පත් දායකයින් ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ පීඨ සාමාජිකයින්, කීර්තිමත් ශාස්ත්‍රීය විශේෂඥයින්, සිවිල් ඉංජිනේරු වෘත්තිකයන්, අතීත සහ වර්තමාන පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යශිෂ්‍යාවන් සහභාගීව සිටියහ.
සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සිය ප්‍රධාන දේශනයේදී අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යා දැනුමින් සන්නද්ධ තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත්, එහිලා පවතින විෂයමාලා යාවත්කාලීන කිරීම තුලින් සියළු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ස්ථාපිත කිරීමේ වැදගත්කමත් අවධාරණය කල අතරම, රටේ වර්තමාන සහ අනාගත සංවර්ධන අවශ්‍යතා අරමුණු කරගත් නවෝත්පාදන බිහිකිරීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට විශ්ව විද්‍යාල වලින් ඉටුකරන අසමසම කාර්යභාරය ඇගයීමට ලක් කළාය. තවද, මෙවන් සහයෝගීතා වැඩසටහන් හරහා කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝගවලට පෙර සූදානමක් ඇති, සැබෑ ලෝකයේ ගැටළු විසඳීමේ කුසලතාවන්ගෙන් සන්නද්ධ, ප්‍රායෝගික චින්තකයින් බිහි කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ගෙන ඇති මෙම ප්‍රශස්ථ උත්සාහය ද අගමැතිතුමියගේ විශේෂ පැසසුමට ලක්විය.
සම්මන්ත්‍රණයේදී සිය නව්‍ය සොයාගැනීම් ඉදිරිපත් කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පශ්චාත් උපාධි සහ උපාධි අපේක්ෂක සිසුන් කිහිපදෙනෙක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන මෙම වාර්ෂික සම්මන්ත්‍රණයේ අරමුණ ඉංජිනේරු උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම, ඵලදායී කර්මාන්ත-ශාස්ත්‍රීය සහයෝගීතාවයන් ගොඩනැගීමට යෙදවීමෙන් සිසුන්ගේ අධ්‍යයන වපසරිය සෛද්ධාන්තික සීමාවලින් ඔබ්බට පුළුල් කරවීමයි. මෙමඟින් ඉංජිනේරු තාක්ෂණයේ සිවිල්, ව්‍යුහාත්මක, භූ තාක්‍ෂණික, ප්‍රවාහන, ජල සම්පත් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව යනාදී සියළු විෂය ක්ෂේත්‍රයන්ට අදාල නව ඉංජිනේරු තාක්ෂණික විසඳුම් සහ නවෝත්පාදන, ව්‍යවහාරික ගැටළු නිරාකරණයට ප්‍රායෝගිකව යොදාගතහැකි ආකාරය පිළිබඳ, රාජ්‍ය අංශ, පර්යේෂණ ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ඉංජිනේරු සමාගම්, ශාස්ත්‍රීය ප්‍රවීනයන් යන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සිසුන්ට අදහස් හුවමරු කරගැනීමට වේදිකාවක් සපයනු ලබයි.
මෙවර සම්මන්ත්‍රණයේදී ද උපාධි අපේක්ෂකයින් පෝස්ටර් ප්‍රදර්ශන, වාචික ඉදිරිපත් කිරීම් සහ ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන ඇසුරින් විවිධ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි තම විද්‍යාත්මක සොයාගැනීම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. වැඩසටහනේ උද්වේගකරම අංගය වූයේ සිසුන් විසින් තම පර්යේෂණ ව්‍යාපෘතිවල සංක්ෂිප්තය, කර්මාන්ත ක්ෂේත්‍රයට ගලපාගන්නා ආකාරය මිනිත්තු දෙකක් ඇතුලත පෙන්වා දෙමින් ඉදිරිපත් කල ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් සමූහයයි. මෙම ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් මඟින් සෛද්ධාන්තික ඉංජිනේරු යෙදවුම් සැබෑ ප්‍රායෝගික අවශ්‍යතා සමඟ පෙළගැසෙන අයුරු තම පර්යේෂණ තුලින් ඉස්මතු කිරීමට සිසුන්ට අවස්ථාව ලැබුනු අතර ඒ හරහා සිසුන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර අර්ථවත් සංවාදයකට මග පෑදීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්
ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක
ටෝකියෝ සිමෙන්ති සමූහය මෙවර කර්මාන්ත-විශ්ව විද්‍යාල සහයෝගීතා දිනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වීමෙන් වසර ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය සමඟ පවත්වාගෙන එන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කිරීමට සමත්වූහ.
මෙම හවුල්කාරිත්වය හරහා ව්‍යවහාරික පර්යේෂණ දැනුමින් සන්නද්ධ අනාගත ඉංජිනේරුවන් කර්මාන්ත ලොව ජයගැනීමට දිරිමත් කරවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අපේක්ෂාව විය. තවද, විවිධ කාණ්ඩ වල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව විශ්ලේෂණය කිරීම සහ භාවිතයේ පවතින කොන්ක්‍රීට් ව්‍යුහයන්ගේ ශක්තිය මැනබලන (Non-Destructive Testing) අධිතාක්ෂණික පර්යේෂණ පහසුකම් සහිත ටෝකියෝ සිමෙන්ති සමූහයේ ISO 17025 සහතික ලත් ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය (Construction Research Centre) විසින් ගොඩනැගිලි කර්මාන්තයට ලබාදෙන සේවය පිළිබඳ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමද මෙම සම්මන්ත්‍රණයේ දී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය පාරිසරික වගකීම සුරකින තිරසාර ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට හඳුන්වා දී ඇති උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තරුණ ඉංජිනේරු වෘත්තිකයන් සහ ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැනුවත් කිරීමටද මෙය අවස්ථාවක් විය.
අධ්‍යයන විශිෂ්ටත්වයෙන් රටේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක අගය එකතු කළ නිපැයුම් සන්නාම රැසක නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය එකමුතුවෙන් පැවැත්වුනු මෙම විද්වත් හමුව, අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තබන ලද සුවිශේෂී පියවරකි. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිශානතිය හසුරුවන විශේෂඥයන්, හැකියාවෙන් සහ දැනුමින් සන්නද්ධ කරවීම අරමුණු කරගත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ බලාපොරොත්තුවයි. මෙම ප්‍රයත්නය වැනි රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් සමූහයක් ඇසුරින් අපගේ දේශීය ආර්ථිකය පොහොසත් කිරීමට ශක්තිය ලබාදෙමින්, දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දීඇති පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.-
ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියනයකින් ඉහළට
ඡායාරූපය: ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ජපානයේ Mitsubishi Ube Cement Corporation හි කළමනාකාර විධායක නිලධාරී මසහරු සන්සුයි මහතා, සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු නඕකි කමොශිඩා මහතා විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව කම්හල උත්සවාකාරයෙන් විවෘත කිරීම. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ලංකාවේ ප්‍රමුඛයා …
ඡායාරූපය: ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ජපානයේ Mitsubishi Ube Cement Corporation හි කළමනාකාර විධායක නිලධාරී මසහරු සන්සුයි මහතා, සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු නඕකි කමොශිඩා මහතා විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව කම්හල උත්සවාකාරයෙන් විවෘත කිරීම.
දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ලංකාවේ ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම සිමෙන්ති කර්මාන්තශාලාව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගියදා ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදී. වසරකට සිමෙන්ති ටොන් මිලියනයක ධාරිතාවෙන් යුත් මෙම ස්වයංක්‍රීය, අධි තාක්‍ෂණික සිමෙන්ති කර්මාන්තශාලාව, සමාගමේ සමස්ත නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්වා ඉහළ නංවන අතර, එමගින් දේශීය වෙළඳපොළෙහි විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය ස්ථාවර කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවනු ඇත.
මෙම සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගරු නඕකි කමොශිඩා මහතා සහ එහි මූල්‍ය ප්‍රධානි සහ ප්‍රධාන ලේකම්, ගරු තකාෆුමි නකානිෂි මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, සහ ගරු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රොෂාන් අක්මීමන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.
තවද, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ එස්.ආර්. ඥානම් මහතාගේ ආරාධනයෙන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ තාක්ෂණික සහකරු වන ජපානයේ Mitsubishi Ube Cement Corporation හි කළමනාකාර විධායක නිලධාරී මසහරු සන්සුයි මහතා, සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිලධාරින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මීට සහභාගීව සිටියහ.
ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු නඕකි කමොශිඩා මැතිතුමා විසින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නව සිමෙන්ති ඇඹරුම් කම්හල ත්‍රිකුණාමලයේදී විවෘත කල අවස්ථාව.
උත්සව සභාව ඇමතූ ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, “සමස්ත ජාතික ආර්ථිකයේ ප්‍රගමනයට පමණක් නොව නැගෙනහිර පළාතේ සංවර්ධනයට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ඉටුකරන සුවිශේෂී කාර්‍යභාරය අතිමහත්. මම දැඩි විශ්වාසයෙන් යුතුව අදටත් කියා සිටින පරිදි, අපගේ මුළුමහත් දේශීය ආර්ථිකයටම පණ දිය හැකි ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය ඇතුළු මෙම නැගෙනහිර කලාපය සතු අතිමහත් විභවය, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිතුමා මීට දශක ගණනාවකට පෙර හඳුනාගත් නිසා තමයි මේ ව්‍යාපාර සමූහය අද මෙතරම් විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත්තේ. අපි අද මේ දකින්නේ රට ගොඩනැගීමේ අවංක කැපවීම සහ විශ්වාසය මත ගොඩනැගුනු ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් තුලින් රටට ලබා ගත හැකි ප්‍රගතිය පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. රජයක් හැටියට, දියුණු ආර්ථිකයක මූලික අවශ්‍යතාවයක් වන ආයෝජක හිතකාමී පරිසරයක් තහවුරු කිරීමෙන් මෙවැනි දේශීය ආයෝජන දිරිගැන්වීමට අපගේ උපරිම සහයෝගය ලබාදෙන බව මම නැවතත් තහවුරු කරනවා.” යනුවෙන් පැවසීය.
උත්සවයට සහභාගීවූ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගරු නඕකි කමොශිඩා මහතා, තිරසාර සංවර්ධනය සහ පුළුල් මහජන අභිවෘද්ධිය අරමුණු කරගත් ජපන්-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ සුවිශේෂී සලකුණක් වන ටෝකියෝ සිමෙන්ති සමාගම දශක හතරකට අධික කාලයක් පුරා අත්පත් කරගෙන ඇති ශක්තිමත් වර්ධනය අගය කරමින්, “ටෝකියෝ සිමෙන්ති සමාගමේ අති නවීන සිමෙන්ති නිෂ්පාදන කම්හල විවෘත කිරීමේ උත්සවයට අපගේ සුභාෂිංශන එක්කරනවා. ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් ඉතා කෙටි කලකට පසු ටෝකියෝ සිමෙන්ති සමාගම මෙවන් උපාය මාර්ගික දූරදර්ශී ප්‍රගතියක් අත්පත් කරගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි. දේශීය ආර්ථිකය ගොඩනැංවීමට සමාගමේ ඇති කැපවීම මෙම කලාපයට පමණක් නොව රටේම අනාගතයට සුභදායී බලාපොරොත්තුවක්.” බව ප්‍රකාශ කළහ. තවද, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සවිමත් සබඳතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය සැමදා ලබාදෙන බව ජපාන තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානී තුමා පැවසුවේය.
ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ නවීනතම යුරෝපීය තාක්‍ෂණයෙන් බල ගැන්වෙන මෙම නව කර්මාන්තශාලාව, සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සහ පරිසර හිතකාමී ප්‍රමිතිය ඉතා ප්‍රශස්ථ මට්ටමකට ඔසවා තබන බවයි. ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය නවෝත්පාදනය සහ පාරිසරික වගකීම සපුරාලීමට දක්වන කැපවීම මින් යලි තහවුරු වන බව පැවසූ එතුමා, “මෙහි වැදගත්ම කාරණය නම්, මෙම සමස්ත ව්‍යාපෘතියම ක්‍රියාත්මක කළේ අප සමාගමේ දේශීය ඉංජිනේරු කණ්ඩායම් විසින් වීමයි. එය ශ්‍රී ලාංකීය හැකියාවන් සහ රට තුලම වටිනාකම් ජනනය කිරීමේ හැකියාව පිළිබඳ අප තබා ඇති විශ්වාසයට ප්‍රබල සාක්ෂියකි. වසර හතළිස් තුනකට වැඩි කාලයක් පුරාවටම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රමුඛතම උපායමාර්ගික දැක්ම වුනේ අප රට තුල උත්පාදනය කරන වටිනාකම් රටින් පිටට නොයවා, රටේ අනාගතය වෙනුවෙන් නැවත ආයෝජනය කරන අපගේ දේශීය වටිනාකම් දාමය පුළුල් කිරීමයි. අපගේ නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 4කට ඉහළ නංවන මෙම සුවිශේෂී ආයතනික සන්ධිස්ථානයත් සමඟ ටෝකියෝ සිමෙන්ති සමාගමට ලාංකීය ඉදිකිරීම් කර්මාන්තයේ දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සපුරාලීමට හැකියාව ලැබෙන අතරම, එමඟින් සිමෙන්ති ආනයනයට වැයවන ඩොලර් මිලියන ගණනක් රටට ඉතිරි කර දීමට ද හැකිවෙනු ඇති.” බව පැවසීය.
දශක හතරක් ඉක්මවූ සවිමත් ව්‍යාපාරික ඉතිහාසයකට උරුමකම් කියන සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ප්‍රතිඥා දී ඇති ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි. දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ මෙට්‍රික් ටොන් මිලියන 1 අති නවීන සිමෙන්ති ඇඹරුම් කම්හල විවෘත කිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා
පසුගිය පුවත් නිවේදන
| 2026 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2025 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2024 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2023 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2022 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2021 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2020 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2019 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2018 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |
| 2017 | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec |