• English
    • සිංහල
    • தமிழ்
  • tokyo cement logo
    • Products & Solutions
      Cement
      Our Brands
      Tokyo SuperNippon CementNippon Cement ProAtlas
      Learn More
      Concrete
      Ready Mix Concrete
      Solutions & Case StudiesLocate a Plant
      Learn More
      Cement Based Solutions
      Tile Adhesive
      Standard SetHigh PerformancePremium
      Water Proofers
      Tokyo Superseal 2K Water ProoferTokyo Superseal 1K Water Proofer
      Wall Plaster
      GeneralWeather Shield
      Flooring & Levelling Compound
      Screed MortarFlooring Compound
      PremixConstruction Grout
      AggregatePower
    • Service Offering
      Laboratory ServicesOur NetworkTraining Center
    • Sustainability
      Our PhilosophyPlanet
      Reef RehabilitationMangrove ReforestationBiomass PowerForestry NurseriesWater Recycling
      People
      Industry Empowerment
      Construction TrainingDivi ShakthiPartnerships
      Building Foundations for Tomorrow’s Leaders
      School CricketThe Music ProjectSchool QuizHousing
      Fountain of Life
      Photo Gallery
    • Company
      TimelineFacilitiesNewsCareersContact Us
    • Investor Relations
      Stock InfoFinancial ReportsBoard of Directors
    banner image

    TimeLine

    1982

    ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ සමාරම්භය ජපානයේ Nippon Coke & Engineering Company (පෙර Mitsui Mining Co.) සමාගම සහ ශ්‍රී ලංකාවේ St. Anthony’s Consolidated සමාගමේ හවුල්කාරීත්වයෙන්, අපගේ නිර්මාතෘ සහ ආරම්භක සභාපති, දේශමාන්‍ය ඒ. වයි. එස්. ඥානම් මැතිඳුන්ගේ දූරදර්ශී මඟපෙන්වීම යටතේ සනිටුහන් වේ.

    Read More

    1983

    ත්‍රිකුණාමළය චීන වරායේ මනරම් වෙරළතීරය ආශ්‍රිතව ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කෙරේ. නාවුක ගමනාගමනයේ අද්විතීය කේන්ද්‍රස්ථානයක් වන ත්‍රිකුණාමළ වරාය ආශ්‍රිතව නවීන සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීමේ වැදගත්කම දුරදක්නා නුවණින් යුතුව හඳුනාගත් දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වය අපගේ නොසැලෙන පදනමයි.

    ත්‍රිකුණාමළය චීන වරායේ මනරම් වෙරළතීරය ආශ්‍රිතව ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කෙරේ.
    නාවුක ගමනාගමනයේ අද්විතීය කේන්ද්‍රස්ථානයක් වන ත්‍රිකුණාමළ වරාය ආශ්‍රිතව නවීන සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීමේ වැදගත්කම දුරදක්නා නුවණින් යුතුව හඳුනාගත් දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වය අපගේ නොසැලෙන පදනමයි.

    Read More

    1984

    1984 අගෝස්තු මස 13 දින සිට සිමෙන්ති කම්හලෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වෙයි. එම වසරේ කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචිය ලබන ටෝකියෝ සිමෙන්ති සමාගම, එහි ව්‍යපාරවස්තු ගනුදෙනුකරන ප්‍රථම සහ එකම පෞද්ගලික සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ඉතිහාසයට එක්වේ.

    1986 – 1988

    1986 මැයි මස 26දින සිදු වූ බෝම්බ ප්‍රහාරයක් නිසා කම්හලේ වැඩබිමට හා යන්ත්‍රෝපකරණවලට බලපතල හානි සිදුවූ අතර, මේ නිසා වසර 2ක කාලයක් කම්හල වසා තැබීමට සිදුවේ. ජපන් හවුල්කාරීත්වයේ සහාය ඇතිව නැවත ඉදිකළ කම්හල 1988 මැයි 26දින සිට යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි.

    1994

    SLS සහතිකයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සිමෙන්ති නිෂ්පාදකයා බවට ටෝකියෝ සිමෙන්ති සමාගම පත් කරමින්, එවක තිබූ මිට්සුයි සිමෙන්ති වෙළඳ නාමය 1994 මාර්තු මස SLS සහතිකය හිමිකරගනී.

    SLS සහතිකයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සිමෙන්ති නිෂ්පාදකයා බවට ටෝකියෝ සිමෙන්ති සමාගම පත් කරමින්, එවක තිබූ මිට්සුයි සිමෙන්ති වෙළඳ නාමය 1994 මාර්තු මස SLS සහතිකය හිමිකරගනී.

    Read More

    1995

    මෙම වකවානුවේ දිගින් දිගටම සිදු කෙරුණු විදුලිබල කප්පාදුව නිසා සිමෙන්ති නිෂ්පාදනය ඇණහිටි අතර, මේ නිසා ටෝකියො සිමෙන්ති සමාගම ස්වාධීන බලශක්ති උත්පාදනය සඳහා පිළියම් සොයන්නට විය. එහි මුල් පියවර වශයෙන් 3.5 MW ඩීසල් ජනක යන්ත්‍රයක් යොදාගනිමින් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඇසුරුම්කරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී.

    මෙම වකවානුවේ දිගින් දිගටම සිදු කෙරුණු විදුලිබල කප්පාදුව නිසා සිමෙන්ති නිෂ්පාදනය ඇණහිටි අතර, මේ නිසා ටෝකියො සිමෙන්ති සමාගම ස්වාධීන බලශක්ති උත්පාදනය සඳහා පිළියම් සොයන්නට විය.
    එහි මුල් පියවර වශයෙන් 3.5 MW ඩීසල් ජනක යන්ත්‍රයක් යොදාගනිමින් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඇසුරුම්කරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ලදී.

    Read More

    1997

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම අරමුණු කරගනිමින්, දිවයිනේ නන් දෙස වෙසෙන පෙදරේරුවරුන් සඳහා එක්දින පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු කරයි.

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම අරමුණු කරගනිමින්, දිවයිනේ නන් දෙස වෙසෙන පෙදරේරුවරුන් සඳහා එක්දින පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු කරයි.

    Read More

    1998

    ස්වයංක්‍රීය සිමෙන්ති ඇඹරුම් පද්ධතියක් ස්ථාපනය කිරීමත් සමගම ත්‍රිකුණාමළයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කම්හලේ ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් 250,000 දක්වා ඉහළ නැංවේ. නවතම ජර්මානු තාක්ෂණයෙන් සපිරි පූර්ණ ස්වයංක්‍රීය සිමෙන්ති ඇසුරුම්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමත් සමඟ නිෂ්පාදනවල ගුණාත්මක බව මෙන්ම නිෂ්පාදන කාර්යක්ෂමතාව ද ඉහළ නැංවිණ.

    ස්වයංක්‍රීය සිමෙන්ති ඇඹරුම් පද්ධතියක් ස්ථාපනය කිරීමත් සමගම ත්‍රිකුණාමළයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කම්හලේ ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් 250,000 දක්වා ඉහළ නැංවේ.
    නවතම ජර්මානු තාක්ෂණයෙන් සපිරි පූර්ණ ස්වයංක්‍රීය සිමෙන්ති ඇසුරුම්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමත් සමඟ නිෂ්පාදනවල ගුණාත්මක බව මෙන්ම නිෂ්පාදන කාර්යක්ෂමතාව ද ඉහළ නැංවිණ.

    Read More

    1998

    පැයට මෙට්‍රික් ටොන් 35ක ධාරිතාවකින් යුතු ෆුජි සිමෙන්ති (ලංකා) සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි.

    පැයට මෙට්‍රික් ටොන් 35ක ධාරිතාවකින් යුතු ෆුජි සිමෙන්ති (ලංකා) සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි.

    Read More

    1998

    ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව කළමනාකරණ ප්‍රමිතියක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිමෙන්ති සමාගම ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම 1998 ජනවාරි මස 14 දින ISO 9002 සහතිකයෙන් පිදුම් ලබයි.

    ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව කළමනාකරණ ප්‍රමිතියක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිමෙන්ති සමාගම ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම 1998 ජනවාරි මස 14 දින ISO 9002 සහතිකයෙන් පිදුම් ලබයි.

    Read More

    1999

    ත්‍රිකුණාමළය චීන වරායේ මුල්ම වාණිජ ජැටිය වන අෂ්රොෆ් ජැටියේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ක්‍රීට් සැපයීමට පළමු කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරය ස්ථාපිත කරයි.

    ත්‍රිකුණාමළය චීන වරායේ මුල්ම වාණිජ ජැටිය වන අෂ්රොෆ් ජැටියේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ක්‍රීට් සැපයීමට පළමු කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරය ස්ථාපිත කරයි.

    Read More

    1999

    පාරිසරික තත්ත්ව සහතිකයක් හිමි පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්වෙමින්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ විශිෂ්ඨ පරිසර කළමනාකරණ වැඩපිළිවෙළ 1999 දෙසැම්බර් 30 දින ISO 14001 ඇගයුමින් පිදුම් ලබයි.

    පාරිසරික තත්ත්ව සහතිකයක් හිමි පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්වෙමින්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ විශිෂ්ඨ පරිසර කළමනාකරණ වැඩපිළිවෙළ 1999 දෙසැම්බර් 30 දින ISO 14001 ඇගයුමින් පිදුම් ලබයි.

    Read More

    2001

    අපගේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව Tabernacle Star මාර්තු මස සිට සේවයට එක් කෙරේ.

    අපගේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව Tabernacle Star මාර්තු මස සිට සේවයට එක් කෙරේ.

    Read More

    2001

    එතෙක් පැවති විවෘත සැපයුම් මාර්ග වෙනුවට දූවිලි ඇතිවීම 100%ක් වලක්වන නල පද්ධතියක් හරහා අමුද්‍රව්‍ය ගමන්කරවන, ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ ස්වයංක්‍රීය ක්ලින්කර් ගොඩබෑමේ පද්ධතිය සවි කිරීම නිසා පෙර ක්‍රමයට සාපේක්ෂව කාර්යක්ෂමතාවය 2.5කින් ඉහළ නංවාගැනීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සමත් වේ.

    2002

    පැයට ඝ.මී 1ක ධාරිතාවයෙන් යුතු පෑලියගොඩ පෙර සැකසූ කොන්ක්‍රීට් කර්මාන්තශාලාව ආරම්භ කිරීම.

    පැයට ඝ.මී 1ක ධාරිතාවයෙන් යුතු පෑලියගොඩ පෙර සැකසූ කොන්ක්‍රීට් කර්මාන්තශාලාව ආරම්භ කිරීම.

    Read More

    2002

    නෞකා මඟින් කොළඹ වරායට ගෙනෙන සිමෙන්ති වෙනවෙනම ගබඩා කිරීමට සහ, ඒ ඒ සන්නාම යටතේ තොග හෝ බෑග් වශයෙන් අසුරා බෙදාහැරීමට හැකි, නවීනතම ස්වයංක්‍රීය පහසුකම් සහිත අපගේ තොග ගබඩා සංකීර්ණය හෙවත්, ටෝකියෝ සිමෙන්ති කොළඹ පර්යන්තයේ සමාරම්භය.

    2003

    මෙට්‍රික් ටොන් 70 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු Roller-Press Pre-grinder සිමෙන්ති ඇඹරුම් යන්ත්‍රය අපගේ කර්මාන්තශාලාවේ සවි කිරීමත් සමග සමාගමේ සමස්ත නිෂ්පාදන ධාරිතාව පැයට මෙට්‍රික් ටොන්  100 දක්වා නංවන්නට හැකි විය.

    2004

    ස්වයංක්‍රීයව සිමෙන්ති ගොඩබෑමේ පහසුකම සහිත අපගේ දෙවැනි නෞකාව Tabernacle Prince ‍‍සේවයට එක් වේ.

    ස්වයංක්‍රීයව සිමෙන්ති ගොඩබෑමේ පහසුකම සහිත අපගේ දෙවැනි නෞකාව Tabernacle Prince ‍‍සේවයට එක් වේ.

    Read More

    2004

    පැයට ඝන මීටර් 1ක නිෂ්පාදන ධාරිතාවකින් යුතු අපගේ 3වැනි පෙර සැකසූ කොන්ක්‍රීට් කර්මාන්තශාලාව මහනුවර ඉදි කෙරිණ.

    පැයට ඝන මීටර් 1ක නිෂ්පාදන ධාරිතාවකින් යුතු අපගේ 3වැනි පෙර සැකසූ කොන්ක්‍රීට් කර්මාන්තශාලාව මහනුවර ඉදි කෙරිණ.

    Read More

    2006

    සුනාමි ව්‍යසනයෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ස්ථාපනය කරන ලද ටෝකියෝ සිමෙන්ති සුනාමි සහන පදනම, ඉන් අවතැන් වූ සහ මිය ගිය අයගේ අසරණ වූ පවුල්වලට නිවාස හා ඉඩම් ලබා දීමේ මූලික පියවර 2006 මාර්තු මස තබයි.

    2007

    සමාගමේ නිර්මාතෘ සහ ආරම්භක සභාපති දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන්ගේ අභාවප්‍රාප්තිය 2007 ජනවාරි මස සිදුවේ. <br> ප්‍රවීන බැංකුකරුවකු මෙන්ම සුප්‍රසිද්ධ සමාගම් රැසක අධ්‍යක්ෂ මණ්ඩල සභිකයෙකු ද වන එඩ්ගා ගුණතුංග මහතා 2007 ජුනි මස සිට සමාගමේ නව සභාපති තනතුරට පත් වෙයි.

    2008

    අපගේ දේශය, ජනතාව සහ පරිසරය ස්ථිරසාරව නගාසිටුවීමේ ත්‍රිත්ව පාදක මූලධර්මය ගුරුකොට ගෙන රු. බිලියන 2.4ක ආයෝජනයක් දරමින්, පිදුරු සහ ගිනිසීරියා ඉන්ධන යොදා ගන්නා මෙගා වොට් 10ක ජෛව විදුලි බලාගාරයක් ත්‍රිකුණාමළයේ 2008 වසරේදී ස්ථාපිත කළෙමු. <br> පරිසර හිතකාමී විදුලි උත්පාදනයෙන් අප ලද විශාලතම ප්‍රතිලාභය වන්නේ ජාතික විදුලිබල සැපයුමෙන් 100%ක් ස්වාධීනව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට …

    අපගේ දේශය, ජනතාව සහ පරිසරය ස්ථිරසාරව නගාසිටුවීමේ ත්‍රිත්ව පාදක මූලධර්මය ගුරුකොට ගෙන රු. බිලියන 2.4ක ආයෝජනයක් දරමින්, පිදුරු සහ ගිනිසීරියා ඉන්ධන යොදා ගන්නා මෙගා වොට් 10ක ජෛව විදුලි බලාගාරයක් ත්‍රිකුණාමළයේ 2008 වසරේදී ස්ථාපිත කළෙමු. <br> පරිසර හිතකාමී විදුලි උත්පාදනයෙන් අප ලද විශාලතම ප්‍රතිලාභය වන්නේ ජාතික විදුලිබල සැපයුමෙන් 100%ක් ස්වාධීනව අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට හැකිවීමයි.

    Read More

    2008

    අපගේ මුළු නිෂ්පාදන ධාරිතාවය පැයට මෙට්‍රික් ටොන් 213ක් දක්වා ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ පළමු සිරස් සිමෙන්ති ඇඹරුම් යන්ත්‍රය වැඩ අරඹයි.

    අපගේ මුළු නිෂ්පාදන ධාරිතාවය පැයට මෙට්‍රික් ටොන් 213ක් දක්වා ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ පළමු සිරස් සිමෙන්ති ඇඹරුම් යන්ත්‍රය වැඩ අරඹයි.

    Read More

    2009

    ටෝකියෝ සුනාමි සහන පදනමේ අනුග්‍රාහයෙන් නිලාවේලි අඩම්පොඩායි ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස සංකීර්ණය සුනාමියෙන් අවතැන් වූ පවුල් 25කට ප්‍රදානය කිරීම 2009 මැයි 16 දින සිදු කෙරිණ.

    ටෝකියෝ සුනාමි සහන පදනමේ අනුග්‍රාහයෙන් නිලාවේලි අඩම්පොඩායි ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස සංකීර්ණය සුනාමියෙන් අවතැන් වූ පවුල් 25කට ප්‍රදානය කිරීම 2009 මැයි 16 දින සිදු කෙරිණ.

    Read More

    2009

    වසරකට කාබන් ප්‍රතිලාභ (Carbon Credits) 43,000ක් ප්‍රදානය කෙරෙන ව්‍යාපෘතියක් ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජෛව ඉන්ධන විදුලි බලාගාරය, 2009 ඔක්තෝබර් මස එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස අවමකරවීමේ සම්මුතිය (UNFCCC) විසින් පිළිගැනීමට ලක්වේ.  

    මෙගා වොට් 10ක ධාරිතාවකින් යුතු අපගේ දෙවන ජෛව ඉන්ධන විදුලි බලාගාරය 2009 ඔක්තෝබර් මස ත්‍රිකුණාමළයේදී දියත් කෙරේ.

    මෙගා වොට් 10ක ධාරිතාවකින් යුතු අපගේ දෙවන ජෛව ඉන්ධන විදුලි බලාගාරය 2009 ඔක්තෝබර් මස ත්‍රිකුණාමළයේදී දියත් කෙරේ.

    Read More

    2011

    සම්මානනීය පරිසරවේදී ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා විසින් රචිත, “Horton Plains: Sri Lanka’s Cloud-forest National Park” ග්‍රන්ථය දොරට වැඩීම ටෝකියෝ සමාගම අනුග්‍රාහකත්වය ඇතිව සිදුකෙරේ. <br> හෝර්ටන් තැන්නේ ශාක හා සත්ව විශේෂයන්ගේ සුන්දරත්වය අලළා ලියැවුණු මෙම ග්‍රන්ථය, අනාගත පරපුරට පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් එළිදක්වන ලද අතර, දිවයිනේ පාසැල් පුස්තකාල වෙත නොමිලේ ප්‍රදානය කෙරිණි.

    ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ත්‍රිකුණාමළයේ කොඩ්ඩියාර් බොක්ක ආශ්‍රිත වෙරළ කලාපයේ කඩොලාන නැවත වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව ආරම්භ කරයි. <br> අප කර්මාන්තශාලා පරිශ්‍රයේ ස්ථාපිත බීජ පැල තවාන තුළ පෝෂණය කෙරෙන, අප රටට ආවේණික ඒකදේශීය විශේෂ 7 කට අයත් කඩොලාන ශාක 10,000 ක් වාර්ෂිකව සිටුවීමෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ …

    ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ත්‍රිකුණාමළයේ කොඩ්ඩියාර් බොක්ක ආශ්‍රිත වෙරළ කලාපයේ කඩොලාන නැවත වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව ආරම්භ කරයි. <br> අප කර්මාන්තශාලා පරිශ්‍රයේ ස්ථාපිත බීජ පැල තවාන තුළ පෝෂණය කෙරෙන, අප රටට ආවේණික ඒකදේශීය විශේෂ 7 කට අයත් කඩොලාන ශාක 10,000 ක් වාර්ෂිකව සිටුවීමෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ස්වාභාවික කඩොලාන ජෛව පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම මෙහි අරමුණයි.

    Read More

    2011

    ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ ඩෙන්ඩ්‍රෝ ජෛව ඉන්ධන විදුලි බලාගාරය මහියංගණය, බතලයාය ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට මුල්ගල් තැබීම.  රු. බිලියන 2.5ක ආයෝජනයක් ලෙස දියත් කෙරුණු මෙම විදුලි බලාගාරයෙන් පුනර්ජනනීය බලශක්තිය මෙ.වොට් 5ක් ජාතික විදුලි බල පද්ධතියට දායක කෙරෙනු ඇත.

    2012

    ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිඳුන් අනුස්මරණය කරනු වස් දඹුල්ලේ ඉදිකළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය විවෘත කිරීම. පෙදරේරු ශිල්පීන්ට NVQ සහතිකය දක්වා ඉහළට යාමට පහසුකම් සපයන මෙම විද්‍යායතනය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා හා විද්‍යාගාර වලින් …

    ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති, දිවංගත ඒ.වයි.එස්. ඥානම් මැතිඳුන් අනුස්මරණය කරනු වස් දඹුල්ලේ ඉදිකළ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය විවෘත කිරීම. පෙදරේරු ශිල්පීන්ට NVQ සහතිකය දක්වා ඉහළට යාමට පහසුකම් සපයන මෙම විද්‍යායතනය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට නේවාසික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා හා විද්‍යාගාර වලින් සමන්විත වේ.

    Read More

    2012

    ඒ.වයි.එස්. ඥානම් අනුස්මරණ ඉදිකිරීම් පුහුණු විද්‍යායතනය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යාප ඉදිකිරීම් හා පුහුණු ව්‍යාපෘති අංශය යටතේ, 2012 වසරේ හොඳම සමාජ සත්කාරක වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍ර වෙයි.

    2013

    අපගේ වෙරළතීරයේ හානියට පත් කොරල් පර නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු පියවර නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයෙන් ආරම්භ කරයි.  වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ පදනම (WRCT) ඇතුළු තවත් සම්පත් දායකයින් ගණනාවකගේ සහයෝගිතාව ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

    2014

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ ජෛව ඉන්ධන විදුලි බලාගාරය මෙ.වොට් 5ක ධාරිතාවයකින් යුක්තව මහියංගණයේ දී විවෘත කෙරේ.  මින් ජනනය කෙරෙන පුනර්ජනනීය බලශක්තියෙන් ගැමි නිවාස 30,000 කට විදුලිය ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත ද ඒකාලෝක කරයි. මෙමගින් ඍජු රැකියා අවස්ථා 70ක් සහ වක්‍ර රැකියා 500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමෙන් ප්‍රදේශයේ වැසියන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කරන අතරම, අඩු පහසුකම්ලාභී …

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ ජෛව ඉන්ධන විදුලි බලාගාරය මෙ.වොට් 5ක ධාරිතාවයකින් යුක්තව මහියංගණයේ දී විවෘත කෙරේ.  මින් ජනනය කෙරෙන පුනර්ජනනීය බලශක්තියෙන් ගැමි නිවාස 30,000 කට විදුලිය ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත ද ඒකාලෝක කරයි. මෙමගින් ඍජු රැකියා අවස්ථා 70ක් සහ වක්‍ර රැකියා 500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමෙන් ප්‍රදේශයේ වැසියන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කරන අතරම, අඩු පහසුකම්ලාභී ග්‍රාමීය ප්‍රජාවක් සවිබල ගන්වන්නට ද දායකත්වය සපයයි. මෙහි ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රදේශයේ ගොවි සංවිධාන සමඟ එක්ව වසරකට ගිනිසීරියා ගස් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වගා කරයි.  සෑම වසරකම එම ගොවි පවුල් සඳහා රු. මිලියන 300කට අධික මුදලක් අප  ගෙවනු ලබන අතර එමගින් ඉන්ධන ආනයනය සඳහා වැයවන මුදල් අපේම රටේ ග්‍රාමීය ආර්ථිකය තුල රඳවාගැනීමට අපට හැකිව ඇත.

    Read More

    2014

    ISO සහතිකයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ වඩාත් පරිසර හිතකාමී සිමෙන්තිය වන TOKYO SUPER පෝට්ලන්ඩ් පෝසලානා සිමෙන්ති (PPC), 2014 වසරේ Ceylon Institute of Builders ආයතනය විසින් පිරිනමන ‘හරිත සලකුණ’ සම්මානය හිමිකර ගනී.  TOKYO SUPER PPC යනු තිරසර නිෂ්පාදන උදෙසා පිදෙන ජාත්‍යන්තර ඇගයුමක් ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සිමෙන්ති සන්නාමයයි.  

    ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ වඩාත් පරිසර හිතකාමී තේරීම ලෙස පිළිගැනීමට ලක්වූ, ශ්‍රී ලංකාවේ පළමු සෙලියුලර් සැහැල්ලු කොන්ක්‍රීට් බ්ලොක් ගල් විශේෂය වන TOKYO SUPERLIGHT හඳුන්වා දීම 2014 වසරේදී සිදු විය.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ 2014 හොඳම තිරසර ව්‍යාපාරික පුරවැසි සම්මාන උලෙළේදී ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල් පර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය වසරේ හොඳම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙස සම්මානයට පාත්‍ර වේ.

    ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම (Foundation of Goodness – FoG) සංවිධානය එකමුතුව ක්‍රියාත්මක කරන, ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ක්‍රිකට් පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් වේ. විශේෂඥ පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මාසික පුහුණු කඳවුරු වලට අමතරව, ප්‍රවීණ දෙස්විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහය ඇතිව පවත්වන විශේෂ පුහුණු සැසිවාර වලදී …

    ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම (Foundation of Goodness – FoG) සංවිධානය එකමුතුව ක්‍රියාත්මක කරන, ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ක්‍රිකට් පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් වේ. විශේෂඥ පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මාසික පුහුණු කඳවුරු වලට අමතරව, ප්‍රවීණ දෙස්විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහය ඇතිව පවත්වන විශේෂ පුහුණු සැසිවාර වලදී දරුවන්ට සිය කුසලතා ඔපමට්ටම් කරගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි. ගම්බද පාසැල් දරුවන්ට ක්‍රිකට් පුහුණු පහසුකම් සැලසීම සඳහා, ගුණ ජය සතුට පදනමේ සීනිගම මූලස්ථානය කේන්ද්‍ර කරගත් ක්‍රීඩාගාර සහ පුහුණුවීම් සඳහා යටිතල පහසුකම් නවීකරණය කරමින් ඇරඹි මෙම වැඩසටහන යටතේ, හික්කඩුව ශ්‍රී සුමංගල MCC Lords සහ සීනිගම ශ්‍රී විමලබුද්ධි Surrey Oval ක්‍රීඩාංගණ දෙක ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුල්‍ය දායකත්වය ඇතිව වැඩිදියුණු කිරීම සිදුකෙරිණි.

    Read More

    2014

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොළඹ පර්යන්තයට අයත් ගබඩා පහසුකම් පුළුල් කිරීමේ පළමු අදියර, සමාගමේ සභාපති එඩ්ගා ගුණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 1 දින සිදු කෙරිණ.

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොළඹ පර්යන්තයට අයත් ගබඩා පහසුකම් පුළුල් කිරීමේ පළමු අදියර, සමාගමේ සභාපති එඩ්ගා ගුණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 1 දින සිදු කෙරිණ.

    Read More

    2014

    TOKYO SUPERHOUSE ‘නවොත්පාදන ප්‍රදර්ශනාගාරය’ කොළඹදී විවෘත කිරීමත් සමගම, අප විසින් හඳුන්වා දෙනු ලැබූ සිමෙන්ති ආශ්‍රිත නවීන ඉදිකිරීම් අමුද්‍රව්‍ය පෙළ පාරිභෝගිකයන් වෙත සමීප කරවීමෙහිලා දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරෙනු ඇත.

    2015

    ත්‍රිකුණාමලයේ කර්මාන්තශාලාව ආශ්‍රිතව ඉදිකෙරෙන අපගේ දෙවන ජෛව ඉන්ධන විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වේ.  මෙහි ආයෝජන වටිනාකම රු. බිලියන 2.5ක් වූ අතර මෙමඟින් උත්පාදනය කෙරෙන මෙ.වොට් 8 ක විදුලිබල ධාරිතාවය අපගේ නවතම නිෂ්පාදනාගාරයේ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත.

    එඩ්ගා ගුණතුංග මහතාගේ හදිසි අභාවයෙන් පසු, 2009 වසරේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුව සිටි, කීර්තිමත් ජනාධිපති නීතීඥයෙකු වන ආචාර්ය හර්ෂ කබ්‍රාල් මහතා සමාගමේ සභාපති ධුරයට පත්වේ.

    TOKYO SUPER වෙළඳ නාම පොකුර යටතේ හඳුන්වා දුන් සිමෙන්ති ආශ්‍රිත නවීන ඉදිකිරීම් අමුද්‍රව්‍ය පෙළ මුළු රටම ආවරණය වන පරිදි වෙළඳපොළට නිකුත් කෙරේ.

    TOKYO SUPER වෙළඳ නාම පොකුර යටතේ හඳුන්වා දුන් සිමෙන්ති ආශ්‍රිත නවීන ඉදිකිරීම් අමුද්‍රව්‍ය පෙළ මුළු රටම ආවරණය වන පරිදි වෙළඳපොළට නිකුත් කෙරේ.

    Read More

    2015

    MV Mohar නෞකාව අගෝස්තු මස සිට අපගේ සිමෙන්ති ප්‍රවාහන සේවයට එක් වේ.  මෙට්‍රික් ටොන් 22,000ක සිමෙන්ති තොගයක් සමඟ එහි මංගල දියත් කිරීමේ උත්සවය එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු අර්ජුන රණතුංග සහ ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    TOKYO SUPERMIX පෙර සැකසූ කොන්ක්‍රීට් (Ready Mix Concrete – RMC) සඳහා යොදාගනු ලබන නිෂ්පාදිත වැලි නිපදවීම සඳහා, ශ්‍රී ලංකාවේ එවැනි මාදිලියේ ප්‍රථම මහාපරිමාණ TOKYO SUPERSAND කර්මාන්තශාලාව විවෘත කෙරේ. තිරසර බවින් ඉහළ, වඩාත් පරිසර හිතකාමී හඳුන්වා දීමක් වන නවීන තාක්ෂණයෙන් සපිරි මෙම ඒකකය මඟින් වසරකට වැලි මෙට්‍රික් ටොන් 300,000ක් නිපදවීමේ හැකියාව ඇත.

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ දීප ව්‍යාප්ත අලෙවි නියෝජිතවරුන් පුහුණු කිරීම උදෙසා වූ ‘දිවි ශක්ති’ වැඩමුළුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමාගම (IFC) සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම 2015 ජුනි මස සිදු කෙරිණ.  

    TOKYO SUPER QUIZ දෙවැනි අදියරේ අවසන් තරඟය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වුණු අතර, එහිදී රිච්මන්ඩ් විද්‍යාලය රු. මිලියනයක් වටිනා අවසන් මහා ත්‍යාගය දිනාගත්හ.

    TOKYO SUPER QUIZ දෙවැනි අදියරේ අවසන් තරඟය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වුණු අතර, එහිදී රිච්මන්ඩ් විද්‍යාලය රු. මිලියනයක් වටිනා අවසන් මහා ත්‍යාගය දිනාගත්හ.

    Read More

    2016

    ටෝකියෝ සිමෙන්ති සමාගම සිය සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලොව උසස්ම තත්වයේ ක්ලින්කර් ජපානයෙන් ආනයනය කිරීම නැවත ආරම්භ කළ බව නිවේදනය කරයි.  මෙසේ ගෙන්වන ක්ලින්කර්, උස් ගොඩනැගිලි සහ මහාපරිමාණ ඉදිකිරීම් සඳහාම විශේෂිත සංයුතියකින් නිපදවන NIPPON CEMENT PRO සිමෙන්ති සඳහා යෙදවෙනු ඇත.

    TOKYO SUPER QUIZ තුන්වන අදියරේදී කොළඹ විශාඛා විද්‍යාලය පරදා ජයග්‍රහණය ලැබූ ගාල්ල මහින්ද විද්‍යාලය රු. මිලියනයක් වටිනා මුදල් ත්‍යාගය සහ රන් කිරුළ හිමි කරගනී.

    TOKYO SUPER QUIZ තුන්වන අදියරේදී කොළඹ විශාඛා විද්‍යාලය පරදා ජයග්‍රහණය ලැබූ ගාල්ල මහින්ද විද්‍යාලය රු. මිලියනයක් වටිනා මුදල් ත්‍යාගය සහ රන් කිරුළ හිමි කරගනී.

    Read More

    2016

    ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ (Society of Structural Engineers of Sri Lanka – SSESL) 2016 වාර්ෂික සමුළුව ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ.  සමාගමේ ඇරයුමින් ජපානයේ UBE Industries Limited හි ව්‍යුහාත්මක ඉංජිනේරු ආචාර්ය තකනොරි කවමෝටෝ මහතා සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වේ.

    ත්‍රිකුණාමළයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ විද්‍යාගාරය ISO 17025 තත්ත්ව සම්මානය හිමිකර ගනියි.

    ත්‍රිකුණාමළයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ විද්‍යාගාරය ISO 17025 තත්ත්ව සම්මානය හිමිකර ගනියි.

    Read More

    2016

    ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස ටෝකියෝ සුපර්මික්ස් (පුද්.) සමාගම ලියාපදිංචි කෙරෙන අතර, පෙර සැකසූ කොන්ක්‍රීට් (Ready Mix Concrete – RMC) සහ නවීන ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදාහැරීම මේ යටතේ සිදු කෙරෙනු ඇත.

    දිවයින පුරා පැතිරී සිටින අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨතම දක්ෂතා දැක්වූ ආයතන වෙත ප්‍රණාමය දක්වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.  මෙහිදී යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2015 වසරේ හොඳම අලෙවි නියෝජිතට හිමි සම්මාන සහතික දිනාගත් අතර, මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් ආයතනය සහ දඹුල්ලේ පෙරේරා ඩිස්ට්‍රිබියුටර්ස්, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් දිනාගන්නා …

    දිවයින පුරා පැතිරී සිටින අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨතම දක්ෂතා දැක්වූ ආයතන වෙත ප්‍රණාමය දක්වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.  මෙහිදී යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2015 වසරේ හොඳම අලෙවි නියෝජිතට හිමි සම්මාන සහතික දිනාගත් අතර, මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් ආයතනය සහ දඹුල්ලේ පෙරේරා ඩිස්ට්‍රිබියුටර්ස්, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් දිනාගන්නා ලදී.

    Read More

    2016

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සාගර විද්‍යාඥයින් සහ සංරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදි සමුද්‍රීය පරිසර පර්යේෂණ සංවිධානයක් වන Blue Resources Trust සමඟ එක්ව දියත් කරන  කොරල් පර සංරක්ෂණ වැඩසටහන, සුක්‍ෂම විද්‍යාත්මක දත්ත නිරීක්ෂණය සඳහා වැදගත් ඉදිරි පියවරක් තැබීය.  මේ යටතේ Blue Resources Trust සංවිධානය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාන්කර්නි හි පිහිටි කාශ්‍යප කඳවුරේ තෝරාගත් නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමකට විද්‍යානුකුල …

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සාගර විද්‍යාඥයින් සහ සංරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදි සමුද්‍රීය පරිසර පර්යේෂණ සංවිධානයක් වන Blue Resources Trust සමඟ එක්ව දියත් කරන  කොරල් පර සංරක්ෂණ වැඩසටහන, සුක්‍ෂම විද්‍යාත්මක දත්ත නිරීක්ෂණය සඳහා වැදගත් ඉදිරි පියවරක් තැබීය.  මේ යටතේ Blue Resources Trust සංවිධානය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාන්කර්නි හි පිහිටි කාශ්‍යප කඳවුරේ තෝරාගත් නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමකට විද්‍යානුකුල ක්‍රමවේද අනුව කොරල් සමීක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.

    Read More

    2016

    ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ (IFC) සහයෝගය ඇතිව  ක්‍රියාත්මක කෙරුණු ටෝකියෝ සිමෙන්ති ‘දිවි ශක්ති’ පුහුණු වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මන්නාරම, මුලතිව්, වවුනියා, අම්පාර සහ මඩකළපුව යන ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් 200කට අධික පිරිසක් කුඩා පරිමාන ව්‍යවසායක පුහුණුව සම්පුර්ණ කරයි.

    2017

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ සමස්ත වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2.8 දක්වා ඉහළ නංවමින්, මෙට්‍රික් ටොන් මිලියන 1ක ධාරිතාවයක් ඇති අතිනවීන පූර්ණ ස්වයංක්‍රීය, අධිතාක්ෂණික සිමෙන්ති ඇඹරුම් ඒකකයක් ස්ථාපනයත් සමග සමාගමේ නිෂ්පාදන ශක්‍යතාව වැඩිදියුණු කිරීම 2017 මැයි මාසයේ සිදු කෙරිණි. ඇ.ඩො. මිලියන 50 ඉක්මවූ මෙම ආයෝජනය ව්‍යාපෘතිය යටතේ, සිමෙන්ති පාදක වියලි බදාම ආශ්‍රිත ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය …

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ සමස්ත වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2.8 දක්වා ඉහළ නංවමින්, මෙට්‍රික් ටොන් මිලියන 1ක ධාරිතාවයක් ඇති අතිනවීන පූර්ණ ස්වයංක්‍රීය, අධිතාක්ෂණික සිමෙන්ති ඇඹරුම් ඒකකයක් ස්ථාපනයත් සමග සමාගමේ නිෂ්පාදන ශක්‍යතාව වැඩිදියුණු කිරීම 2017 මැයි මාසයේ සිදු කෙරිණි. ඇ.ඩො. මිලියන 50 ඉක්මවූ මෙම ආයෝජනය ව්‍යාපෘතිය යටතේ, සිමෙන්ති පාදක වියලි බදාම ආශ්‍රිත ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය උදෙසා පූර්ණ ස්වයංක්‍රීය නිෂ්පාදනාගාරයක්, මෙම නවීන කර්මාන්තශාලා ද්විත්වයට අවශ්‍ය බලශක්තිය උත්පාදනයට 8MW ධාරිතාවයෙන් යුතු නව ජෛව ඉන්ධන විදුලි බලාගාරයක් මෙන්ම, ත්‍රිකුණාමළයේ පිහිටි අපගේ පුද්ගලික ජැටිය, විශාල නෞකාවලට පිවිසිය හැකිවන පරිදි විශාලනය කිරීමත්, අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන ලදී.

    Read More

    2017

    යාපනයේ, City Hardware & Stores 2016 වසරේ හොඳම අලෙවි නියෝජිත සම්මානය ද, මඩකලපුවේ Ancheneyer Cement & Hardware Dealers දෙවන සහ Ahila Hardware තුන්වන ස්ථානයන් ද පිළිවෙලින් දිනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත හමුව කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුනු අතර, මෙම අවස්ථාවට දිවයින පුරා සිටින ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වූහ.  මෙවර …

    යාපනයේ, City Hardware & Stores 2016 වසරේ හොඳම අලෙවි නියෝජිත සම්මානය ද, මඩකලපුවේ Ancheneyer Cement & Hardware Dealers දෙවන සහ Ahila Hardware තුන්වන ස්ථානයන් ද පිළිවෙලින් දිනාගත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත හමුව කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුනු අතර, මෙම අවස්ථාවට දිවයින පුරා සිටින ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වූහ.  මෙවර සමුළුවේදී 175 කට අධික ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් සිය 2016 වසරේ සිය වෙළඳ දක්ෂතාවයන් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.

    Read More

    2017

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල් පර සංරක්ෂණ වැඩසටහන පුළුල් කිරීම උදෙසා වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust – WRTC) සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මෙතුලින් WRCT භාරය, දැනට පවතින කොරල් ගහන පිළිබඳ දත්ත සමීක්ෂණය සහ අලුතින් කොරල් ප්‍රතිස්ථාපන යන ප්‍රධාන ක්‍රියාකාරකම් වලට අමතරව වැඩසටහනේ අනෙකුත් පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ …

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල් පර සංරක්ෂණ වැඩසටහන පුළුල් කිරීම උදෙසා වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust – WRTC) සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මෙතුලින් WRCT භාරය, දැනට පවතින කොරල් ගහන පිළිබඳ දත්ත සමීක්ෂණය සහ අලුතින් කොරල් ප්‍රතිස්ථාපන යන ප්‍රධාන ක්‍රියාකාරකම් වලට අමතරව වැඩසටහනේ අනෙකුත් පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වනජීවි දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග දැනුම හුවමාරුව, පුහුණුව ලබා දීම හා මහජනතාව, ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව සහ පාසල් ළමුන් ඉලක්ක කරගත් අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම යන අංශ සඳහා සිය සම්පත් දායකත්වය ලබා දෙනු ඇත.  

    Read More

    2017

    2016/2017 මූල්‍ය වර්ෂය තුළ ටෝකියෝ සිමෙන්ති ‘දිවි ශක්ති’ පුහුණු වැඩසටහන, බදුල්ල, මොනරාගල, මහනුවර, කුරුණෑගල, දඹුල්ල, ගම්පහ, කොළඹ, රත්නපුර, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරුණු අතර, 500කට අධික අලෙවි නියෝජිතයන් පිරිසකට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව පුහුණුවක් මෙතුලින් ලබා දීමට හැකිවිය.

    මැයි මස 5 වනදාට යෙදෙන ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිර්මාතෘ දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන්ගේ 95වන ජන්ම සංවත්සරය අනුස්මරණය කරනු වස්, තිකුණාමල දිස්ත්‍රික්කයේ අවතැන් පවුල් 25කට නිවාස ඉදිකරදීම සඳහා මුල්ගල් තැබීම.  

    අපගේ කොරල් සංරක්ෂණ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු විද්‍යාත්මක පදනමක් මත පිහිටා ක්‍රියාත්මක කිරීම උදෙසා, සාගර සම්පත් සමීක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන Blue Resources Trust (BRT) සමග ක්‍රියාකාරී අවබෝධතා ගිවිසුමකට එළඹිණි.  ඒ අනුව, Blue Resources Trust සිය විශේෂතා ඥානය සහ අත්දැකීම් බෙදාහදාගනිමින් සාගරික සම්පත් සහ එහි ජෛව විවිධත්වය රැකගැනීමට ඉවහල් වන විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීම, පරීක්ෂණ දැනුම හුවමාරු …

    අපගේ කොරල් සංරක්ෂණ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු විද්‍යාත්මක පදනමක් මත පිහිටා ක්‍රියාත්මක කිරීම උදෙසා, සාගර සම්පත් සමීක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන Blue Resources Trust (BRT) සමග ක්‍රියාකාරී අවබෝධතා ගිවිසුමකට එළඹිණි.  ඒ අනුව, Blue Resources Trust සිය විශේෂතා ඥානය සහ අත්දැකීම් බෙදාහදාගනිමින් සාගරික සම්පත් සහ එහි ජෛව විවිධත්වය රැකගැනීමට ඉවහල් වන විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීම, පරීක්ෂණ දැනුම හුවමාරු කරගැනීම සහ ඊට අදාල අධ්‍යාපනික සහ පුහුණු වැඩමුළු ආදිය පැවැත්වීමෙන්, ටෝකියෝ සිමෙන්ති සමූහයේ කොරල් පර ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණ වැඩසටහනට අත්වැල් සපයනු ඇත.

    Read More

    2017

    ටෝකියෝ සිමෙන්ති සමාගම 2017 වසරේ වටිනාම වෙළඳනාම කිහිපය අතරට එක්වුණු අතර, සිමෙන්ති ටොන් මිලියන 2.8ක නිෂ්පාදන ධාරිතාව, 600කට අධික සේවක පිරිස සහ රු. බිලියන 36ක වත්කම් යන කරුණු මේ සඳහා පාදක කරගන්නා ලදී.  

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිර්මාතෘ දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් අනුස්මරණය අළලා සිදු කළ වැඩසටහන් මාලාවේ එක් පියවරක් සනිටුහන් කරමින්, ත්‍රිකුණාමළයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාව ආශ්‍රිතව පිහිටි දෙවැනි ජෛව ඉන්ධන විදුලි බලාගාරය, 2017 මැයි 5වන දින එවක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කෙරිණ.  

    ගුණ ජය සතුට පදනම (Foundation of Goodness – FoG) සංවිධානය සමඟ එක්ව ආරම්භ කළ පාසල් ක්‍රිකට් පුහුණු කඳවුරු මාලාව උතුරු පළාත වෙතද ව්‍යාප්ත කරමින්, යාපනය, කිළිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව්, වවුනියා සහ මන්නාරම යන ප්‍රදේශවලද ක්‍රිකට් පුහුණු කඳවුරු පවත්වන ලදී.  

    වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය (WRCT) සමඟ එක්ව ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් කොරල් නැවත වගා කිරීමේ ක්‍රමවේද පිළිබඳ තුන්දින වැඩමුළුවක් යාපනය කරේනගර්හි ශ්‍රී ලංකා නාවුක හමුදාවේ උතුරු නාවික අණදෙන මූලස්ථානයේදී පවත්වනු ලැබීය.  මෙහි ඊළඟ අදියර ලෙස, Blue Resources Trust (BRT) විසින් මෙහෙයවන ලද කොරල් පර සමීක්ෂණ ක්‍රමවේද පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.  

    2018

    නිලාවේලි, අඩම්පෝඩායි හි අභිනවයෙන් ඉදිකළ නිවාස 25ක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවතැන් පවුල් වෙත බෙදාදීම 2018 මාර්තු මස දී සිදු කෙරිණ.  

    නිලාවේලි, අඩම්පෝඩායි හි අභිනවයෙන් ඉදිකළ නිවාස 25ක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවතැන් පවුල් වෙත බෙදාදීම 2018 මාර්තු මස දී සිදු කෙරිණ.  

    Read More

    2018

    ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් ම පරිසර හිතකාමී විසඳුම වන TOKYO SUPERLIGHT සැහැල්ලු කොන්ක්‍රීට් බ්ලොක් ගල් නිපදවන ඇල්පිටියේ පිහිටි අති නවීන කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන ලදී.  

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත හමුව කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුනු අතර, මෙහිදී 2017 වසරේ හොඳම අලෙවි නියෝජිත ලෙස යාපනයේ City Hardware & Stores සහ පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථාන මඩකළපුවේ Ancheneyer Cement & Hardware Dealers සහ Ahila Hardware ආයතන විසින් දිනාගන්නා ලදී.  

    ලාංකේය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ උසස් වෘත්තීයවේදීන් වෙනුවෙන් ටෝකියෝ සුපර්මික්ස් (පුද්.) සමාගම විසින් සංවිධාන කළ ‘කොන්ක්‍රීට් තාක්ෂණයේ නව ප්‍රවණතා’ නම් සම්මන්ත්‍රණය, ජපානයේ UBE INDUSTRIES LTD. සම්පත්දායකත්වයෙන් පැවැත්විණි.  

    ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස The Music Project සංවිධානය සමඟ ක්‍රියාත්මක කළ සංගීත අධ්‍යාපන ව්‍යපෘතිය, සාර්ථක දෙවෙනි වසරේත් ක්‍රියාත්මක කෙරිණි.  මේ යටතේ මුලතිවු පාලිනගර් මහා විද්‍යාලයේ දරුවන් 110ක් සහ කුරුණෑගල මාවතගම ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 65ක් වෙනුවෙන් සංගීත පුහුණු වැඩසටහන් පවත්වනු ඇත.  

    TOKYO SUPER සංයෝග කළ ද්‍රාව සිමෙන්තිය (Blended Hydraulic Cement), ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders – CIOB) විසින් පිරිනමනු ලබන හරිත සලකුණ සහතිකය (සිංගප්පූරුව) හිමි කර ගනියි.  

    නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අපගේ ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය අගනුවර කේන්ද්‍රගතව 2018 වසරේදී පිහිටුවනු ලදී.  ISO 17025 සහතිකයෙන් ද පිදුම් ලැබූ මෙම ආයතනය, සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක වියලි බදාම ආශ්‍රිත නවීන ගොඩනැගිලි අමුද්‍රව්‍ය සම්බන්ධ පර්යේෂණයන් වඩාත් නිවැරදිව, කාර්යක්ෂමව හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමේ පහසුකම්වලින් යුක්තය.  

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොළඹ පර්යන්තයේ ඇසුරුම්කරණ සහ බෙදාහැරීම් අංශය පුළුල් කරමින් ඉදිකළ නවීන ඇසුරුම් යන්ත්‍රාගාරය 2018දී විවෘත කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වයංක්‍රීය සිමෙන්ති බෑග් ඇසුරුම්කරණ යන්ත්‍රාගාරය ද වේ.  

    ත්‍රිකුණාමළය ටෝකියෝ සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නවීන තාක්ෂණික විශිෂ්ඨතා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබේ.   හරිත සංකල්ප පදනම් කොටගනිමින් රු. මිලියන 500ක වියදමින් ඉදිකෙරෙන මෙම ගොඩනැඟිල්ල, කර්මාන්තශාලාවට අයත් පරිපාලනය අංශ, තත්ත්ව පාලන රසායනාගාර සහ නවීන තාක්ෂණික මෙහෙයුම් මැදිරියකින් යුක්ත වනු ඇත.   අංග සම්පුර්ණ සම්මන්ත්‍රණ පහසුකම් සහ තාක්ෂණික අංශ සේවක පිරිස් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමේ ශ්‍රවණාගාර …

    ත්‍රිකුණාමළය ටෝකියෝ සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නවීන තාක්ෂණික විශිෂ්ඨතා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබේ.   හරිත සංකල්ප පදනම් කොටගනිමින් රු. මිලියන 500ක වියදමින් ඉදිකෙරෙන මෙම ගොඩනැඟිල්ල, කර්මාන්තශාලාවට අයත් පරිපාලනය අංශ, තත්ත්ව පාලන රසායනාගාර සහ නවීන තාක්ෂණික මෙහෙයුම් මැදිරියකින් යුක්ත වනු ඇත.   අංග සම්පුර්ණ සම්මන්ත්‍රණ පහසුකම් සහ තාක්ෂණික අංශ සේවක පිරිස් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමේ ශ්‍රවණාගාර පහසුකම්වලින් ද මෙම ගොඩනැඟිල්ල සමන්විත වනු ඇත.    

    Read More

    2018

    TOKYO SUPER සංයෝග කළ ද්‍රාව සිමෙන්තිය (Blended Hydraulic Cement) සඳහා GREENSL® ලේබලය හිමි වූ අතර, මෙය හරිත ඉදිකිරීම් කවුන්සිලය (Green Building Council) වෙතින් ප්‍රදානය කරනු ලබන ඉහළතම පරිසර හිතකාමීත්වය පිළිබඳ ප්‍රමිති සහතිකයකි.  

    කොළඹ කොටස් හුවමාරුව වාර්ෂිකව පළකරනු ලබන දත්තයන් අනුව Business Today සඟරාව විසින් සිදුකරන ශ්‍රේණිගත කිරීම්වලදී, ටෝකියෝ සිමෙන්ති සමාගම 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යපාර 30 නාමාවලියට එක් කෙරේ.   සමාගම පිට පිටම වසර 2ක් එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටීම ද විශේෂත්වයකි.  2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගම විසින් පෙන්නුම් කළ ව්‍යාපාරික ස්ථාවරයත්වය සහ …

    කොළඹ කොටස් හුවමාරුව වාර්ෂිකව පළකරනු ලබන දත්තයන් අනුව Business Today සඟරාව විසින් සිදුකරන ශ්‍රේණිගත කිරීම්වලදී, ටෝකියෝ සිමෙන්ති සමාගම 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යපාර 30 නාමාවලියට එක් කෙරේ.   සමාගම පිට පිටම වසර 2ක් එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටීම ද විශේෂත්වයකි.  2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගම විසින් පෙන්නුම් කළ ව්‍යාපාරික ස්ථාවරයත්වය සහ පුළුල් සමාජ පිළිගැනීම සලකා බලමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කොට ඇත.  

    Read More

    2019

    නවක ඉංජිනේරු වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් පළමු වරට සංවිධාන කළ “BUILDING BEYOND 2019” සම්මන්ත්‍රණය, අගෝස්තු මස 21වන දින BMICHහිදී පවත්වන ලද අතර, මෙම සමුළුව සඳහා විශේෂ කථිකයන් රැසක් ද සහභාගී විය.   ඉංජිනේරු තාක්ෂණය හා සම්බන්ධ නව ප්‍රවණතා මෙන්ම ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීම් සහ නවෝත්පාදන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.  සිවිල් ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් …

    නවක ඉංජිනේරු වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් පළමු වරට සංවිධාන කළ “BUILDING BEYOND 2019” සම්මන්ත්‍රණය, අගෝස්තු මස 21වන දින BMICHහිදී පවත්වන ලද අතර, මෙම සමුළුව සඳහා විශේෂ කථිකයන් රැසක් ද සහභාගී විය.   ඉංජිනේරු තාක්ෂණය හා සම්බන්ධ නව ප්‍රවණතා මෙන්ම ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීම් සහ නවෝත්පාදන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.  සිවිල් ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සහ වෘත්තීයවේදීන් 250කට අධික සංඛාවකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ඉංජිනේරු වෘත්තිකයන් සහභාගි විය.

    Read More

    2019

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතර සහ එම මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලිය එක් වහලක් යටට ගෙනඑන ටෝකියෝ සිමෙන්ති තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය උත්සවාකාරයෙන් විවෘත කිරීම. ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය විසින් පිරිනමන GREEN® Building Platinum සහතික ලද මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා …

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතර සහ එම මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලිය එක් වහලක් යටට ගෙනඑන ටෝකියෝ සිමෙන්ති තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය උත්සවාකාරයෙන් විවෘත කිරීම. ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය විසින් පිරිනමන GREEN® Building Platinum සහතික ලද මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, ජපානයේ Ube Industries විධායක නිලධාරී මිත්සුඕ ඕනෝ, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් යන මහත්වරුන් අතින් විවෘත කෙරිනි.

    Read More

    2019

    දිවයින පුරා පැතිරී සිටින අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන්ට ප්‍රණාමය දක්වන වාර්ෂිකව අලෙවි නියෝජිත සමුළුවට නවමු අත්දැකීමක් එක් කරමින්, ප්‍රථම වරට ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ සංචාරයක් සංවිධානය කර තිබිණි.   2019 වසරේ විශිෂ්ට ව්‍යාපාරික දක්ෂතා දැක්වූ ජයග්‍රාහකයන්ට මෙම වටිනා අවස්ථාව හිමි වූ අතර, ටෝකියෝ සිමෙන්ති මහගෙදර වන ත්‍රිකුණාමළයේ අභිනවයෙන් විවෘත කළ තාක්‍ෂණ විශිෂ්ඨතා කේන්ද්‍රයේ සම්මන්ත්‍රණ ශාලා …

    දිවයින පුරා පැතිරී සිටින අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන්ට ප්‍රණාමය දක්වන වාර්ෂිකව අලෙවි නියෝජිත සමුළුවට නවමු අත්දැකීමක් එක් කරමින්, ප්‍රථම වරට ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ සංචාරයක් සංවිධානය කර තිබිණි.   2019 වසරේ විශිෂ්ට ව්‍යාපාරික දක්ෂතා දැක්වූ ජයග්‍රාහකයන්ට මෙම වටිනා අවස්ථාව හිමි වූ අතර, ටෝකියෝ සිමෙන්ති මහගෙදර වන ත්‍රිකුණාමළයේ අභිනවයෙන් විවෘත කළ තාක්‍ෂණ විශිෂ්ඨතා කේන්ද්‍රයේ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම උත්සවය පවත්වනු ලැබීය.  මෙහිදී යාපනයේ City Hardware & Stores 2019 වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිතයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, මඩකළපුව Ancheneyer Cement & Hardware Dealers සහ කුරුණෑගල National Trading Stores පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනා ගන්නා ලදී.  

    Read More

    2019

    අප විසින් නායකත්වය සපයන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන, දකුණු වෙරළ තීරයට ව්‍යාප්තකිරීමේ මහඟු මෙහෙවරට දායකවීමට ගුණ ජය සතුට පදනම The Foundation of Goodness (FoG) එක්වේ.  අංශ ගණනාවක් ඔස්සේ ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ වසර ගණනාවක් පුරා පවතින සබැඳියාව වඩාත් ශක්තිමත් කරමින්, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැල, මින් ඉදිරියට …

    අප විසින් නායකත්වය සපයන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන, දකුණු වෙරළ තීරයට ව්‍යාප්තකිරීමේ මහඟු මෙහෙවරට දායකවීමට ගුණ ජය සතුට පදනම The Foundation of Goodness (FoG) එක්වේ.  අංශ ගණනාවක් ඔස්සේ ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ වසර ගණනාවක් පුරා පවතින සබැඳියාව වඩාත් ශක්තිමත් කරමින්, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැල, මින් ඉදිරියට සීනිගම හා හික්කඩුව වෙරළ තීරයේ ලෝ ප්‍රකට කොරල් පරය රැකගැනීමට සිය සක්‍රිය දායකත්වය ලබාදෙනු ඇත. ගුණ ජය සතුට පදනමේ සීනිගම කිමිදුම් පුහුණු පාසැල මෙම ක්‍රියාන්විතයට එක්වීමත් සමගම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු සාගර සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන Blue Resources Trust සහ Wildlife Research and Conservation Trust සංවිධාන එකමුතුවෙන් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගෙනයන කොරල් පර සංරක්ෂණ වැඩසටහන, වඩාත් පුළුල් භූගෝලීය පරාසයක් ආවරණය වන පරිදි ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත.

    Read More

    2019

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කළ 2019 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී, රසායනික නිෂ්පාදන අංශය යටතේ රිදී සම්මානය දිනා ගන්නට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත් වේ.

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කළ 2019 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී, රසායනික නිෂ්පාදන අංශය යටතේ රිදී සම්මානය දිනා ගන්නට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත් වේ.

    Read More

    2019

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ Center for Technical Excellence තාක්‍ෂණ විශිෂ්ඨතා කේන්ද්‍රය Green Building Council of Sri Lanka (GBCSL) කවුන්සිලය විසින් පිරිනමන GREENSL® Platinum ලේබලය දිනාගනියි.  

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ Center for Technical Excellence තාක්‍ෂණ විශිෂ්ඨතා කේන්ද්‍රය Green Building Council of Sri Lanka (GBCSL) කවුන්සිලය විසින් පිරිනමන GREENSL® Platinum ලේබලය දිනාගනියි.  

    Read More

    2020

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ දෙවැනි සමුද්‍ර කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දායකත්වය සපයයි. මෙම සමුද්‍ර උද්‍යානයේ දිගුකාලීන පරමාර්ථය වනුයේ, විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇති අපගේ කොරල් සහ අනෙකුත් සාගර ජීවීන් සඳහාම වෙන්වූ ස්වභාවික සමුද්‍ර අභයභූමියක් කාලයාගේ ඇවෑමෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වීමෙන් දේශීය සංචාරක හා ධීවර කර්මාන්තයට ප්‍රතිලාභ සැලසීමයි.  මෙම දිය යට කෞතුකාගාරය …

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ දෙවැනි සමුද්‍ර කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දායකත්වය සපයයි. මෙම සමුද්‍ර උද්‍යානයේ දිගුකාලීන පරමාර්ථය වනුයේ, විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇති අපගේ කොරල් සහ අනෙකුත් සාගර ජීවීන් සඳහාම වෙන්වූ ස්වභාවික සමුද්‍ර අභයභූමියක් කාලයාගේ ඇවෑමෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වීමෙන් දේශීය සංචාරක හා ධීවර කර්මාන්තයට ප්‍රතිලාභ සැලසීමයි.  මෙම දිය යට කෞතුකාගාරය දේශීය හා විදේශීය සංචාරකයන්ට සහ සමුද්‍රීය ජෛව විවිධත්වය පිළිබඳ උනන්දුවක් දක්වන ගවේෂකයන් යන දෙඅංශයටම අසමසම කිමිදුම් අත්දැකීමක් ලබාදෙන ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Read More

    2020

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පිරිසිදු පානීය ජලය සැපයුම් ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරයි. මෙම ව්‍යාපෘතිය මගින් පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ, පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි පවුල් 500කට අයත් දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදෙයි.

    ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන අඛණ්ඩව 2020 වසරේදීත් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් බලගන්වයි.  වසර 5ක ඉතිහාසයක් ඇති මෙම අනුග්‍රාහකත්ව සබැඳියාව හරහා, ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන පිට පළාත්වල පාසැල් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුහුණුව ලබාදෙන ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කෙරේ.

    ටෝකියෝ සිමෙන්ති සමාගම සිය දේශීය සිමෙන්ති නිපැයුම් ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඩොලර් මිලියන 12ක ආයෝජන ගිවිසුමකට එළඹෙයි.

    ටෝකියෝ සිමෙන්ති සමාගම සිය දේශීය සිමෙන්ති නිපැයුම් ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඩොලර් මිලියන 12ක ආයෝජන ගිවිසුමකට එළඹෙයි.

    Read More

    2021

    ටෝකියෝ සිමෙන්ති සමූහය ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා ගුණ ජය සතුට පදනම සමග එක්ව දියත් කරන දකුණු පළාත් ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට 2021 වසර සඳහාත් සිය දායකත්වය ලබාදෙයි. අඛණ්ඩ 7වන වසරටත් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරුවන්ට සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය …

    ටෝකියෝ සිමෙන්ති සමූහය ග්‍රාමීය දරුවන්ගේ ක්‍රිකට් කුසලතා නැංවීම උදෙසා ගුණ ජය සතුට පදනම සමග එක්ව දියත් කරන දකුණු පළාත් ක්‍රිකට් පුහුණු ව්‍යාපෘතියට 2021 වසර සඳහාත් සිය දායකත්වය ලබාදෙයි. අඛණ්ඩ 7වන වසරටත් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශ වල දරුවන්ට සිය සහජ දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවන් උදා කරදීමයි.  මේ යටතේ, ගුණ ජය සතුට පදනම විසින් ක්‍රිකට් පුහුණු වැඩමුළු සංවිධානය කරනු ලබන අතර, තෝරාගත් දක්ෂතා පිරි පාසල් දරුවන්ට ප්‍රවීණ පුහුණුකරුවන් යටතේ සිය හැකියාවන් මුවහත් කරගැනීමට පහසුකම් සපයයි.

    Read More

    2021

    ටෝකියෝ සිමෙන්ති සමූහය, සිය ජාතික වගකීමෙහි තවත් පියවරක් සටහන් කරමින් මහවැලි ගංඉවුරු දෙපස කුඹුක් සහ මී පැළ 200,000 ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සමඟ එක් වේ. සංවේදී ගංගා රක්ෂිතයන් තිරසාරව සං‍රක්ෂණ සහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් මෙම “ඉවුරු රකින පවුරු” වැඩසටහන සඳහා අවශ්‍ය කුඹුක් සහ මී පැළ, ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන …

    ටෝකියෝ සිමෙන්ති සමූහය, සිය ජාතික වගකීමෙහි තවත් පියවරක් සටහන් කරමින් මහවැලි ගංඉවුරු දෙපස කුඹුක් සහ මී පැළ 200,000 ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සමඟ එක් වේ. සංවේදී ගංගා රක්ෂිතයන් තිරසාරව සං‍රක්ෂණ සහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් මෙම “ඉවුරු රකින පවුරු” වැඩසටහන සඳහා අවශ්‍ය කුඹුක් සහ මී පැළ, ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් දෙක මඟින් ලබාදේ.

    Read More

    2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපන අර්ධද්වීපයේ දියත් කළ, කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතියට ටෝකියෝ සිමෙන්ති සමාගම එක්වේ.   ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සිය ත්‍රිකුණාමල කර්මාන්තශාල පරිශ්‍රයේ පිහිටි පැළ තවානෙහි රෝපණය කරන ලද කඩොලාන පැළ 3,500කට අධික ප්‍රමාණයක් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කලපු ආශ්‍රිතව සිදුකෙරෙන මෙම වැඩසටහන සඳහා නාවික හමුදාව වෙත සපයා දෙන ලදී.

    ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ දෙවන අදියර මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවක්කුලම ග්‍රාමයේ වැසියන්ට තිළින කෙරේ. බොහෝ කලක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDu) පීඩාවට පත්ව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 125කට අයත් ගම්වැසියන් 500දෙනෙකුට මෙමගින් පානීය ජල පහසුකම් සැලසෙනු ඇත.

    පරිසර අමාත්‍යාංශය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ එකමුතුවෙන් ක්‍රියාත්මක මහවැලි ගංගා ද්‍රෝණියේ කුඹුක් සහ මී පැළ සිටුවීමේ ‘ඉවුරු රකින පවුරු’ ජාතික වැඩසටහනේ සමාරම්භය, පරිසර අමාත්‍ය ගරු. මහින්ද අමරවීර මැතිතුමන්ගේ සුරතින් පළමු කුඹුක් පැළය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුරේ රෝපණය කරමින් සනිටුහන්කරන ලදී.

    ටෝකියෝ සිමෙන්ති සමූහය සහ ගුණ ජය සතුට පදනම එකමුතුව දඹුල්ලේ ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම මධ්‍යස්ථානය විවෘත කරයි. දඹුල්ලේ සිසිරවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම මධ්‍යස්ථානයේ දී, ඒ අවට ගම්මාන වල අඩු ආදායම්ලාභී පවුල්වල ප්‍රාථමික සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, දෙමළ හා නැටුම් වැනි පාසැල් විෂයයන් සඳහා නොමිලේ අධ්‍යාපන පහසුකම් …

    ටෝකියෝ සිමෙන්ති සමූහය සහ ගුණ ජය සතුට පදනම එකමුතුව දඹුල්ලේ ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම මධ්‍යස්ථානය විවෘත කරයි. දඹුල්ලේ සිසිරවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම මධ්‍යස්ථානයේ දී, ඒ අවට ගම්මාන වල අඩු ආදායම්ලාභී පවුල්වල ප්‍රාථමික සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, දෙමළ හා නැටුම් වැනි පාසැල් විෂයයන් සඳහා නොමිලේ අධ්‍යාපන පහසුකම් සලසා ඇත.  පාසැල් ළමුන්ට අමතරව, ප්‍රදේශයේ තරුණ තරුණියන්ට වඩා හොඳ රැකියා අවස්ථා උදාකරදීම සඳහා ජීවන කුසලතා සහ සාරධර්ම හැඩගැස්වීම, වෘත්තීය පුහුණුව සහ ක්‍රීඩා යන අංශ ඇතුළත් පාඨමාලා ද මෙහි පැවත්වේ. කාන්තා සවිබල ගැන්වීම ගැමි හදගැස්ම සංකල්පයේ ප්‍රධාන අරමුණක් වන අතර, ඒ අනුව සැකසුනු ඇඟළුම්, සූපශාස්ත්‍ර සහ රූපලාවණ්‍ය වෘත්තීය පාඨමාලා ද මෙහිදී පැවැත්වේ. තරුණ තරුණියන් අතර වැඩි ඉල්ලුමක් ඇති ආගන්තුක සත්කාරය, කෘෂිකර්මාන්තය, බේකරි, විදුලි රැහැන්, සීසීටීවී ස්ථාපනය සහ ජංගම දුරකථන අලුත්වැඩියාව වැනි වෘත්තීය ක්ෂේත්‍රයන් පිළිබඳ පුහුණු පාඨමාලා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.

    Read More

    2021

    ටෝකියො සිමෙන්ති සමාගමේ “දිවියට දිය දහරක්” පානීය ජල ව්‍යාපෘතිය මිහින්තලය ප්‍රදේශයේ සියඹලාගස්වැව ජනතාවට පිළිගන්වයි. සියඹලාගස්වැව ගම්වැසියන් 650 කට ආසන්න පිරිසකට ජීවිතයේ වටිනාම ත්‍යාගය වන පිරිසිදු ජලය ලබාදීමේ අරමුණ ඇතිව, දිනකට ලීටර් 5000 ක ධාරිතාවයකින් යුත් ප්‍රති-ආස්‍රැති (රිවර්ස් ඔස්මෝසිස් – RO) තාක්‍ෂණය යොදාගනිමින් පිරිපහදුකරණය කරන ලද ජල පවිත්‍රකරණ පද්ධතියක් මෙහිදී ස්ථාපනය කෙරිණි.  හේන් වගාවට අමතරව මිහින්තලේ …

    ටෝකියො සිමෙන්ති සමාගමේ “දිවියට දිය දහරක්” පානීය ජල ව්‍යාපෘතිය මිහින්තලය ප්‍රදේශයේ සියඹලාගස්වැව ජනතාවට පිළිගන්වයි. සියඹලාගස්වැව ගම්වැසියන් 650 කට ආසන්න පිරිසකට ජීවිතයේ වටිනාම ත්‍යාගය වන පිරිසිදු ජලය ලබාදීමේ අරමුණ ඇතිව, දිනකට ලීටර් 5000 ක ධාරිතාවයකින් යුත් ප්‍රති-ආස්‍රැති (රිවර්ස් ඔස්මෝසිස් – RO) තාක්‍ෂණය යොදාගනිමින් පිරිපහදුකරණය කරන ලද ජල පවිත්‍රකරණ පද්ධතියක් මෙහිදී ස්ථාපනය කෙරිණි.  හේන් වගාවට අමතරව මිහින්තලේ මහකන්දරාව වැවෙහි මිරිදිය මසුන් ඇල්ලීම සිය ජීවිකාව කරගත්, අඩු ආදායම්ලාභී ගොවි පවුල් 171කට අයත් සියඹලාගස්වැව වැසියෝ පානීය ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී සිටියහ.  මින් කිහිප දෙනෙකුම හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් බොහෝ කලක පටන් පීඩාවට පත්ව සිටින අතර, මෙම තත්ත්වය ගමේ කුඩා දරුවන්ගේ මෙන්ම අවදානම් වයස්වල පසුවන විශාල පිරිසකගේ ජීවිතවලට විශාල තර්ජනයක් ද එල්ල කර තිබිනි. උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතිය, ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන්හ.

    Read More

    2021

    කොළඹ වරායේ ටෝකියෝ සිමෙන්ති තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමේ රු. බිලියන 2.5ක ආයෝජන ව්‍යාපෘතිය සමාරම්භ කරයි. මෙමගින් සමාගමේ තොග සිමෙන්ති මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 600,000 සිට මෙට්‍රික් ටොන් 1,000,000 දක්වා ඉහළ නැංවෙන අතර, එවිට ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුළු දේශීය නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 3,000,000 දක්වා ඉහළ යනු ඇත.

    කොළඹ වරායේ ටෝකියෝ සිමෙන්ති තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමේ රු. බිලියන 2.5ක ආයෝජන ව්‍යාපෘතිය සමාරම්භ කරයි.

    මෙමගින් සමාගමේ තොග සිමෙන්ති මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 600,000 සිට මෙට්‍රික් ටොන් 1,000,000 දක්වා ඉහළ නැංවෙන අතර, එවිට ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුළු දේශීය නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 3,000,000 දක්වා ඉහළ යනු ඇත.

    Read More

    2021

    ටෝකියෝ සිමෙන්ති නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවන මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සමාගම ලබාඇති ස්ථාවරය ශක්තිමත් කරනු ඇත.

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි. දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු …

    ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි. දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමෙන් පීඩාවට පත් මෙම ජනතාව ඉන් මුදවාගැනීමට ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මහඟු දායකත්වයක් සපයනු ඇත.

    Read More

    2022

    සිය බෙදාහැරීම් ජාලයේ අති විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ 2021 අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින් අතිසාර්ථක ලෙස සිය වෙළඳ ඉලක්ක ජයගත් අලෙවි නියෝජිතයන් මෙම උත්සවයේදී සම්මානයට පාත්‍ර වූහ.

    ශක්තියේ පදනම

    අපේ පුවත්

    රැකියා අවස්ථා

    අප හා සම්බන්ධ වීමට

    ×

    Read More

    Products & Solutions

    Cement Concrete Cement Based Solutions Aggregate Power

    Service Offering

    Laboratory Services Training Academy Our Network

    Sustainability

    Our Philosophy Planet People Photo Gallery

    Company

    Timeline Facilities News Careers Contact Us

    Investor Relations

    Stock Info Financial Reports Board of Directors

    Contact Us

    Tokyo Cement Company (Lanka) PLC
    469 1/1, Galle Road, Colombo 3, Sri Lanka.
    0112 558 100/ 0112 500 466/ 0112 592 308
    sales@tokyocement.lk

    footer logo