පාවිච්චිය ඉතාම පහසු වන සේ, බර අනුපාතයට මිශ්‍රකළ සියුම් සමාහාරක වන ගංඟා වැලි සහ රළු සමාහාරක වන කලු ගල් (5-20mrn මැටල්) සහ සිමෙන්ති වෙන වෙනම අසුරා බෑගයක් ලෙසින් එන, පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනයකි. නියමිත ජල පරිමාව නිවැරදිව මිශ්‍ර කරගැනීමෙන් ඉතා පහසුවෙන් කොන්ක්‍රීට් මිශ්‍රණය සාදා ගත හැකිය.
G20 ශක්ති පන්තියේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් වන TOKYO SUPERMIX පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනය ස්ලැබ්, ධාවන මංතීරු, පදික මංතීරු ආදිය සඳහා භාවිත කළ හැකිය. 50Kg බෑග් වශයෙන් වෙළඳපොළට එන TOKYO SUPERMIX පෙර සැකසූ කොන්ක්‍රීට් බෑග 30කින්, අඩි 10 x අඩි 10 ක වපසරියක් x අඩි 0.25ක ඝනකමකින් ආවරණය කළ හැකිය.
ඔබගේ අවශ්‍යතාව අනුව, අනෙකුත් ශක්ති පන්තිවල කොන්ක්‍රීට් සැපයීම සිදුකළ හැක.
අනුමත භාවිතාවන්
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-1.png)
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-2.png)
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-3.png)
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-4.png)
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-5.png)
භාවිතයට උපදෙස්
මිශ්‍ර කිරීම
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-1.png)
වැලි හා කලු ගල් අඩංගු ඇසුරුම විවෘත කර, සුදුසු මතුපිටකට හෝ කොන්ක්‍රීට් මික්සරයකට දමා ගන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-2.png)
සිමෙන්ති අඩංගු ඇසුරුම එම සමාහාරක වලට උඩින් දමා මිශ්‍ර කරන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-3.png)
සවලක් ආධාරයෙන් සිමෙන්ති සහ සමාහාරක හොඳින් මිශ්‍ර කරගන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-4.png)
සවලක් යොදාගෙන අතින් මිශ්‍ර කරන්නේ නම් ජලය ලීටර් 4-5ක් පමණ ද, යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කරන්නේ නම් ජලය ලීටර් 4-4.5ක් පමණ ද එකතු කර පාවිච්චියට සුදුසු පදම වන තෙක් මිශ්‍ර කරගන්න.
ආලේප කිරීම
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-5.png)
කොන්ක්‍රීට් යොදන මතුපිට හොඳින් පිරිසිදු කර තෙත් කරගන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-6.png)
කොන්ක්‍රීට් මිශ්‍රණය අවශ්‍ය පරිදි යොදන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-7.png)
කොන්ක්‍රීට් සංයුක්ත කරගන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-8.png)
මට්ටම් ලීය ආධාරයෙන් කොන්ක්‍රීට් යෙදූ මතුපිට ඒකාකාරීව සමතලා කරගන්න.
වෙනත් සටහන්
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-9.png)
විනිවිද නොපෙනෙන කලු පොලිතින් එකකින් කොන්ක්‍රීට් මතුපිට පැය 6-10ක් පමණ ආවරණය කර තබන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-10.png)
කොන්ක්‍රීට් සවි වූ පසු (පැය 12කට පමණ පසු) ජලය ඉසීමෙන් මතුපිට තෙතමනය පවත්වාගන්න.
![](https://tokyocement.com/wp-content/themes/blankslate/assets/images/premix-method-11.png)
දින 7ක් ගතවන තෙක් කොන්ක්‍රීට් මතුපිට තෙතමනය පවත්වාගනිමින් සවිවීමට ඉඩ හරින්න.