ටෝකියෝ සුපර්සීල් 1K වෝටර්පෲෆර් යනු කේවල සංරචකයක් සහිතව නිපදවා ඇති වෝටර් පෲෆින් විසඳුමක් වන අතර බිත්ති, ස්ලබ් සහ ගෙබිම මතුපිට ඇතිවන කාන්දු, දිය සීරා මතුවීම ආදිය වළක්වයි. ජලයට එරෙහි ඉහළ ප්‍රතිරෝධී ගුණයක් සහිත මෙය ඔබේ පිටත බිත්ති, නාන කාමර සහ මුළුතැන්ගෙය සඳහා යෝග්‍ය විසඳුමකි.
ටෝකියෝ සුපර්සීල් ඇතුළත භාවිතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අතර වෝටර් පෲෆින් යෙදිය යුතු සිරස් හෝ තිරස් මතුපිට සඳහා සුදුසුය.
අනුමත භාවිතාවන්






ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය (කාමර උෂ්ණත්වයේ ඇති) ලීටර් 6.5 - 7 බඳුනට දමන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්සීල් 1k වෝටර්පෲෆර් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතු කරමින් මිශ්‍ර කරන්න (rpm<500).

මිනිත්තු 5ක් පමණ (rpm <500) දිගටම මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් තවත් මිනිත්තු 2ක් පමණ මිශ්‍ර කරගන්න.

පැයක් තුළ ආවරණය කළ හැකි ප්‍රදේශයක් සූදානම් කර තබාගන්න.
ආලේප කිරීම

යොදන මතුපිට පිරිසිඳු සහ ගැලවී ගිය ද්‍රව්‍ය/ තෙතබරිත ස්ථාන/තෙල්/ග්‍රීස්/ වැක්ස් හෝ පොලිෂ් ආදිය නොමැති මතුපිටක් විය යුතුය.

ජලය යොදා පිරිසිඳු කරන්නේ නම් ආලේපයට පෙර සම්පූර්ණයෙන්ම මතුපිට වියළා ගත යුතුය.

ආලේප කිරීම සඳහා බ්‍රෂ් එකක් යොදාගන්න.

පළමු කොට් එක මතුපිට පුරාම සිරස් අතට ආලේප කොට පැය දෙකක් වියළෙන්නට හරින්න.

පළමු කොට් එක සම්පූර්ණයෙන්ම වියළුණු පසු තිරස් අතට දෙවැනි කෝට් එක ආලේප කරන්න.

කෝට් දෙකේම ඝනකම අවම මිලිමීටර් 3ක් පවත්වා ගන්න.

අවශ්‍ය පරිදි වාතාශ්රස සලසන්න. දෙවැනි කෝට් එක සම්පූර්ණයෙන්ම වියළෙන තෙක් ජලය යෙදීමෙන් වළකින්න.
වෙනත් සටහන්

ලඟදී කොන්ක්‍රීට් කරන ලද හෝ කපරාරු කරන ලද මතුපිට මත සුපර්සීල් ආලේප කිරීමට පෙර සති 3ක කාලයක් වියළීමට තැබිය යුතුය.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ට වැඩි නම් මතුපිටට ජලය ඉස උෂ්ණත්වය අඩු කර සම්පූර්ණයෙන්ම වියළෙන තෙක් තබන්න.

ආලේප කිරීමේදී හා ආලේප කළ පසුව අදාළ මතුපිට වැස්සෙන්, හිරු එළියෙන් සහ සුළඟින් ආරක්ෂා කර තබන්න (දිනක් පමණ).

වඩාත් කල්පවතින විසදුමක් සඳහා ආරක්ෂිත ලේයරයක් වෝටර්පෲෆර් ලෙයරයට උඩින් ආලේප කරන්න. උදාහරණ:- බදාම, ප්ලාස්ටර්, තීන්ත හෝ ටයිල්.

ජල ටැංකි/ පිහිනුම් තටාක සඳහා මිලිමීටර් 5ක ඝනකමක් සුදුසු වේ.

දාර සඳහා ෆයිබර් වීදුරු (Alkaline resistant) හෝ පොලිප්‍රොපලින් දැලක් (මිලිමීටර් 200 ඝනකම) ආවරණයක් ලෙස භාවිත කරන්න.