ජලය පමණක් යොදා මිශ්‍ර කර ආලේප කරන්න. හොඳින් වැඩ කිරීමේ හැකියාව ඇති, ප්ලාස්ටර් කිරීමේදී වෑස්සීමක් සිදු නොවන සුමට මිශ්‍රණයක් සේ සකසා ගැනීමෙන් වැඩි සවිමත් බවක් හා ඉරිතැලීම් ආදිය නොමැති මතුපිටක් ලබාගත හැකිය. ටෝකියෝ සුපර්කාස්ට් ප්ලාස්ටර් ආලේපිත සුමට මතුපිට සඳහා පින්තාරු කිරීමට පෙර ස්කිම් කෝට් යෙදීම අවශ්‍ය නොවේ.
පින්තාරු කිරීම අවශ්‍ය නොවන අවස්ථාවලදී ප්ලාස්ටර් මතුපිට වර්ණ ගැන්වීම සඳහා මිනරල් පිග්මන්ට් එකතු කළ හැකිය.
අනුමත භාවිතාවන්





ආලේපන ක්‍රමවේදය
මිශ්‍ර කිරීම

පිරිසිදු ජලය ලීටර් 3.5 ක් බඳුනට වත්කරන්න.

එම බඳුනට ටෝකියෝ සුපර්කාස්ට් කිලෝග්‍රෑම් 25ක බෑගය ක්‍රමානුකූලව එකතුකරමින් මිශ්‍ර කරන්න (rpm <500)

ඝන මිශ්‍රණයක් වනතුරු විනාඩි 3 ක් මිශ්‍ර කරන්න.
ආලේප කිරීම

මේසන් හැන්දක් හෝ ජපන් හැන්දක් භාවිතයෙන් පිරිසිදු, වියළි මතුපිට මත බදාම යොදන්න.

බදාම තුනී කිරීම සඳහා ජපන් හැන්ද/මේසන් හැන්ද උඩු අතට තෙරපන්න.

මට්ටම් ලීය ආධාරයෙන් කපරාරු මතුපිට නිසිලෙස මට්ටම් කරගන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා මිලිමීටර 5ත් 20 ත් අතර ඝනකමට බදාම යොදන්න.

කපරාරු කර දිනකට පසු දින 3 ක් පමණ කපරාරුව හොඳින් ජලයෙන් තෙත් කරන්න.
වෙනත් සටහන්

මිශ්‍ර කිරීමෙන් පැය 1 ක් ඇතුළත සුපර්කාස්ට් භාවිතා කරන්න.

කපරාරු කිරීමට පෙර බිත්ති මතුපිට තෙත් කිරීම අවශ්‍ය නැත.

වර්ණ ගැන්වූ කපරාරු සඳහා පෙර මිශ්‍ර කරන ලද නිෂ්පාදන ලබාගැනීමට කරුණාකර විකුණුම් අංශය අමතන්න.