ඔබ ටෝකියෝ සුපර්මික්ස් පෙර සැකසූ කොන්ක‍්‍රීට් තෝරාගත යුත්තේ ඇයි?

දශක ගණනක් මුළුල්ලේ ටෝකියෝ සුපර්මික්ස්, ශ‍්‍රී ලංකාව පුරා ඉදිකිරීම් දහස් ගණනකට ස්වකීය ශිල්පීය විශිෂ්ටත්වය ලබා දෙමින් එම ඉදිකිරීම්වල ශක්‍යතාව ඔපමට්ට්ටම් කිරීමට සමත් වී ඇත.  ටෝකියෝ සුපර්මික්ස් යනු, ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රය නවමු පරිවර්තනයකට ලක්කරන අද්විතීය ගොඩනැගිලි රැසක ශක්තියේ මුද්‍රාව වූ දේශීය පමණක් නොව, විදෙස් ඉංජිනේරු විශේෂඥයන්ගේ ද විශ්වාසය දිනූ, පෙර සැකසූ කොන්ක්‍රීට් සන්නාමය බව සාඩම්බරයෙන් සඳහන් කළ හැකිය.  අවශ්‍යතාවට සරිලන සැපයුම අතින් මෙන්ම, ජාත්‍යන්තරව පිළිගත් උසස්ම ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට සමත් වූ, ශ්‍රී ලංකාවේ එකම සහ පළමු පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදකයා ලෙස අවිවාදයෙන්ම පිළිගන්නා ටෝකියෝ සුපර්මික්ස්, දේශීය ඉදිකිරීම් මෙන්ම විදේශීය හවුල්කාරීත්වය යටතේ මෙරට ඉදිකෙරෙන ඉදිකිරීම් සඳහා ද මුල්ම සහ එකම තේරීම බවට නිතැතින්ම පත්ව ඇත.

ඉහළම ශක්තිය

C100 ශක්ති පන්තියට ළඟා වූ එකම කොන්ක්‍රීට් නිෂ්පාදකයා

දැවැන්තම ප්‍රවාහන බලකාය

125කට අධික කොන්ක්‍රීට් මිශ්‍රණ ට්‍රක් රථ, ජංගම පොම්ප රථ

විශාලතම ධාරිතාව

384 m3/hr ක් වූ සමස්ත සැපයුම් ධාරිතාව

විශ්වාසයෙන් වැඩිම ප්‍රමිතිය

ISO සහතිකය ලැබූ ශ්‍රී ලංකාවේ එකම කොන්ක්‍රීට් සහ සිමෙන්ති පර්යේෂණාගාරය

වැඩිම නිෂ්පාදන පරාසය

කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් 20කට අධික ප්‍රමාණයක්

අඛණ්ඩ සැපයුම

පැය24 පුරා අවශ්‍ය මොහොතේම කොන්ක්‍රීට් සැපයුම් හැකියාව

පුළුල්තම ජාලය

දිවයින පුරා පිහිටි නිෂ්පාදනාගාර 11කින් සමන්විත වූ ජාලය

සුදුසුකම්ලත් පළපුරුදු කාර්ය මණ්ඩලය

අසමසම සේවාවක් සඳහා විශේෂඥ සහය

ටෝකියෝ සුපර්මික්ස් හි ගුණාත්මකභාවය, විශිෂ්ට කාර්යක්ෂමතාවය, ශක්තිය සහ කල්පැවැත්ම සහතික කරන ප්‍රධාන ගුණාංග මෙසේය;


අපගේ සංරචක

දේශයේ වඩාත් විශ්වසනීය පෙර සැකසු කොන්ක්‍රීට් (Ready Mix Concrete) වෙළඳ නාමය වන TOKYO SUPERMIX ඔබ වෙත ගෙන එනු ලබන්නේ, විශිෂ්ට ප්‍රමිතියේ සිමෙන්ති නිෂ්පාදනයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය විසිනි. දිවයිනේ වෙනත් පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදන මෙන් නොව ටෝකියෝ සුපර්මික්ස් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉතාමත් ඉහළ පාලනයකින් හා ප්‍රමිතියකින් යුතුවය.


TOKYO SUPERMIX Ready Mix Concrete නිෂ්පාදනයේදී ටෝකියෝ සිමෙන්ති සමුහය පමණක් සතු, අප සමාගම් ජාලය තුළම නිෂ්පාදිත වැලි සහ සිමෙන්ති නිපදවීමේ පටන්, කොන්ක්‍රීට් මිශ්‍රණයක සංයුතිය සැමවිටම ඒකාකාරීව පවත්වාගෙන යාමට හැකියාව ලබාදෙන, රේඛීය මෙහෙයුම් යාමන හැකියාව නිසා උසස් මට්ටමේ කොන්ක්‍රීට් ප්‍රමිතිකරණයක් සහතික කිරීමට අපට හැකි වී ඇත. එමඟින් විවිධ කොන්ක්‍රීට් ප්‍රභේදවල ගුණාත්මක බව වැඩි කිරීමට සහ පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන කොන්ක්‍රීට් ප්‍රභේද ලබා දීමට ද අපට හැකි වී ඇත.

අපගේ සෑම නිෂ්පාදනයක් සඳහාම යොදාගන්නේ BS882, BS1881 සහ SLS107 තත්ත්ව සහතික සහිත උසස්ම ප්‍රමිතියේ අමුද්‍රව්‍යය පමණක් වන අතර, ඒවා ඉතා විශ්වාසදායක සැපයුම්කරුවන් වෙතින් අඛණ්ඩ සුපරීක්ෂණ ක්‍රියාවලියක් යටතේ ලබාගනී. දීපව්‍යාප්තව පිහිටි අපගේ TOKYO SUPERMIX කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර තුළ නවීනතම තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකෙරේ. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ විශිෂ්ටත්වය අගයමින් ISO 9001 සහතිකයෙන් ද අපි පිදුම් ලබා ඇත්තෙමු.

උස් ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම්වලට භාවිතා කරන, උසස් ප්‍රමිතියේ කොන්ක්‍රීට් සඳහාම විශේෂිත සිමෙන්තිය වන NIPPON CEMENT PRO පමණක්ම යොදාගැනීම ටෝකියෝ සුපර්මික්ස් පෙර සැකසූ කොන්ක්‍රීට් නිපැයුම් පෙළෙහි ගුණාත්මක බව පිළිබඳ හොඳම සහතිකයයි.


NIPPON CEMENT PRO යනු ජපානයෙන් ආනයනය කරන ක්ලින්කර් යොදා නිපදවන විශේෂ අධිශක්ති සිමෙන්තියක් වන අතර එය විශේෂයෙන් විශාල කොන්ක්‍රීට් ව්‍යුහයන් සහ මහල් ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමේදී යොදාගැනේ.


මේ හේතුව නිසාම, වෙළඳපොළ අනෙකුත් තරඟකාරී නිෂ්පාදන C70 ශක්ති පන්තිය පවා අභිබවායෑමට අසමත්ව සිටියදී, C100 ශක්ති ශ්‍රේණිය වැනි ඉතා ඉහළ ශක්ති ශ්‍රේණියක් ලබා ගැනීමට සමත්වූ ශ්‍රී ලංකාවේ එකම කොන්ක්‍රීට් නිෂ්පාදකයා වීමට TOKYO SUPERMIX Ready Mix Concrete හට හැකිවී ඇත.

ටෝකියෝ සුපර්මික්ස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ගංගා වැලි සහ නිෂ්පාදිත වැලි පමණක් භාවිතා කරන අතර එමඟින් කොන්ක්‍රීට්වල ගුණාත්මකභාවය සහතික කරනු ලබයි.


නිෂ්පාදිත වැලි සහ රළු සමාහාරක (කළුගල්) භාවිතය මිශ්‍රණයේ ප්‍රශස්ත බව වර්ධනය කරන අතරම, අංශුවල ප්‍රමාණය ප්‍රමිතිකරණය කිරීමට ද මේ නිසා හැකියාව ලැබේ.


කොන්ක්‍රීට් ව්‍යුහයන්ගේ කල්පැවත්ම, ගුණාත්මකභාවය හා ශක්තිය අඩපණ කිරීමට හේතු වන මුහුදු වැලි හෝ වෙනත් කිසිදු අමුද්‍රව්‍යයක් අපගේ කොන්ක්‍රීට් මිශ්‍රණයන්ට ඇතුළත් නොවන නිසා, සෑම විටම TOKYO SUPERMIX ප්‍රමිතිය පිළිබඳ ඉහළම විශ්වාසය සහතික කළ හැකිය.

අපගේ සේවක මඩුල්ල සහ නිෂ්පාදන ක්‍රියාවලිය

අපගේ නිපැයුම්වල ගුණාත්මක බව පිළිබඳ අපගේ පොරොන්දුව එලෙසින්ම සහතික කරනු පිණිස, නිෂ්පාදන ක්‍රියාවලියේ මුල සිට එනම්, අමුද්‍රව්‍ය තෝරාගැනීමේ පියවරේ සිට, අවසන් අදියර දක්වාම ඉහළම තත්ත්ව පාලනයක් පවත්වා ගනු ලබයි. අපගේ සියලුම කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, ඔබට ලබා දෙන නිෂ්පාදනයේ ඇති ගුණාත්මක බව මෙන්ම TOKYO SUPERMIX Ready Mix Concrete නිෂ්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සුරක්ෂිත කරනු වස්, පර්යේෂණාගාර සේවාවන් ද අප විසින් සලසාදෙනු ලබයි.

අපගේ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර සංකීර්ණ හා යන්ත්‍රෝපකරණ

අතිනවීන මෘදුකාංග පද්ධතියක් හරහා අධීක්ෂණයට ලක් වෙමින් සම්පුර්ණ ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වන මෙහිදී, අමුද්‍රව්‍යවල නියම ප්‍රමාණයන් හා මිශ්‍රණ අනුපාතයන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. යොදාගන්නා අමුද්‍රව්‍යවල සහ අවසන් නිෂ්පාදන කාණ්ඩයේ පරිමාවන් නිවැරදිව හා ප්‍රමිතිගතව පවත්වා ගැනීම සඳහා විශාල රථවල බර මිණිය හැකි කිරුම් පාලම (Weigh bridge) වැනි විශේෂිත උපකරණ ද භාවිත කෙරේ.‍


කොන්ක්‍රීට් ප්‍රභේදවල මිශ්‍රණ සැලසුම ව්‍යාපෘතියක් පුරා නොවෙනස්ව පවත්වා ගැනීම උදෙසා සිමෙන්ති, Fly Ash, නිෂ්පාදිත වැලි වැනි සියලුම අමුද්‍රව්‍ය වෙන වෙනම ගබඩා කර තැබේ. මීට අමතරව, උෂ්ණත්වය පාලනය කළ කොන්ක්‍රීට් වැනි විශේෂ මිශ්‍රණ නිෂ්පාදනය කිරීම සඳහා අයිස්, පතුරු අයිස් සහ සිසිල් ජල ගබඩා පහසුකම් ද අප සතුව ඇත. මහා පරිමාණ කොන්ක්‍රීට් කාණ්ඩ සැපයීමේදී අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා සියලුම TOKYO SUPERMIX Ready Mix Concrete නිෂ්පාදනාගාර සඳහා විදුලි ජනක යන්ත්‍ර පහසුකම් සලසා ඇත.


අපගේ සේවාවේ ඇති අනෙක් විශේෂිතම අංගය වන්නේ අප සතු දැවැන්ත බෙදාහැරීමේ බලකායයි. කොන්ක්‍රීට් මිශ්‍රණ රථ, ජංගම පොම්ප රථ ඇතුළු අප සතු විශාල බෙදාහැරීමේ බලකායට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් වෙත ඉක්මනින් හා පහසුවෙන් TOKYO SUPERMIX Ready Mix Concrete ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇත. කොන්ක්‍රීට් මිශ්‍රණයන්ගේ උෂ්ණත්වය පාලනය කරගනිමින් කලට වේලාවට ප්‍රවාහනය කිරීමේ හැකියාවෙන් සමන්විත මිශ්‍රණ ට්‍රක් රථ 100කට අධික ප්‍රමාණයකින් අපගේ බෙදාහැරීමේ බලකාය සැදුම්ලත් වේ. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මෙවැනි වූ ශක්තිමත් අසමසම සේවාවක් සැපයිය හැකි එකම සැපයුම්කරුවා TOKYO SUPERMIX වීම පිළිබඳ අපි ඉතාමත් ආඩම්බර වන්නෙමු.


දිවයින පුරා පිහිටි අපගේ ටෝකියෝ සුපර්මික්ස් පෙර සැකසූ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාර ජාලය, එක්සත් රාජධානියේ ප්‍රමිතිකරණ සේවයේ (UKAS) අනුමැතිය ලත්, එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සහතිකකරණ (CI) ආයතනය විසින් පිරිනමන ISO 9001 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇත.

අනුමත භාවිතාවන්

හඳුන්වාදීමේ වීඩියෝව

පෙණ මිශ්‍රිත සැහැල්ලු කොන්ක්‍රීට් (Light Weight Foam Concrete)

අතින් ඇනූ කොන්ක්‍රීට් වලට වඩා පෙර සැකසූ කොන්ක්‍රීට් වාසිදායක වන්නේ කෙසේද?