ඔබ සොයන්නේ ඔබේ ගෙබිමට ඉතා උසස් නිමාවක් පහසුවෙන් ගෙනදෙන විසඳුමක් නම් ඔබ පැමිණ ඇත්තේ නිවැරදි තැනටයි.

ඔබේ වටිනා කාලයත් හා මුදලුත් ඉතිරි කර ගනිමින් මනා නිමාවේ පරිපූර්ණ ගෙබිමක් සකසා ගැනීම දැන් ඉතා පහසු සහ කාර්‍යක්ෂම කටයුත්තක් බවට පත්ව ඇත. TOKYO SUPERSCREED Screed Mortar සහ TOKYO SUPERFLOW Flooring සංයෝගය සමඟ, ඔබ සිහින මැවූ පරිපූර්ණ නිමාවක් ඇති ගෙබිමක් ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත.

සාම්ප්‍රදායික ක්‍රමය අනුව ගෙබිමක් සැකසීමේ ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය ප්‍රවාහනය, ගබඩා කිරීම සහ මිශ්‍ර කිරීමේදී සිදුවන නාස්තිය මුළුමනින් වළක්වාලන ඉතා සකසුරුවම් විසඳුමක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. සාම්ප්‍රදායික ක්‍රමයේදී ‘අතේ පදමට හෝ පුරුදු ක්‍රමයට’ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන විට මිනුම් සහ අනුපාත වැරදීමේ වැඩි ඉඩකඩක් ඇත.  මේ නිසා ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය භාවිතා කළද ඔබේ ගෙබිම හානි වීමට හා ඉරිතැලීම්වලට ලක්විය හැකිය.

අපගේ නිෂ්පාදන බෑග් වශයෙන් අසුරුම්කොට එන නිසා ඔබට අවශ්‍ය බිම් ඇතුරුම් බදාම ප්‍රමාණය නිසි පරිදි ගණනය කර මිලදී ගත හැකිය.  එපමණක් ද නොව ගබඩා කිරීම සහ ප්‍රවාහනය ද පහසු නිසා, අමුද්‍රව්‍ය නාස්තියක් ද සිදු නොවන අතර, භාවිතා කරන අවස්ථාවේදී පමණක් ඇසුරුම විවෘතකොට භාවිතයට ගැනීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ක්‍රමයේදී, ගෙබිමක් සම්පූර්ණ කිරීම සඳහා ඔබට අවම වශයෙන් පෙදරේරුවෙකු සහ සහායකයින් දෙදෙනෙකු අවශ්‍ය වන නමුත් මෙම සරල පහසු විසඳුම නිසා එක් පෙදරේරුවෙකුගේ ශ්‍රමය පමණක් යොදා ගනිමින් දෙගුණයක ගෙබිම් ප්‍රමාණයක් අඩු කාලයකදී නිම කළ හැකිය. මේ නිසා ශ්‍රමය සඳහා වැය කරන රුපියල් දහස් ගණනක මුදලක් ද ඉතිරි කරගත හැකි අතර ඔබේ කාලයත් පිරිවැයත් සැලකිය යුතු අයුරින් අවම කරගැනීමට ද ඔබට හැකිවනු ඇත.

TOKYO SUPERSCREED ස්ක්‍රීඩ් මෝටාර් භාවිතයෙන් ඇතුළත හෝ පිටත තිරස් කොන්ක්‍රීට් ස්ලැබ්, බැල්කනි, පදික මංතීරු, වාහන නැවැත්වීමේ අංගන සහ බෑවුම් මඟ (ස්ලොප්) ආදී ඉදිකිරීම් පහසුවෙන් නිම කළ හැකිය.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියළු නිෂ්පාදන හා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට