නිපොන් සිමෙන්ති යනු ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොළට පිළිගන්වනු ලැබූ විශිෂ්ඨතම සිමෙන්ති සන්නාමය වන අතර, එය දශක ගණනාවක් තිස්සේ උසස් ප්‍රමිතියෙන් සහ නොවෙනස් ගුණාත්මකභාවයෙන් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් නිෂ්පාදනයකි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශේෂඥ සහය ඇතිව දියුණු කරන ලද සං‍යෝජනයකට අනුව, මහා පරිමාණ ඉදිකිරීම් වෙනුවෙන්ම නිපදවනු ලබන අපගේ තොග සිමෙන්ති විශේෂය වන NIPPON CEMENT PRO නිෂ්පාදන ක්‍රියාවලියෙන් උකහා ගත් දැනුම සහ තාක්ෂණික විශිෂ්ඨත්වය; මහල් ගොඩනැඟිලි සිට නිවාස ඉදිකිරීම දක්වා වූ පුළුල් පරාසයක අවශ්‍යතාවන් සඳහා සියළු පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට අප ගත් උත්සාහයේ සාර්ථකත්වය, NIPPON CEMENT මගින් ඔබට ලබාදෙන විශිෂ්ඨ ප්‍රමිතියේ සහතිකයයි.

nippon cement bag

සංයෝග කළ ද්‍රාව සිමෙන්ති

NIPPON CEMENT BHC යනු ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නිෂ්පාදනය කරනු ලබන සංයෝග කළ ද්‍රාව සිමෙන්ති අතර විශිෂ්ඨතම වෙළඳ නාමය වන අතර එය SLS 1247:2015 ප‍්‍රමිතියට අදාළ 42.5 R ශක්ති පන්තියේ සම්මත නිර්ණායකයන්ට අනුව නිපදවනු ලබයි. NIPPON CEMENT BHC සිමෙන්ති ඉදිකිරීම් සඳහා කල්පවතින සුරක්ෂිත බවක් ලබා දෙන අතර, මහා පරිමාණ ඉදිකිරීම් සහ දැවන්ත කොන්ක්‍රීට් ව්‍යුහයන් සඳහා වඩාත් යෝග්‍ය සිමෙන්තියකි.

ඉතා සියුම් මිශ්‍රණයක් ලෙස එන මෙම සිමෙන්තියෙන් සාදන කොන්ක්‍රීට් මිශ්‍රණයේ සංයුක්ත බව හා ඝනත්වය ඉතා ඉහළ වන බැවින්, එය මහල් ගොඩනැඟිලි සඳහා වඩාත් යෝග්‍ය වේ. සිමෙන්ති සංයුතියේ ඇති මෙම ලක්ෂණය නිසා කොන්ක්‍රීට් මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළයාම පාලනයට ලක් වන අතර, මහා පරිමාණ කොන්ක්‍රීට් කිරීම්වලදී ඇතිවන අධික තාපවිමෝචනය අවම කිරීමට මෙය හේතුවේ. සල්ෆේට් ප්‍රතිරෝධී ගුණය නිසා රසායනික බලපෑම්වලට එරෙහිව වානේ කම්බි වලට ශක්තිමත්, දිගුකල් පවතින ආරක්ෂාවක් ලබාදෙන NIPPON CEMENT BHC සංයෝග කළ ද්‍රාව සිමෙන්තිය, හානිකර රසායනික සංයෝග හෝ සල්පේට් බහුල (සමුද්‍රාසන්න හෝ වගුරු බිම් වැනි) පාංශු පරිසරයන්හි සිදු කරන ඉදිකිරීම් කටයුතු සඳහා ඉතාම සුදුසු විසඳුමක් වේ.

තවද, පරිසර හිතකාමී බව අතින් ද වෙළඳපොළේ ඇති හොඳම හරිත සිමෙන්තියක් ලෙස NIPPON CEMENT BHC හඳුන්වා දිය හැකිය.

nippon cement bag

සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති

NIPPON CEMENT OPC යනු ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නිෂ්පාදනය කරනු ලබන සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) නිෂ්පාදන පෙළේ ප්‍රමුඛතම වෙළඳ නාමයයි. සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති සඳහා SLS 107 : 2015 ප්‍රමිතියට අදාළ 42.5 R ශක්ති පංතියේ සම්මත නිර්ණායකයන්ට අනුකූලව NIPPON CEMENT OPC නිපදවනු ලබයි.

ඉහළ සම්පීඩ්‍යතා ශක්තියක් අවශ්‍ය ව්‍යූහයමය ඉදිකිරීම් සහ පෙර-සවි කොන්ක්‍රීට් නිර්මාණ සඳහා යෝග්‍ය සිමෙන්තියක් ලෙස ද හඳුන්වා දියහැකි අතර, R වර්ගයේ සිමෙන්තියක් වන බැවින් උපරිම ශක්ති මට්ටම කරා ඉතා වේගයෙන් සවිමත් වන සිමෙන්තියක් ද වේ. එමෙන්ම, NIPPON CEMENT OPC පොදුවේ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවක් සඳහා භාවිත කළ හැකි සිමෙන්තියකි.

NIPPON CEMENT OPC සිමෙන්තිය BS EN සහ ASTM ප‍්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති බොහෝ රසායනික සම්මිශ්‍රණ සමඟින් ද හොඳින්ම ගැළපෙන සිමෙන්තියකි.

අනුමත භාවිතාවන්

අනුමත භාවිතාවන්

තාක්‍ෂණික දත්ත