ටෝකියෝ සිමෙන්ති සමූහයේ තොග සිමෙන්ති සන්නාමය වන NIPPON CEMENT PRO යනු, අහස සිඹින තට්ටු ගොඩනැඟිලි, දැවැන්ත ඉංජිනේරුමය ව්‍යුහයන් සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති වලට අවශ්‍ය උසස් ප්‍රමිතියේ අධිශක්ති කොන්ක්‍රීට් සඳහාම වි‍ශේෂයෙන් නිපදවනු ලබන ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත සිමෙන්තියකි.

දිනෙන් දින ඉහළට ඉදිවන මහල් ගොඩනැගිලි වලින් අපට පැහැදිලිවන කරුණ නම්, නේවාසික සහ වාණිජ අවකාශයන් සඳහා ඇති ඉල්ලුම ඉහළයත්ම, ඒ සඳහා ඇති සීමිත භූමි ප්‍රමාණය වඩාත් ඵලදායීව භාවිතා කිරීමට සිදුවීමේ අභියෝගයයි.  වර්තමානයේ ඉදිවන මහල් නිවාස සංකීර්ණ සහ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් තට්ටු 30 ඉක්මවූ දැවැන්ත ඉදිකිරීම් වන අතරම, නිර්මාණශීලී වාස්තුවිද්‍යාත්මක අංග ලක්‍ෂණ වලින් ද සමන්විතයි.

සීමිත ඉඩකඩක නවීන පෙනුමෙන් යුතු ගොඩනැගිලි ඉදිකිරීමේ දී ශක්තිමත්භාවය සහ කල් පැවැත්මට හානි නොවන පරිදි, ඇතුලත කොන්ක්‍රීට් ව්‍යුහයන් හා කුළුණුවල ඝණකම හැකිතාක් අවම කරගැනීමද නිර්මාණකරණයේ අවශ්‍යතාවයකි.  එවන් ගොඩනැගිලි සහ මහා පරිමාණ යටිතල පහසුකම් ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් සඳහා යොදාගන්නා සිමෙන්ති ඉතා උසස් තත්වයෙන් තිබිය යුතු බව අවිවාදයෙන් පිළිගැනේ.

කොන්ත්‍රාත්කරුවන්ට, දේපළ වෙළඳාම් සංවර්ධකයන්ට සහ ඉදිකිරීම් උපදේශකයන්ට මෙම විශාල් කොන්ක්‍රීට් ඉදිකිරීම්වල නිසි ප්‍රමිතිය, පරිසර හිතකාමීබව සහ ශක්තිමත් කල් පැවැත්ම සහතික කරන වඩාත් විශ්වසනීය නිෂ්පාදනයක් ලෙස NIPPON CEMENT PRO හඳුන්වා දිය හැකිය.  මහල් 50ට වැඩි නිවාස සංකීර්ණ, හෝටල් සහ නාගරික මධ්‍යස්ථාන සඳහා (C100 ඉක්මවන) අධිශක්තියෙන් යුත් කොන්ක්‍රීට් ලබාදිය හැකි, දැනට වෙළඳපොළේ ඇති එකම ඉහළම ශ්‍රේණියේ සිමෙන්තිය NIPPON CEMENT PRO වේ.

උස් ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් වලට අවශ්‍ය උසස් ප්‍රමිතියේ කොන්ක්‍රීට් සඳහාම විශේෂිත NIPPON CEMENT PRO භාවිතා කිරීමේ වැදගත්ම වාසි වන්නේ, එහි ස්ථායී උෂ්ණත්වයක් පවත්වා ගැනීමට ඇති හැකියාවයි.  එමඟින්, විශේෂයෙන්ම මහා පරිමාණ කොන්ක්‍රීට් දැමීමේදී සිදුවන අධික තාපවිමෝචනය නිසා කොන්ක්‍රීට් මතුපිට ඇතිවන සියුම් ඉරිතැලීම් වළක්වන අතරම, කොන්ක්‍රීට් සිසිලනයට අවශ්‍යවන ජල ප්‍රමාණය අවම කිරීමට ද පිටුවහලක් වේ.

Nippon pro truck image

අනුමත භාවිතාවන්

තාක්‍ෂණික දත්ත