වසර 2025 වනවිට සැමට ජලය ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නිවාස මිලියන 4.7කට පිරිසිදු පානීය ජලය සපයාදීම සඳහා ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල ගැටළුවට තිරසාර විසඳුමක් සැපයීමේ තවත් මාහැඟි අරමුණක් වන්නේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු (CKDu) රෝගයෙන් පීඩාවිඳින ගොවි ජනතාවට නැවුම් ජීවන බලාපොරොත්තුවක් ලබාදීමයි. නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ අධ්‍යයනයන්ට අනුව භූගත ජලයේ කිවුල් සහිත බවට අමතරව, පළිබෝධනාශක වැනි කෘෂිකාර්මික දූෂක, ෆ්ලෝරයිඩ්, කැඩ්මියම් සහ ආසනික් වැනි බැර ලෝහ භූගත ජලයේ මිශ්‍රව පැවතීම මීට ඍජුවම බලපාන බව සොයාගැනිනි.

content image
content image

එසේම, රෝගය වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳ දැනුවත් භාවය වැඩිවත්ම ඒවා අනුගමනය කිරීමට ජනතාව පෙළඹීමත්, ආරක්ෂිත පානීය ජලය ලබාගැනීමට ඇති පහසුකම් වැඩිදියුණුවීමත් නිසා රෝගය හටගැනීමේ ප්‍රවණතාවයේ සුළු අඩුවීමක් ද පසුකාලීනව මෙම ප්‍රදේශවල සිදු කරන ලද අධ්‍යයනවලින් දක්නට ලැබිනි.

විශේෂයෙන්ම, රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රමාණවත් පිරිපහදු කළ/පිරිසිදු පානීය ජලය සපයාදීම රෝගය වළක්වාගැනීමටත්, අනාගතයේදී රෝගය මුළුමනින් තුරන් කිරීමටත් අත්‍යවශ්‍ය බව මෙහිදී හඳුනාගැනිනි. අපගේ මතු පරම්පරාවන් සුරැකීම සඳහා ගතයුතු මෙම වැදගත් ක්‍රියාමාර්ගය සාර්ථක කරගැනීමට ව්‍යාපාරික ප්‍රජාව සහ ලාභ නොලබන සංවිධාන ද ඇතුලත්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව ගම්වැසියන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට සහ පිරිසිදු පානීය ජල පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුය.

ටෝකියෝ සිමෙන්ති සමූහය අපේ රටේ තෝරාගත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත පිරිසිදු ජලය සපයාදෙන ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය දියත් කළේ, අප රටවැසියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහාවන මෙම මහඟු කර්තව්‍යයට උරදීමේ අධිෂ්ඨානය පෙරදැරිවයි.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මගින් බීමට සුදුසු පිරිසිදු ජලය සපයාගැනීම දැඩි ගැටලුවක්ව පවතින, පොදු පහසුකම් අවම, තෝරාගත් ගම්මානවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විශේෂයෙන් සකස්කළ ජල පිරිපහදු පද්ධතීන් ස්ථාපනය කරනු ලබයි. අපගේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් ආයතනයේ ජල විසදුම් අංශයේ විශේෂඥ තාක්ෂණික සහයෝගීතාවය ඇතිව සැලසුම් කරන එම අංගසම්පුර්ණ PureHydro® ජල පිරිපහදු පද්ධතියට, ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීමට අවශ්‍ය ජල ටැංකි සහ පොම්ප ද ඇතුලත්, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මකව පරීක්ෂාකිරීමෙන් පසු නිර්මාණය කරන විශේෂිත ප්‍රති-ආස්‍රැති ජල පෙරණ (Reverse Osmosis (RO) Water Purification Solution) කට්ටලයන් ඇතුලත් වේ.

ඒ ඒ ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිති, ගොවි ප්‍රජා සංවිධාන සහ ගම් මට්ටමේ පළාත්පාලන රාජ්‍ය ආයතන වලද නොමසුරු සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිවියට දිය දහරක් සුපිරිසිදු පානීය ජල ව්‍යාපෘතියේ අරමුණ නම්, එම ගම්මානවල වෙසෙන සියළු ගම් වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරවීමයි.

content image

ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ පොන්නාවෙලි ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් නොබෝදා ජනතා අයිතියට පත් කරනලදී. පොන්නාවෙලි ග්‍රාමසේවා වසමේ වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනෙහි පදිංචි දෙදහසකට අධික පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් යළි පුබුදමු ලංකා සංවිධානයේ අපේ ලංකා වැඩසටහන සමග එක්ව දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, පූනාකරි (පූනරින්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය හා මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී.



උතුරු වෙරළ තීරය මායිම්ව පිහිටි මෙම ප්‍රදේශයේ භූගත ජලයේ අධික ලවණතාවය මෙම වැසියන්ගේ පානීය ජල ගැටලුවට ප්‍රධානම හේතුවයි. ගම්මාන සියල්ලම පොදුවේ බීමට ජලය ලබාගන්නා ළිං කිහිපයක් පැවතියද ඒවායේ ජලය අධික ලවණතාවය නිසා භාවිතයට ගැනීම දුෂ්කර කාර්යයක් වන අතර වසරේ වැඩි කාලයක් පවතින දැඩි වියළි කාලගුණය නිසා ඒවායේ ජල මට්ටමද ඉතා අවම මට්ටමක පවතී. තවද, අධික ලවණතාවය හා ජලයේ දියවී ඇති සිරුරට අහිතකර විවිධ රසායනද්‍රව්‍ය නිසා මෙම වැසියන්ට, විශේෂයෙන්ම ප්‍රදේශයේ කුඩා දරුවන් සහ වැඩිහිටියන්ට විවිධ රෝග වැළදීමේ අවදානම ද ඉහළ මට්ටමක පැවතිණි. මෙවන් වටපිටාවක වේරාවිල්, වලයිපාඩු සහ වීරපණ්ඩියමුනායි ගම්මාන තුනේ ජිවත්වන පවුල් පන්සීයක පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් සභාව විසින් බවුසර් මගින් සැපයූ ජලය මිලදී ගැනීමෙනි. ධීවර කර්මාන්තය සහ ගොවිතැන ජීවෝපාය කරගත් ඉතා අඩු ආදායම්ලාභී පවුල් වන මෙම වැසියන්ට ඒ සඳහා දරන්නට සිදුවූ දෛනික පිරිවැය අතිමහත්ය. මෙම ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ අරමුණින් ඉදිරිපත් වූ ටෝකියෝ සිමෙන්ති සමාගම, එම ප්‍රදේශයේ ග්‍රාමීය ජනජීවිතය නගාසිටුවීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අපේ ලංකා සංවිධානය විසින් හදුන්වාදුන් ගම්මාන තුනකට මෙම ජල පිරිපහදු පද්ධති ලබාදෙන ලදී.



මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් සැලසුම් කරන ලද මෙම පානීය ජල ව්‍යාපෘතිය, විශේෂ තාක්‍ෂණික ඇගයීම් ක්‍රමවේදයක් මත පදනම්ව ක්‍රියාත්මක කරන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ පුර්ණ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියට, දැනට පවතින ළිං තුනක් අලුත්වැඩියා කිරීම, ගම්මාන තුනේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ජල පොම්ප සහ ටැංකි සවි කිරීම සහ, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද, විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධති (Reverse Osmosis (RO) Water Purification) තුනක් ස්ථාපිත කීරීම ඇතුලත් විය. ස්ථාපනය කළ පළමු වසර තුන තුළ ජල පවිත්‍රාගාර නඩත්තු කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිදු කරනු ලබනු ඇති අතර, පද්ධතියේ ඉදිරි තිරසාර පැවැත්ම හා නඩත්තුව සහතික කිරීම සඳහා පොන්නාවෙලි ග්‍රාමනිලධාරී මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ අපේ ලංකා සංවිධානයට අයත් ප්‍රජා නියෝජිතයන් විසින් කටයුතු සම්පාදනය කරනු ඇත.





කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි හි දුෂ්කර ගම්මාන තුනක ජිවත්වන දෙදහසකට අධික ජනතාවගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ මානුෂීය කර්තව්‍යය ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෑතකදී ඉටු කරන ලද සුවිශේෂී වැඩසටහනකි. අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් කිලිනොච්චියේ ගම්මාන තුනකට පිරිසිදු පානීය ජලය

රජයේ සෞභාග්‍යයේ දැක්මේ එක් වැදගත් ඉලක්කයක් ළඟා කර ගැනීමට දායක වෙමින්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාවක්කුලම ප්‍රදේශයේ වැසියන්ට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දෝතක්’ පානීය ජල පිරිපහදුවක් නොබෝදා තිළින කෙරිණි. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරුනු ‘දිවියට දිය දෝතක්’ ව්‍යාපෘතිය හරහා, ගොවිතැන සිය ජීවිකාව කරගත් නාවක්කුලම ගම්වැසියන් 500කට පානීය ජල පහසුකම් සැලසෙනු ඇත. ගොවි පවුල් 125කට අයත් මෙම පිරිස බොහෝ කලක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDu) පීඩාවට පත්ව සිටියහ. මීට මාස කිහිපයකට පෙර, කිලිනොච්චියේ පූනාකරිහි ගම්මාන තුනක වැසියන්ට පානීය ජලය ලබාදීමෙන් ආරම්භ කෙරුනු ‘දිවියට දිය දෝතක්’ වැඩසටහනේ දෙවන අදියර සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නාවක්කුලම තෝරාගැනීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම තත්වයයි. වැඩසටහනේ අරමුණ පිළිබඳව සිය අදහස් දැක්වූ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතීඥ හර්ශ කබ්රාල් මහතා පැවසූයේ, “වසර 2025 වනවිට සියළු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීම අරමුණු කරගත් ‘සැමට ජලය’ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා, ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති රැසක් රජය විසින් දියත් කර තිබෙනවා. පිරිසිදු ජලය ලබා ගැනීම දැඩි ගැටළුවක්ව පවතින ප්‍රදේශවල තෝරාගත් ගම්මානවල වැසියන්ට පානීය ජලය සපයන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දෝතක්’ වැඩසටහන ආරම්භ කළේ මෙම මානුශීය ප්‍රයත්නයට සහය දැක්වීම පිණිසයි. විශේෂයෙන්ම නාවක්කුලම ගමේ වැසියන්ගේ පානීය ජල ගැටළුව, ඔවුන් රෝගී කරවමින් හා ජීවිත අවදානමට ලක් කරමින් ඔවුන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා තිබුනා. මෙම ගැටලුව නිරාකරණය උදෙසා අපට ඉටුකළ හැකි කාර්‍යභාරය හඳුනාගෙන, ‘දිවියට දිය දෝතක්’ පානීය ජල පවිත්‍රාගාරයක් නාවක්කුලම ගමේ ස්ථාපිත කිරීම ඇත්තෙන්ම ඔවුන්ට පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් තිලිණ කිරීමක් ද වනවා. දිගු කාලීනව නිදන්ගත වකුගඩු රෝගයෙන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට දායකවන අතරම, මෙම වැඩසටහන හරහා රජයේ ඉලක්කය සපුරාගැනීමට අපගේ ශක්ති පමණින් දායක වන්නට හැකිවීම අපගේ සතුටට කාරණයක්.”     ජලය ගබඩා කිරීම සඳහා ජල ටැංකි ආදියෙන් සමන්විත ‘දිවියට දිය දෝතක්’ අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතිය ස්ථාපිත කීරීම, නාවක්කුලම වැසියන්ගේ ජීවිත පීඩාවට පත් කළ නිදන්ගත වකුගඩු රෝගයෙන් ඔවුන් මුදවාගැනීම පිණිස ලබාදියහැකි වටිනාම තිළිනය ලෙස හැඳින්විය හැකියි. ප්‍රදේශයේ භූගත ජලයේ තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රති-ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය (Reverse Osmosis (RO) Water Purification) අනුව නිර්මාණය කරන ලද, දිනකට ජලය ලීටර් 5000ක ධාරිතාවයක් සහිත මෙම ජල පෙරණ පද්ධතියෙන් ඔවුන්ගේ දෛනික පානීය ජල අවශ්‍යතාවයන් සපිරෙනු ඇත. පළමු වසර තුන තුළ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිදු කරන ඇති අතර, උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ මගපෙන්වීම ඇතිව, පද්ධතියේ තිරසාර පැවැත්ම හා පානීය ජල ව්‍යාපෘතියෙන් සැළසෙන සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි එය කළමනාකරණය නාවක්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සිදු කරනු ඇත.     ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දෝතක්’ මීළඟ අදියරේදී ලීටර් 10,000ක ධාරිතාවයෙන් යුත් ප්‍රති-ආස්‍රැති (RO) ජල පිරිපහදු පද්ධති 5ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන 5කට තිලිණ කිරීමට සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි. නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවට ‘දිවියට දිය දෝතක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තුවක් තිලිණ කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අරමුණයි.

රජයේ වෑයම සවිගන්වමින් ටෝකියො සිමෙන්ති සමාගම නාවක්කුලම ජනතාවගේ “දිවියට දිය දෝතක්” පිළිගන්වයි

ටෝකියෝ සිමෙන්ති සමූහය සිය “දිවියට දිය දහරක්” ව්‍යාපෘතියේ තවත් පියවරක් සනිටුහන් කරමින්, මිහින්තලය ප්‍රදේශයේ සියඹලාගස්වැව වැසියන්ට පිරිසිදු පානීය ජල පහසුකම් සලසාදීම නොබොදා සිදුකෙරින. සියඹලාගස්වැව ගම්වැසියන් 650 කට ආසන්න පිරිසකට ජීවිතයේ වටිනාම ත්‍යාගය වන පිරිසිදු දිය පොදක් ලබාදීමේ අරමුණ ඇතිව, දිනකට ලීටර් 5000 ක ධාරිතාවයකින් යුත් ප්‍රති-ආස්‍රැති තාක්‍ෂණය (RO-රිවර්ස් ඔස්මෝසිස්) යොදාගනිමින් පිරිපහදුකරණය කරන ලද ජල පවිත්‍රකරණ පද්ධතියක් මෙහිදී ස්ථාපනය කරනු ලැබිණි. රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි දිවයිනේ සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා වූ දූරදර්ශී ඉලක්කය සාක්ෂාත් කරවීම උදෙසා දායකත්වය සැපයීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ උත්සාහයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිවියට දිය දහරක් මිහින්තලේ සියඹලාගස්වැව වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරමින් පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් ද තිලිණ කිරීමට සමත්ව ඇත. ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ / ටෝකියෝ සිමෙන්ති කම්හලේ සාමාන්‍යාධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර් මහතා සහ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින් අනුරාධපුර, කීර්ති ට්‍රේඩර්ස් ආයතනයේ අධිපති කේ. නානායක්කාර මහතා සහ එම මැතිණිය, අනුරාධපුර නව ග්‍රෑන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ජේ. එම්. තිරිමාන්න මහතා විසින් සියම්බලාගස්වැව ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කෙරුණි. උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතිය, ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දුන්හ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “අපි දිවියට දිය දහරක් පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ සියලු ජීවීන්ගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතාවය වන සුරක්‍ෂිත හා පිරිසිදු පානීය ජලය සැපයීමේ මානුෂීය දැක්ම ඇතිවයි. අපේ රටේ සමහර ග්‍රාමීය ප්‍රදේශවල දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ ජලය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා. දිවියට දිය දහරක් ව්‍යාපෘතිය හරහා, 2025 වන විට සෑම නිවසකටම පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජයට සහයෝගය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටට කරුණක්”. ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින් අනුරාධපුර, කීර්ති ට්‍රේඩර්ස් ආයතනයේ අධිපති කේ. නානායක්කාර මහතා සහ එම මැතිණිය, අනුරාධපුර නව ග්‍රෑන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ජේ.එම්. තිරිමාන්න මහතා සහ ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ / ටෝකියෝ සිමෙන්ති කම්හලේ සාමාන්‍යාධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර් මහතා විසින් සියඹලාගස්වැව ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරන ලදී. හේන් වගාවට අමතරව මිහින්තලේ මහකන්දරාව වැවෙහි මිරිදිය මසුන් ඇල්ලීම සිය ජීවිකාව කරගත් සියඹලාගස්වැව වැසියෝ පානීය ජලය ලබා ගැනීමේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. අඩු ආදායම්ලාභී ගොවි පවුල් 171කට අයත් මෙම පිරිසෙන් කිහිප දෙනෙකුම හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් බොහෝ කලක පටන් පීඩාවට පත්ව සිටින අතර, මෙම තත්ත්වය ගමේ කුඩා දරුවන්ගේ මෙන්ම අවදානම් වයස්වල පසුවන විශාල පිරිසකගේ ජීවිතවලට විශාල තර්ජනයක් ද එල්ල කර තිබේ. ටෝකියෝ සිමෙන්ති සමූහය උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා සියඹලාගස්වැව ග්‍රාම සංවර්ධන සමිතිය සමඟ ඒකාබද්ධව, ගම්මානයේ අත්හැර දමා තිබූ පැරණි ජල යෝජනා ක්‍රමය මුළුමණින්ම නවීකරණය කරමින් නව හා වැඩිදියුණු කළ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කරන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ පුර්ණ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියට, ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ජල පොම්ප සහ ටැංකි සවි කිරීම සහ, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද, විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධතියක් (Reverse Osmosis (RO) Water Purification) ස්ථාපිත කීරීම ඇතුලත් විය. දිවියට දිය දහරක් ආරක්ෂිත පානීය ජල ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් ලෙස සියළු ගම් වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කෙරෙනු ඇත. සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතියේ නියෝජිත පිරිස සමඟ උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ටෝකියෝ සිමෙන්ති දිවියට දිය දහරක් පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එක් වූහ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය මේ වන විට දිනකට ලීටර් 30,000 ක සමුච්චිත ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රාගාර පහක් දිස්ත්‍රික්ක දෙකක ගම්මාන පහක ස්ථාපනය කරමින්, පුද්ගලයින් 3,100 කට වැඩි පිරිසකට පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් ද තිලිණ කිරීමට සමත්ව සිටියි. මෙයට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපාණ්ඩියමුනෙයි සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදන්ගත වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තවත් ගොවි ගම්මානයක් වන නාවක්කුලම අයත් වේ. ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරි මාසකිහිපයේදී දිවයින පුරා තෝරාගත් දුශ්කර ගම්මාන කිහිපයක පිරිසිදු පානීය ජල පිරිපහදු පහසුකම් ස්ථාපනය කරමින් දිවියට දිය දහරක් ව්‍යාපෘතිය ව්‍යාප්තිය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. අප රටේ පිටිසරබද ගම්මානවල ජිවත්වන දහස්ගණනකගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ මානුෂීය කර්තව්‍යය ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෑතකදී දියත් කරන ලද සුවිශේෂී වැඩසටහනකි. අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.

ටෝකියො සිමෙන්ති සමාගමේ “දිවියට දිය දහරක්” පානීය ජල ව්‍යාපෘතිය සියඹලාගස්වැව ජනතාවට පිළිගන්වයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි. දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමෙන් පීඩාවට පත් මෙම ජනතාව ඉන් මුදවාගැනීමට එම ගම්මානදෙකෙහි ස්ථාපිත ‘දිවියට දිය දහරක්’ ජල පවිත්‍රකරණ පද්ධති මහඟු දායකත්වයක් සපයනු ඇත.



කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් උතුරුමැද පළාතේ මෙම ගම්මාන දෙකේ සෑම නිවසකම පාහේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගියෙකු දක්නට ලැබීම ඔවුන් මුහුණපා සිටින ජීවිත අවදානම පෙන්නුම් කරයි. පිරිපහදු ධාරිතාවය දිනකට ලීටර් 5,000 සහ ලීටර් 1500 බැගින් වූ ‘දිවියට දිය දහරක්’ ජල පෙරණ පද්ධති දෙකක් ස්ථාපනය කිරීමත් සමඟ මෙම ජනතාවට පිරිසිදු ජලය සමඟින් නව ජීවන බලාපොරොත්තුවක් ද හිමිවනු ඇත. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම එක් අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියකට, ඒ ඒ ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ටැංකි, ජල පොම්ප සහ භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධතියක් (Reverse Osmosis (RO) Water Purification) ඇතුලත් වේ.



රඹෑව සහ මැදවච්චියේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘති දෙක ජනසතු කිරීමේ අවස්ථාවට ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සමූහ අලෙවි කළමනාකරු දශාන්ත උඩවත්ත මහතා සමඟ ටෝකියෝ සිමෙන්ති වවුනියාව ප්‍රාදේශීය අලෙවි නියෝජිත, ෂන්මුගම් ස්ටෝර්ස් අධිපති, එස්. ආනන්දරාජ් මහතා සහ ටෝකියෝ සිමෙන්ති අනුරාධපුර ප්‍රාදේශීය අලෙවි නියෝජිත, නෝර්ත් ඒජන්සීස් හි අධිපති, ටී. මහදේවන් මහතා සහභාගීව සිටියහ. මෙම ග‍්‍රාමීය ගොවි ප‍්‍රජාවගේ ජීවිත නඟා සිටුවීම උදෙසා ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මඟින් ලබාදෙන්නාවූ අමිල දායකත්වයට කෘතඥතාවය පලකරනුවස් දාච්චිදමන ගම්වාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සව අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රිකා මලවිආරච්චි මහත්මිය සහභාගීවූවාය. උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ඇතිව ස්ථාපනය කරන ලද පානීය ජල සැපයුම් පද්ධතීන්වල සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි තිරසාර කළමනාකරණය ගම්මාන දෙකෙහි ග්‍රාම සංවර්ධන සමිති විසින් සිදු කරනු ලබයි.



ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය මේ වන විට අනුරාධපුරයේ වෙහෙරගල, දාච්චිදමන, නාවක්කුලම සහ සියඹලාගස්වැව සහ කිලිනොච්චියේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපාණ්ඩියමුනෙයි යන ඈත දුෂ්කර ගොවි ගම්මානවලට දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 46,500ක සමුච්චිත ධාරිතාවක් සපයමින් 4,500කට අධික ජනතාවකගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල යහපැවැත්ම සහතික කරවීමට සමත්ව සිටියි. නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවගේ ‘දිවියට දිය දහරක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තු තිලිණ කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි.



පිටිසරබද ගම්මානවල ජිවත්වන දහස්ගණනකගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය වැනි අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට ටෝකියෝ සිමෙන්ති සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම උදෙසා ඇති කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි