දේශය ගොඩනංවන්නට විශ්වසනීයත්වයෙන් පෙරමුණ ගත් ටෝකියෝ සිමෙන්ති සමාගම, සෑම සමාජ ස්ථරයක් තුලම සුබවාදී පරිවර්තනයක් ඇති කරමින්, සෑම පුරවැසියෙකුම රටේ සංවර්ධනයේ ක්‍රියාකාරී කොටස්කරුවෙකු බවට පත් කරන්නට නිතැත් උත්සාහක නිරතව සිටියි.  අප රටේ ශක්තිය උකහා ගනිමින් ගොඩනැගුණු සැබෑ දේශීය සමාගමක් ලෙස, රට වෙනුවෙන් අපගෙන් ඉටුවියයුතු යුතුකම හා කෘතවේදීත්වය දැක්වීමට අප සෑමවිටම කැපවී සිටින්නෙමු.

මෙම දැක්ම අනුව යමින්, විවිධ සමාජ සංවිධාන රාශියක් සමඟින් සමීපව කටයුතු කරන්නටත්, ඒ හරහා සමාජයට සුවිසල් දායකත්වයක් ලබා දෙන්නටත් අපි සමත් වූයෙමු. අප දියත් කළ විවිධ සහයෝගීතා වැඩසටහන් මඟින් අපේ සහෝදර ජනතාවට අවශ්‍ය සම්පත් හා පහසුකම් සලසාදීමෙන් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නට අපට හැකි වී ඇත.

ළමා හා තරුණ පිරිස් වෙත වැඩි අවදානයක් යොමු කරමින් ක්‍රියාත්මක අපගේ වැඩසටහන් නිසා බොහෝ පිරිසකගේ ජීවිත වලට වටිනාකම් රැසක් එක්කරන්නට අපට හැකි වූවා සේම, ඒ තුළින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් පදනමක් සපයන්නට හැකි වීම ද අප ලද ජයග්‍රහණයකි.