banner badge image

තෙත කාන්දුවන බිත්ති හෝ සිවිලිම අප්‍රසන්න දසුනක් වනවා සේම සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට ද තර්ජනයකි.  වැසි කාලවල හෝ තෙත් මතුපිටින් කුඩා තෙත පැල්ලමක් ලෙස ආරම්භ වන මෙම කරදරකාරී තත්ත්වය, කාලයත් සමඟ ක්‍රමයෙන් විශාලව මතුපිට ප්ලාස්ටර් තට්ටුවට ද හානි කරමින් නිවසේ සුන්දර පෙනුම විනාශ කරයි.  නිතර ජලයට සහ දිය සීරාවට නිරාවරණය වන පිටත බිත්ති, පහත මාලය, බැල්කනි සහ ගෙඋයන් පරිශ්‍ර, නාන කාමර සහ තටාක වැනි ස්ථානවල බිත්ති සහ ස්ලැබ් මෙම තර්ජනයට වැඩි වශයෙන් මුහුණ පායි.  කාලයත් සමඟ ජලය සහ අනෙකුත් රසායන ද්‍රව්‍ය කොන්ක්‍රීට් ව්‍යුහය තුළට කාවැදීම නිසා දිරායාමට ලක්වීමෙන් සම්පූර්ණ ඉදිකිරීමම වුවද හානියට පත් විය හැකිය.

ඔබ නිවැරදි ජල නිවාරක සීලර් වර්ගයක් භාවිතා නොකිරීම නිසා, නැවත නැවතත් ප්ලාස්ටර් හෝ තීන්ත ආලේප කිරීමට සිදු වීමෙන්, ඒ සඳහා ඔබේ කාලයත් මුදලුත් නිකරුණේ වැය වීම ඔබට හිසරදයක් බවට පත්වනු ඇත. ජල කාන්දු වැළැක්වීම සඳහා නිවැරදි ජල ප්‍රතිරෝධකයක් ඔබේ ගොඩනැඟිල්ලේ දිගුකල් පැවැත්ම සඳහා ඉවහල් වන අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා උසස් ප්‍රමිතියේ වෝටර් පෲෆින් වර්ගයක් තෝරා ගැනීම නුවණට හුරුය. ටෝකියෝ සුපර්සීල් වෝටර් පෲෆර් ප්‍රභේද දෙකකින් ඔබට ලබා ගත හැකිය. එනම්, ඇතුළත ආලේපනය සඳහා වියළි බදාම ආකාරයේ විසඳුමක් ලෙස සහ සංරචක දෙකකින් සමන්විත 100%ක් ජල කාන්දු වළකන සුවිශේෂී ජල ප්‍රතිරෝධක සංයෝගයක් ලෙසිනි.

අනුමත භාවිතාවන් 1K 2K
වහළ සහ ස්ලැබ් වහළ මත tic image tic image
පිටත බිත්ති tic image tic image
නාන කාමර tic image tic image
මුළුතැන්ගෙය tic image tic image
නාන තටාක tic image tic image
වතුර ටැංකි tic image tic image
භූගත බිම් මහල tic image tic image
කොන්ක්‍රීට් ස්ලැබ් සහ කුළුණු tic image tic image
කොන්ක්‍රීට් බැමි, පාදම සහ අත්තිවාරම් tic image tic image
පයිල් කැප්   tic image
අපජල සංවහන පද්ධති   tic image
සියලුම පෙදරේරු ව්‍යුහයන් tic image tic image
ටයිල් මැලියම් සමඟ අනුකූල වේ tic image tic image

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියළු නිෂ්පාදන හා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට