Filtered Press Release : 2017 Oct


News Image
උද්යෝගිමත් දෑත් සිය ගණනක එකමුතුවෙන් ත්‍රිකුණාමලයේ වෙරළ පිරිසිදු කෙරෙයි

සුන්දර වෙරළ අසිරිය නැවත මතු කිරීමේ අරමුණින් පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ සියලු පරිසර හිතකාමීන්ට, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ හද පිරි ස්තුතිය පිරිනමයි. ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ සතියට සමගාමීව පැවති මෙම පාරිසරික මෙහෙයුමේ දී ලොරි රථ 20කට අධික කැළිකසල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බව මෙම

සුන්දර වෙරළ අසිරිය නැවත මතු කිරීමේ අරමුණින් පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ සියලු පරිසර හිතකාමීන්ට, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ හද පිරි ස්තුතිය පිරිනමයි. ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ සතියට සමගාමීව පැවති මෙම පාරිසරික මෙහෙයුමේ දී ලොරි රථ 20කට අධික කැළිකසල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බව මෙම එකමුතුව දන්වා සිටියි.



ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් 15ක කැළිකසල සහ අපද්‍රව්‍ය ඉවත්කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලය විසින් කරන ලද විවෘත ආරාධනය පිළිගෙන විවිධ සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සිය ගණනක් දෙනා මෙම ස්වේච්ඡා වැඩසටහනට සහභාගිව සිටියහ. ප්‍රදේශයේ පාසැල් දරුවන්, ප්‍රදේශවාසීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්, රාජ්‍ය ආයතන නිලධාරීන් සහ සේවක පිරිස්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මුතුර්, කින්නියා, ත්‍රිකුණාමල සහ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව සහ ත්‍රිකුණාමල අංක 1598 රොටරි සමාජයේ සාමාජිකයින් ඇතුළු රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන් ඉතාමත් උද්යෝගයෙන් මීට සහභාගීව සිටියහ. ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රමුඛතම පෞද්ගලික ආයතන වන ප්‍රීමා පිටි කම්හල, ලංකා IOC ඉන්ධන සමාගම සහ ප්‍රදේශයේ කිමිදුම් මධ්‍යස්ථානවල සේවකයින් ද මෙම පාරිසරික මෙහෙයුමට සිය නොමද සහය ලබාදෙමින්, තමන් අවට වෙරළ කැළිකසල වලින් තොර කලාප බවට පත් කිරීමට දායකවූහ.



මෙදින සිදුකෙරුනු වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවට අනුයුක්ත නිලධාරී මහතුන් ඇතුළු සේවක පිරිසක් ද දැඩි කැපවීමෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ. ත්‍රිකුණාමලයේ ලොව සුපතල වෙරළ තීරයන් කැළිකසල වලින් තොර සුන්දර පාරාදීස බවට නැවත පත්කරවීමේ අරමුණින් පැවති මෙම වැඩසටහනට මහජනතාව සහ පරිසර හිතකාමී සියල්ලන්ගේ නොමසුරු සහය ලබාගැනීම උදෙසා මාධ්‍ය ආයතන වලින් ලබාදුන් සහයෝග ද මෙහිදී ඉතා ස්තුතිපූර්වකව සිහිපත් කෙරිණි.

Facebooktwitterredditpinterestlinkedinmail

Archive

2017JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec