කොන්ක්‍රීට්වල විවිධත්වය

කොන්ක්‍රීට්වල අනභිභවනීය ගිනි ප්‍රතිරොධයක් ඇත. එය දැවෙන්නේ නැත. එය ගිනි තැබීමට ද නොහැක. ගිනිදැල් සමඟ ස්පර්ශ වුවද ඉන් විෂ දුම් නිකුත් නොවේ. කොන්ක්‍රීට්වල ඇති මෙම ඉතා අවම තාප සන්නායකතාව නිසා කොන්ක්‍රීට් ලාභදායී ගිනි පලිහක් ලෙසද සැලකේ. අවට සහ ඇතුලත සියල්ල ගින්නෙන් විනාශ වුවත්, කොන්ක්‍රීට්වලින් සාදන ලද ගොඩනැගිලි සහ අනෙකුත් ව්‍යුහයන් ගින්නෙන් ආරක්ෂාවන්නේ එබැවිනි.


කොන්ක්‍රීට්වල ස්වාභාවිකවම ජලයට ප්‍රතිරෝධී ස්වභාවයක් ද ඇත. විශේෂ ආවරණ සමඟ රසායනික මිශ්‍රණයන් භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් ජල ප්‍රතිරෝධී කොන්ක්‍රීට් සකසා ගත හැකි අතර, පොළොව මට්ටමින් යට ඉදිකිරීම්, බිම් මහල සහ වාහන නැවැත්වීමේ අංගනයන් වැනි භූගත ව්‍යුහයන් සඳහා මෙවන් කොන්ක්‍රීට් වඩාත් සුදුසු වේ.


කොන්ක්‍රීට්වල ඇති ජලය ඔරොත්තු දීමේ ගුණය නිසා එය උද්‍යාන අලංකරණ හා එළිමහන් ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා ද ජනප්‍රිය තේරීමක් වී ඇති අතර, නිවසේ ඇතුළත අලංකාර කිරීම සඳහා ද කොන්ක්‍රීට් භාවිතා වේ. මෙහි ඇති සුවිශේෂී බහුවිධ කාර්ය සඳහා යෝග්‍යතාව සහ කල්පැවැත්ම නිසා, ඕනෑම ජීවන අවකාශයක් සඳහා සුවපහසු නවීන පෙනුමක් ලබා දෙන, අවම නඩත්තුවක් අවශ්‍ය, කාලාන්තරයක් පවත්නා ගොඩනැගිලි විසඳුමක් ලෙස කොන්ක්‍රීට් යොදාගැනේ.


පෙරසවි (Reinforced) කොන්ක්‍රීට්

පෙරසවි කොන්ක්‍රීට් යනු කොන්ක්‍රීට්වලට වානේ දැල්, වානේ දඬු හෝ වෙනත් නම්‍යශීලී නමුත් ශක්තිමත් ද්‍රව්‍ය එකතු කිරීමෙන් ලබා ගන්නා සංයුක්ත මාධ්‍යයකි. මෙය අතිශයින්ම ශක්තිමත් සංයෝගයක් වන අතර, විවිධ ආකාරයේ ආතතීන්ට සහ තෙරපීම්වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව නිසා, ගොඩනැගිලි ඉදිකිරීමේදී ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස ද භාවිත කෙරේ. කොන්ක්‍රීට් සහ වානේ සුසංයෝගයෙන් ලැබිය හැකි තවත් වාසියක් වන්නේ ඒවායේ තාප ප්‍රසාරණ සංගුණකයන් බොහෝ සේ සමාන අගයන්ගෙන් පැවතීමයි. මේ නිසා, උෂ්ණත්වයේ විශාල වෙනසක් සිදුවුවද පෙරසවි කොන්ක්‍රීට් ව්‍යුහයන් උණුසුම් වීම හෝ ඉරිතැලීම සිදු නොවේ. තවද, කොන්ක්‍රීට් ආවරණය හෙතුවෙන් වානේ විඛාදනය වීමෙන් ද ආරක්ෂා කෙරේ. මෙම සුවිශේෂී ගුණාංග හේතුවෙන් ගෘහස්ථ, වාණිජ හා කාර්මික ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සඳහා ලොව පුරාම පෙරසවි කොන්ක්‍රීට් ඉතා සුලභව භාවිත කෙරේ.


පෙරසවි කොන්ක්‍රීට් හොඳින් ජලයට ඔරොත්තු දෙයි. එය ස්වභාවයෙන්ම ජලයට ඔරොත්තු නොදෙන නමුත්, කොන්ක්‍රීට් සඳහා යොදනු ලබන සුවිශේෂී සංරචක මිශ්‍රණයේ සුළු වෙනස්කම් කිරීමෙන් ජලයට ඔරොත්තු දෙන ගුණාංග වැඩිදියුණු කර ගත හැක. මේ නිසා දිය යට හෝ ජලාශ්‍රිත ඉදිකිරීම් සඳහා ද යෙදවිය හැකි පහසුවෙන් හැසිරවිය හැකි විසඳුමක් ලෙස පෙරසවි කොන්ක්‍රීට් යොදාගනී.


මේ අනුව බලන කළ, ලොව පුරාම ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත වන පහසු, වේගවත් මෙන්ම ශක්තිමත් ම ඉදිකිරීම් අමුද්‍රව්‍යය වන කොන්ක්‍රීට් යනු, මිනිසා විසින් නිර්මාණය කළ ද්‍රව්‍යයන් අතරින් විශිෂ්ටතම අමුද්‍රව්‍ය ලෙසින් ද හඳුන්වා දිය හැකිය.

පෙර සැකසූ කොන්ක්‍රීට් (RMC) යනු කුමක්ද?

පෙර සැකසූ කොන්ක්‍රීට් යනු නිශ්චිත අනුපාතයකට අනුව (මෙය මිශ්‍රණ සැලසුම ලෙස හැඳින්වේ) තොග වශයෙන් කර්මාන්ත ශාලාවක නිපදවනු ලබන කොන්ක්‍රීට් සංයෝගයක් වන අතර පසුව එය ඔබේ ඉදිකිරීම් ස්ථානයට ට්‍රක් රථවලින් ප්‍රවාහනය කර දෙනු ලැබේ.

පෙර සැකසූ කොන්ක්‍රීට්,


  • ගුණාත්මක බවින් උසස්ය
  • කාලය සහ පිරිවැය අතින් ලාභදායී වේ
  • පහසු සහ
  • වඩා පරිසර හිතකාමීය

ලොව පුරා වාර්ෂිකව භාවිතා වන කොන්ක්‍රීට්වලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් RMC කොන්ක්‍රීට් වේ. සාම්ප්‍රදායිකව කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම ඉතා වෙහෙසකර කාර්යයකි. කොන්ක්‍රීට් මික්සර් සොයා ගන්නා තෙක් මෙම කාර්යය සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුවේ විල්බැරෝවක් හෝ එවැනි වෙනත් බහාලුමක දමා සවලක් මඟින් මිශ්‍ර කිරීමෙනි. මේ නිසා RMC කොන්ක්‍රීට් මඟින් විශාල කාලයක් හා ශ්‍රමයක් ඉතිරි කරගත හැකිය.

(අතින් මිශ්‍ර කරන හෝ වැඩබිම් තුළ මිශ්‍ර කරන) කොන්ක්‍රීට් සෑදීම සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට සාපේක්ෂව, ප්‍රතිලාභ රැසක් RMC භාවිතයෙන් ලැබිය හැකිය. මේ නිසා විශේෂයෙන්ම ඉදිකිරීම් විශේෂඥයින් සහ නිවාස ඉදිකරන්නන් RMC වෙත වැඩි වශයෙන් යොමු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.

අනුමත භාවිතාවන්

පෙර සැකසූ කොන්ක්‍රීට් සහ අතින් ඇනූ කොන්ක්‍රීට් සංසන්දනය කර බලමු.

හඳුන්වාදීමේ වීඩියෝව

කොන්ක්‍රීට් සවිවීමේ ක්‍රියාවලිය

කොන්ක්‍රීට් සවිවීමේ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් තරම් තෙතමනයක්, උෂ්ණත්වයක් සහ කාලයක් කොන්ක්‍රීට් සඳහා ලබා දිය යුතුය. මෙය කොන්ක්‍රීට්වල ශක්තිය වර්ධනය වීමට හා කල්පැවැත්ම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නිසිපරිදි සවි නොවූ කොන්ක්‍රීට් ශක්තියෙන් පිරිහීමට සහ ඉරිතැලීම්, කාන්දු, සිදුරු ඇතිවීමට පමණක් නොව කඩාවැටීමේ අවදානමට වුවද ලක් විය හැකිය.