සමෘද්ධිමත් වර්ධනයේ සහකරුවෝ

ටෝකියෝ සිමෙන්ති සමූහය, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සවිමත් පදනමක් නිර්මාණය කරන්නට කවදත් කැප වූ සමාගමකි.  ආරම්භයේ පටන් පාරිභෝගිකයන් වෙත ඉහළ වටිනාකම් පිරිනමමින්, කාර්යක්ෂම හා ඵලදායී නිෂ්පාදන රැසක් ඔවුන් අතට පත් කරන්නටත් අප සමත්ව ඇත.

අපගේ නිෂ්පාදන පෙළ අද වන විට දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාරිභෝගික විශ්වාසය දිනූ වෙළඳ නාමයන් බවට පත්ව ඇත්තේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස අප දිනූ ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. දේශයේ දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස මෙන්ම පෙර සැකසූ කොන්ක්‍රීට් (Ready Mix Concrete) සහ පුළුල් පරාසයක පැතිරුණු සිමෙන්ති ආශ්‍රිත නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය (Cement-based Dry-mix Mortar  Products) වැනි නිෂ්පාදනයන්හිද වෙළඳපොළ ප්‍රමුඛස්ථානය හිමි කරගන්නට ටෝකියෝ සිමෙන්ති සමාගම සමත්ව ඇත.

පරම්පරා ගණනාවක් පුරා ටෝකියෝ සිමෙන්ති කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසයට ගරු කරමින්, ඔවුන් වෙත ශක්තිමත්, වේගවත් හා සකසුරුවම් විසඳුම් රැගෙන ඒම අපගේ දැක්මයි. මෙකී අරමුණ සාක්ෂාත් කරගනු වස්, ඉදිකිරීමක පදනමේ සිට නිමාව දක්වාම විශ්වසනීය හවුල්කරුවෙකු හා උපදේශකයෙකු ලෙස නිරන්තරයෙන් ඔබ සමඟ රැඳී සිටීමට අපි බලාපොරොත්තු වන්නෙමු.