Director image
ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල්

සභාපති - ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

මෙරට නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නීති උපදේශකයෙකු වශයෙන් ද වසර 32කට වැඩි අත්දැකීම් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකි. සමාගම් නීතිය, බුද්ධිමය දේපළ නීතිය, වාණිජ නීතිය, ව්‍යාපාරවස්තු නීතිය, අන්තර්ජාතික වෙළඳ නීතිය සහ වාණිජ සමථකරණය වැනි විෂයන් පිළිබඳ හසළ දැනුමක් ඇති මෙතුමා, ජනාධිපති නීතීඥයෙකු වශයෙන් වසර 15කට වැඩි අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අතර වාණිජ මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අත්දැකීම් සම්භාරයක් ඇති ජ්‍යෙෂ්ඨයෙකි.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාරික නීතිය පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලැබූ කබ්රාල් මහතා පැරීසිය කේන්ද්‍රස්ථානය කරගත් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ අන්තර්ජාතික වාණිජ සමථකරණ උසාවියේ නීතීඥයෙකු ලෙසද එක්සත් රාජධානියේ වරලත් ලේකම්වරුන් සහ පරිපාලකයන්ගේ ආයතනයේ සාමාජිකයකු ලෙසද මේ වනවිට ක්‍රියාකරයි.

එතුමා ශ්‍රී ලංකා නීති කොමිසමේ සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ උපදේශක කොමිසම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) නීතිමය කරුණු පිළිබඳ ස්ථාවර කමිටුව යන ආයතන වල සාමාජිකයකු ලෙස ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ NSBM හරිත සරසවියේ පරිපාලක මණ්ඩලයේ සාමාජිකයකු මෙන්ම පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයට (PGIM) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නම්කළ සාමාජිකයකු ලෙසින් ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ වාණිජ නීතිය හා පරිචය සංවර්ධනය කිරීමේ ආයතනයේ (ICLP) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන ආචාර්ය කබ්රාල් මහතා, වාණිජ බේරුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ පාඨමාලා අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ සමාගම් නීතිය පිළිබඳ උපදේශක කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන ඒ මහතා, ආයතනික සහ නෛතික අංශ වෙත සුවිසල් දායකත්වයක් දැක්වූ නීති විශාරදයෙකි. 2007 අංක 7 දරන වත්මන් සමාගම් පනත ද මෙතුමන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇත.

කබ්රාල් මහතා මෙරට විවිධ ආයතන සහ සංගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොබවනු ලැබූ වියතෙකි. ඒ අතර, ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකත්වය, ශ්‍රී ලංකාවේ වාණිජ බේරුම්කරණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය කමිටුවේ සාමාජිකත්වය, ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යාලයේ සෙනට් සාමාජිකත්වය, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ ආයතනික පාලන කමිටුවේ සාමාජිකත්වය, සහ BRIPASL සංගමයේ වත්මන් උපසභාපති ආදී වශයෙන් තනතුරු රාශියක් හොබවමින් ස්වකීය අත්දැකීම් සහ විශේෂඥ දැනුම නොමඳව ක්ෂේත්‍රයට දායාද කොට ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති සමාගම වන ටෝකියෝ සිමෙන්ති සමූහයේ වත්මන් සභාපති ලෙසින් ද කටයුතු කරන ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම්වලින් එකක් වන LOLC ෆිනෑන්ස් සමාගමේ හිටපු සභාපතිවරයා විය. යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ලෙසද එතුමා සේවය කර ඇත. හැටන් නැශනල් බැංකුව, DIMO PLC, Hayley’s PLC, Alumex PLC, Tokyo Cement Company (Lanka) PLC, Tokyo Super Cement Company Lanka (Private) Limited, Tokyo Cement Power (Lanka) (Private) Limited, Tokyo Eastern Cement Company (Private) Limited, Tokyo Super Aggregate (Private) Limited, Tokyo Supermix (Private) Limited, World Export Centre Limited, CCC-ICLP Alternative Dispute Resolution Centre (Guarantee) Limited සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇතුළු සමාගම් රාශියක විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කබ්‍රාල් මහතා කටයුතු කරයි. මීට අමතරව ආයතන ගණනාවක විගණන කමිටු, නාමයෝජනා කමිටු, වේතන කමිටු සහ අවදානම කළමනාකරණ කිරීමේ කමිටු ආදී බොහෝමයක සභාපතීත්වය සහ සාමාජිකත්වය ද උසුලයි.

දෙස් විදෙස් රටවල් ගණනාවක විශ්වවිද්‍යාලයන් කිහිපයක බාහිර කථිකාචාර්‍යවරයෙකු ලෙස ක්‍රියාකරන අතරම, සම්මන්ත්‍රණ බොහෝමයක ආරාධිත දේශකයෙකු වශයෙන් ද සහභාගී වෙමින් සිය දැනුම නොමසුරුව බෙදා දීමට කටයුතු කරන කබ්රාල් මහතා, සමාගම් නීතිය, බුද්ධිමය දේපළ නීතිය, ජාත්‍යන්තර වෙළඳාම් නීතිය හා වාණිජ බේරුම්කරණය පිළිබඳ පොත්පත් සහ අධ්‍යාපනික ලිපි රාශියක් ද පළ කොට ඇති ප්‍රාමාණික වියතෙකු මෙන්ම දේශීය හා විදේශීය බේරුම්කරණ කමිටු රැසක ද සාමාජිකත්වය සහ සභාපතීත්වය උසුලයි.

වැඩිදුර තොරතුරු
Director image
එස්.ආර්. ඥානම්

කළමනාකාර අධ්‍යක්ෂ

එස්. ආර්. ඥානම් මහතා 1983 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ අතර වසර 30කට අධික කාලයක් ව්‍යාපාර කළමනාකරණය, උපායමාර්ගික සැලසුම්කරණය සහ සමාජාර්ථික පර්යේෂණ යන ක්ෂේත්‍රයන්හි අත්දැකීම් ලැබූ ප්‍රවීණයෙකි. Orion City Limited, South Asian Investment (Pvt) Limited, St. Anthony’s Hardware (Pvt) Limited සහ Capital City Holdings (Pvt) Limited යන සමාගම්වල සභාපතිත්වය උසුලන ඥානම් මහතා St. Anthony’s Consolidated (Pvt) Limited, St. Anthony’s Hydro Power (Pvt) Limited, Sofia Hospitality (Pvt) Limited ඇතුළු සමාගම් රැසක කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කරයි.

ඒ.එස්.ජී. ඥානම්

විධායක නොවන අධ්‍යක්ෂ

ඒ.එස්.ජී. ඥානම් මහතා 1973 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්හි කර්මාන්ත ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් උපාධිය හිමි කරගත් අතර 1999 වසරේදී ටෝකියෝ සිමෙන්ති සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් විය. St. Anthony’s Industries Group (Pvt) Ltd සහ St Anthony’s Property Developers (Pvt) Ltd යන සමාගම්වල කළමනාකරණ අධ්‍යක්ෂවරයා ද වන මෙතුමා, සුප්‍රසිද්ධ Rhino Roofing Products Ltd සමාගමේ සභාපති ධුරය ඇතුළු, තවත් පුද්ගලික සමාගම් රැසක අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලබයි. Water Tec - India (Pte) Ltd. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද කටයුතු කරන ඒ.එස්.ජී. ඥානම් මහතා, ඒ ඒ ක්ෂේත්‍රයන්හි පුරෝගාමී නිපැයුම් රැසක් මෙරටට හඳුන්වාදුන් ප්‍රමුඛ පෙළේ දේශීය සමාගම් රැසක අත්දැකීම් ඇති ව්‍යාපාර කළමනාකරුවෙකු ලෙස උපායමාර්ගික සැලසුම්කරණය ඔස්සේ ව්‍යාපාර සංවර්ධනය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.

ඊ.ජේ. ඥානම්

විධායක නොවන අධ්‍යක්ෂ

2007 පෙබරවාරි මස ටෝකියෝ සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ ඊ.ජේ. ඥානම් මහතා, South Asian Investments (Pvt) Limited, Orion City Limited සහ Rhino Roofing Products Ltd යන සමාගම්වල කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. මීට අමතරව තවත් පෞද්ගලික සහ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ ධුරය ද හොබවන ඊ.ජේ. ඥානම් මහතා නිෂ්පාදන හා සේවා දෙඅංශයේම හසළ අත්දැකීම් ඇති වෘත්තිකයෙකු වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයකු වන මෙතුමා මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත.

ඒ.ඩී.බී. තල්වත්ත

ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICASL) සහ මහා බ්‍රිතාන්‍ය‍‍යේ වරලත් ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකයෙකු වන අසිත තල්වත්ත මහතා, ICASL ආයතනයෙන් ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් ද හදරා ඇති අතර ඕලන්දයේ වැගේනින්ගන් සරසවියෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි හදාරා ඇත. තල්වත්ත මහතා ඉලිනොයිස් හි කළමනාකරණය පිළිබඳ කෙලොග් උපාධි පාසැලෙහි විධායක වැඩසටහනට ද සහභාගී වී ඇත. මීට අමතරව තල්වත්ත මහතා Ernst & Young රක්ෂණ සමාගමේ ව්‍යාපාර අවදානම සහ උපදේශන සේවයේ වසර 37ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අත්දැකීම් බහුල වෘත්තීයවේදියෙකු ද වේ. ඉන් වසර 10ක කාලයක් මෙතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ Ernst & Young සමාගමේ Country Managing Partner තනතුර ද හොබවන ලදී. එම කාල සීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ්, ඔහයෝ ප්‍රදේශ භාරව ද, ඈතපෙරදිග කලාපීය විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම ASEAN කලාපීය උපදේශක කමිටු සභිකයෙකු ලෙස සහ ASEAN කලාපීය නායකත්ව කමිටුවේ සේවය කරනු ලැබීය.

තල්වත්ත මහතා 2002/2003 කාලය තුළ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති තනතුර වසර දෙකක් දරන ලද අතර, 1995/96 වසරේ CIMA සභාපතිත්වය ද උසුලන ලදී. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යවස්ථාපිත ගණකාධිකරණ සම්මත පැනවීම් කමිටුව, විගණන සම්මත පැනවීම් කමිටුව සහ හදිසි ගැටලු කාර්යසාධක බලකාය සහ එහි විභාග කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද තල්වත්ත මහතා කටයුතු කර ඇත.

ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකර ඇති මෙතුමා, 2002 වසරේ විගණන කමිටු ව්‍යවස්ථා සංග්‍රහ සම්පාදනයේ සහ 2003 වසරේ ව්‍යාපාර පරිපාලන ව්‍යවස්ථා සංග්‍රහ සම්පාදනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද විය. 2008, 2012 සහ 2017 යන වසරවල ව්‍යාපාර පරිපාලන ව්‍යවස්ථා සංග්‍රහය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වල සම-සභාපතිවරයා ලෙසද සේවය කළ තල්වත්ත මහතා මේ වන විට, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය නියෝජනය කරමින් මෙරට International Integrated Reporting Council of Sri Lanka (IIRSL) කවුන්සිලයේ සභාපතීත්වය උසුලයි.

මීට අමතරව, සමාගම් රැසක ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද තල්වත්ත මහතා දැනට සේවය කරමින් සිටියි.

වැඩිදුර තොරතුරු
Director image
රවී ඩයස්

ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

රවී ඩයස් මහතා 2014 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරුණු අතර, නීතී උපාධිධාරියෙකු වන මෙතුමා එක්සත් රාජධානියේ බැංකුකරුවන්ගේ ආයතනයේ අධිශිෂ්‍යත්වලාභියෙකු ද වේ. හර්බට් එච්. හම්ෆ්රි අධිශිෂ්‍යත්වලාභියෙකු වන ඩයස් මහතා ප්‍රංශයේ INSEAD ව්‍යාපාර පාසැලේ උසස් කළමනාකරණ පාඨමාලාවේ ආදි ශිෂ්‍යයෙකි.

Carson Cumberbatch සහ South Asia Textile Industries යන සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල ද ඩයස් මහතා කටයුතු කරනු ලබයි. තවද, සෙලාන් බැංකුව, සෙංකඩගල ෆයිනෑන්ස් සහ සිලෝන් ටී මාර්කටින් පුද්ගලික සමාගම යන සමාගම්වලද සභාපතිවරයා ලෙස රවී ඩයස් මහතා කටයුතු කරනු ලබයි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දශක හතරක විශිෂ්ට සේවයක් ඉටුකළ ඩයස් මහතා Commercial Development Company, Lanka Clear Limited, Lanka Financial Services Bureau Limited සහ Commercial Insurance Brokers (Pvt) Ltd. යන සමාගම්වලද අධ්‍යක්ෂ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති රවී ඩයස් මහතා, ලංකා සේව්‍ය සම්මේලනයේ මන්ත්‍රණ සභිකයකු ද වේ.

වැඩිදුර තොරතුරු
Director image
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

2011 මාර්තු මස සිට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, 2016 ජුනි මස ශ්‍රී ලංකා මහ බැංකුවේ 14වන සභාපතිවරයා ලෙස වැඩ භාරගන්නා තෙක් එම ධුරය හොබවනු ලැබීය. 2019 දෙසැම්බර් දක්වා මහ බැංකු සභාපති ධුරය හොබවනු ලැබූ මෙතුමා, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, 2020 මාර්තු මස සිට ටෝකියෝ සිමෙන්ති සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවතත් පත් කරනු ලැබීය.

වසර 30කට වැඩි අත්දැකීම් බහුල, ලොව ඉහළම ආර්ථික විශේෂඥයන් අතර නොමද ගෞරවයට පාත්‍ර විද්වතෙකු වන ආචාර්ය කුමාරස්වාමි මහතා, කාලයක් පුරා අන්තර්ජාතික ප්‍රතිපත්ති සම්පාදකයකු සහ ආර්ථික උපදේශකයෙකු ලෙසින් ක්‍රියාකර ඇත.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ සිය ශාස්ත්‍රවේදී සහ පශ්චාත් උපාධි හිමිකරගත් ආචාර්ය කුමාරස්වාමි මැතිතුමා, එක්සත් රාජධානියේ සසෙක්ස් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. මෙතුමා පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික සබඳතා පිළිබඳ හිටපු අධ්‍යක්ෂවරයෙකු ද වේ.

වැඩිදුර තොරතුරු
Director image
ඩබ්. සී. ප්‍රනාන්දු

අධ්‍යක්ෂ

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සාමාන්‍යාධිකාරි ලෙස 1991 වසරේදී පත් වූ නීතිඥ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු මහතා Tokyo Super Cement Company Lanka (Pvt) Limited, Tokyo Cement Power (Lanka) (Pvt) Limited, Tokyo Eastern Cement Company (Pvt) Limited, Tokyo Supermix (Private) Limited යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද සේවය කරනු ලබයි. Tokyo Super Aggregate (Pvt) Limited හි සම-කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ද වන ප්‍රනාන්දු මහතා ක්ෂේත්‍රයන් ගණනාවක වසර 25කට වැඩි අත්දැකීම් සමූහයක් ඇති වෘත්තීයවේදියෙකි. ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ දර්ශනපති උපාධියක් හිමි මෙතුමා වෘත්තීයෙන් නීතිඥයෙකු ද වේ.

ශුඉචි නකාමෝතො

විධායක නොවන අධ්‍යක්ෂ

ශුඉචි නකාමෝතො මහතා UBE Singapore Private Limited විසින් නම් කරන ලද විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස 2023 අප්‍රේල් 1වන දා සිට ටොකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා සිටියි.

ශුඉචි නකාමෝතො මහතා UBE Singapore Private Limited විසින් නම් කරන ලද විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස 2023 අප්‍රේල් 1වන දා සිට ටොකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා සිටියි.

නකාමෝතො මහතා, සිංගප්පූරුවේ ලියාපදිංචිය ලද UBE Singapore Private Limited සමාගමෙහි වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර‍යි.

ජපානයේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිධරයෙකු වන ශුඉචි නකාමෝතො මහතා ජපානයේ කන්සායි විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධරයෙකු ද වේ. මෙතුමා, අලෙවිකරණය සහ උපායමාර්ගික බෙදාහැරීම් යන ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.

වැඩිදුර තොරතුරු
Director image
ප්‍රවීන් ඥානම් මහතා

අධ්‍යක්ෂ

ප්‍රවීන් ඥානම් මහතා දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (University of Southern California - USC) මාෂල් ව්‍යාපාර පාසලෙන් (Marshall School of Business) ගෝලීය අලෙවිකරණය පිළිබඳ විශේෂ පරිචයක් සහ ලොයිඩ් ග්‍රීෆ් ව්‍යවසායකත්ව අධ්‍යයන මධ්‍යස්ථානයෙන් (Lloyd Greif Center for Entrepreneurial Studies) ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂ පරිචයකින් සමන්විත විද්‍යාවේදී උපාධියක් ලබා ඇත.

ප්‍රවීන් ඥානම් මහතා දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (University of Southern California - USC) මාෂල් ව්‍යාපාර පාසලෙන් (Marshall School of Business) ගෝලීය අලෙවිකරණය පිළිබඳ විශේෂ පරිචයක් සහ ලොයිඩ් ග්‍රීෆ් ව්‍යවසායකත්ව අධ්‍යයන මධ්‍යස්ථානයෙන් (Lloyd Greif Center for Entrepreneurial Studies) ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂ පරිචයකින් සමන්විත විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඊට අමතරව, ඔහු රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සොල් ප්‍රයිස් පාසලෙන් (Sol Price School of Public Policy) ලාභ නොලබන ව්‍යාපාර, පරාර්ථචර්‍යාව සහ ස්වේච්ඡා සේවය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මාෂල් ව්‍යාපාර පාසලේ සමාජ සහ ව්‍යාපාර සබැඳියේ අධිශිෂ්‍යත්වලාභියෙකු ද වේ.

තවද, ඔහු උපාය මාර්ගික වෙළඳ ප්‍රචාරණය පිළිබඳ ලොස් ඇන්ජලීස් හි ප්‍රකට සමාගමක් වන Innovation Protocol ආයතනයෙහි උපදේශක සේවා සපයන්නයකු ලෙස සහ eBay, PayPal සහ Republic Waste Management යන Fortune 500 ශ්‍රේණිගත ප්‍රමුඛ සමාගම්වල පර්යේෂණ විශ්ලේෂකයෙකු සහ සන්නාම ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

2012 දී විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස ටෝකියෝ සිමෙන්ති සමූහයට එක්වූ ප්‍රවීන් ඥානම් මහතා, 2015 දී ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවෝත්පාදන අධ්‍යක්ෂ තනතුරට උසස් කරන ලදුව, මේ වනවිට, සමාගමේ නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිපැයුම් පෙල සංවර්ධනය, මෙහෙයුම් කළමනාකරණය, සහ අලෙවිකරණ උපාය මාර්ග සැලසුම්කරණය යන අංශවලට නායකත්වය දෙමින් එම ව්‍යාපාර ඒකකයේ විධායක අධ්‍යක්ෂක ධූරය හොබවයි. තවද, ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ දශකයකට වැඩි කාලයක් පුරා අත්දැකීම් රැසක් ලබා ඇත. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු ලෙස ප්‍රවීන් ඥානම් මහතා, නවෝත්පාදන ව්‍යාපාර ඒකකයේ අධ්‍යක්ෂක ධූරයට අමතරව, සමූහයේ වෙළඳ ප්‍රවර්ධන, සන්නිවේදන සහ අලෙවිකරණ, ආයෝජක සබඳතා, ආයතනික සමාජ වගකීම, තිරසාරභාවය සහ තොරතුරු තාක්ෂණ යන ව්‍යාපාර එකක සඳහා උපායමාර්ගික නායකත්වය ලබාදෙයි.

ඔහු St. Anthonys Hardware (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරන අතර Tokyo Eastern Cement Company (Pvt) Ltd., Tokyo Super Aggregate (Pvt) Ltd., සහ St. Anthonys Consolidated (Pvt) Ltd. යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකත්වය සහ A.Y.S. ඥානම් වැඩිහිටි නිවාස භාරකරුවෙකු ලෙසද ක්‍රියාකරයි.

වැඩිදුර තොරතුරු