සුවිසල් සාගරය වටකොට සමකයට ආසන්නයේ පිහිටි අපේ රට භූගෝලීය පිහිටීම අතින් සුවිශේෂී තැනක් ගන්නා නමුත්, මේ පිහිටීම නිසාම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑමට ද ඍජුවම ගොදුරු විය හැකි දූපතක් බව ද අප අමතක නොකළ යුතු සත්‍යයකි. විශාල කාර්මික රටවලට සාපේක්ෂව, තනි රටක් ලෙස අපගේ කාබන් විමෝචනය කුඩා ප‍්‍රතිශතයක් වන නමුදු, නිරතුරුව සිදුවෙමින් පවතින ගෝලීය පාරිසරික විනාශයන් පාලනයකින් තොරව ඉදිරියටත් සිදුවුවහොත්, අනපේක්‍ෂිත අහිතකර කාලගුණික විපර්යාසයන්ගේ පටන්, මුහුදු මට්ටම ඉහළ යාම දක්වා පුළුල් පරාසයක බලපෑම් අපේ කුඩා දූපතට අත්විඳින්නට සිදුවීම නොවැළැක්විය හැකි දෙයක් වනු ඇත. එබැවින්, පුරවැසියන් වශයෙන් අප සෑම කෙනෙකුම ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ උපරිමයෙන් ඉටුකළ යුතු කාලය දැන් උදා වී ඇත. අපේ අනාගතයට තර්ජනයක් වන ආර්ථික හා පාරිසරික බලපෑම අවම කර ගැනීමට අප මේ මොහොතේ සිටම කටයුතු කළ යුතුය.


ගෝලීය උණුසුම ඉහළ යාමට ප‍්‍රධානතම හේතුවක් සේ සැලකෙන්නේ කාර්මික කටයුතු සඳහා ප‍්‍රධාන බලශක්ති ප‍්‍රභවය ලෙස පොසිල ඉන්ධන භාවිතා කිරීමයි. නිස්සාරණය කර ගැනීමේ හා පිරිපහදු කිරීමේ ක‍්‍රියාවලියේ පටන් මෙමඟින් පරිසරයට වන හානිය සුළුපටු නොවේ. එපමණක් ද නොව, වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහරින ප‍්‍රධාන ප‍්‍රභවයක් වන්නේ ද පොසිල ඉන්ධනයි. කෙසේ හෝ වේවා, පොසිල ඉන්ධන භාවිතයේ අයහපත් ප‍්‍රතිඵල රාශියක් මේවන විට හඳුනාගෙන ඇති අතර, මුළුමහත් ලෝකයම විකල්පයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත වේගයෙන් යොමු වීමේ ප‍්‍රවණතාවක් වර්තමානයේ දී දැකිය හැකිය.

content image
content image

ශ‍්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති හා කොන්ක‍්‍රීට් නිෂ්පාදකයා වශයෙන් ටෝකියෝ සිමෙන්ති සමාගම, අපගේ සමස්ත දේශීය නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා පුනර්ජනනීය ජෛව ස්කන්ධ බලශක්තිය පමණක් භාවිතා කිරීමට තීරණය කිරීම අනෙකුත් කර්මාන්තකරුවන්ට ද අගනා ආදර්ශයක් සපයන්නට සමත් ජයග‍්‍රාහී පියවරකි.

අද වන විට පැයට මෙගාවොට් 24.6ක සමස්ත ධාරිතාවයකින් යුත් ටෝකියෝ සිමෙන්ති සමූහය, ජාතියේ පුනර්ජනනීය හරිත බලශක්තිය සඳහා විශාලතම දායකත්වය සපයන්නා ද වේ.


මෙම පරිවර්තනයේ සාධනීය බලපෑම ආකාර කිහිපයකින් අර්ථ දැක්විය හැකිය. එය සෑම වසරකම හරිතාගාර වායු මෙට්‍රික් ටොන් 112,444ක් වායුගෝලයට මුදා හැරීමෙන් වැළකී සිටීම හා සමාන දායකත්වයකි. තවත් ආකාරයකින් දක්වන්නේ නම්, මෝටර් රථයක් පෘථිවිය වටා 10,830 වාරයක් එනම්, කිලෝමීටර මිලියන 434ක් ධාවනය නොකර සිටීමට සමාන වූවකි. නොඑසේ නම්, මගී වාහන 23,752ක් ධාවනයෙන් ඉවත් කිරීම හා සමාන දායකත්වයකි. නැතහොත්, සෑම වසරකම කුණු මෙට්‍රික් ටොන් 35,685ක් බැහැර නොකර සිටීම හා සමාන වූවකි.


මෙම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හරහා, අපගේ සමස්ත දේශීය නිෂ්පාදන ක‍්‍රියාවලිය 100%ක් ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීන කිරීමට අපට හැකි වී ඇති අතර, ඒ වෙනුවට ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව පුනර්ජනනීය හරිත විදුලිය මෙගාවොට් 60,000ක් දායක කරන්නට ද අපි සමත්ව සිටිමු.

අප විශාල සාගරයක කුඩා ජල බිංදුවක් පමණක් විය හැකියි. එහෙත්, රටේ බලශක්ති උත්පාදනය අතින් සැලකිය යුතු බලපෑමක් ඇති කරමින්, තනි ආයතනයක් ලෙස අප මෙතෙක් ලබා ඇති ජයග‍්‍රහණයන් පිළිබඳ අපට ඇත්තේ නොමඳ ආඩම්බරයකි. අපගේ දරුවන්ට නැවුම් වාතය ආශ්වාස කිරීමටත්, සශ‍්‍රීක හරිත ශාක හා සත්ත්ව විශේෂ රාශියක අසමසම ජෛව විවිධත්වය අත්විඳීමටත් හැකි වන පරිදි, තිරසර අනාගතයක් ලබාදීම උදෙසා අප දැරූ උත්සහායන්ගේ හා කැපකළ වෙහෙසෙහි ප‍්‍රතිඵල ගැන අපි අද අවංකවම ආඩම්බර වන්නෙමු.


සවිමත් සමාගමක් ලෙසත්, ජාතිය ගොඩනැගීමේ හවුල්කරුවෙකු ලෙසත්, ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩවම සහාය ලබා දෙන්නට අපි නිරතුරුවම ඇපකැප වී සිටින්නෙමු. තිරසර බව අපගේ ආයතනික ජීවන රටාවේම කොටසක් බවට පත් කිරීමෙන්, අපේ රට, එහි ජනතාව සහ පරිසරය සමෘධිමත් කිරීම වෙනුවෙන් අපේ යුතුකම අපි නොපිරිහෙලා ඉටු කරන්නෙමු.

content image
biomass graph image
biomass-icon image

සමස්තයක් ලෙස, අප මෙම වැඩසටහන හරහා සෘජු රැකියා 500 කට ආසන්න සංඛ්‍යාවක් සහ වක‍්‍ර රැකියා අවස්ථා 1000 කට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර තිබේ.

biomass-icon image

ගිනිසීරියා වගා කරන පවුල් සඳහා වසරකට රුපියල් මිලියන Rs.1000 million අධික මුදලක් අප ගෙවනු ලබන අතර, එමඟින් පොසිල ඉන්ධන ආනයනය කිරීමට වැයවන මුදල් අපේම ග‍්‍රාමීය ආර්ථිකය තුළ රඳවා ගැනීමට හැකි වේ.

biomass-icon image

අපගේ ප‍්‍රජා පාදක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුළින් ගොවි පවුල් 2500 කගේ ජීවනෝපාය නංවාලනු ලබයි.

biomass-icon image

මෙසේ ජනනය කෙරෙන විදුලියෙන් වසරක් පාසා 7500 MW/h ක් අපි ජාතික විදුලිබල පද්ධතියට ප්‍රදානය කරන්නෙමු.