ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික සිමෙන්ති නිෂ්පාදකයා ලෙස දේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැවැන්ත සවියක් වෙමින් 1982 වසරේදී ආරම්භ කරනු ලැබූ ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම, අද වන විට මූල්‍ය ස්ථාවරත්වයෙන් හා නිෂ්පාදන ශක්තිය අතින් ඉහළම සමාගමක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ පැරණිතම විදෙස් හවුල්කාරී සමාගමක් ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම ආරම්භ කරන ලද්දේ ජපානයේ Nippon Coke & Engineering Company (පෙර Mitsui Mining Company) හා ශ්‍රී ලංකාවේ St. Anthony’s Consolidated හවුල්කාරීත්වය යටතේය. මේ සඳහා පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලද්දේ අප සමාගමේ නිර්මාතෘ, ආරම්භක සභාපති දේශමාන්‍ය ඒ.වයි.එස්. ඥානම් මැතිතුමන් විසිනි.

ටෝකියෝ සිමෙන්ති සමාගම 1984 වසරේදී කොළඹ කොටස් හුවමාරුව යටතේ ලැයිස්තු ගත වූ අතර, 2017 වසරේදී ජපානයේ UBE Industries Ltd. සමාගම සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට එළඹෙන ලදී.

සමාගමේ ප්‍රධානතම කාර්යය ලෙස සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, පෝට්ලන්ඩ් පෝසලානා සිමෙන්ති සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය. මෙයින් සංයෝග කළ ද්‍රාව සිමෙන්ති 2018 වසරේ සි‍ට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස අප සතු වෙළඳපොළ වාසිය පන්නරය කොට ගනිමින්, ශ්‍රී ලංකාවේ විශාලතම කොන්ක්‍රීට් නිෂ්පාදන සහ බෙදාහැරීමේ ජාලය ලෙස TOKYO SUPERMIX Ready Mix Concrete නිෂ්පාදනාගාර පෙළ මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම අපගේ ශක්තියේ විශේෂිතම මුද්‍රාවයි. මේ වන විට අපගේ නිෂ්පාදන පෙළ තවත් සුවිශේෂීකරණය කරමින්, පුළුල් පරාසයක පැතිරුණු සිමෙන්ති ආශ්‍රිත නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍ය ( Cement-based Dry-mix Mortar Products) පෙළක් ද හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, ඒ යටතේ ටයිල් ඇඩ්හෙසිව්, වෝටර් පෲෆර්, බිත්ති ප්ලාස්ටර්, බිම් අතිරුම් බදාම, පෙර-මිශ්‍රිත කොන්ක්‍රීට් හා CLC සැහැල්ලු කොන්ක්‍රීට් ගල් වැනි නිෂ්පාදන පෙළක් ද හඳුන්වා දී ඇත.

තවද, අපගේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම අවශ්‍ය බලශක්තිය 100%ක් පුනර්ජනනීය හරිත බලශක්තිය ඇසුරින්, ජාතික විදුලි පද්ධතියෙන්ස්වා ධීනව උත්පාදනය කරගන්නට සමත් වීම අප ලබා ඇති සුවිශේෂීම ජයග්‍රහණයකි.

2020 මාර්තු මස වන විට ටෝකියෝ සිමෙන්ති සමූහය සතු අනුබද්ධිත සමාගම් ගණන හතරකි (04).