නිපැයුම් සහ විසඳුම්

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප්‍රගමනය හා සමීපව බැඳුණු ටෝකියෝ සිමෙන්ති නාමය, අප රටේ සංවර්ධනයට ශක්තිමත් පදනමක් සපයනු ලබන විශ්වසනීය හවුල්කරුවෙකි.  අපගේ පාරිභෝගිකයන් වෙත ඉහළම වටිනාකමකින් යුතු සේවාවක් සපයන්නට ආරම්භයේ පටන්ම අපි ඇපකැප වී සිටින්නෙමු.

පුළුල් පරාසයක් පුරා පැතිරුණු අපගේ නිෂ්පාදන පෙළ මුළු රටේම විශ්වාසය දිනූ වෙළඳ නාමයන් බවට පත්වී ඇත්තේ, වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙසින් අප ලබා ඇති ස්ථාවරය නැවත වරක් තහවුරු කරමිනි.  ශ්‍රී ලාංකීය හිමිකාරත්වයක් ඇති, දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස අප ඇරඹි ගමන්මග, පෙර සැකසූ කොන්ක‍්‍රීට් නිෂ්පාදනයේ සහ සිමෙන්ති ආශ්‍රිත නව්‍ය නිපැයුම් සමූහයක ද වෙළඳපළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් තවත් ශක්තිමත් කරගන්නට අපි මේ වනවිට සමත්ව සිටිමු.

ඔබේ අවශ්‍යතාවන්ට හරියටම ගැළපෙන සේ සැලසුම් කළ අපගේ අසමසම නිපැයුම් හා ක්‍රමවේදවල විශිෂ්ටත්වය මෙන්ම, ඔබට ලැබෙන ඉහළම පාරිභෝගික වටිනාකම් පිළිබඳවද මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

ඕනෑම ඉදිකිරීම් කටයුත්තකදී ශක්තිමත්, වේගවත් හා නිවැරදිම  තේරීම ලෙසින් පරම්පරා ගණනක් පුරා ටෝකියෝ සිමෙන්ති කෙරෙහි ඔබ තැබූ විශ්වාසය එලෙසින්ම සුරැකීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් විශ්වසනීය උපදේශකයෙකු ලෙසින් ඔබට සහාය වන්නට අප නිරන්තරයෙන් ඇපකැප වී සිටින අතර, ඉදිකිරීම් ක‍්‍රියාවලියේ අත්තිවාරමේ සිට නිමාව දක්වා ඔබට අවශ්‍ය  ඕනෑම සහයක් ලබා දීමටද අපි සූදානම්ව සිටින්නෙමු.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සියළු නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට