Filtered Press Release : 2021 Oct


News Image
සිමෙන්ති හිඟය පියවීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සැපයුම ඉහළට

වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය පියවීම සඳහා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් කඩිනම් පියවර කිහිපයක් ගෙන ඇති බව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. ටෝකියෝ සිමෙන්ති සමාගම, ත්‍රිකුණාමලයේ පිහිටි සිය සිමෙන්ති නිෂ්පාදන කම්හලේ මසකට මෙට්‍රික් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වනවිටත් සිය නිෂ්පාදන කටයුතු

වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය පියවීම සඳහා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් කඩිනම් පියවර කිහිපයක් ගෙන ඇති බව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ටෝකියෝ සිමෙන්ති සමාගම, ත්‍රිකුණාමලයේ පිහිටි සිය සිමෙන්ති නිෂ්පාදන කම්හලේ මසකට මෙට්‍රික් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වනවිටත් සිය නිෂ්පාදන කටයුතු සිදුකරන බවත්, දිවයින පුරා බෙදාහැරීම් ක්‍රියාවලිය ද ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුතුව අඛණ්ඩව සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කරයි. රට තුල නිපැයුම් ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් සිදුකිරීමට අමතරව කොළඹ වරායේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ පර්යන්තය හරහා මසකට සිමෙන්ති තොග මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමද මෙම කාලය පුරා අඛණ්ඩව සිදුකෙරේ. මීට අමතරව, දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊට ක්ෂණික විසඳුමක් ලෙස මසකට අතිරේක සිමෙන්ති මෙට්‍රික් ටොන් 12,000ක් ආනයනය කිරීමට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කර ඇති බවද ආචාර්ය කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



ටෝකියෝ සිමෙන්ති සමාගම දිවයිනේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ජාතික වගකීම පෙරටුකර ගනිමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බාධාවකින් තොර සැපයුමක් සෑමවිටම සහතික කරන බව ආචාර්ය කබ්රාල් සිය ප්‍රකාශයෙන් යළි අවධාරණය කරයි. ඒ නමුත් සමාගමෙන් පරිබාහිර සාධක ගණනාවක් හේතුවෙන් වෙළඳපොලේ මේ වනවිට දැඩි සිමෙන්ති හිඟයක් මතුව ඇත. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති නැව්ගත කිරීමට යොදාගන්නා විශේෂ තොග ප්‍රවාහන නෞකා හිඟකම මින් පළමුවැන්නයි. දෙවනුව, බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති වන සැලකිය යුතු ප්‍රමාදයන්, එනම් සාමාන්‍යයෙන් මීට පෙර එක් දිනකදී සිදුවුනු එම ක්‍රියාවලියට දැන් සතියකට වඩා ගතවීම ද මීට බලපා ඇත. මේ ඇතුළු සාධක ගණනාවක් වෙළඳපොලේ වර්තමානයේ උද්ගතව ඇති සිමෙන්ති හිඟයට අඩු වැඩි වශයෙන් බලපා ඇත.

තවද, ටෝකියෝ සිමෙන්ති සමාගම ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් සිය ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් පුළුල් කිරීමේ කටයුතු ද මේ වනවිට සිදුකරමින් පවතියි. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපුරාලීමට පෙරසූදානමක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දිනා ඇති පාරිභෝගික විශ්වාසය තහවුරු කරනු ඇත.

News Image
යාපන අර්ධද්වීපයේ කඩොලාන සංරක්‍ෂණ කිරීමේ නාවික හමුදා මෙහෙවරට ටෝකියෝ සිමෙන්ති සමාගමේ සහය

සමුද්‍ර සහ වෙරළ සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ පෙරටුගාමී දෙපාර්ශ්වය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආ‍රාධනයෙන් පොන්නාලෙයි පැවති කඩොලාන රෝපණ වැඩසටහනට එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීමේ දූරදර්ශී අරමුණ ඇතිව

සමුද්‍ර සහ වෙරළ සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ පෙරටුගාමී දෙපාර්ශ්වය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආ‍රාධනයෙන් පොන්නාලෙයි පැවති කඩොලාන රෝපණ වැඩසටහනට එක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීමේ දූරදර්ශී අරමුණ ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ 5,000ක් සිටුවීමේ වැඩසටහනක් දියත් කරඇත. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මගපෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කලපු ආශ්‍රිතව කඩොලාන පැළ සිටුවීම සිදුකෙරේ. මෙම මහඟු වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් ටෝකියෝ සිමෙන්ති සමූහය සිය ත්‍රිකුණාමල කර්මාන්තශාල පරිශ්‍රයේ පිහිටි කඩොලාන පැල තවානෙහි රෝපණය කරන ලද පැළ 3,500කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව වෙත සපයා දෙන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සම්පාදනය කළ කඩොලාන පැළ ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා නෞකාවකින් ප්‍රවාහනය කෙරිනි. ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සටහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සංවිධානය කළ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා කරෙයිනගර් දූපත ආසන්නයේ පොන්නාලෙයි කලපුතීරය අවට පැවැත්විනි. සමුද්‍ර සහ වෙරළ සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ පෙරටුගාමී දෙපාර්ශ්වය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සංකේතවත් කරමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා මේ අවස්ථාවට සහභාගීව සිටියහ. නාවික හමුදාවේ මෙම සුවිශේෂී උත්සාහයට සහාය දැක්වීම සඳහා යාපනය දිසාපති/දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සහ යාපනය ධීවර ප්‍රජාවගේ ප්‍රධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා නාවික හමුදාව ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙහෙයවනු ලබන සාර්ථක පාරිසරික සංරක්‍ෂණ ව්‍යාපෘති දෙකක ගෞරවනීය දිගුකාලීන හවුල්කරුවෙකි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල්පර සංරක්ෂණ සහ කඩොලාන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන් ද්විත්වයේ ව්‍යාප්තිය මෙන්ම සාර්ථකත්වය වැඩිකර ගැනීමට නාවික හමුදාවේ නොපසුබට සහය විශාල පිටිවහලක් සපයයි. නාවික හමුදාව විසින් මේ වන විට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ත්‍රිකුණාමලයේ කඩොලාන තවානෙහි ප්‍රචාරණය කරන ලද කඩොලාන පැළ 20,000 කට අධික ප්‍රමාණයක් නැගෙනහිර සහ උතුරු වෙරළ තීරයේ සිටුවා ඇත. යාපනය අර්ධද්වීපයේ ස්වභාවික කඩොලාන වනාන්තරය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම දූරදර්ශී මුලපිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වීම මෙම වටිනා හවුල්කාරිත්වය වඩාත් ශක්තිමත් කරවනු ලබන අතර එමගින් අපේ රට, අප ජනතාව සහ අප පරිසරය ස්ථිරසාරවත් ලෙස සුපෝශණය කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරයි.


පසුගිය පුවත් නිවේදන

2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec