Filtered Press Release : 2026 Jul


News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයේ Build Beyond 2026 සමුළුවේදී තිරසර ඉදිකිරීම් තාක්ෂණ‍යට පෙරදැක්මක්

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විශේෂඥයින් සහ වෘත්තිකයන් අතර දැනුම් හුවමාරුව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Build Beyond 2026’ ඉංජිනේරු තාක්ෂණික සමුළුව නොබෝදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. සුප්‍රසිද්ධ ඉදිකිරීම් තාක්ෂණ විශේෂඥයින් වන ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් යන

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විශේෂඥයින් සහ වෘත්තිකයන් අතර දැනුම් හුවමාරුව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Build Beyond 2026’ ඉංජිනේරු තාක්ෂණික සමුළුව නොබෝදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. සුප්‍රසිද්ධ ඉදිකිරීම් තාක්ෂණ විශේෂඥයින් වන ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් යන මහත්වරුන් මෙවර සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වූහ.



මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස්, ‘Build Beyond 2026’ සමුළුව අමතමින්

සමුළුවේ තවත් ප්‍රධාන අංගයක් වූයේ ඉදිකිරීම් කර්මාන්තයේ කීර්තිමත් වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු සහභාගී වූ “තිරසාර ඉදිකිරීම් අනාගතයක් ගොඩ නැගීම” යන මැයෙන් පැවති විද්වත් සංවාදයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහෙයවන ලද එම සාකච්ඡා සැසියට, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ (CCI) මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක විජේරත්න, උස් ගොඩනැගිලි සහ නාගරික සැලසුම්කරණය පිළිබඳ ශ්‍රී ලංකා කවුන්සිලයේ (CTBUH) සභාපති සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) උප සභාපති ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමයේ (SSE-SL) සාමාජික සහ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා උපදේශක ඉංජිනේරු සංගමයේ කවුන්සිල සාමාජික ඉංජිනේරු ආනන්ද සෙනරත් සහ ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපතිවරයා සහ දකුණු ආසියානු ලීන් ඉදිකිරීම් සංගමය (SALCA) හි සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න යන විද්වතුන් සහභාගීව සිටියහ.



මහාචාර්ය කුෂාන් විජේසුන්දර විසින් මෙහෙයවන ලද, ඉංජිනේරු ආනන්ද සෙනරත්, ඉංජිනේරු නිශ්ශංක විජේරත්න, ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු, සහ ආචාර්ය රොහාන් කරුණාරත්න සහභාගීවූ ‘Build Beyond 2026’ සමුළුවේ විද්වත් සාකච්ඡාව

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය උදෙසා ලොව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවීනතම තාක්‍ෂණික ප්‍රවේශයන් උකහා ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම සමුළුවට, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියළු අංශ නියෝජනය කරමින් විශ්ව විද්‍යාල, ප්‍රමුඛතම ඉංජිනේරු තාක්ෂණ පීඨ සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් ඉංජිනේරු විද්‍යාර්ථීන්, පර්යේෂයකයින්, සිසුන් මෙන්ම ප්‍රමුඛතම රාජ්‍ය හා පෞද්ගලික ඉදිකිරීම් ආයතන රැසක ඉංජිනේරු උපදේශකයින් සහ වෘත්තීයවේදීන් 400කට අධික පිරිසක් සහභාගීව සිටියහ.



ශ්‍රී ලංකාවේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු අංශවල විද්වතුන්, ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ වෘත්තිකයන් නියෝජනය කරමින් Build Beyond 2026 සමුළුවට සහභාගීවූ අමුත්තන්

තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයක් උදෙසා පිටිවහලක් සපයන තාක්ෂණික භාවිතයන් සහ නවතම ඉංජිනේරුමය හැදෑරීම් අපගේ වෘත්තීයවේදීන් සමග බෙදා ගැනීමට අවස්ථාව සැලසූ මෙම සමුළුවේදී, ගෝලීය ප්‍රවණතාවන්ට අනුගතව සැකසූ පරිසර හිතකාමී සිමෙන්ති සහ කොන්ක්‍රීට් නවෝත්පාදන හඳුන්වාදීම මෙන්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින විශේෂඥයන්ට සිය සහෘදයින් සමග අදහස් හුවමාරුවට ද අවස්ථාව සැලසිණි.

මීට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය නියෝජනය කරමින් සමුළුව ඇමතූ එහි පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය එම්.ජී.එම්.යූ. ඉස්මයිල්, සහ නවෝත්පාදන අධ්‍යක්ෂ ප්‍රවීන් ඥානම් මහත්වරුන් සමාගම විසින් දියත් කරඇති තිරසාර සහ නව්‍ය සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපැයුම් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් කළහ.





සමුළුවට සහභාගිවූ ඉංජිනේරු විශේෂඥයන්ගේ පැසසුමට ලක්වූ මෙම විද්වත් සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නවීනතම දැනුම යොදවා ගැනීමේ අරමුණින් පැවත්වූ තවත් එක් වැඩසටහනකි. මින් ඉදිරියටත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදෙන ටෝකියෝ සිමෙන්ති සමුහය අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක නියමුවා ලෙස ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටී.- –

ඡායාරූපය: ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි, ‘Build Beyond 2026’ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්.


පසුගිය පුවත් නිවේදන

2026JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec