Filtered Press Release : 2019 Jul


News Image
ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය බලගැන්වීමට සුපිරි තාක්‍ෂණික කේන්ද්‍රයක්

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරණ ක්‍රියාවලිය උසස් තලයකට ගෙන එමින්, එහි සියලු අංශ එක් තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයක් තුල ස්ථාපිත කිරීම නොබෝදා සිදු කෙරිණි. සමාගමේ නිෂ්පාදන කළමනාකරණ මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාර සහ කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ රසායනාගාර මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක්‍රියාත්මක කෙරෙනු ඇත. තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක්‍රීට්

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරණ ක්‍රියාවලිය උසස් තලයකට ගෙන එමින්, එහි සියලු අංශ එක් තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයක් තුල ස්ථාපිත කිරීම නොබෝදා සිදු කෙරිණි. සමාගමේ නිෂ්පාදන කළමනාකරණ මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාර සහ කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ රසායනාගාර මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක්‍රියාත්මක කෙරෙනු ඇත. තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ශ්‍රී ලංකාවේ අංක.1 නාමය ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දිනා ඇති පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කිරීමට නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය පිටිවහලක් වනු ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ තාක්ෂණික සේවා සහකරු, මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවකු වන ජපානයේ Ube Industries සමාගමේ විධායක නිලධාරී මිත්සුඕ ඕනෝ මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. දශක ගණනාවක් පැරණි ජපාන-ශ්‍රී ලංකා සහෝදරත්වය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ධූරය දරන කෙනිචි කකේයා මහතා විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, S.R. ඥානම් ප්‍රමුඛ සමාගමේ සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමූහයේ සේවක සේවිකාවන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී ව සිටියහ.



ජපානයේ Ube Industries සමාගමේ විධායක නිලධාරී මිත්සුඕ ඕනෝ මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් ටෝකියෝ සිමෙන්ති තාක්‍ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය විවෘත කරන ලදී.

මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, අනාගතයට උචිත අධිතාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස නිමකිරීම සඳහා උපදෙස් සහ අධීක්ෂණය ලබාදෙමින් ජපානයේ Ube Industries සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගමට සිය නොමඳ දායකත්වය සපයනු ලැබීය. සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ කලමනාකරණ අධීක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකරමින්, එහි උසස් ප්‍රමිතිය, ඒකාකාරී ඉහළ ඵලදායිතාවයකින් යුතුව සිදු කිරීම, මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ මූලික අරමුණයි. ටෝකියෝ සිමෙන්ති ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතරේම කටයුතු එක් වහලක් යටදී අධීක්ෂණය කිරීමට හැකි පරිදි මේ සඳහාම වෙන්වූ මෙහෙයුම් මැදිරියක් මෙහි ස්ථාපිත කරඇත. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියටම පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන, ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ අධීක්ෂණ කටයුතුද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදුකෙරේ.

මෙහෙයුම් කටයුතු අධීක්ෂණයට අමතරව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන වලට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකරන විද්‍යාගාර සමූහයක්‌ ද මෙම තාක්ෂණ කේන්ද්‍රයේ පිහිටා ඇත. ISO 17025 සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සහ කොන්ක්‍රීට් පර්යේෂණාගාරය වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවට අයත් මෙම රසායනාගාරය, කොන්ක්‍රීට්, සිමෙන්ති ඇතුළු සියලු ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සහ ගුණාංග ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව මැනබැලීම සහ සහතික කිරීමට සමත් අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.



අභිනවයෙන් විවෘත කෙරුනු තාක්‍ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය හරහා, ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ක්‍රියාවලියේ තාක්ෂණික මෙහෙයුම්, පර්යේෂණ සහ සංවර්ධන මෙන්ම තත්ත්ව පාලන අධීක්ෂණය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව සැලසේ .

ජලය, විදුලිය ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කරවන, ඉතා ඉහළ පරිසරහිතකාමී ගෘහනිර්මාණ සැලසුමක් අනුව නිමවා ඇති මෙම තාක්‍ෂණ මධ්‍යස්ථානය, මුළුමනින්ම බලගැන්වෙන්නේ 75KW මුළු ධාරිතාවකින් යුතු සූර්යබල විදුලි පද්ධතියකිනි. මිට අමතරව, වැසි ජලය ගබඩා කිරීම හා ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමද මෙම ගොඩනැගිල්ලේ පරිසරහිතකාමී බව වැඩිදියුණු කිරීමට හේතුවී ඇත. මෙසේ ලබාගන්නා ජලය, බිඳිති තාක්‍ෂණය යොදාගනිමින්, මෙම ගොඩනැගිල්ල සහ ඒ අවට පරිසරයේ රෝපණය කරඇති විශාල ගස්වැල් ප්‍රමාණයක්‌ පෝෂණයට යොදාගැනීම, මෙම තාක්ෂණ සංකීර්ණය භාවිතා කරන ටෝකියෝ සිමෙන්ති සේවක සේවිකාවන්ට වඩාත් හිතැති වටපිටාවක් නිර්මාණය කරදීමට අත්වැලක් සපයයි. මෙවැනි සුවිශේෂ පාරිසරික සාධක රැසකින් සපිරි මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, සහතිකලත් හරිත ගොඩනැගිල්ලක් ලෙස නම් කිරිම සඳහා ඇගයීමට ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම තාක්‍ෂණ කේන්ද්‍රයේ වැදගත්ම විශේෂත්වය වන්නේ, පාසල් මෙන්ම විශ්ව විද්‍යාලයීය සිසුන් ඉලක්ක කරගත් අධ්‍යාපනික තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ද එය යොදා ගතහැකි වීමයි. ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාව, පාසැල් සිසුන් සිය අධ්‍යාපන චාරිකා සඳහා පැමිණෙන ප්‍රමුඛතම ආයතනයකි. මෙම තාක්ෂණික කේන්ද්‍රයේ ඒ වෙනුවෙන් පහසුකම් සලසා ඇති අතර, එහි පැමිණෙන දරුවන්ට සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳව හා පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිලිබඳ දැනුම හා අවබෝධය ලබාදෙනු ඇත. මේ සඳහාම සැකසූ, 200ට අධික පිරිසකට ආසන පහසුකම් ඇති සම්මන්ත්‍රණ ශාලාවක් ද මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයට අයත් වේ. තවද, ටෝකියෝ සිමෙන්ති සමාගමේ දශක හතරකට ආසන්න ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථාන, එහි පැමිණෙන සියලු දෙනාටම පෙන්වාදීමේ අරමුණින් සැකසූ චිත්‍රාවලියකින් ද මෙම තාක්‍ෂණ කේන්ද්‍රය අලංකාරවත් කර ඇත.





තාක්ෂණික විශිෂ්ටතා මධ්‍යස්ථානය තුළ ස්ථාපිත අධ්‍යාපන අවකාශයන්, ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සිමෙන්ති කර්මාන්ත ශාලාව නැරඹීමට එන අමුත්තන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබාදෙනු ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතිකරණය උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඇති කැපවීම සනාථ කරවන තවත් එක් සටහනක් වන තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය සමාගමේ ඉදිරි ගමනට දැවැන්ත පිටිවහලක් සපයනු ඇති. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.

News Image
The Music Project; වඩා හොඳ හෙටක් උදෙසා දරුවන්ගේ ජීවිත පරිවර්තනය කිරීම

කුරුණෑගල, මාවතගම ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ මුලතිවු හි පාලිනගර් මහා විද්‍යාලයේ දරුදැරියන් සතියකට දෙවරක්, පාසැලේ පෙරදිග වාද්‍ය වෘන්දය සහ බටහිර සංගීත කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ඔවුන්ගේ පාසලේ තාවකාලික සංගීත කාමරයට එක්‍ රැස් වන්නේ ඉතා උනන්දුවෙනි. මීට පෙර සංගීතය ඉගෙනගැනීමට ප්‍රවේශයක් නොතිබූ මෙම කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය දිනෙන් දින දළුලාවැඩෙන අතර එය ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය මෙන්ම කෙලිලොල්

කුරුණෑගල, මාවතගම ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ මුලතිවු හි පාලිනගර් මහා විද්‍යාලයේ දරුදැරියන් සතියකට දෙවරක්, පාසැලේ පෙරදිග වාද්‍ය වෘන්දය සහ බටහිර සංගීත කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ඔවුන්ගේ පාසලේ තාවකාලික සංගීත කාමරයට එක්‍ රැස් වන්නේ ඉතා උනන්දුවෙනි. මීට පෙර සංගීතය ඉගෙනගැනීමට ප්‍රවේශයක් නොතිබූ මෙම කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය දිනෙන් දින දළුලාවැඩෙන අතර එය ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය මෙන්ම කෙලිලොල් ජීවිත ද දිරිගැන්වීමට හේතු වී තිබේ. The Music Project පදනම විසින් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන සංගීත අධ්‍යාපන වැඩසටහන දරුවන්ගේ මෙම පුනරුදයට හේතුවයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාදෙනු ලබන යටිතල පහසුකම් අඩු ග්‍රාමීය පාසල්වල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර දරුවන්ට සංගීතය ඉගැන්වීම තුලින් සිය හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට නවමු අවස්ථාවන් උදාකරදෙනු ලබයි.

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් පසුගිය වසර තුනක කාලය තුළ මෙම පාසල් දෙකේ සිසුන් 200 කට වැඩි පිරිසකට The Music Project හරහා ඔවුන්ගේ සංගීත අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා අනුග්‍රහය දැක්වීය. විශ්ව භාෂාව වන සංගීතය මෙවලමක් ලෙස යොදාගනිමින්, මෙම ව්‍යාපෘතිය හරහා අධ්‍යාපනික කඩඉම් වලින් ඔබ්බට ගිය වඩාත් දීප්තිමත් අනාගතයකට දොරටු විවර කරදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රධානතම අරමුණයි. ව්‍යාපෘතියට පුර්ණකාලීනව සම්බන්ධ ස්වේච්ඡා ගුරුවරුන් සහ විදේශයන්ගෙන් මෙහි පැමිණෙන සංගීත ගුරුවරුන්ගේ සහය ඇතිව විශේෂ වැඩමුළු සහ පුහුණු සැසිවාර මේ වෙනුවෙන් පැවැත්වේ. දිවයිනේ විවිධ පලාත්වල ප්‍රේක්ෂකයන් සඳහා සහ විශේෂ අවස්ථාවන්හිදී පැවැත්වෙන සංගීත උළෙල වලදී මෙම දරුවන්ට සිය කුසලතා එලි දැක්වීමට ද මින් අවස්ථාව සැලසෙයි.

>



මාවතගම ශ්‍රී ගුණනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ පෙරදිග වාද්‍ය වෘන්දය The Music Project ගුරුවරයෙකු සමඟ පුහුණුවීම් වල යෙදෙමින්

The Music Project වාද්‍ය වෘන්දය, දරුවන්ට සිය නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට තෝතැන්නක් මෙන්ම, සියළුදෙනාටම එකසේ ගරු කිරීම, පොදු අරමුණකට කැපවීම, අභියෝග ජයගැනීම වැනි වටිනා ජීවන කුසලතා වර්ධනයට අඩිතාලමක් සපයයි. මෙම ව්‍යාපෘතිය තුලින් මේ වනවිට පහසුකම් අඩු ග්‍රාමීය පාසල් හතක සිසුන් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා සංගීත අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අත්වැල සපයනු ලබයි. උතුරු මැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ආරම්භයේ සිට මේ දක්වා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල පාසල් ගුරුවරුන් 80 කට අධික සංඛ්‍යාවකට සහ පාසල් ළමුන් 3000 කට වැඩි පිරිසකට සංගීත අධ්‍යාපනයට දොරටු විවර කරදී ඇත.



පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් පිළිගැනීම සඳහා සූදානම්ව සිටින මුලතිවු හි පාලිනගර් මහා විද්‍යාලයේ බටහිර සංගීත කණ්ඩායමේ දරුවන්

මෙරට සහ විදේශයන්හි වෙසෙන දානපතියන්ගේ පරිත්‍යාග සහ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන කිහිපයක දායකත්වයෙන් ගොඩනැගුණු භාරකාර අරමුදලකින් The Music Project ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. සංගීතයෙන් දරුවන්ගේ සිත් සුවපත් කරවා ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට නැවුම් පිටිවහලක් ලබාදීමේ අභිලාශයෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය මෙම වැඩසටහන සමග 2017 වසරේ සිට එක්ව සිටියි.

News Image
2019 දී ශක්තිමත්වූ ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය සහ ටෝකියෝ සිමෙන්ති ආයතනික එකමුතුව

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) අතර පවතින ආයතනික සහයෝගිතාවය 2019 වසරේදී වඩාත් සවිමත් කරවීමට හැකිව තිබේ. ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තියවේදීන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා විශේෂඥතාවය දියුණු කිරීම සඳහා සංගමය විසින් ඉටුකරන විශේෂ

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) අතර පවතින ආයතනික සහයෝගිතාවය 2019 වසරේදී වඩාත් සවිමත් කරවීමට හැකිව තිබේ. ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තියවේදීන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා විශේෂඥතාවය දියුණු කිරීම සඳහා සංගමය විසින් ඉටුකරන විශේෂ කාර්යභාරයට වසර ගණනාවක් පුරා ටෝකියෝ සිමෙන්ති සමාගම අත්වැල සපයයි. මෙම අනුග්‍රාහක එකමුතුවෙන් පසුගිය වසරේ සංවිධානය කරනලද, ඉංජිනේරු තාක්ෂණික දැනුම සහ නව අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන් රැසක් තුලින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ආයතන දෙකේම ඇති කැපවීම වඩාත් ඉස්මතුවිනි.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද මාසික “Question Time” සම්මන්ත්‍රණ මාලාවට මින් ප්‍රධාන ස්ථානයක් හිමිවිය. 2019 පැවති මෙම සම්මන්ත්‍රණ හතරකට සිය දායකත්වය සපයමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකා රැසක් පිළිබඳ විද්වත් කතිකාවක් ඇතිකිරීමට ටෝකියෝ සිමෙන්ති සමුහයට හැකිවිය.



ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය අතර පවතින දිගුකාලීන ආයතනික සබැඳියාවේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින්, එම සංගමයේ 2019 වාර්ෂික සම්මේලනය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය සමාගම විසින් සපයනු ලැබීය. මෙම වාර්ෂික සම්මන්ත්‍රණයේ මූඛ්‍යදේශනය පැවැත්වීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඇරියුමෙන් මෙරටට පැමිණි ජපානයේ හෝකයිදෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මයිකල් හෙන්රි මහතාගේ දේශනයට සහභාගිවූ සියල්ලන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිවිය. ව්‍යුහාත්මක ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෘත්තීයවේදීන් හා සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සිසුන්ට, දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් බෙදාගැනීමට මෙම වාර්ෂික ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය වැදගත් පිටිවහලක් සපයයි.

රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා උපදේශන සේවා සපයමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අනූපමේය සේවාවක් ලබා දෙන ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය, ගොඩනැගිලි කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛතම මෙහෙයක් ඉටු කරයි. අප රට මේ වන විට යොමුව සිටින වේගවත් සංවර්ධනයේ අති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඉංජිනේරුවන්ට, සිය අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසන මෙවන් ආයතනික සහයෝගීතාවයන් හරහා අපගේ ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට නව පන්නරයක් ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අභිප්‍රායයි. මින් ඉදිරියටත් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන් සමග බෙදාගනිමින්, අප රටේ සංවර්ධනයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ ටෝකියෝ සිමෙන්ති සමුහයේ පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.


පසුගිය පුවත් නිවේදන

2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec