Filtered Press Release : 2022 Jan


News Image
ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි. දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමෙන් පීඩාවට පත් මෙම ජනතාව ඉන් මුදවාගැනීමට එම ගම්මානදෙකෙහි ස්ථාපිත ‘දිවියට දිය දහරක්’ ජල පවිත්‍රකරණ පද්ධති මහඟු දායකත්වයක් සපයනු ඇත.



කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් උතුරුමැද පළාතේ මෙම ගම්මාන දෙකේ සෑම නිවසකම පාහේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගියෙකු දක්නට ලැබීම ඔවුන් මුහුණපා සිටින ජීවිත අවදානම පෙන්නුම් කරයි. පිරිපහදු ධාරිතාවය දිනකට ලීටර් 5,000 සහ ලීටර් 1500 බැගින් වූ ‘දිවියට දිය දහරක්’ ජල පෙරණ පද්ධති දෙකක් ස්ථාපනය කිරීමත් සමඟ මෙම ජනතාවට පිරිසිදු ජලය සමඟින් නව ජීවන බලාපොරොත්තුවක් ද හිමිවනු ඇත. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම එක් අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියකට, ඒ ඒ ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ටැංකි, ජල පොම්ප සහ භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධතියක් (Reverse Osmosis (RO) Water Purification) ඇතුලත් වේ.



රඹෑව සහ මැදවච්චියේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘති දෙක ජනසතු කිරීමේ අවස්ථාවට ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සමූහ අලෙවි කළමනාකරු දශාන්ත උඩවත්ත මහතා සමඟ ටෝකියෝ සිමෙන්ති වවුනියාව ප්‍රාදේශීය අලෙවි නියෝජිත, ෂන්මුගම් ස්ටෝර්ස් අධිපති, එස්. ආනන්දරාජ් මහතා සහ ටෝකියෝ සිමෙන්ති අනුරාධපුර ප්‍රාදේශීය අලෙවි නියෝජිත, නෝර්ත් ඒජන්සීස් හි අධිපති, ටී. මහදේවන් මහතා සහභාගීව සිටියහ. මෙම ග‍්‍රාමීය ගොවි ප‍්‍රජාවගේ ජීවිත නඟා සිටුවීම උදෙසා ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මඟින් ලබාදෙන්නාවූ අමිල දායකත්වයට කෘතඥතාවය පලකරනුවස් දාච්චිදමන ගම්වාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සව අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රිකා මලවිආරච්චි මහත්මිය සහභාගීවූවාය. උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ඇතිව ස්ථාපනය කරන ලද පානීය ජල සැපයුම් පද්ධතීන්වල සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි තිරසාර කළමනාකරණය ගම්මාන දෙකෙහි ග්‍රාම සංවර්ධන සමිති විසින් සිදු කරනු ලබයි.



ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය මේ වන විට අනුරාධපුරයේ වෙහෙරගල, දාච්චිදමන, නාවක්කුලම සහ සියඹලාගස්වැව සහ කිලිනොච්චියේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපාණ්ඩියමුනෙයි යන ඈත දුෂ්කර ගොවි ගම්මානවලට දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 46,500ක සමුච්චිත ධාරිතාවක් සපයමින් 4,500කට අධික ජනතාවකගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල යහපැවැත්ම සහතික කරවීමට සමත්ව සිටියි. නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවගේ ‘දිවියට දිය දහරක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තු තිලිණ කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි.



පිටිසරබද ගම්මානවල ජිවත්වන දහස්ගණනකගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය වැනි අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට ටෝකියෝ සිමෙන්ති සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම උදෙසා ඇති කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.

News Image
රු. බිලියන 2.5ක ආයෝජනයෙන් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොළඹ වරාය තොග මෙහෙයුම් පර්යන්ත ධාරිතාවය පුළුල් කෙරේ

ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි.  ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ විධායක අධ්‍යක්ෂ

ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි.  ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.  කොළඹ වරාය පර්යන්තයේ ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් ධාරිතාවය පුළුල් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය, සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් ලෙස දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ගන්නා උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

අභිනවයෙන් එක්කළ මෙට්‍රික් ටොන් 6,000ක බැගින් ධාරිතාවයෙන් යුත් ගබඩා සහ ඇසුරුම්කරණ පද්ධති තුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමෙන් පසු ටෝකියෝ සිමෙන්ති කොළඹ පර්යන්තයේ මුළු මෙහෙයුම් ධාරිතාවය වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇත.  කොළඹ වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගත් සිමෙන්ති තොග ගබඩා, බෑග් ඇසුරුම් කිරීමේ සහ බෙදාහැරීමේ මෙහෙයුම් ධාරිතාවය වැඩිකිරීම මඟින් දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකියාව ලැබෙයි.

කොළඹ වරාය පර්යන්තය පුළුල් කිරීමෙන් ටෝකියෝ සිමෙන්ති සමාගමේ තොග සිමෙන්ති ආනයන මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 600,000 සිට මෙට්‍රික් ටොන් 1,000,000 දක්වා ඉහළ නැංවෙන අතර, එමඟින්  ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුළු දේශීය නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 3,000,000 දක්වා ඉහළ යනු ඇත.  සංසන්දනාත්මකව බැලූවිට, නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති බෑග් ආනයනය කරනවාට වඩා, සිමෙන්ති තොග වශයෙන් ගෙන්වා රට තුල සිදුකරන ඇසුරුම්කරණ සහ බෙදාහැරීමේ මෙහෙයුම් වැඩි කිරීම තුලින් ජනනය වන ප්‍රතිලාභ, ඊට දායකවන විශාල දේශීය සැපයුම්කරුවන් ජාලයක් පුරා බෙදීයෑමෙන් රටතුල උත්පාදනය වන වත්කම් පරිමාව ද ඉහළ නංවයි.

මෙම ව්‍යාපෘතියට සමගාමීව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දෙසැම්බර් මාසය තුළ පමණක් කොළඹ පර්යන්තය හරහා බෙදාහරිනලද තොග සිමෙන්ති පරිමාව මෙට්‍රික් ටොන් 30,000 සිට 60,000 දක්වා දෙගුණයක් කෙරිනි.  දැනට වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය පියවීමට ඉක්මන් විසඳුමක් ලබාදීමට අමතරව, දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ කාර්‍යක්ෂමතාවයකින් යුතුව සිමෙන්ති බෙදා හැරීමට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා ලද මෙම පියවර සාධනීය දායකත්වයක් සැපයීය.

මීට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමාගමේ දේශීය නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීමද පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිනි.  ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතීන් හරහා, දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්‍යක්ෂමව මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතුව සපුරාලීම සමාගමේ අරමුණයි.  රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් හරහා අපගේ දේශීය ආර්ථිකය පොහොසත් කිරීමට මූලිකත්වය ලබාදෙන මෙම ප්‍රයත්නයන් මගින්, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන, දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම ලබාදීඇති පොරොන්දුව නැවතත් තහවුරු කෙරේ.

ඡායාරූපය:  ටෝකියෝ සිමෙන්ති කොළඹ තොග මෙහෙයුම් පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමට එක්ව සිටි ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම්, විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු සහ සමූහ අලෙවි කළමනාකරු දශාන්ත උඩවත්ත යන මහත්වරු.


පසුගිය පුවත් නිවේදන

2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec