Filtered Press Release : 2020 Jan


News Image
බදු අඩුකිරීමේ වාසිය ඍජුවම ටෝකියෝ සිමෙන්ති පාරිභෝගිකයන්ට

නොබෝදා රජය විසින් ලබාදුන් බදු සහන එලෙසින්ම තම සියලු පාරිභෝගිකයන් වෙත ඍජුව ලබා දීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සූදානම් බව ප්‍රවෘත්ති නිවේදනයකින් දන්වා සිටියි. මෙතෙක් සියලු භාණ්ඩ හා සේවා මත අයකරන ලද, ජාතිය ගොඩනැඟීමේ බද්ද ඉවත් කිරීමට හා එකතු කළ අගය මත බදු ප්‍රතිශතය 15% සිට 8% දක්වා අඩු කිරීමට රජය විසින් පසුගියදා ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලයක්

නොබෝදා රජය විසින් ලබාදුන් බදු සහන එලෙසින්ම තම සියලු පාරිභෝගිකයන් වෙත ඍජුව ලබා දීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සූදානම් බව ප්‍රවෘත්ති නිවේදනයකින් දන්වා සිටියි. මෙතෙක් සියලු භාණ්ඩ හා සේවා මත අයකරන ලද, ජාතිය ගොඩනැඟීමේ බද්ද ඉවත් කිරීමට හා එකතු කළ අගය මත බදු ප්‍රතිශතය 15% සිට 8% දක්වා අඩු කිරීමට රජය විසින් පසුගියදා ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලයක් ලෙස, එහි වාසිය තම පාරිභෝගිකයන්ට හිමි කරදීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෙම තීරණය ගෙන ඇත.

තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ශ්‍රී ලංකාවේ අංක.1 නාමය වන ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් නිපදවන සියලු සිමෙන්ති වල මිල මේ අනුව සංශෝධනය කෙරෙනු ඇති අතර, එමගින් ටෝකියෝ සිමෙන්ති පාරිභෝගිකයන්ට විශාල මිල සහනයක් ලැබෙනු ඇත. ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජනප්‍රියම වෙළඳනාම වන ටෝකියෝ සුපර් සහ නිපෝන් සිමෙන්ති නිෂ්පාදන ද්විත්වය දැනට මෙරට සිමෙන්ති වෙළඳපොළේ විශාලතම කොටස හිමිකරගෙන සිටියි. එමෙන්ම, අධිශක්ති කොන්ක්‍රීට් සඳහාම විශේෂයෙන් සැකසූ නිපෝන් ප්‍රෝ සිමෙන්තිය, මහා පරිමාන ඉදිකිරීම් සහ උස ගොඩනැගිලි සඳහා තොග වශයෙන් වෙළඳපොළට නිකුත් කෙරේ.

දෙසැම්බර් 1වනදා සිට ක්‍රියාත්මක මෙම බදු සංශෝධනය, මේ වනවිට රටපුරා ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධනයේ පෙරටුගාමීන් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල දිරිගැන්වීමක් වන අතර, එම සහනය කුඩා පරිමානයේ පෞද්ගලික පාරිභෝගිකයාගේ සිට, මහා පරිමාන කොන්ත්‍රාත්කරුවන් දක්වා ගලායාමට සැලැස්වීමෙන්, මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේම ප්‍රගමනයට ඉවහල් වනු ඇති බව ටෝකියෝ සිමෙන්ති සමාගමේ විශ්වාසයයි.

දශක ගණනාවක් පුරා, උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන, දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින්, ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.

Facebooktwitterredditpinterestlinkedinmail

Archive

2017JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec