Filtered Press Release : 2017 Aug


News Image
A.Y.S. ඥාණම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ 8වන NVQ සහතික ප්‍රධායනෝත්සවය

වෘත්තීමය හමුදා සෙබළුන් 126ක් පෙදරේරු ශිල්පයේ NVQ 3 සහතිකය හිමිකරගනී ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට පුහුණු කාර්මික ශිල්පීන් බිහිකිරීමේ අරමුණින් ස්ථාපිත A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ 8වන සහතික ප්‍රදානෝත්සවය අගෝස්තු 24වන දා දඹුල්ලේදී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ විවිධ රෙජිමේන්තු වලට අනුයුක්ත වෘත්තීමය බලකා සෙබළුන් 126ක් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය හිමිකර ගත්හ. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා

වෘත්තීමය හමුදා සෙබළුන් 126ක් පෙදරේරු ශිල්පයේ NVQ 3 සහතිකය හිමිකරගනී ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට පුහුණු කාර්මික ශිල්පීන් බිහිකිරීමේ අරමුණින් ස්ථාපිත A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ 8වන සහතික ප්‍රදානෝත්සවය අගෝස්තු 24වන දා දඹුල්ලේදී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ විවිධ රෙජිමේන්තු වලට අනුයුක්ත වෘත්තීමය බලකා සෙබළුන් 126ක් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය හිමිකර ගත්හ.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ හිටපු මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර ජනරාල් උදයන්ත විජයරත්න මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාලියවැව හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ මාත්ලේ දිස්ත්‍රික් කළමණාකාර ජනක රණරාජා මහතා, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බණ්ඩාර මහතා, සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ උසස් නිලධාරි මහත්වරු අවස්ථාවට පැමිණ සිටියහ.



දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අතර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට (NAITA) අනුබද්ධ ක්ෂේත්‍රයේ පුහුණු වෘත්තිකයන් සඳහා ලබාදෙන ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය පිරිනමන ප්‍රමුඛතම ආයතනයකි. පෙදරේරු තාක්ෂණ ශිල්පීන්ට තම වෘත්තීය දක්ෂතාවය සහ පළපුරුද්ද අනුව උපාධිය දක්වා ඉහළට ගමන් කිරීමට අවශ්‍ය මූලික පියවර ලෙස ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් NVQ සහතිකය ලබාදීම ඉලක්ක කර ගනිමින් 2012 දී පිහිටුවන ලද A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට සිය ප්‍රයෝගික පුහුණුව සඳහා අවශ්‍ය සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා, විද්‍යාගාර පහසුකම් මෙන්ම ඔවුනට ආහාරපාන සහ නේවාසිකාගාර සපයාදෙමින් ගෞරවනීය සහ අත්දැකීම් පිරුණු ගුරු මඩුල්ලක් යටතේ ප්‍රයෝගික මෙන්ම තාක්ෂණික දැනුම සපිරි ඉතා ඉහල පුහුණුවක් ලබාදෙයි.

රටේ අනාගතය තම දෑතේ සවියෙන් ගොඩ නංවන ඉදිකිරීම් කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ මහඟු මෙන්ම දූරදර්ශි අරමුණ පෙරදැරිව, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති, අභාවප්‍රාප්ත දේශමාන්‍ය ගරු A.Y.S. ඥානම් මහතාගේ නමින් ස්ථාපිත කරන ලද මෙම ඉදිකිරීම් විද්‍යාපීඨයෙන් මේ වනවිට NVQ සහතික ලාභීන් 1000කට වඩා බිහිකර ඇත.

දඹුල්ලේ පිහිටි A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ව්‍යාපෘතින් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී. එසේ ගොඩනැංවෙන ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය, මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහ වෘත්තීය මට්ටමෙන් සපිරි ඉදිකිරීම් කාර්මික ශිල්පීන් බිහිකිරීමේ හෘදයාංගම කර්තව්‍යය ඉටුකිරීමට A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය හරහා උරදීම ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ අරමුණයි.

Facebooktwitterredditpinterestlinkedinmail

Archive

2017JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2026JanFebMarAprMayJunJulAugSepOctNovDec