ටෝකියෝ සිමෙන්ති නිපැයුම් ධාරිතාව ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතිය දියත් කෙරේ

ටෝකියෝ සිමෙන්ති නිපැයුම් ධාරිතාව ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතිය දියත් කෙරේ

ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිනි. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සමාගම ලබාඇති ස්ථාවරය ශක්තිමත් කරනු ඇත. වසර එකහමාරක් පුරා දිවෙන මෙම සැලසුමට අනුව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් පාරිභෝගිකයන්ගේ ඉහළතම විශ්වාසය දිනාගත් ටෝකියෝ සුපර්, නිපොන් සිමෙන්ති සහ නිපොන් ප්‍රෝ සිමෙන්ති සන්නාම යටතේ වෙළඳපොලට ගෙනෙන සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සහ සංයෝග කල ද්‍රාව සිමෙන්ති නිෂ්පාදන පරිමාව වැඩි කෙරෙනු ඇත. ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතිය තුලින් දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්‍යක්ෂමව සපුරාලීම සමාගමේ අරමුණයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ත්‍රිකුණාමලයේ කර්මාන්තශාලා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් එහි නිෂ්පාදන ධාරිතාවය තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් වැඩිකරනු ඇත. රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් තුලින් සිය නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම උදෙසා දියත් කෙරුනු මෙම දේශීය ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ සමාගම තුල පමණක් උත්පාදනය වන ඍජු හා වක්‍ර රැකියා අවස්ථාවන් විශාල ගණනට පමණක් සීමා නොවේ. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රටින් පිටතට ගලායාම වලක්වාලන මෙවන් දේශීය නිෂ්පාදන කර්මාන්ත පුළුල් කිරීමෙන් ජනනය වන අතිවිශාල ආර්ථික ප්‍රතිලාභ, දේශීය සිමෙන්ති කර්මාන්තය මත යැපෙන සහ ඊට දායකත්වය සපයන ටෝකියෝ සිමෙන්ති සමාගම හා සමීපව බැඳුනු භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් දහස් ගණනක් අතර විහිදී යනු ඇත. අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයමින් දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම ලබාදීඇති පොරොන්දුව මින් නැවතත් තහවුරු කරනු ඇත. ව්‍යාපෘතියට මුල්ගල් තැබීම, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති – ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, කළමනාකාර අධ්‍යක්ෂ – එස්.ආර්. ඥානම්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික – රවී ඩයස්, විධායක අධ්‍යක්ෂ – ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු සහ සීමාසහිත රදැල්ල හෝල්ඩිංග්ස්/හැන්කෝ කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමේ සභාපති – නිහාල් රදැල්ල යන සම්භාවනීය ආරාධිතයන් අතින් සිදුකෙරිනි. මීට අමතරව, ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ/ටෝකියෝ සිමෙන්ති කම්හලේ සාමාන්‍යාධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර්, ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ/ විදුලිබල හා බලශක්ති ඒකකයේ සාමාන්‍යාධිකාරී ඊ.කුගප්‍රිය සහ ටෝකියෝ සිමෙන්ති සමූහ අලෙවි කළමණාකාර දශාන්ත උඩවත්ත යන මහත්වරු ද මෙම සමාරම්භක අවස්ථාවට සහභාගීව සිටියහ. ඡායාරූපය: (වමේ සිට සිටගෙන) රදැල්ල හෝල්ඩිංග්ස්/හැන්කෝ කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමේ සභාපති – නිහාල් රදැල්ල මහතා සමඟ ටෝකියෝ සිමෙන්ති සමූහයේ විධායක අධ්‍යක්ෂ – ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතා, සභාපති – ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ – එස්.ආර්. ඥානම් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රවී ඩයස් මහතා.