ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුවට ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්

ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුවට ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදී එකමුතුවක් වන ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) විසින් මාසිකව සංවිධානය කරන “Question Time” හමුවේදී දැනට ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකා රැසක් පිළිබඳ විද්වත් කතිකාවක් ඇතිකිරීමට ටෝකියෝ සිමෙන්ති සමුහයට හැකිවිය. Question Time මාසික හමුව යනු ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ සියලු සාමාජිකයන් වෙනුවෙන් පවත්වන සම්මේලන මාලාවකි. මෙහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවතම හඳුන්වාදීම් සහ නව ප්‍රවනතා පිළිබඳ දැනුම බෙදාදීමට ආයතනික සහකරුවන්ට හැකියාව ලැබෙන අතර, ටෝකියෝ සිමෙන්ති සමාගම නවතම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ඉදිකිරීම් තාක්ෂණ විධික්‍රම පිලිබඳ සාකච්ජා කිරීමට මෙම මහඟු අවස්ථාව යොදාගනිමින් ඉන් සැසිවාර තුනකට අනුග්‍රාහක දායකත්වය සැපයීමට ඉදිරිපත් වූහ. ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් පැවති පළමු Question Time මාසික සැසිය පසුගිය ජූලි මස පැවති අතර එහිදී ගොඩනැගිලි ක්ෂේත්‍රයේ පෙරළිකාරී හඳුන්වාදීමක් වන සංයෝග කරනලද ද්‍රාව සිමෙන්ති තාක්ෂණය සහ Fly Ash මිශ්‍ර කර නිපදවන සිමෙන්තියක් හුණුගල් මිශ්‍රිත සිමෙන්තියකට වඩා කල්පැවැත්ම සහ ශක්තියෙන් උසස් වන්නේ කෙසේද යන්න සාකච්ජා කෙරිණි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ තත්ත්ව කළමනාකාර ඉංජිනේරු ජි. බාලමුරුගන් මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසියේදී වඩාත් පරිසර හිතකාමී මෙන්ම පිරිවැයෙන් අවම Fly Ash සංයෝග කරනලද ද්‍රාව සිමෙන්තියක් අප වැනි රටකට වඩාත් උචිත වන අයුරු විද්‍යාත්මක හා තාක්ෂණික දත්තයන් ඇසුරින් විශ්ලේෂණයට බඳුන් කෙරිණි. සංයෝග කරනලද ද්‍රාව සිමෙන්ති තාක්ෂණය පිළිබඳ ටෝකියෝ සිමෙන්ති සමාගමේ තත්ත්ව කළමනාකාර ඉංජිනේරු ජි. බාලමුරුගන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරය මින් දෙවන සැසිය සැප්තැම්බර් මස පවත්වන ලද අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසා ඇතිවන පරිසරික බලපෑම අවම කරවන නිෂ්පාදිත වැලි පිළිබඳ සාකච්ජා කෙරිණි. ඉදිකිරීම් පර්යේෂණායතනයේ කළමනාකාර ජනිත් කවිරාජ් මහතා විසින් මෙහෙයවන ලද මෙම සමුළුව, මේ දිනවල සියලු ඉදිකිරීම් අංශවල ප්‍රමුඛ මාතෘකාවක් වන නිෂ්පාදිත වැලි පිලිබඳ ක්ෂේත්‍රයේ පවතින ආන්දෝලනාත්මක මත ව්‍යුහාත්මක ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෘත්තීයවේදීන් හා සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සිසුන් හමුවේ සාකච්ජා කිරීමට මහඟු අවස්ථාවක් සැපයීය. නිෂ්පාදිත වැලි පිළිබඳ ඉදිකිරීම් පර්යේෂණායතනයේ කළමනාකාර ජනිත් කවිරාජ් මහතා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණය ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය අතර පවතින ආයතනික සහයෝගිතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළ Question Time මාසික සම්මන්ත්‍රණ මාලාවේ තුන්වන සමුළුව පසුගිය ඔක්තෝම්බර් මස පවත්වන ලද අතර ගොඩනැගිලි ක්ෂේත්‍රයේ පෙරළිකාර නව නිපැයුම් රැසක් පිලිබඳ ඉතා උද්යෝගිමත් අදහස් හුවමාරුවකට එහිදී අවස්ථාව සැලැසිණි. ඉදිකිරීම් පර්යේෂණායතනයේ කළමනාකාර යසස් වික්‍රමගේ මහතා විසින් ඉදිරිපත් කළ මෙම සම්මන්ත්‍රණයේදී බිත්ති කපරාරුව, ප්ලාස්ටර් නිමාකරණය, ජලකාන්දු වැළැක්වීම, ටයිල් ඇලවීම, බිම් ඇතුරුම් කිරීම ආදී නිවාස හා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ශ්‍රමය සහ වියදම් අධික අංශයන් වඩාත් කාර්යක්ෂමව සහ අඩු වියදමින් සිදුකරගැනීමට යොදාගන්නා නවතම නිෂ්පාදන රැසක් පිලිබඳව ඉදිරිපත් කෙරිණි. උසස් නිමාවක් ලබාදෙන සිමෙන්ති ආශ්‍රිත වියළි බදාම තාක්ෂණයේ ලොව පෙරළිකාර නිෂ්පාදන රැසක් හඳුන්වාදෙමින් එමගින් වියදම සහ කාලය ඉතිරිකරගන්නා අයුරු පෙන්වාදුන් මෙම සැසියට සහභාගිවූ සියල්ලන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිවිය. ලොව නවතම ඉදිකිරීම් ප්‍රවණතා පිලිබඳ සිය සාමාජිකයන්ගේ දැනුවත්භාවය ඔපමට්ටම් කරවීමේ අරමුණින් ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම මෙම මාසික Question Time සම්මන්ත්‍රණ මාලාව උදක්ම අදහස් හුවමාරුවට සහ ක්ෂේත්‍රයේ වෘත්තීයමය නිපුණත්වය ඉහළ නැංවීමට මහඟු තෝතැන්නක් සපයයි. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට මෙන්ම ඉංජිනේරු සිසුන්ට සිය අදහස් සහ විචාරයට අවස්ථාව සපයන මෙම සාකච්ජා වැඩමුළු, ආයතනික සහකරුවන්ට සිය නිපැයුම් පිළිබඳව තාක්ෂණික විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීමට කදිම අවස්ථාවකි. ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය අතර ගොඩනගාගත් සම්බන්ධය මෙම සම්මන්ත්‍රණ මාලාව හරහා පසුගිය වසරේදී තවත් ශක්තිමත් කරගැනුනු අතර, මෙහි වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් අගෝස්තු මස පැවති එම සංගමයේ වාර්ෂික සම්මේලනය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය සමාගම විසින් සපයනු ලැබීය. ව්‍යුහාත්මක සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තියවේදීන් සඳහා විශේෂ සම්මේලන සහ වැඩමුළු පවත්වමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීමය හා සේවා විශේෂඥතාවය වැඩිදියුණු කිරීම සඳහා සංගමය විසින් මහඟු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉංජිනේරු උපදේශන සේවා සපයමින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අනූපමේය සේවාවක් ලබා දෙන ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමය ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛතම මෙහෙයක් ඉටු කරයි. ජායාරූපය: සිමෙන්ති ආශ්‍රිත වියළි බදාම තාක්ෂණයේ නව නිෂ්පාදන හඳුන්වාදෙමින් ඉදිකිරීම් පර්යේෂණායතනයේ කළමනාකාර යසස් වික්‍රමගේ මහතා විසින් ඉදිරිපත් කළ Question Time සමුළුව