ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිසරහිතකාමී පෙරළිය; හඳුන්වාදෙන TOKYO SUPER සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිසරහිතකාමී පෙරළිය; හඳුන්වාදෙන TOKYO SUPER සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති

ටෝකියෝ සිමෙන්ති සමුහය ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවත් පෙරළිකාර නවතම හඳුන්වාදීමක් කරමින්, ශක්තිය සහ කල්පැවැත්ම අතින් අසමසම TOKYO SUPER සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති වෙළඳපොළට ගෙන එයි. සිමෙන්ති මිශ්‍රණයේ ශක්තිය කාලයත් සමග වඩා ඉහළ අගයක් ගන්නා බව දින100යේ ශක්ති පරීක්ෂණය මගින් තහවුරුවී ඇති නිසා TOKYO SUPER කොන්ක්‍රීට් සඳහාම විශේෂිත සිමෙන්තියක් ලෙස වෙළඳපොළට එක්වෙයි. තවද, ගල් අඟුරු දහනයේදී ඉවතලන උසස් තත්වයේ Fly Ash මිශ්‍ර කර නිපදවන නිසා දැනට ශ්‍රී ලංකාවේ ඇති වඩාත්ම පරිසර හිතකාමී සිමෙන්තිය වන්නේද TOKYO SUPER සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තියයි.

පරිසර හිතකාමීත්වයෙන් මෙන්ම ශක්තියෙන් අංක.1 වන TOKYO SUPER ඉදිකිරීම් ක්ෂේත්‍රයට වැදගත් ප්‍රතිලාභ රාශියක් ගෙන එයි. මින් ප්‍රධානතම වාසි වන්නේ, ජලාශ්‍රිත ඉදිකිරීම් සඳහා හොඳින්ම ගැලපීම, සල්ෆේට් සහ ක්ලෝරයිඩ් රසායනිකයන්ට ප්‍රතිරෝධය දැක්වීම, කොන්ක්‍රීට් මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළයාම නිසා ඇතිවන සියුම් පැලීම් වැළැක්වීම සහ වැරගැන්නුම් වානේ කම්බි මලබැඳීමෙන් ආරක්ෂා කරවීම යන කරුණුයි. සිමෙන්ති සහ කොන්ක්‍රීට් වල පීඩන දරාගැනීමේ හැකියාව මනින දින100යේ ශක්ති පරීක්‍ෂණයේදී උපරිම ශක්තිය තහවුරු කරඇති TOKYO SUPER ශක්ති කාණ්ඩ 42.5 N යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1247:2015 ප්‍රමිති සහතිකය හිමිකරගෙන ඇත. ඊට අමතරව TOKYO SUPER සිමෙන්තිය, යුරෝපීය ප්‍රමිති සහතිකකරණයේ BS EN 197-1: 2011 වර්ගීකරණ කාණ්ඩ CEM IV/A (V) 42.5N – SR ප්‍රමිතියට අනුගතවන ලෙස නිපදවා ඇත. නූතන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනිවාර්යයෙන් තිබිය යුතු අන්තර්ජාතික තත්ත්ව සහතික අතරින් ඉහළම පිළිගැනීමට ලක්වන EN ප්‍රමිති සහතිකකරණය TOKYO SUPER සඳහා හිමිවීම, එහි අසමසම ප්‍රමිතිය තහවුරු කරයි.

Fly Ash අඩංගුවීම නිසා TOKYO SUPER අනෙකුත් කිසිදු සිමෙන්තියක නොමැති විශේෂාංග රැසකින් පිරිපුන් වේ. එහි විශේෂ රසායනික සංයුතිය නිසා ජලය සමග මිශ්‍ර කිරීමෙන් වඩාත් ශක්තිමත් සිමෙන්ති මිශ්‍රණයක් ලබාදෙනවාක් මෙන්ම, එහි සුමට බව නිසා භාවිතය ඉතා පහසු වන බැවින් ඕනෑම ඉදිකිරීම් වැඩකට ලෙහෙසියෙන්ම යොදා ගත හැක. එය භාවිතයෙන් සාදාගන්නා කොන්ක්‍රීට්වල ශක්තිය කාලයත් සමග වැඩිවීමට හේතු වන්නේ ද, කොන්ක්‍රීට් මිශ්‍රණයේ සෑදෙන ක්ෂුද්‍රඅවකාශ Fly Ash නිසා වඩාත් සියුම් වීමෙන්, එහි සංයුක්ත ඝනත්වය ඉහල අගයක් ගැනීමයි. තවද, Fly Ash අඩංගුවීමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණයේ උෂ්ණත්ව ඉහළයාම අඩුකරවීම නිසා, එතුල සියුම් පැලීම් හටගැනීම වලක්වාලයි. උස් මහල් ගොඩනැගිලි මෙන්ම විශාල කොන්ක්‍රීට් පරිමාවන් සඳහා TOKYO SUPER වඩාත්ම අනුමත කරන්නේ මෙම තාප නියාමන හැකියාව සහ අධිශක්ති ධාරිතාවය නිසාවෙනි. සිමෙන්ති ඛාදනයට ලක්කරන සල්ෆේට් සහ ක්ලෝරයිඩ් රසායනිකයන්ට ප්‍රතිරෝධය දැක්වීම Fly Ash නිසා ලැබෙන විශේෂ වාසියකි. මෙනිසා කොන්ක්‍රීට් ඉදිකිරීමට දිගුකාලීන ආරක්ෂාව සැලසෙන අතරම සමුද්‍රාසන්න, වගුරුසහිත, ජලාශ්‍රිත තෙත්බිම් හෝ නිතරම ජලයෙන් යටවන බිම්වල ඉදිකිරීම් සඳහා TOKYO SUPER ඉතා යෝග්‍ය වේ. විවිධ රසායනික තත්වයන් නිසා මල බැඳීමට ඇති ප්‍රවණතාවය වළක්වාලන නිසා, කොන්ක්‍රීට් වැරගැන්නුම් වානේ කම්බි වලට උපරිම ආරක්ෂාව ලබාදෙන, කල්පවතින ඉදිකිරීම්වලට හොඳින්ම ගැලපෙන සිමෙන්තිය TOKYO SUPER බව මෙනිසා අවිවාදයෙන් පිළිගත හැක.

දැනට වෙළඳපොළේ ඇති අඩුම කාබන් දර්ශකයක් සහිත සිමෙන්තිය වන්නේද TOKYO SUPER සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තියයි. ගල් අඟුරු දහනයෙන් ඉවතලන Fly Ash මිශ්‍ර කරන නිසා එහි ප්‍රතිචක්‍රීය වටිනාකම ඉහළ වනවා සේම, හුණුගල් ප්‍රතිශතය අඩු කිරීමත්, ඒ දහනයේදී පරිසරයට මුදාහැරෙන CO2 ප්‍රමාණය අවම කරවීමත් නිසා TOKYO SUPER පරිසර හිතකාමීත්වයෙන් අංක.1 බව තහවුරු කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගම, සිය මුළු නිෂ්පාදන ක්‍රියාවලියම පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සිදුකරන බැවින් TOKYO SUPER නිපදවන්නේද ජෛව ඉන්ධන ඇසුරිනි. මෙනිසාම පරිසර හිතකාමී බැවින් ඉහළ TOKYO SUPER දැනට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හරිත නිෂ්පාදන අතර ප්‍රමුඛත්වය ලබාගනියි. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ විශ්වසනීය සන්නාමය යටතේ හරිත පැහැති සිමෙන්ති බැගයකින් එළිදැක්වෙන TOKYO SUPER මේ වනවිටත් දිවයින පුරා පැතිරුණු අලෙවි ජාලය හරහා වෙළඳපොළට නිකුත් කෙරේ.

ටෝකියෝ සිමෙන්ති සමාගම දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයම වඩා උසස් තලයකට රැගෙන යන නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති සමාගම, පාරිසරික සංරක්ෂණය සිය ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි. අපේ රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම, සිය ප්‍රමුඛතම වගකීම කොට සලකන ටෝකියෝ සිමෙන්ති සමාගම අප රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ පෙරටුගාමී මෙහෙවරක් සිදුකරයි. ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවන අතරතුර, එහි අතිරික්තය ජාතික විදුලි පද්ධතියට එකතු කරමින් දේශයේ පුනර්ජනනීය විදුලි ජනනය උදෙසා විශාලතම දායකත්වයක් ලබා දෙන එකම පෞද්ගලික සමාගම ලෙස ටෝකියෝ සිමෙන්ති සමූහය පෙරමුණ ගනියි.

රටේ අනාගත පරපුර වෙනුවෙන් හරිත පැහැයෙන් පිරුණු රටක් ගොඩනැගීම අරමුණු කරගත් ටෝකියෝ සිමෙන්ති සමාගම එම ප්‍රයත්නයේ තවත් සන්ධිස්ථානයක් TOKYO SUPER එළිදැක්වීමත් සමග සටහන් කරයි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.