2017
ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල් පර සංරක්ෂණ වැඩසටහන පුළුල් කිරීම උදෙසා වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust – WRTC) සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.
මෙතුලින් WRCT භාරය, දැනට පවතින කොරල් ගහන පිළිබඳ දත්ත සමීක්ෂණය සහ අලුතින් කොරල් ප්‍රතිස්ථාපන යන ප්‍රධාන ක්‍රියාකාරකම් වලට අමතරව වැඩසටහනේ අනෙකුත් පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වනජීවි දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග දැනුම හුවමාරුව, පුහුණුව ලබා දීම හා මහජනතාව, ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව සහ පාසල් ළමුන් ඉලක්ක කරගත් අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම යන අංශ සඳහා සිය සම්පත් දායකත්වය ලබා දෙනු ඇත.