මීට වසර ගණනකට පෙර, අපගේ මේ සුන්දර මාතෘභූමිය ‘කොන්ක‍්‍රීට් වනාන්තරයක සිට හරිත භුමියක්’ දක්වා වෙනස් කිරීමට උපරිමයෙන් කැපවන බවට අපි පොරොන්දු වූයෙමු. එම පොරොන්දුව අනුව යමින්, අපට මෙන්ම අපේ අනාගත පරපුරටත් හරිතවත්, සෞඛ්‍ය සම්පන්න සහ තිරසර හෙටක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප මෙතෙක් දියත් කර ඇති ගමන ආරම්භ කළේ ඉතා කුඩා පියවරයන් තබමිනි.

මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වූයේ 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව වන වගා පැළ තවාන් දෙකක් පිහිටුවීමට කටයුතු කිරීමයි. ඉන් එක් තවානක් ත‍්‍රිකුණාමලයේ පිහිටි අපගේ කම්හල් පරිශ‍්‍රයේ පිහිටුවන ලද අතර අනෙක් තවාන මහියංගන ජෛව විදුලි බලාගාර පරිශ‍්‍රයේ පිහිටුවන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වන වගා ව්‍යාපෘතියට වැදගත් වූ සක්‍රිය දායකත්වයක් සැපයීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ, මෙම සෑම තවානකින්ම වසරකට ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ පැල 10,000ක් පමණ රෝපණය කරනු ලබයි.

තවද, මෙම ව්‍යාපෘතිය යටතේ ඖෂධීය ගුණයෙන් යුතු කරඳ, මී, ඉඟිනි වැනි ශාඛ සංරක්‍ෂණය උදෙසා ප්‍රචාරණය කිරීම සිදු කෙරන අතර, මෙමඟින් ස්වාභාවික වනාන්තර ආවරණය නැවත ඇති කිරීම සඳහා ජෛව සම්පත් සංරක්‍ෂණය මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඒවා දායාද කිරීම ද අරමුණු කොට ඇත. විවිධ ස්වේච්ඡා සංවිධාන සහ ගොවි සංවිධාන විසින් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබන පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා වනාන්තර ශාඛ පැළ ලබාදීම මෙමගින් සිදුකෙරේ. සෞඛ්‍ය සම්පන්න නාගරික පරිසරයක් ඇති කිරීම සඳහා පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන විවිධ නාගරික වන වගා වැඩසටහන් සඳහා ද අප විසින් වගා කරන ලද ශාඛ ලබා දීමට කටයුතු කර ඇත.

content image
content image content image